---
title: "ترجمة سورة هود - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/11/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/11/book/1993"
surah_id: "11"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة هود - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/11/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة هود - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/11/book/1993*.

Translation of Surah هود from "الترجمة السنهالية" in السنهالية.

### الآية 11:1

> الر ۚ كِتَابٌ أُحْكِمَتْ آيَاتُهُ ثُمَّ فُصِّلَتْ مِنْ لَدُنْ حَكِيمٍ خَبِيرٍ [11:1]

අලිෆ්. ලාම්. රා. එහි වදන් නීති ගත කරන ලදු ව පසු ව විස්තර කරනු ලැබූ දේව ග්‍රන්ථයයි. එය සියුම් ඥානී ප්‍රඥාවන්තයාණන්ගෙනි.

### الآية 11:2

> ﻿أَلَّا تَعْبُدُوا إِلَّا اللَّهَ ۚ إِنَّنِي لَكُمْ مِنْهُ نَذِيرٌ وَبَشِيرٌ [11:2]

අල්ලාහ් හැර වෙනත් කිසිවකුට නුඹලා ගැතිකම් නොකළ යුතුය. නියත වශයෙන්ම මම එයින් නුඹලාට අවවාද කරන්නෙකු හා ශුභාරංචි දන්වන්නෙකු වෙමි.

### الآية 11:3

> ﻿وَأَنِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُمَتِّعْكُمْ مَتَاعًا حَسَنًا إِلَىٰ أَجَلٍ مُسَمًّى وَيُؤْتِ كُلَّ ذِي فَضْلٍ فَضْلَهُ ۖ وَإِنْ تَوَلَّوْا فَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ كَبِيرٍ [11:3]

තවද නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද පසු ව පශ්චාත්තාප වී ඔහු වෙත යොමු විය යුතුය. නියම කරන ලද කාලයක් දක්වා ඔහු නුඹලාට යහපත් භුක්ති විදීමකින් භුක්ති විදින්නට සලස්වයි. භාග්‍යවන්ත සෑම කෙනෙකුටම ඔහුගේ භාග්‍යය ඔහු පිරිනමයි. නමුත් ඔවුන් හැරී ගියේ නම් එවිට නියත වශයෙන්ම නුඹලා වෙත මහත් දිනයක දඬුවම ගැන මම බිය වෙමි.

### الآية 11:4

> ﻿إِلَى اللَّهِ مَرْجِعُكُمْ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ [11:4]

නුඹලාගේ නැවත යොමු වන ස්ථානය අල්ලාහ් වෙතය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිවන්තය.

### الآية 11:5

> ﻿أَلَا إِنَّهُمْ يَثْنُونَ صُدُورَهُمْ لِيَسْتَخْفُوا مِنْهُ ۚ أَلَا حِينَ يَسْتَغْشُونَ ثِيَابَهُمْ يَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ۚ إِنَّهُ عَلِيمٌ بِذَاتِ الصُّدُورِ [11:5]

දැන ගනු. සැබැවින්ම ඔවුන් (අල්ලාහ් වන) ඔහුගෙන් සැඟ වෙනු පිණිස ඔවුන්ගේ හදවත් (තුළ ඇති දෑ) වසන් කරති. දැන ගනු ඔවුන්ගේ ඇඳුමින් ඔවුන් ආවරණය කරන විට ඔවුන් සඟ වන දෑද ඔවුන් හෙළි කරන දෑද ඔහු දනී. නියත වශයෙන්ම ඔහු හදවත් තුළ ඇති දෑ පිළිබඳ ව සර්ව ඥානීය.

### الآية 11:6

> ﻿۞ وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللَّهِ رِزْقُهَا وَيَعْلَمُ مُسْتَقَرَّهَا وَمُسْتَوْدَعَهَا ۚ كُلٌّ فِي كِتَابٍ مُبِينٍ [11:6]

මහාපොළොවේ වෙසෙන කිසිදු ජීවියෙකු හෝ වේවා එහි පෝෂණය අල්ලාහ් මත මිස නැත. තවද එය වෙසෙන තැන ද එය සමුගෙන යන තැන ද ඔහු දනී. සියල්ල පැහැදිලි ලේඛනයෙහි ඇත.

### الآية 11:7

> ﻿وَهُوَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ فِي سِتَّةِ أَيَّامٍ وَكَانَ عَرْشُهُ عَلَى الْمَاءِ لِيَبْلُوَكُمْ أَيُّكُمْ أَحْسَنُ عَمَلًا ۗ وَلَئِنْ قُلْتَ إِنَّكُمْ مَبْعُوثُونَ مِنْ بَعْدِ الْمَوْتِ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ [11:7]

තවද අහස් හා මහපොළොව දින හයකින් මැව්වේ ඔහුය. තවද ඔහුගේ රාජධානිය ජලය මත විය. නුඹලාගෙන් කවරෙකු ක්‍රියාවෙන් වඩාත් අලංකාර දැයි ඔහු නුඹලා ව පරීක්ෂා කරනු පිණිස. ‘සැබැවින්ම නුඹලා මරණයෙන් පසු ව නැවත නැගිටුවනු ලබන්නන්’ බව නුඹ පැවසුවේ නම් ‘මෙය පැහැදිලි හූනියමක් මිස නැතැ’යි (සත්‍යය) ප්‍රතික්ෂේප කළවුන් පවසනු ඇත.

### الآية 11:8

> ﻿وَلَئِنْ أَخَّرْنَا عَنْهُمُ الْعَذَابَ إِلَىٰ أُمَّةٍ مَعْدُودَةٍ لَيَقُولُنَّ مَا يَحْبِسُهُ ۗ أَلَا يَوْمَ يَأْتِيهِمْ لَيْسَ مَصْرُوفًا عَنْهُمْ وَحَاقَ بِهِمْ مَا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ [11:8]

නියමිත කාල පරිච්ඡේදයක් දක්වා එම දඬුවම ඔවුන්ගෙන් අපි ප්‍රමාද කළේ නම් ‘එය වැළෙක්වූයේ කිමෙක්දැ?’යි ඔවුහු පවසනු ඇත. දැන ගනු. ඔවුන් වෙත එය පැමිණෙන දින ඔවුන්ගෙන් එය වෙනතකට හරවා යවනු ලබන කිසිවක් නොමැත. ඔවුන් කවර දෙයක් පිළිබඳ ව සමච්චල් කරමින් සිටියේ ද එය ඔවුන් ව වට කර ගනී.

### الآية 11:9

> ﻿وَلَئِنْ أَذَقْنَا الْإِنْسَانَ مِنَّا رَحْمَةً ثُمَّ نَزَعْنَاهَا مِنْهُ إِنَّهُ لَيَئُوسٌ كَفُورٌ [11:9]

මිනිසාට අපි අපගෙන් වූ දයාවක් භුක්ති විඳින්නට සලස්වා පසු ව අපි එය ඔහුගෙන් ඉවත් කළේ නම් නියත වශයෙන්ම ඔහු බලාපොරොත්තු සුන් වූ දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන ගුණමකුවෙකි.

### الآية 11:10

> ﻿وَلَئِنْ أَذَقْنَاهُ نَعْمَاءَ بَعْدَ ضَرَّاءَ مَسَّتْهُ لَيَقُولَنَّ ذَهَبَ السَّيِّئَاتُ عَنِّي ۚ إِنَّهُ لَفَرِحٌ فَخُورٌ [11:10]

තවද අපි ඔහුට අත් වූ පීඩාවන්ගෙන් පසු ව දායාද භුක්ති විඳින්නට සැලැස්වූයේ නම් ඔහු ‘නපුරු දෑ මගෙන් පහව ගොස් ඇතැයි පවසනු ඇත. සැබැවින්ම ඔහු අහංකාරයෙන් ප්‍රමුදිත වන්නෙකි.

### الآية 11:11

> ﻿إِلَّا الَّذِينَ صَبَرُوا وَعَمِلُوا الصَّالِحَاتِ أُولَٰئِكَ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ كَبِيرٌ [11:11]

නමුත් ඉවසා දරා යහකම් කළවුන් හැර. ඔවුනට සමාව ද මහත් ප්‍රතිඵල ද ඇත.

### الآية 11:12

> ﻿فَلَعَلَّكَ تَارِكٌ بَعْضَ مَا يُوحَىٰ إِلَيْكَ وَضَائِقٌ بِهِ صَدْرُكَ أَنْ يَقُولُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ كَنْزٌ أَوْ جَاءَ مَعَهُ مَلَكٌ ۚ إِنَّمَا أَنْتَ نَذِيرٌ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ وَكِيلٌ [11:12]

‘ඔහු කෙරෙහි නිධානයක් පහළ විය යුතු නොවේ ද එසේ නැතහොත් ඔහු සමග දේව දූතයකු පැමිණිය යුතු නොවේ දැයි ඔවුන් පවසා සිටීම හේතුවෙන් නුඹගේ හදවත එමගින් පීඩනයට පත් ව තිබිය දී නුඹ වෙත දන්වනු ලබන දැයින් ඇතැමක් (නුඹ ප්‍රචාරය නොකොට) අත හැර දමන්නට පුළුවන. නියත වශයෙන්ම නුඹ අවවාද කරන්නෙකු පමණි. තවද අල්ලාහ් සියලු දෑ වෙත භාරකරුය.

