ඔහුගෙන් තොර ව නුඹලා ගැතිකම් කරන දෑ නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් විසින් ඒවාට නම් තැබූ නාමයන් මිස නොමැත. අල්ලාහ් ඒ පිළිබඳ ව කිසිදු බලයක් පහළ කළේ නැත. තීන්දු කිරීම අල්ලාහ්ට මිස නැත. නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකළ යුතු බවට ඔහු අණ කළේය. එයයි ඍජු දහම වනුයේ. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති.


الصفحة التالية
Icon