අල්ලාහ්ගේ දූතයාණන් (තබූක් මෙහෙයුමට) ගිය පසු ව තම ස්ථානයන්හිම පසුබැස (රැඳී) සිටියවුන් සතුටු වූහ. තම වස්තුව හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කිරීමට ඔවුහු පිළිකුල් කළෝය. තවද නුඹලා ග්‍රීෂ්ම කාලයෙහි පිටත් ව නොයනු යැයි ඔවුහු පවසති. නිරා ගින්න උෂ්ණත්වයෙන් (ඊට වඩා) අධික යැයි නුඹ පවසනු. ඔවුහු (ඒ බව) අවබෝධ කර ගන්නේ නම් !