### الآية 11:13

> ﻿أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ فَأْتُوا بِعَشْرِ سُوَرٍ مِثْلِهِ مُفْتَرَيَاتٍ وَادْعُوا مَنِ اسْتَطَعْتُمْ مِنْ دُونِ اللَّهِ إِنْ كُنْتُمْ صَادِقِينَ [11:13]

එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? (නබිවරය ) නුඹ පවසනු. එසේ නම් නුඹලා ගොතන ලද එවැනිම පරිච්ඡේද දහයක් ගෙන එනු. තවද නුඹලා සත්‍යවාදීන් ව සිටියෙහු නම්, අල්ලාහ්ගෙන් තොර ව (ඒ සඳහා) නුඹට හැකි අය කැඳවා ගනු.

### الآية 11:14

> ﻿فَإِلَّمْ يَسْتَجِيبُوا لَكُمْ فَاعْلَمُوا أَنَّمَا أُنْزِلَ بِعِلْمِ اللَّهِ وَأَنْ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ فَهَلْ أَنْتُمْ مُسْلِمُونَ [11:14]

එසේ ඔවුහු නුඹලාට පිළිතුරක් නොදෙන්නේ නම් එවිට නියත වශයෙන්ම මෙය පහළ කරනු ලැබුවේ අල්ලාහ්ගේ දැනුමෙන් බවත් ඔහු හැර නැමඳුමට වෙනත් දෙවිඳෙකු නොමැති බවත් නුඹලා දැන ගනු. නුඹලා (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ද?

### الآية 11:15

> ﻿مَنْ كَانَ يُرِيدُ الْحَيَاةَ الدُّنْيَا وَزِينَتَهَا نُوَفِّ إِلَيْهِمْ أَعْمَالَهُمْ فِيهَا وَهُمْ فِيهَا لَا يُبْخَسُونَ [11:15]

කවරෙකු මෙලොව ජීවිතය හා එහි අලංකාරය අපේක්ෂා කරමින් සිටියේ ද අපි ඔවුන්ගේ ක්‍රියාවන් ඔවුනට එහි පූර්ණ ව පිරිනමමු. ඔවුහු එහි කප්පාදු කරනු නොලබන්නෝය.

### الآية 11:16

> ﻿أُولَٰئِكَ الَّذِينَ لَيْسَ لَهُمْ فِي الْآخِرَةِ إِلَّا النَّارُ ۖ وَحَبِطَ مَا صَنَعُوا فِيهَا وَبَاطِلٌ مَا كَانُوا يَعْمَلُونَ [11:16]

මතු ලොවෙහි (නිරා) ගින්න හැර තමන්ට වෙනත් කිසිවක් නොමැති උදවිය ඔවුහුමය. ඔවුන් එහි සිදු කළ දෑ ශූන්‍ය විය. තවද ඔවුන් කරමින් සිටි දෑ නිෂ්ඵල විය.

### الآية 11:17

> ﻿أَفَمَنْ كَانَ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّهِ وَيَتْلُوهُ شَاهِدٌ مِنْهُ وَمِنْ قَبْلِهِ كِتَابُ مُوسَىٰ إِمَامًا وَرَحْمَةً ۚ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ ۚ وَمَنْ يَكْفُرْ بِهِ مِنَ الْأَحْزَابِ فَالنَّارُ مَوْعِدُهُ ۚ فَلَا تَكُ فِي مِرْيَةٍ مِنْهُ ۚ إِنَّهُ الْحَقُّ مِنْ رَبِّكَ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ [11:17]

තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී එයින් සාක්ෂිකරුවකු එය පාරායනය කරමින් සිටිය දී එමෙන්ම ඊට පෙර මග පෙන්වීමක් හා දයාවක් වශයෙන් මූසාගේ පුස්තකය ද තිබිය දී (එය පිටුපානුයේ) එවන් පුද්ගලයකු ද? ඔවුහු එය විශ්වාස කරති. තවද ජන සමූහයන් අතුරින් කවරෙකු එය ප්‍රතික්ෂේප කරන්නේ ද එවිට ඔහුගේ ප්‍රතිඥත ස්ථානය (නිරා) ගින්නය. එබැවින් නුඹ ඒ ගැන සැකයෙහි පසු නොවනු. නියත වශයෙන්ම එයයි නුඹගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා එය විශ්වාස නොකරති.

### الآية 11:18

> ﻿وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا ۚ أُولَٰئِكَ يُعْرَضُونَ عَلَىٰ رَبِّهِمْ وَيَقُولُ الْأَشْهَادُ هَٰؤُلَاءِ الَّذِينَ كَذَبُوا عَلَىٰ رَبِّهِمْ ۚ أَلَا لَعْنَةُ اللَّهِ عَلَى الظَّالِمِينَ [11:18]

අල්ලාහ් මත බොරු ගොතන්නාට වඩා මහා අපරාධකරුවා කවරෙකු ද? ඔවුන් තම පරමාධිපති වෙත ඉදිරිපත් කරනු ලැබේ. තවද ‘මොවුන් තම පරමාධිපති වෙත බොරු පැවසූවන් යැයි සාක්ෂිකරුවෝ පවසති. දැන ගනු. අපරාධකරුවන් වෙත අල්ලාහ්ගේ ශාපය ඇත.

### الآية 11:19

> ﻿الَّذِينَ يَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ وَيَبْغُونَهَا عِوَجًا وَهُمْ بِالْآخِرَةِ هُمْ كَافِرُونَ [11:19]

ඔවුහු වනාහි අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා එහි දෝෂ සොයති. පරමාන්ත දිනය පිළිබඳ ප්‍රතික්ෂේප කරන්නෝ ඔවුහුමය.

### الآية 11:20

> ﻿أُولَٰئِكَ لَمْ يَكُونُوا مُعْجِزِينَ فِي الْأَرْضِ وَمَا كَانَ لَهُمْ مِنْ دُونِ اللَّهِ مِنْ أَوْلِيَاءَ ۘ يُضَاعَفُ لَهُمُ الْعَذَابُ ۚ مَا كَانُوا يَسْتَطِيعُونَ السَّمْعَ وَمَا كَانُوا يُبْصِرُونَ [11:20]

ඔවුහු මහපොළොවේ (අල්ලාහ්ගේ දඬුවමින් මිදීමට) හැකියාවන්තයින් නොවූහ. අල්ලාහ්ගෙන් තොර ව වෙනත් භාරකරුවන් ඔවුනට නොවීය. ඔවුනට එම දඬුවම දෙගුණ කර දෙනු ලැබේ. ඔවුහු සවන් දෙන්නට ශක්තිය දරන්නන් නොවූහ. එමෙන්ම බලන්නන් ද නොවූහ.

### الآية 11:21

> ﻿أُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ وَضَلَّ عَنْهُمْ مَا كَانُوا يَفْتَرُونَ [11:21]

තමන්ටම අලාභහානි කර ගත්තවුන් ඔවුන්මය. ඔවුන් ගොතමින් සිටි දෑ ඔවුන්ගෙන් මුළා විය.

### الآية 11:22

> ﻿لَا جَرَمَ أَنَّهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ [11:22]

එසේ නොවේ නියත වශයෙන්ම ඔවුහු මතු ලොවෙහි මහත් අලාභවන්තයින්මය.

### الآية 11:23

> ﻿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَأَخْبَتُوا إِلَىٰ رَبِّهِمْ أُولَٰئِكَ أَصْحَابُ الْجَنَّةِ ۖ هُمْ فِيهَا خَالِدُونَ [11:23]

නියත වශයෙන්ම විශ්වාස කරමින් යහකම් කොට තම පරමාධිපති වෙත යටහත් වූවන් වන ඔවුහුමය ස්වර්ග වාසීහු. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

### الآية 11:24

> ﻿۞ مَثَلُ الْفَرِيقَيْنِ كَالْأَعْمَىٰ وَالْأَصَمِّ وَالْبَصِيرِ وَالسَّمِيعِ ۚ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ أَفَلَا تَذَكَّرُونَ [11:24]

මෙම කණ්ඩායම් දෙකෙහි උපමාව අන්ධයා හා බිහිරා එමෙන්ම දෘෂ්ටිය ඇත්තා හා සවන් දෙන්නා මෙන් වෙයි. මොවුන් දෙදෙනා උපමාවෙන් සමාන වෙයි ද? එබැවින් නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?

### الآية 11:25

> ﻿وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ إِنِّي لَكُمْ نَذِيرٌ مُبِينٌ [11:25]

තවද සැබැවින්ම අපි නූහ් ව ඔහුගේ ජනයා වෙත එව්වෙමු. නියත වශයෙන්ම මම නුඹලාට අවවාද කරන්නෙකු වෙමි. (යැයි ඔහු පැවසුවේය.)

### الآية 11:26

> ﻿أَنْ لَا تَعْبُدُوا إِلَّا اللَّهَ ۖ إِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ أَلِيمٍ [11:26]

නුඹලා අල්ලාහ් හැර (වෙනත් කිසිවෙකුට) ගැතිකම් නොකළ යුතුය. නියත වශයෙන්ම මම නුඹලා වෙත වේදනීය දිනයක දඬුවම ගැන බිය වෙමි. (යැයි තවදුරටත් පැවසුවේය.)

