පසු ව ඔවුන් දෙදෙනා ගමන් ගත්හ. එය ගමක වැසියන් වෙත පැමිණෙන තෙක් විය. එහි වැසියන්ගෙන් ඔවුන් දෙදෙනා ආහාර ඉල්ලා සිටියහ. එවිට ඔවුන් දෙදෙනාට ආගන්තුක සත්කාර කිරීමට ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. එවිට ඔවුන් දෙදෙනා එහි ගරා වැටෙන්නට යන බිත්තියක් දුටුහ. එවිට ඔහු එය කෙළින් කළේය. ඔබ අභිමත කළේ නම් ඒ සඳහා ඔබට කුලියක් ලබා ගන්නට තිබුණි යැයි ඔහු පැවසීය.