(මුනාෆික්වරුනි!) නුඹලාට පෙර සිටියවුන් මෙන් (නුඹලා නොවනු.) ඔවුහු නුඹලාට වඩා බලවත් වූහ. තවද ඔවුහු දරුවන්ගෙන් හා වස්තුවෙන් අධික වූහ. ඒ අනුව තමන්ට හිමි කොටස ඔවුහු භුක්ති වින්දෝය. නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ කොටස භුක්ති වින්දාක් මෙන් නුඹලා ද නුඹලාට හිමි කොටස භුක්ති විදිනු. නමුත් ඔවුහු (බොරු කිරීමෙහි) නියැළුණාක් මෙන් නුඹලා ද නියැළෙන්නෙහුය. මෙලොවෙහි හා මතු ලොවෙහි තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහුය. තවද අලාභවන්තයෝද මොහුවුමය.