### الآية 11:27

> ﻿فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا نَرَاكَ إِلَّا بَشَرًا مِثْلَنَا وَمَا نَرَاكَ اتَّبَعَكَ إِلَّا الَّذِينَ هُمْ أَرَاذِلُنَا بَادِيَ الرَّأْيِ وَمَا نَرَىٰ لَكُمْ عَلَيْنَا مِنْ فَضْلٍ بَلْ نَظُنُّكُمْ كَاذِبِينَ [11:27]

එවිට ‘නුඹ අප මෙන් මිනිසෙකු ලෙසින් මිස අපි නුඹ ව නොදකිමු. එමෙන්ම අපට වඩා පහත් ගම්බද අදහස් ඇති අය හැර වෙනත් කිසිවකු නුඹ ව අනුගමනය කරන බව ද අපි නොදකිමු. තවද අපට වඩා ශ්‍රෙෂ්ඨත්වයක් නුඹලාට ඇතැයි ද අපි නොසිතමු. නුඹලා මුසාවාදීන් බව අපි සිතන්නෙමු’ යැයි ඔහුගේ ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළ ප්‍රධානීහු පැවසූහ.

### الآية 11:28

> ﻿قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِنْ كُنْتُ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَآتَانِي رَحْمَةً مِنْ عِنْدِهِ فَعُمِّيَتْ عَلَيْكُمْ أَنُلْزِمُكُمُوهَا وَأَنْتُمْ لَهَا كَارِهُونَ [11:28]

මාගේ ජනයිනි මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මම සිටීම ගැනද ඔහු වෙතින් මා හට කරුණාව පිරිනමා තිබීම ගැනද නුඹලා කුමක් සිතන්නෙහු ද? නමුත් නුඹලා වෙත අන්ධභාවය ඇති කරන ලදී. නුඹලා පිළිකුල් කරන්නන් ව සිටිය දී අපි නුඹලාට එය බල කරන්නෙමු ද?

### الآية 11:29

> ﻿وَيَا قَوْمِ لَا أَسْأَلُكُمْ عَلَيْهِ مَالًا ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۚ وَمَا أَنَا بِطَارِدِ الَّذِينَ آمَنُوا ۚ إِنَّهُمْ مُلَاقُو رَبِّهِمْ وَلَٰكِنِّي أَرَاكُمْ قَوْمًا تَجْهَلُونَ [11:29]

තවද අහෝ මාගේ ජනයිනි, මේ වෙනුවෙන් මම නුඹලාගෙන් මුදලක් නොඉල්ලමි. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස නැත. තවද මම විශ්වාස කළවුන් පලවා හරින්නෙකු ද නොවෙමි. නියත වශයෙන්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපති ව හමු වන්නන්ය. එනමුත් මම නුඹලා ව දකිනුයේ අඥානකමින් කටයුතු කරන පිරිසක් ලෙසිනි.

### الآية 11:30

> ﻿وَيَا قَوْمِ مَنْ يَنْصُرُنِي مِنَ اللَّهِ إِنْ طَرَدْتُهُمْ ۚ أَفَلَا تَذَكَّرُونَ [11:30]

තවද අහෝ මාගේ ජනයිනි, මම ඔවුන් ව පලවා හැරියේ නම් අල්ලාහ්ගෙන් (මා ආරක්ෂා වීමට) මට උදව් කරනුයේ කවරෙකු ද? නුඹලා මෙනෙහි කළ යුතු නොවේ ද?

### الآية 11:31

> ﻿وَلَا أَقُولُ لَكُمْ عِنْدِي خَزَائِنُ اللَّهِ وَلَا أَعْلَمُ الْغَيْبَ وَلَا أَقُولُ إِنِّي مَلَكٌ وَلَا أَقُولُ لِلَّذِينَ تَزْدَرِي أَعْيُنُكُمْ لَنْ يُؤْتِيَهُمُ اللَّهُ خَيْرًا ۖ اللَّهُ أَعْلَمُ بِمَا فِي أَنْفُسِهِمْ ۖ إِنِّي إِذًا لَمِنَ الظَّالِمِينَ [11:31]

මා වෙත අල්ලාහ්ගේ නිධන් වස්තු ඇතැයි මම නොකියමි. තවද මම ගුප්ත දැය නොදනිමි. සැබැවින්ම මම මලක්වරයකු යැයි ද නොකියමි. නුඹලාගේ ඇස් පහත් ලෙස දුටු උදවියට අල්ලාහ් කිසිදු යහපතක් පිරි නොනමනු ඇතැයි මම නොකියමි. ඔවුන් තුළ ඇති දෑ පිළිබඳ ව අල්ලාහ් මැනවින් දන්නාය. නියත වශයෙන්ම මම එවිට අපරාධකරුවන් අතුරින් වෙමි.

### الآية 11:32

> ﻿قَالُوا يَا نُوحُ قَدْ جَادَلْتَنَا فَأَكْثَرْتَ جِدَالَنَا فَأْتِنَا بِمَا تَعِدُنَا إِنْ كُنْتَ مِنَ الصَّادِقِينَ [11:32]

අහෝ නූහ්, සැබැවින්ම නුඹ අප සමග තර්ක කළෙහිය. අප සමග වූ තර්කය නුඹ අධික කළෙහිය. නුඹ සත්‍යවාදීන් අතුරින් වී නම් නුඹ අපට ප්‍රතිඥා දෙන දෑ අප වෙත ගෙන එනු යැයි ඔවුහු පැවසුවෝය.

### الآية 11:33

> ﻿قَالَ إِنَّمَا يَأْتِيكُمْ بِهِ اللَّهُ إِنْ شَاءَ وَمَا أَنْتُمْ بِمُعْجِزِينَ [11:33]

සැබැවින්ම අල්ලාහ් එය නුඹලා වෙත ගෙන එනුයේ ඔහු අභිමත කළේ නම් පමණි. තවද නුඹලා (එයින් මිදීමට) හැකියාව ඇත්තන් නොවන්නෙහුය.

### الآية 11:34

> ﻿وَلَا يَنْفَعُكُمْ نُصْحِي إِنْ أَرَدْتُ أَنْ أَنْصَحَ لَكُمْ إِنْ كَانَ اللَّهُ يُرِيدُ أَنْ يُغْوِيَكُمْ ۚ هُوَ رَبُّكُمْ وَإِلَيْهِ تُرْجَعُونَ [11:34]

නුඹලා ව නොමග යැවීමට අල්ලාහ් අපේක්ෂා කර සිටියේ නම් මම නුඹලාට උපදෙස් දීමට සිතුව ද නුඹලාට මාගේ උපදෙස ඵලක් නොවන්නේය. ඔහුය නුඹලාගේ පරමාධිපති. තවද ඔහු වෙතටමය නුඹලා නැවත යොමු කරනු ලබන්නේ.

### الآية 11:35

> ﻿أَمْ يَقُولُونَ افْتَرَاهُ ۖ قُلْ إِنِ افْتَرَيْتُهُ فَعَلَيَّ إِجْرَامِي وَأَنَا بَرِيءٌ مِمَّا تُجْرِمُونَ [11:35]

එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසති. (නබිවරය) නුඹ පවසනු. එය මම ගෙතුවේ නම් (මා කළ) මාගේ වැරුද්ද මට එරෙහිවය. තවද නුඹලා කරන වැරදි දැයින් මම ඉවත් වන්නෙමි.

### الآية 11:36

> ﻿وَأُوحِيَ إِلَىٰ نُوحٍ أَنَّهُ لَنْ يُؤْمِنَ مِنْ قَوْمِكَ إِلَّا مَنْ قَدْ آمَنَ فَلَا تَبْتَئِسْ بِمَا كَانُوا يَفْعَلُونَ [11:36]

තවද නුඹගේ ජනයා අතුරින් (පෙර) විශ්වාස කළවුන් හැර වෙනත් කිසිවකු විශ්වාස නොකරන්නෝමය. එබැවින් ඔවුන් කරමින් සිටි දෑ පිළිබඳ ව නුඹ දුක් නොවනු යැයි නූහ්ට පණිවිඩ දෙන ලදී.

### الآية 11:37

> ﻿وَاصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۚ إِنَّهُمْ مُغْرَقُونَ [11:37]

තවද අපගේ අධීක්ෂණය හා අපගේ අණ පරිදි නුඹ නැව තනනු. තවද අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමග කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුහු ගිල් වනු ලබන්නෝමය.

### الآية 11:38

> ﻿وَيَصْنَعُ الْفُلْكَ وَكُلَّمَا مَرَّ عَلَيْهِ مَلَأٌ مِنْ قَوْمِهِ سَخِرُوا مِنْهُ ۚ قَالَ إِنْ تَسْخَرُوا مِنَّا فَإِنَّا نَسْخَرُ مِنْكُمْ كَمَا تَسْخَرُونَ [11:38]

තවද ඔහු නැව නිර්මාණය කරයි. ඔහුගේ ජනයා අතුරින් ප්‍රධානීහු ඔහු වෙත ගමන් කළ සෑම විටම ඔහු ගැන ඔවුහු සමච්චල් කළෝය. එබැවින් නුඹලා සමච්චල් කරන්නාක් මෙන්ම සැබැවින්ම අපි ද නුඹලා ගැන සමච්චල් කරන්නෙමු යැයි පැවසීය.

