අල්ලාහ්ගේ මාර්ගයේ කවරෙකු දේශතරණය කරන්නේ ද ඔහු මිහිතලයේ විකල්ප ස්ථානයන් බොහෝමයක් ද ජීවන පහසුකම් ද ලබනු ඇත. කවරෙකු අල්ලාහ් වෙත හා ඔහුගේ දූතයාණන් වෙත තම නිවසින් බැහැර ව ගොස්, පසුව ඔහුට මරණය අත් වන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඵල අල්ලාහ් වෙත නියම විය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණාන්විතය.