(යුද්ධයට නොගොස්) පසු බැස රැඳී සිටියා වූ තිදෙනාට ද (සමාව) විය. එය මහපොළොව විශාල ව තිබුණ ද එය ඔවුනට පටු වී ඔවුන්ගේ ආත්මා ද ඔවුනට බරක් වී අල්ලාහ් වෙත සරණ පතන තැනක් ඔහුගෙන් මිස නොමැති බවට ඔවුන් සිතන තෙක් විය. පසු ව ඔවුන් පශ්චාත්තාප වී යොමු වූ බැවින් ඔවුනට ඔහු පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දෙන කරුණා ගුණයෙන් යුක්තය.