නියත වශයෙන්ම අල්ලාහ් වනුයේ මර්යම්ගේ පුත් මසීහ් යැයි පැවසූ අය ප්‍රතික්ෂේපකයින් බවට පත් වූහ. ඉස්රාඊල් දරුවනි, මාගේ පරමාධිපති ද නුඹලාගේ පරමාධිපති ද වන අල්ලාහ්ට නුඹලා ගැතිකම් කරනු යැයි මසීහ් පැවසුවේය. සැබෑ කරුණ නම් කවරෙකු අල්ලාහ්ට ආදේශ තබන්නේ ද එවිට අල්ලාහ් ඔහුට ස්වර්ගය තහනම් කළේය. තවද ඔහු ලැඟුම් ගන්නා ස්ථානය නිරය වේ. අපරාධකරුවන්ට උදව් කරන්නන් කිසිවකු නොමැත.