(උහද් සටනෙහි) නුඹලාට යම් තුවාලයක් ඇති වන්නේ නම් (ඒ ගැන අධෛර්යට පත් නොවනු. හේතුව) එවැනි ම තුවාලයක් එම පිරිසට ද (බද්ර් සටනෙහි) ඇති විය. තවද මෙම දිනයන් ජනයා අතර ඒවා අපි මාරුවෙන් මාරුවට ලබා දෙන්නෙමු. තවද (එය) විශ්වාස කළවුන් ව අල්ලාහ් හඳුනා ගනු පිණිසත් නුඹලා අතුරින් ෂහීද්වරුන් (දිවි පුදන්නන්)ව තෝරා ගනු පිණිසත් ය. තවද අල්ලාහ් අපරාධකරුවන් ව ප්‍රිය නොකරයි.