අහෝ විශ්වාස කළවුනි! මාගේ සතුරා හා නුඹලාගේ සතුරා වන ඔවුන් වෙත නුඹලා ආදරය දක්වමින් මිතුරන් ලෙස නොගනු. තවද සත්‍යයෙන් යුතු ව නුඹලා වෙත පැමිණි දෑ ඔවුහු ප්‍රතික්ෂේප කළෝය. නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ් ව නුඹලා විශ්වාස කිරීම හේතුවෙන් රසූල්වරයා හා නුඹලා ව ඔවුහු පිටුවහල් කරති. මාගේ මාර්ගයේ කැපවෙමින් ද මාගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් ද නුඹලා පිටත් වූයෙහු නම් ආදරය පෙන්වමින් නුඹලා ඔවුන් වෙත රහසින් සම්බන්ධකම් පාන්නෙහුය. නුඹලා සැඟ වූ දෑ ද නුඹලා හෙළි කළ දෑ ද අල්ලාහ් මැනවින් දන්නාය. තවද නුඹලා අතුරින් කවරෙකු එය සිදු කරන්නේ ද සැබැවින්ම ඔහු ඍජු මාර්ගයෙන් නොමග ගියේය.


الصفحة التالية
Icon