### الآية 11:39

> ﻿فَسَوْفَ تَعْلَمُونَ مَنْ يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَيَحِلُّ عَلَيْهِ عَذَابٌ مُقِيمٌ [11:39]

තමන් විනාශ කර දමන දඬුවම කවුරුන් වෙත පැමිණෙන්නේ දැයි ද සදාතනික දඬුවම කවුරුන් වෙත ඇති වන්නේ යැයි ද නුඹලා මතු දැන ගනු ඇත. (ඔහු පැවසුවේය)

### الآية 11:40

> ﻿حَتَّىٰ إِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ قُلْنَا احْمِلْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ وَمَنْ آمَنَ ۚ وَمَا آمَنَ مَعَهُ إِلَّا قَلِيلٌ [11:40]

අවසානයේ අපගේ නියෝගය පැමිණ උදුනින් උතුරා ගිය විට එහි දෙදෙනෙකුගෙන් යුත් සෑම ජෝඩුවක් බැගින් ද තවද (දඬුවමේ) වදන කවුරුන් වෙත පෙරටු වූයේ ද ඔවුන් හැර නුඹගේ පවුලේ සෙසු උදවිය ද විශ්වාස කළවුන් ද නැවට නංවා ගනුයි අපි පැවසුවෙමු. ඔහු සමග ස්වල්ප දෙනෙකු මිස විශ්වාස නොකළෝය.

### الآية 11:41

> ﻿۞ وَقَالَ ارْكَبُوا فِيهَا بِسْمِ اللَّهِ مَجْرَاهَا وَمُرْسَاهَا ۚ إِنَّ رَبِّي لَغَفُورٌ رَحِيمٌ [11:41]

නුඹලා එහි ගොඩ වනු. එය ගමන් ගන්නේ ද එය නතර වන්නේ ද අල්ලාහ්ගේ නාමයෙනි. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අති ක්ෂමාශීලී කරුණා ගුණයෙන් යුක්තය යැයි ඔහු පැවසුවේය.

### الآية 11:42

> ﻿وَهِيَ تَجْرِي بِهِمْ فِي مَوْجٍ كَالْجِبَالِ وَنَادَىٰ نُوحٌ ابْنَهُ وَكَانَ فِي مَعْزِلٍ يَا بُنَيَّ ارْكَبْ مَعَنَا وَلَا تَكُنْ مَعَ الْكَافِرِينَ [11:42]

තවද ඔවුන් රැගෙන කඳු මෙන් වූ රළ අතර එය ගමන් ගත්තේය. නූහ් තම පුතණුවන් ඇමතුවේය. ඔහු (නැවෙන්) බැහැර ව සිටියේය. ‘මාගේ පුතණුවනි, අප සමග ඔබත් නැවට ගොඩවනු. තවද ඔබ දේව ප්‍රතික්ෂේපකයින් සමග නොවනු.

### الآية 11:43

> ﻿قَالَ سَآوِي إِلَىٰ جَبَلٍ يَعْصِمُنِي مِنَ الْمَاءِ ۚ قَالَ لَا عَاصِمَ الْيَوْمَ مِنْ أَمْرِ اللَّهِ إِلَّا مَنْ رَحِمَ ۚ وَحَالَ بَيْنَهُمَا الْمَوْجُ فَكَانَ مِنَ الْمُغْرَقِينَ [11:43]

ජලයෙන් මා ආරක්ෂා කරන කන්දක් වෙත යමි යැයි ඔහු පැවසුවේය. කවුරුන් වෙත ඔහු කරුණාව පෙන්වූයේ ද ඔවුන් හැර අල්ලාහ්ගේ නියෝගයෙන් අද දින ආරක්ෂා කරන කිසිවෙකු නොමැත. ඔවුන් දෙදෙනා අතර රළ වට කර ගත්තේය. එවිට ඔහු ගිලී ගිය අතුරින් අයෙකු විය.

### الآية 11:44

> ﻿وَقِيلَ يَا أَرْضُ ابْلَعِي مَاءَكِ وَيَا سَمَاءُ أَقْلِعِي وَغِيضَ الْمَاءُ وَقُضِيَ الْأَمْرُ وَاسْتَوَتْ عَلَى الْجُودِيِّ ۖ وَقِيلَ بُعْدًا لِلْقَوْمِ الظَّالِمِينَ [11:44]

අහෝ මහපොළොව, ඔබේ ජලය ඔබ ගිල ගනු. අහෝ අහස, ඔබ (වැසි) නතර කරනු යැයි කියනු ලැබීය. ජලය අඩු වී ගියේය. නියෝගය තීන්දු විය. එය (නැව) ජූද් කන්ද මත රැඳිණ. අපරාධකාරී ජනයා දුරස් වේවා යැයි කියනු ලැබීය.

### الآية 11:45

> ﻿وَنَادَىٰ نُوحٌ رَبَّهُ فَقَالَ رَبِّ إِنَّ ابْنِي مِنْ أَهْلِي وَإِنَّ وَعْدَكَ الْحَقُّ وَأَنْتَ أَحْكَمُ الْحَاكِمِينَ [11:45]

(එවිට) නූහ් තම පරමාධිපති අමතා මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මාගේ පුතණුවන් මාගේම පවුලේ කෙනෙකි. තවද නියත වශයෙන්ම ඔබගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද ඔබ තීරකයින් අතුරින් මහා තීරකය යැයි ප්‍රාර්ථනා කළේය.

### الآية 11:46

> ﻿قَالَ يَا نُوحُ إِنَّهُ لَيْسَ مِنْ أَهْلِكَ ۖ إِنَّهُ عَمَلٌ غَيْرُ صَالِحٍ ۖ فَلَا تَسْأَلْنِ مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ ۖ إِنِّي أَعِظُكَ أَنْ تَكُونَ مِنَ الْجَاهِلِينَ [11:46]

අහෝ නූහ්, නියත වශයෙන්ම ඔහු නුඹගේ පවුලෙන් කෙනෙකු නොවේ. නියත වශයෙන්ම ඔහු දැහැමිභාවයෙන් තොර ව ක්‍රියා කළ අයෙකි. එබැවින් කවර දෙයක් පිළිබඳ නුඹට දැනුමක් නොමැත්තේ ද එය මගෙන් නුඹ නොඉල්ලනු. නියත වශයෙන්ම නුඹ අඥානයින් අතුරින් වීම ගැන මම නුඹට උපදෙස් දෙමි යැයි ඔහු පැවසීය.

### الآية 11:47

> ﻿قَالَ رَبِّ إِنِّي أَعُوذُ بِكَ أَنْ أَسْأَلَكَ مَا لَيْسَ لِي بِهِ عِلْمٌ ۖ وَإِلَّا تَغْفِرْ لِي وَتَرْحَمْنِي أَكُنْ مِنَ الْخَاسِرِينَ [11:47]

මාගේ පරමාධිපතියාණනි, කවර දෙයක් ගැන මට දැනුමක් නොමැත්තේ ද එවන් දෑ ඔබෙන් ඉල්ලීමෙන් මම ඔබගේ ආරක්ෂාව පතමි. ඔබ මට සමාව දී ඔබ මා හට කරුණා නොකරන්නේ නම් මම අලාභවන්තයින් අතුරින් වෙමි යැයි ඔහු පැවසුවේය.

### الآية 11:48

> ﻿قِيلَ يَا نُوحُ اهْبِطْ بِسَلَامٍ مِنَّا وَبَرَكَاتٍ عَلَيْكَ وَعَلَىٰ أُمَمٍ مِمَّنْ مَعَكَ ۚ وَأُمَمٌ سَنُمَتِّعُهُمْ ثُمَّ يَمَسُّهُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ [11:48]

අහෝ නූහ්, අපගෙන් වූ ආශිර්වාදය සමග ද ඔබ වෙත හා ඔබ සමග සිටි සමූහයන් වෙත වූ අභිවෘද්ධියන් සමග ද ඔබ ගොඩ බසිනු. තවත් සමූහයන් (වෙති), අපි ඔවුනට (මද කලකට) භුක්ති විඳින්නට සලස්වන්නෙමු. පසු ව අපගෙන් වූ වේදනීය දඬුවමක් ඔවුන් හසු කර ගනු ඇත.

### الآية 11:49

> ﻿تِلْكَ مِنْ أَنْبَاءِ الْغَيْبِ نُوحِيهَا إِلَيْكَ ۖ مَا كُنْتَ تَعْلَمُهَا أَنْتَ وَلَا قَوْمُكَ مِنْ قَبْلِ هَٰذَا ۖ فَاصْبِرْ ۖ إِنَّ الْعَاقِبَةَ لِلْمُتَّقِينَ [11:49]

මෙය ගුප්ත පුවත් අතුරිනි. අපි එය නුඹ වෙත දන්වා සිටිමු. මීට පෙර නුඹ හා නුඹගේ ජනයා එය දැන සිටියේ නැත. එබැවින් නුඹ ඉවසනු. නියත වශයෙන්ම යහපත් අවසානය දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් හටය.

