නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. නමුත් නුඹලා (ඔවුන්ගෙන්) හැරුණේ නම් එවිට ඔහු මත පටවනු ලැබූ දෑ ඔහු කෙරෙහිය, නුඹලා මත පටවනු ලැබූ දෑ නුඹලා කෙරෙහිය. තවද නුඹලා ඔහුට අවනත වන්නෙහු නම් නුඹලා ඍජු මග ලබනු ඇත. රසූල් වරයාණන් වෙත පැවරෙනුයේ පැහැදිලි ව දන්වා සිටීම මිස නැත.