නුඹලා ඔහුට පමණක් මිස (වෙනත් කිසිවකුට) ගැතිකම් නොකළ යුතු බවටත් දෙමාපියන්ට උපකාර කළ යුතු බවටත් නුඹගේ පරමාධිපති නියම කළේය. නුඹ ළඟ ඔවුන් දෙදෙනාගෙන් එක් අයකු හෝ දෙදෙනාම හෝ මහලු වියට පත් වූයේ නම් ඔවුන් දෙදෙනාට උෆ් (චී) යැයි (නොමනා වචනයෙන්) නොපවසනු. තවද ඔවුන් දෙදෙනා සමග පිළිකුල් අයුරින් කටයුතු නොකරනු. ඔවුන් දෙදෙනාව ගෞරවනීය වදනින් අමතනු.