සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ආදේශ තබන්නන් ගෙන් ඉවත් විය. (මේ බව) මහා හජ් දිනයෙහි අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් වූ දැනුම් දීමය. නුඹලා පශ්චාත්තාප වී මිදුණේ නම් එවිට එය නුඹලාට යහපත්ය. තවද නුඹලා පිටුපෑවෙහු නම් එවිට සැබැවින්ම නුඹලා අල්ලාහ් ව නිෂ්ඵල කරන්නට හැකියාවන්ත නොවන බව දැනගනු. ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි දන් වනු.


الصفحة التالية
Icon