අල්ලාහ් හැර අපට ප්‍රයෝජනයක් කළ නොහැකි තවද අපට හිංසාවක් කළ නොහැකි දෑ අප අයදින්නෙමු ද? අල්ලාහ් අපට මඟ පෙන්වූ පසු ව අපි අපගේ විලුඹු මත නැවත හැරී යන්නෙමු ද? (එසේ නම්) කෙනෙකුට මිතුරන් ව සිට අප වෙතට පැමිණෙන්නැයි ඔවුහු යහමඟ වෙතට ඔහු ව ඇරයුම් කරමින් සිටිය දී ෂෙයිතානුන් ඔහු ව මහපොළොවේ ඔබමොබ සැරිසරන්නන් මෙන් නොමඟ හැරියේ නම් එවැනි අයකු මෙන් වනු ඇත. යැයි (නබිවරය !) නුඹ පවසනු. සැබැවින්ම අල්ලාහ්ගේ යහමඟ වන එයමය නියම යහමඟ වනුයේ. තවද ලෝකයන්හි පරමාධිපතිට අප අවනත වනු පිණිස අණ කරනු ලැබුවෙමු යැයි (නබිවරය!) නුඹ පවසනු.