අල්ලාහ්ගේ රැහැනින් හා මිනිසාගේ රැහැනින් (ඔවුහු මිදුණේ නම්) මිස ඔවුන් කොතැනක සිටිය ද ඔවුනට අවමානය නියම විය. තවද ඔවුහු අල්ලාහ්ගෙන් වූ කෝපයට ලක් වූහ. එමෙන්ම ඔවුන් කෙරෙහි දිළිඳුකම ද නියම විය. එය ඔවුන් අල්ලාහ්ගේ වැකි ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් හා යුක්තියෙන් තොර ව නබිවරුන් ව ඝාතනය කරමින් සිටි බැවිනි. එය ඔවුන් පිටුපාමින් සිටි බැවින් ද ඔවුන් සීමාව ඉක්මවා යමින් සිටි බැවින් ද වේ.