### الآية 11:50

> ﻿وَإِلَىٰ عَادٍ أَخَاهُمْ هُودًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ إِنْ أَنْتُمْ إِلَّا مُفْتَرُونَ [11:50]

තවද ආද් වෙත ඔවුන්ගේ සහෝදර හූද් ව ද (අපි එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැති කම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවිඳෙකු නොමැත. නුඹලා ගොතන්නන් මිස නැත යැයි ඔහු පැවසුවේය.

### الآية 11:51

> ﻿يَا قَوْمِ لَا أَسْأَلُكُمْ عَلَيْهِ أَجْرًا ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى الَّذِي فَطَرَنِي ۚ أَفَلَا تَعْقِلُونَ [11:51]

මාගේ ජනයිනි, ඒ වෙනුවෙන් මම නුඹලාගෙන් කුලියක් නොඉල්ලමි. මාගේ කුලිය මා මැවූ අය වෙත මිස නැත. එබැවින් නුඹලා වටහා ගත යුතු නොවේ ද?

### الآية 11:52

> ﻿وَيَا قَوْمِ اسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ يُرْسِلِ السَّمَاءَ عَلَيْكُمْ مِدْرَارًا وَيَزِدْكُمْ قُوَّةً إِلَىٰ قُوَّتِكُمْ وَلَا تَتَوَلَّوْا مُجْرِمِينَ [11:52]

මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් සමාව අයැද සිටිනු. පසු ව පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. ඔහු නුඹලා වෙත අහස් ජලය අඛණ්ඩ ව එවනු ඇත. තවද නුඹලාගේ බලයට බලය වර්ධනය කර දෙනු ඇත. තවද නුඹලා වැරදිකරුවන් ලෙසින් පිටු නොපානු.

### الآية 11:53

> ﻿قَالُوا يَا هُودُ مَا جِئْتَنَا بِبَيِّنَةٍ وَمَا نَحْنُ بِتَارِكِي آلِهَتِنَا عَنْ قَوْلِكَ وَمَا نَحْنُ لَكَ بِمُؤْمِنِينَ [11:53]

අහෝ හූද්, නුඹ අප වෙත පැහැදිලි සාධකයක් ගෙන ආවේ නැත. තවද අපි නුඹේ කියමන අනුව අපගේ දෙවිවරුන් අතහරින්නන් නොවෙමු. තවද අපි නුඹ ව විශ්වාස කරන්නන් නොවෙමු යැයි ඔවුහු පැවසුවෝය.

### الآية 11:54

> ﻿إِنْ نَقُولُ إِلَّا اعْتَرَاكَ بَعْضُ آلِهَتِنَا بِسُوءٍ ۗ قَالَ إِنِّي أُشْهِدُ اللَّهَ وَاشْهَدُوا أَنِّي بَرِيءٌ مِمَّا تُشْرِكُونَ [11:54]

අපගේ ඇතැම් දෙවිවරුන් නුඹට හානියක් සිදු කරනු ඇතැයි මිස අපි නොපවසන්නෙමු.’ ‘නියත වශයෙන්ම මම අල්ලාහ්ගෙන් තොර ව නුඹලා ආදේශ තබන දැයින් ඉවත් වූවකු බවට අල්ලාහ් වෙත සාක්ෂි දරනු ලැබුවෙමි

### الآية 11:55

> ﻿مِنْ دُونِهِ ۖ فَكِيدُونِي جَمِيعًا ثُمَّ لَا تُنْظِرُونِ [11:55]

එහෙයින් නුඹලා සියල්ල එක් ව මට ක්‍රමන්ත්‍රණ කරනු. පසු ව මට නුඹලා අවකාශ නොදෙනු.’ යැයි ඔහු පැවසුවේය.

### الآية 11:56

> ﻿إِنِّي تَوَكَّلْتُ عَلَى اللَّهِ رَبِّي وَرَبِّكُمْ ۚ مَا مِنْ دَابَّةٍ إِلَّا هُوَ آخِذٌ بِنَاصِيَتِهَا ۚ إِنَّ رَبِّي عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ [11:56]

නියත වශයෙන්ම මම මාගේ පරාධිපති වූ ද නුඹලාගේ පරමාධිපති වූ ද අල්ලාහ් වෙත (සියල්ල) භාර කළෙමි. කිසිදු ජීවියෙකු එහි නළල් කෙස් රොදින් ඔහු හසු කර ගන්නෙකු මිස නැත. නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඍජු මාර්ගය මතය.

### الآية 11:57

> ﻿فَإِنْ تَوَلَّوْا فَقَدْ أَبْلَغْتُكُمْ مَا أُرْسِلْتُ بِهِ إِلَيْكُمْ ۚ وَيَسْتَخْلِفُ رَبِّي قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّونَهُ شَيْئًا ۚ إِنَّ رَبِّي عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ [11:57]

නමුත් නුඹලා පිටුපෑවෙහු නම් (දැන ගනු) මා නුඹලා වෙත කවර කරුණක් සමග එවනු ලැබුවෙම් ද එය මා නුඹලා වෙත සැබැවින්ම දැන්වූයෙමි. තවද මාගේ පරමාධිපති නුඹලා නොවන පිරිසක් නියෝජිතයින් බවට පත් කරයි. නුඹලා ඔහුට කිසිවකින් හානි සිදු කළ නොහැක. නියත වශයෙන්ම මාගේ පරමාධිපති සියලු දෑ සුරක්ෂා කරන්නාය.

### الآية 11:58

> ﻿وَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا هُودًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَنَجَّيْنَاهُمْ مِنْ عَذَابٍ غَلِيظٍ [11:58]

අපගේ නියෝගය පැමිණි කල්හි අපගෙන් වූ ආශිර්වාදය තුළින් අපි හූද් හා ඔහු සමග වූ විශ්වාස කළවුන් මුදවා ගතිමු. තවද අපි ඔවුන් ව දැඩි දඬුවමින් මුදවා ගතිමු.

### الآية 11:59

> ﻿وَتِلْكَ عَادٌ ۖ جَحَدُوا بِآيَاتِ رَبِّهِمْ وَعَصَوْا رُسُلَهُ وَاتَّبَعُوا أَمْرَ كُلِّ جَبَّارٍ عَنِيدٍ [11:59]

තවද එය ආද්(සමූහයා)ය. ඔවුහු තම පරමාධිපතිගේ වදන් ප්‍රතික්ෂේප කළෝය. තවද ඔවුහු ඔහුගේ ධර්ම දූතවරුන්ට පිටුපෑහ. තවද ඔවුහු සෑම දෘඪ පාලකයකුගේම නියෝග පිළිපැද්දෝය.

### الآية 11:60

> ﻿وَأُتْبِعُوا فِي هَٰذِهِ الدُّنْيَا لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ ۗ أَلَا إِنَّ عَادًا كَفَرُوا رَبَّهُمْ ۗ أَلَا بُعْدًا لِعَادٍ قَوْمِ هُودٍ [11:60]

තවද මෙලොවෙහි ද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයෙහි ද ශාපය ඔවුන් ලුහු බඳිනු ලබනු ඇත. දැන ගනු නියත වශයෙන්ම ආද් සමූහයා තම පරමාධිපති ප්‍රතික්ෂේප කළෝය. දැන ගනු හූද්ගේ ජනයා වූ ආද් (අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස් වූහ.

### الآية 11:61

> ﻿۞ وَإِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ هُوَ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَاسْتَعْمَرَكُمْ فِيهَا فَاسْتَغْفِرُوهُ ثُمَّ تُوبُوا إِلَيْهِ ۚ إِنَّ رَبِّي قَرِيبٌ مُجِيبٌ [11:61]

තවද සමූද් (ජනයා) වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. නුඹලා ව මහපොළොවෙන් බිහි කළේ ඔහුය. තවද එහි (පදිංචි වීමට) නුඹලාට ආයු කාලයක් දුන්නේය. එබැවින් නුඹලා ඔහුගෙන් සමාව ඉල්ලා පශ්චාත්තාප වී ඔහු වෙතට යොමු වනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති සමීපය. පිළිතුරු දෙන්නාය.

### الآية 11:62

> ﻿قَالُوا يَا صَالِحُ قَدْ كُنْتَ فِينَا مَرْجُوًّا قَبْلَ هَٰذَا ۖ أَتَنْهَانَا أَنْ نَعْبُدَ مَا يَعْبُدُ آبَاؤُنَا وَإِنَّنَا لَفِي شَكٍّ مِمَّا تَدْعُونَا إِلَيْهِ مُرِيبٍ [11:62]

‘අහෝ සාලිහ්, මීට පෙර ඔබ අප අතර බලාපොරොත්තු තැබිය හැක්කෙකු විය. අපගේ මුතුන් මිත්තන් ගැතිකම් කරන දෑට අප ගැතිකම් කිරීමෙන් නුඹ අප ව වළක්වන්නෙහි ද? නුඹ අප ව කුතුහලයක් ඇති කර වන දෑ වෙත අප ව ඇරයුම් කරන්නෙහි ද? නියත වශයෙන්ම අපි ඒ ගැන සැකයෙහි පසුවන්නෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.

