සෑම සමූහයකටම ඔවුනට එරෙහි ව ඔවුන් වෙතින් වූ සාක්ෂිකරුවකු අපි නැගිටු වන දින මොවුනට එරෙහි ව අපි නුඹ ව සාක්ෂිකරුවකු වශයෙන් ගෙන එන්නෙමු. තවද සියලු දෑ පැහැදිලි කරන්නක් වශයෙන් ද මග පෙන්වීමක් වශයෙන් ද ආශිර්වාදයක් වශයෙන් ද (අල්ලාහ්ට) අවනත වන අයට ශුභාරංචි දන්වන්නක් වශයෙන් ද දේව ග්‍රන්ථය අපි නුඹ වෙත පහළ කළෙමු.