තවද ගම්බද අරාබීන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන, තමන් වියදම් කරන දෑ අල්ලාහ් වෙත සමීපවීම් වශයෙන් හා ධර්ම දූතයාණන්ගේ ආශිර්වාදයන් වශයෙන් ගන්නා අය ද වෙති. දැන ගනු නියත වශයෙන්ම එය ඔවුනට සමීප කරවීමකි. අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට ඔවුන් ව ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.