### الآية 11:63

> ﻿قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِنْ كُنْتُ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَآتَانِي مِنْهُ رَحْمَةً فَمَنْ يَنْصُرُنِي مِنَ اللَّهِ إِنْ عَصَيْتُهُ ۖ فَمَا تَزِيدُونَنِي غَيْرَ تَخْسِيرٍ [11:63]

‘මාගේ ජනයිනි, මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත මම හිඳිමින් ඔහුගෙන් වූ ආශිර්වාදයක් මට ඔහු පිරිනමා තිබිය දී මම ඔහුට පිටුපෑවේ නම් අල්ලාහ්ගෙන් තොර ව මට උපකාර කරනුයේ කවුරුන් දැයි යන වග නුඹලා සිතා බැලුවෙහු ද? නුඹලා මට අලාභ හානිය මිස වෙනත් කිසිවක් වැඩි කළේ නැත’ යැයි ඔහු පැවසුවේය.

### الآية 11:64

> ﻿وَيَا قَوْمِ هَٰذِهِ نَاقَةُ اللَّهِ لَكُمْ آيَةً فَذَرُوهَا تَأْكُلْ فِي أَرْضِ اللَّهِ وَلَا تَمَسُّوهَا بِسُوءٍ فَيَأْخُذَكُمْ عَذَابٌ قَرِيبٌ [11:64]

අහෝ මාගේ ජනයිනි, මෙය නුඹලාට සංඥාවක් වශයෙන් (දෙන ලද්දා) වූ අල්ලාහ්ගේ ඔටු දෙනය. එබැවින් මහපොළොවේ උළා කන්නට නුඹලා ඌ අත හැර දමනු. යම් නපුරක් සිදු කිරීමට නුඹලා ඌ ස්පර්ශ නොකරනු. එවිට සමීපයෙන් වූ දඬුවමක් නුඹලා ව හසු කර ගනු ඇත.

### الآية 11:65

> ﻿فَعَقَرُوهَا فَقَالَ تَمَتَّعُوا فِي دَارِكُمْ ثَلَاثَةَ أَيَّامٍ ۖ ذَٰلِكَ وَعْدٌ غَيْرُ مَكْذُوبٍ [11:65]

පසු ව ඔවුහු උගේ ගෙල නහර කපා දැමුවෝය. එවිට නුඹලා නුඹලාගේ නිවෙස් තුළ දින තුනක් භුක්ති විඳිනු. එය බොරු කළ නොහැකි ප්‍රතිඥාව යැයි ඔහු පැවසීය.

### الآية 11:66

> ﻿فَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا صَالِحًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَمِنْ خِزْيِ يَوْمِئِذٍ ۗ إِنَّ رَبَّكَ هُوَ الْقَوِيُّ الْعَزِيزُ [11:66]

එවිට අපගේ (දඬුවමේ) නියෝගය පැමිණි කල්හි අපගේ ආශිර්වාදය තුළින් හා එදින අවමානයෙන් අපි සාලිහ් හා ඔහු සමග වූ විශ්වාස කළවුන් ව මුදවා ගතිමු. නියත වශයෙන්ම ඔබේ පරමාධිපති වන ඔහුය සර්ව බලධාරී අති බල සම්පන්න වන්නේ.

### الآية 11:67

> ﻿وَأَخَذَ الَّذِينَ ظَلَمُوا الصَّيْحَةُ فَأَصْبَحُوا فِي دِيَارِهِمْ جَاثِمِينَ [11:67]

තවද මහා හඬ අපරාධ කළවුන් හසු කළේය. එවිට ඔවුහු උදෑසන තම නිවෙස් තුළ මළ කඳන් ලෙසින් සිටියහ.

### الآية 11:68

> ﻿كَأَنْ لَمْ يَغْنَوْا فِيهَا ۗ أَلَا إِنَّ ثَمُودَ كَفَرُوا رَبَّهُمْ ۗ أَلَا بُعْدًا لِثَمُودَ [11:68]

ඔවුහු එහි කිසිවිටෙක පදිංචි නොවූවක් මෙනි. දැන ගනු. නියත වශයෙන්ම සමූද් (ජනයා) ඔවුන්ගේ පරමාධිපති ව ප්‍රතික්ෂේප කළෝය. දැන ගනු සමූද් (ජනයා අල්ලාහ්ගේ ආශිර්වාදයෙන්) දුරස් වූහ.

### الآية 11:69

> ﻿وَلَقَدْ جَاءَتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَىٰ قَالُوا سَلَامًا ۖ قَالَ سَلَامٌ ۖ فَمَا لَبِثَ أَنْ جَاءَ بِعِجْلٍ حَنِيذٍ [11:69]

අපගේ දූතයින් ශුභාරංචි සමග ඉබ්‍රාහීම් වෙත පැමිණ ‘ශාන්තිය අත් වේවා’ යැයි පැවසූහ. ඔහු ද ‘ශාන්තිය අත් වේවා ’ යැයි පැවසුවේය. එවිට (ආගන්තුකයින් සඳහා) බැඳපු වසු පැටවෙකු ගෙන ඒමට (ඔහුට) වැඩි වේලාවක් ගත නොවීය.

### الآية 11:70

> ﻿فَلَمَّا رَأَىٰ أَيْدِيَهُمْ لَا تَصِلُ إِلَيْهِ نَكِرَهُمْ وَأَوْجَسَ مِنْهُمْ خِيفَةً ۚ قَالُوا لَا تَخَفْ إِنَّا أُرْسِلْنَا إِلَىٰ قَوْمِ لُوطٍ [11:70]

ඔවුන්ගේ අත් ඒ(ආහාරය) වෙත ළඟා නොවූ බව ඔහු දුටු විට ඔවුන් නාඳුනන අය බව වැටහිණි. ඔවුන් පිළිබඳ බියක් ඇති විය. ‘නුඹ බිය නොවනු. නියත වශයෙන්ම අපි ලූත්ගේ ජනයා වෙත එවනු ලැබූවන් වෙමු’ යැයි ඔවුහු පැවසුවෝය.

### الآية 11:71

> ﻿وَامْرَأَتُهُ قَائِمَةٌ فَضَحِكَتْ فَبَشَّرْنَاهَا بِإِسْحَاقَ وَمِنْ وَرَاءِ إِسْحَاقَ يَعْقُوبَ [11:71]

ඔහුගේ බිරිය ද සිට ගෙන සිටියාය. (මෙය ඇසූ) ඇය සිනහසුණාය. එවිට අපි ඇයට (ඉපදෙන්නට සිටින) ඉස්හාක් පිළිබඳ හා ඉස්හාක්ගෙන් පසු යඃකූබ් පිළිබඳ ශුභාරංචි දැන්වූයෙමු.

### الآية 11:72

> ﻿قَالَتْ يَا وَيْلَتَىٰ أَأَلِدُ وَأَنَا عَجُوزٌ وَهَٰذَا بَعْلِي شَيْخًا ۖ إِنَّ هَٰذَا لَشَيْءٌ عَجِيبٌ [11:72]

අහෝ මාගේ ඛේදය මම මැහැල්ලියෙකු ව සිටිය දී මේ මාගේ සැමියා වයෝවෘද්ධයෙකු ව සිටිය දී මම දරුවකු ප්‍රසූත කරන්නෙම් ද? නියත වශයෙන්ම එය පුදුම සහගත කරුණකි යැයි ඇය කීවාය.

### الآية 11:73

> ﻿قَالُوا أَتَعْجَبِينَ مِنْ أَمْرِ اللَّهِ ۖ رَحْمَتُ اللَّهِ وَبَرَكَاتُهُ عَلَيْكُمْ أَهْلَ الْبَيْتِ ۚ إِنَّهُ حَمِيدٌ مَجِيدٌ [11:73]

අල්ලාහ්ගේ නියෝගය සම්බන්ධ යෙන් නුඹ පුදුම වන්නෙහි ද? අල්ලාහ්ගේ ආශිර්වාදය හා භාග්‍යය නිවැසියන් වන නුඹලා සතු වේවා නියත වශයෙන්ම ඔහු ප්‍රශංසා ලාභීය. අති කීර්තිමත්ය.

### الآية 11:74

> ﻿فَلَمَّا ذَهَبَ عَنْ إِبْرَاهِيمَ الرَّوْعُ وَجَاءَتْهُ الْبُشْرَىٰ يُجَادِلُنَا فِي قَوْمِ لُوطٍ [11:74]

ඉබ්‍රාහීම්ගෙන් බිය පහ ව ගොස් (දරුවන් සම්බන්ධයෙන් වූ) ශුභාරංචි ඔහු වෙත පැමිණි කල්හි ලූත්ගේ ජනයා සම්බන්ධයෙන් ඔහු අප සමග වාද කළේය.

### الآية 11:75

> ﻿إِنَّ إِبْرَاهِيمَ لَحَلِيمٌ أَوَّاهٌ مُنِيبٌ [11:75]

නියත වශයෙන්ම ඉබ්‍රාහීම් ඉවසන සුළු කරුණාවන්ත (අල්ලාහ් වෙත) නැඹුරුවන්නෙකි.

