නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා වට කර ගෙන සිටින බව නුඹට අපි පැවසූ අවස්ථාව සිහිපත් කරනු. නුඹට අප පෙන් වූ සිහිනය ද කුර්ආනයේ සඳහන් ශාප කරන ලද ගස ද ජනයාට පරීක්ෂණයක් ලෙස මිස අපි ඇති නොකළෙමු. තවද අපි ඔවුන් බිය ගන්වන්නෙමු. මහත් සේ සීමාව ඉක්මවා යෑම මිස වෙනකක් ඔවුනට එය වර්ධනය නොකරනු ඇත.