අල්ලාහ් තහනම් කළ ආත්මයක් යුක්තියකින් තොර ව නුඹලා ඝාතනය නොකරනු. තවද කවරෙකු අපරාධ කරනු ලැබූවකු ලෙසින් ඝාතනය කරනු ලැබුවේ ද ඔහුගේ භාරකරුට සැබැවින්ම අපි බලයක් පැවරුවෙමු. නමුත් ඔහු ඝාතනය සම්බන්ධයෙන් සීමාව ඉක්මවා නොයා යුතුය. නියත වශයෙන්ම ඔහු උදව් කරනු ලබන්නෙකි.