### الآية 11:76

> ﻿يَا إِبْرَاهِيمُ أَعْرِضْ عَنْ هَٰذَا ۖ إِنَّهُ قَدْ جَاءَ أَمْرُ رَبِّكَ ۖ وَإِنَّهُمْ آتِيهِمْ عَذَابٌ غَيْرُ مَرْدُودٍ [11:76]

අහෝ ඉබ්‍රාහීම්, ඔබ මෙයින් වැළකෙනු. සැබැවින්ම ඔබගේ පරමාධිපතිගේ නියෝගය පැමිණ ඇත. තවද නියත වශයෙන්ම ඔවුන් වෙත ප්‍රතික්ෂේප කළ නොහැකි දඬුවමක් පැමිණ ඇත.

### الآية 11:77

> ﻿وَلَمَّا جَاءَتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالَ هَٰذَا يَوْمٌ عَصِيبٌ [11:77]

අපගේ දූතවරුන් ලූත් වෙත පැමිණි කල්හි ඔහු ඔවුන් පිළිබඳ කනස්සල්ලට පත් විය. තවද ඔවුන් පිළිබඳ ව බලවත් ලෙස පීඩනයට පත් විය. තවද මෙය දරුණු දිනයකි යැයි ඔහු පැවසුවේය.

### الآية 11:78

> ﻿وَجَاءَهُ قَوْمُهُ يُهْرَعُونَ إِلَيْهِ وَمِنْ قَبْلُ كَانُوا يَعْمَلُونَ السَّيِّئَاتِ ۚ قَالَ يَا قَوْمِ هَٰؤُلَاءِ بَنَاتِي هُنَّ أَطْهَرُ لَكُمْ ۖ فَاتَّقُوا اللَّهَ وَلَا تُخْزُونِ فِي ضَيْفِي ۖ أَلَيْسَ مِنْكُمْ رَجُلٌ رَشِيدٌ [11:78]

තවද ඔහුගේ ජනයා ඔහු වෙත (ඔවුන් සමග වැරදි ලෙස හැසිරීමට) වේගයෙන් පැමිණියහ. තවද මීට පෙරද ඔවුන් නපුරුකම් සිදුකරමින් පසු වූහ. මාගේ ජනයිනි, මේ මාගේ දූවරුන්ය. මොවුන් නුඹලාට අති පිවිතුරුය. එහෙයින් නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. මාගේ ආගන්තුකයින් අතර මා අවමානයට පත් නොකරනු. යහ මග ලැබූ කිසිදු (බුද්ධිමත්) මිනිසෙකු නුඹලා අතුරින් නොවේ දැයි ඔහු විමසුවේය.

### الآية 11:79

> ﻿قَالُوا لَقَدْ عَلِمْتَ مَا لَنَا فِي بَنَاتِكَ مِنْ حَقٍّ وَإِنَّكَ لَتَعْلَمُ مَا نُرِيدُ [11:79]

නුඹගේ දූවරුන් සම්බන්ධයෙන් (කිසිදු අවශ්‍යතාවක්) අපට නොමැති බව සැබෑ ලෙසින් නුඹ දන්නෙහිය. තවද අප අපේක්ෂා කරනුයේ කුමක් දැයි ද නුඹ නියත වශයෙන්ම දන්නෙහිය යැයි ඔවුහු පැවසූහ.

### الآية 11:80

> ﻿قَالَ لَوْ أَنَّ لِي بِكُمْ قُوَّةً أَوْ آوِي إِلَىٰ رُكْنٍ شَدِيدٍ [11:80]

නුඹලාට එරෙහි ව (ක්‍රියා කිරීමට) නියත වශයෙන් මට බලයක් තිබුණේ නම් නැතහොත් බලවත් ආධාරකයක් වෙත පිහිට පතන්නට මට හැකි වන්නේ නම් යැයි ඔහු පැවසුවේය.

### الآية 11:81

> ﻿قَالُوا يَا لُوطُ إِنَّا رُسُلُ رَبِّكَ لَنْ يَصِلُوا إِلَيْكَ ۖ فَأَسْرِ بِأَهْلِكَ بِقِطْعٍ مِنَ اللَّيْلِ وَلَا يَلْتَفِتْ مِنْكُمْ أَحَدٌ إِلَّا امْرَأَتَكَ ۖ إِنَّهُ مُصِيبُهَا مَا أَصَابَهُمْ ۚ إِنَّ مَوْعِدَهُمُ الصُّبْحُ ۚ أَلَيْسَ الصُّبْحُ بِقَرِيبٍ [11:81]

“අහෝ ලූත්, සැබැවින්ම අපි නුඹගේ පරමාධිපතිගේ දූතයෝ වෙමු. නුඹ වෙත ඔවුහු ළඟා නොවන්නෝමය. එබැවින් රාත්‍රිය අවසන් කොටසෙහි නුඹගේ පවුල රැගෙන රහසිගත ව පිටත් ව යනු. නුඹලා අතුරින් කිසිවකු හැරී නොබැලිය යුතුය. නුඹගේ බිරිය හැර. ඔවුනට අත්වන දෑ නියත වශයෙන්ම ඇයට ද අත්වනු ඇත. නියත වශයෙන්ම ඔවුන්ගේ ප්‍රතිඥත කාලය අලුයම් කාලයයි. අලුයම් කාලය සමීප ව නොවේ ද?” යැයි ඔවුහු පැවසූහ.

### الآية 11:82

> ﻿فَلَمَّا جَاءَ أَمْرُنَا جَعَلْنَا عَالِيَهَا سَافِلَهَا وَأَمْطَرْنَا عَلَيْهَا حِجَارَةً مِنْ سِجِّيلٍ مَنْضُودٍ [11:82]

අපගේ නියෝගය පැමිණි කල්හි අපි එය උඩු යටිකුරු කළෙමු. තවද ඒ වෙත එකිනෙකට ඇමුණුනු පිලිස්සුණු ගල් වැස්සවීමු.

### الآية 11:83

> ﻿مُسَوَّمَةً عِنْدَ رَبِّكَ ۖ وَمَا هِيَ مِنَ الظَّالِمِينَ بِبَعِيدٍ [11:83]

(එය) නුඹගේ පරමාධිපති වෙතින් සලකුණු තබනු ලැබූවකි. අපරාධකරුවන්ගෙන් එය දුරස් නොවීය.

### الآية 11:84

> ﻿۞ وَإِلَىٰ مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا ۚ قَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ وَلَا تَنْقُصُوا الْمِكْيَالَ وَالْمِيزَانَ ۚ إِنِّي أَرَاكُمْ بِخَيْرٍ وَإِنِّي أَخَافُ عَلَيْكُمْ عَذَابَ يَوْمٍ مُحِيطٍ [11:84]

මද්යන් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර ෂුඅයිබ් ව ද (එව්වෙමු.) මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. නුඹලාට ඔහු හැර වෙනත් කිසිඳු දෙවියකු නොමැත. කිරුම් හා මිනුම් වල අඩු නොකරනු. නියත වශයෙන්ම මම නුඹලාට යහපතම දකිමි. තවද නියත වශයෙන්ම මම සියල්ල ග්‍රහණය කරන දිනයක දඬුවම නුඹලා වෙත ඇති වීම ගැන බිය වෙමි.

### الآية 11:85

> ﻿وَيَا قَوْمِ أَوْفُوا الْمِكْيَالَ وَالْمِيزَانَ بِالْقِسْطِ ۖ وَلَا تَبْخَسُوا النَّاسَ أَشْيَاءَهُمْ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ [11:85]

අහෝ මාගේ ජනයිනි, නුඹලා කිරුම් මිනුම් යුක්ති ගරුක ලෙසින් පූර්ණවත් කරනු. ජනයාට ඔවුන්ගේ භාණ්ඩ වල අඩුපාඩු නොකරනු. තවද මහපොළොවේ කලහකාරීන් ලෙස පහත් අයුරින් කටයුතු නොකරනු.

### الآية 11:86

> ﻿بَقِيَّتُ اللَّهِ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ ۚ وَمَا أَنَا عَلَيْكُمْ بِحَفِيظٍ [11:86]

නුඹලා විශ්වාසවන්තයින් නම් අල්ලාහ්ගෙන් වූ ශේෂය නුඹලාට උතුම්ය. තවද මම නුඹලා වෙත වූ ආරක්ෂකයකු නොවෙමි.

### الآية 11:87

> ﻿قَالُوا يَا شُعَيْبُ أَصَلَاتُكَ تَأْمُرُكَ أَنْ نَتْرُكَ مَا يَعْبُدُ آبَاؤُنَا أَوْ أَنْ نَفْعَلَ فِي أَمْوَالِنَا مَا نَشَاءُ ۖ إِنَّكَ لَأَنْتَ الْحَلِيمُ الرَّشِيدُ [11:87]

අහෝ ෂුඅයිබ්, අපගේ මුතුන් මිත්තන් නමදින දෑ අප අත හැර දැමීමටත් අපගේ වස්තු වල අප කැමති පරිදි අප කටයුතු නොකිරීමටත් නුඹගේ සලාතය නුඹට අණ කරන්නේ ද? සැබැවින්ම ඉවසනු සුළු යහ මගහි ගමන් කරන්නා නුඹ (පමණ) දැයි විමසුවෝය.

