ශුද්ධ මාස ගෙවී ගිය පසු නුඹලා ආදේශ කරන්නන් නසා දමනු. තවද ඔවුන් ව අල්ලා ගනු. තවද ඔවුන් ව වටලනු. (ඔවුන්) යන එන සෑම තැනකම ඔවුනට එරෙහි ව (රැක) වාඩි වී සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලි වී මිදී සලාතය විධිමත් ව ඉටු කොට zසකාත් ද පිරිනැමුවේ නම් ඔවුන්ගේ මාර්ගයේ ඔවුන් ව නුඹලා අත හැර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.


الصفحة التالية
Icon