අවසන් හෝරාව පිළිබඳ දැනුම යොමු කරනු ලබනුයේ (අල්ලාහ් වන) ඔහු වෙතමය. ඔහුගේ දැනුමෙන් තොර ව පලතුරු කිසිවක් එහි කෝෂ වලින් පිට නොවෙයි. තවද කිසිදු කාන්තාවක් පිළිසිඳ නොගනියි. එමෙන්ම ඇය ප්‍රසූත නොකරයි. “මට ආදේශ කළවුන් කොහේ දැ?යි” එදින ඔහු ඔවුන් අමතයි. (එවිට) “අපහට කිසිදු සාක්ෂිකරුවෙකු නැතැයි” ඔවුහු පවසා සිටිති.
الترجمة السنهالية