නුඹගේ මුහුණ ඇතැම් විට අහස දෙසට හැරවීම සැබැවින් ම අපි දකින්නෙමු. නුඹ ප්‍රිය කරන කිබ්ලා ව දෙස සැබැවින් ම අපි නුඹ ව හරවන්නෙමු. එහෙයින් නුඹගේ මුහුණ ශුද්ධ මස්ජිදය වෙත හරවනු. (ජනයිනි) නුඹලා කොතැනක සිටිය ද (සලාතයේ දී) නුඹලාගේ මුහුණු ඒ දෙසට හරවනු. තවද නියත වශයෙන්ම දේව ග්‍රන්ථය දෙනු ලැබූවන් සැබැවින් ම මෙය තම පරමාධි පතිගෙන් වූ සත්‍යයක් බව වටහා ගනු ඇත. ඔවුන් කරන දෑ පිළිබඳ ව අල්ලාහ් නොසලකා හරින්නෙකු නොවේ.


الصفحة التالية
Icon