---
title: "ترجمة سورة العاديات - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/100/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/100/book/1993"
surah_id: "100"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة العاديات - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/100/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة العاديات - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/100/book/1993*.

Translation of Surah العاديات from "الترجمة السنهالية" in السنهالية.

### الآية 100:1

> وَالْعَادِيَاتِ ضَبْحًا [100:1]

හති දමමින් වේගයෙන් දිව යන දෑ මත දිවුරමින්

### الآية 100:2

> ﻿فَالْمُورِيَاتِ قَدْحًا [100:2]

කුර ගැටීමෙන් ගිනි පුපුරු නංවන දෑ මතද

### الآية 100:3

> ﻿فَالْمُغِيرَاتِ صُبْحًا [100:3]

තවද අලුයමෙහි ආක්‍රමණය කරන දෑ මතද දිවුරමින්

### الآية 100:4

> ﻿فَأَثَرْنَ بِهِ نَقْعًا [100:4]

එවිට එමගින් උන් දූවිලි නංවමින්

### الآية 100:5

> ﻿فَوَسَطْنَ بِهِ جَمْعًا [100:5]

කණ්ඩායම් වශයෙන් (සතුරන්) මැදට පිවිසෙති.

### الآية 100:6

> ﻿إِنَّ الْإِنْسَانَ لِرَبِّهِ لَكَنُودٌ [100:6]

නියත වශයෙන්ම මිනිසා තම පරමාධිපතිට ගුණමකුය.

### الآية 100:7

> ﻿وَإِنَّهُ عَلَىٰ ذَٰلِكَ لَشَهِيدٌ [100:7]

තවද ඇත්තෙන්ම ඔහු එයට සාක්ෂිකරුවෙක් වේ.

### الآية 100:8

> ﻿وَإِنَّهُ لِحُبِّ الْخَيْرِ لَشَدِيدٌ [100:8]

තවද ඇත්තෙන්ම ඔහු වස්තුවට දැඩි ලෙස ඇලුම් කරන්නෙක් වේ

### الآية 100:9

> ﻿۞ أَفَلَا يَعْلَمُ إِذَا بُعْثِرَ مَا فِي الْقُبُورِ [100:9]

නමුත් මිනීවළවල් තුළ ඇති දෑ පිට කරනු ලබන වග ඔහු නොදන්නේ ද?

### الآية 100:10

> ﻿وَحُصِّلَ مَا فِي الصُّدُورِ [100:10]

තවද හදවත් තුළ ඇති දෑ හෙළි කරනු ලබන වග (ඔහු නොදන්නේ) ද?

### الآية 100:11

> ﻿إِنَّ رَبَّهُمْ بِهِمْ يَوْمَئِذٍ لَخَبِيرٌ [100:11]

නියත වශයෙන්ම එදින ඔවුන්ගේ පරමාධිපති ඔවුන් පිළිබඳ ව සර්ව ප්‍රඥාවන්තය.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/100.md)
- [كل تفاسير سورة العاديات
](https://quranpedia.net/surah-tafsir/100.md)
- [ترجمات سورة العاديات
](https://quranpedia.net/translations/100.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/100/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