### الآية 11:88

> ﻿قَالَ يَا قَوْمِ أَرَأَيْتُمْ إِنْ كُنْتُ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّي وَرَزَقَنِي مِنْهُ رِزْقًا حَسَنًا ۚ وَمَا أُرِيدُ أَنْ أُخَالِفَكُمْ إِلَىٰ مَا أَنْهَاكُمْ عَنْهُ ۚ إِنْ أُرِيدُ إِلَّا الْإِصْلَاحَ مَا اسْتَطَعْتُ ۚ وَمَا تَوْفِيقِي إِلَّا بِاللَّهِ ۚ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ أُنِيبُ [11:88]

අහෝ මාගේ ජනයිනි, මම මාගේ පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධකයක් මත වී තවද ඔහු විසින් යහපත් පෝෂණය ඔහු මා වෙත පිරිනමා තිබිය දී නුඹලා ඒ ගැන කුමක් සිතන්නෙහු ද? මා නුඹලාට කවර දෙයක් තහනම් කළේ ද එයින් බැහැර ව නුඹලාට විරුද්ධ ව කටයුතු කිරීමට මම අපේක්ෂා නොකරමි. මට හැකි පමණින් (සමාජය) විධිමත් කිරීම මිස වෙනෙකක් මම බලාපොරොත්තු නොවෙමි. මාගේ පිළිගැනීම අල්ලාහ්ගෙන් මිස නැත. ඔහු වෙත මම (සියල්ල) භාර කළෙමි. තවද ඔහු වෙතට යොමු වෙමි.

### الآية 11:89

> ﻿وَيَا قَوْمِ لَا يَجْرِمَنَّكُمْ شِقَاقِي أَنْ يُصِيبَكُمْ مِثْلُ مَا أَصَابَ قَوْمَ نُوحٍ أَوْ قَوْمَ هُودٍ أَوْ قَوْمَ صَالِحٍ ۚ وَمَا قَوْمُ لُوطٍ مِنْكُمْ بِبَعِيدٍ [11:89]

තවද අහෝ මාගේ ජනයිනි, මා සමග වූ භේදය නූහ්ගේ ජනයාට හෝ හූද්ගේ ජනයාට හෝ සාලිහ්ගේ ජනයාට හෝ ඇති වූවක් මෙන් දෙයක් නුඹලාට ඇති වීම තරම් නුඹලා ව වැරදි කරුවන් බවට පත් නොකරත්වා තවද නුඹලා අතුරින් වූ ලූත්ගේ ජනයාට (සිදු වූ දඬුවම) ඈතක නොවේ.

### الآية 11:90

> ﻿وَاسْتَغْفِرُوا رَبَّكُمْ ثُمَّ تُوبُوا إِلَيْهِ ۚ إِنَّ رَبِّي رَحِيمٌ وَدُودٌ [11:90]

තවද නුඹලාගේ පරමාධිපතිගෙන් නුඹලා සමාව අයැද සිටිනු. පසු ව ඔහු වෙත පශ්චාත්තාප වී යොමු වනු. නියත වශයෙන්ම මාගේ පරමාධිපති අපරිමිත දයාන්විතය. සෙනෙහෙවන්තය.

### الآية 11:91

> ﻿قَالُوا يَا شُعَيْبُ مَا نَفْقَهُ كَثِيرًا مِمَّا تَقُولُ وَإِنَّا لَنَرَاكَ فِينَا ضَعِيفًا ۖ وَلَوْلَا رَهْطُكَ لَرَجَمْنَاكَ ۖ وَمَا أَنْتَ عَلَيْنَا بِعَزِيزٍ [11:91]

අහෝ ෂුඅයිබ්, නුඹ පවසන දැයින් බොහෝමයක් අපට වැට හෙන්නේ නැත. තවද ඔබ ව අප අතර දුර්වලයකු සේ නියත වශයෙන්ම අපි දකිමු. තවද නුඹේ පවුලේ අය නොවී නම් අපි නුඹට ගල් ගසා මරන්නෙමු. තවද නුඹ අප කෙරෙහි බලවතෙකු නොවේ යැයි ඔවුහු පැවසුවෝය.

### الآية 11:92

> ﻿قَالَ يَا قَوْمِ أَرَهْطِي أَعَزُّ عَلَيْكُمْ مِنَ اللَّهِ وَاتَّخَذْتُمُوهُ وَرَاءَكُمْ ظِهْرِيًّا ۖ إِنَّ رَبِّي بِمَا تَعْمَلُونَ مُحِيطٌ [11:92]

අහෝ මාගේ ජනයිනි, අල්ලාහ්ට වඩා නුඹලා වෙත බලවත් වනුයේ මාගේ පවුලේ අය ද? තවද නුඹලා ඔහු ව නුඹලාගේ පසුපසින් පිටපැත්තට ගත්තෙහුය. නියත වශයෙන්ම මාගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ සර්ව ප්‍රකාරයෙන් දන්නාය‍.

### الآية 11:93

> ﻿وَيَا قَوْمِ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنِّي عَامِلٌ ۖ سَوْفَ تَعْلَمُونَ مَنْ يَأْتِيهِ عَذَابٌ يُخْزِيهِ وَمَنْ هُوَ كَاذِبٌ ۖ وَارْتَقِبُوا إِنِّي مَعَكُمْ رَقِيبٌ [11:93]

අහෝ මාගේ ජනයිනි, නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට කටයුතු කරනු. නියත වශයෙන්ම මම ද කටයුතු කරමි. කවුරුන් වෙත අවමානය ගෙන දෙන දඬුවම පැමිණෙන්නේ දැයි ද බොරු පවසන්නා කවරෙකු දැයි ද නුඹලා මතු දැන ගනු ඇත. නුඹලා බලාපොරොත්තුවෙන් සිටිනු. නියත වශයෙන්ම මම නුඹලා සමග බලාපොරොත්තුවෙන් සිටින්නෙමි.

### الآية 11:94

> ﻿وَلَمَّا جَاءَ أَمْرُنَا نَجَّيْنَا شُعَيْبًا وَالَّذِينَ آمَنُوا مَعَهُ بِرَحْمَةٍ مِنَّا وَأَخَذَتِ الَّذِينَ ظَلَمُوا الصَّيْحَةُ فَأَصْبَحُوا فِي دِيَارِهِمْ جَاثِمِينَ [11:94]

අපගේ දඬුවම පැමිණි කල්හි අපි ෂුඅයිබ් හා ඔහු සමග විශ්වාස කළවුන් ව අපගේ ආශිර්වාදයෙන් අපි මුදවා ගත්තෙමු. තවද මහා හඬ අපරාධ කළවුන් ග්‍රහණය කළේය. එවිට ඔවුහු ඔවුන්ගේ නිවෙස් තුළ මළ කඳන් බවට උදෑසන පත් වූහ.

### الآية 11:95

> ﻿كَأَنْ لَمْ يَغْنَوْا فِيهَا ۗ أَلَا بُعْدًا لِمَدْيَنَ كَمَا بَعِدَتْ ثَمُودُ [11:95]

ඔවුහු එහි වාසය නොකළාක් මෙනි. දැන ගනු. සමූද් ජනයා දුරස් වූවාක් මෙන් මද්යන් වාසීන් ද දුරස් වූහ.

### الآية 11:96

> ﻿وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ [11:96]

තවද සැබැවින්ම අපි අපගේ වදන් හා පැහැදිලි සාධක සමග මූසා ව එව්වෙමු.

### الآية 11:97

> ﻿إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاتَّبَعُوا أَمْرَ فِرْعَوْنَ ۖ وَمَا أَمْرُ فِرْعَوْنَ بِرَشِيدٍ [11:97]

ෆිර්අවුන් හා ඔහුගේ ප්‍රධානීන් වෙත. නමුත් ඔවුහු ෆිර්අවුන්ගේ නියෝගය පිළිපැද්දාහ. ෆිර්අවුන්ගේ නියෝගය නිවැරදි (බුද්ධිමත්) එකක් නොවීය.

### الآية 11:98

> ﻿يَقْدُمُ قَوْمَهُ يَوْمَ الْقِيَامَةِ فَأَوْرَدَهُمُ النَّارَ ۖ وَبِئْسَ الْوِرْدُ الْمَوْرُودُ [11:98]

මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ ඔහු ඔහුගේ ජනයාට පෙරමුණ ගනී. තවද ඔවුන් ව (නිරා) ගින්න වෙත ගෙන යයි. එසේ ගෙන යෑමත් ගෙන යනු ලබන ස්ථානයත් නපුරු විය.

### الآية 11:99

> ﻿وَأُتْبِعُوا فِي هَٰذِهِ لَعْنَةً وَيَوْمَ الْقِيَامَةِ ۚ بِئْسَ الرِّفْدُ الْمَرْفُودُ [11:99]

තවද මෙහි දී ද මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ දී ද ශාපයෙන් ඔවුන් ලුහුබඳිනු ලැබීය. තවද ප්‍රදානය කරනු ලැබූ ප්‍රදානය නපුරු විය.

### الآية 11:100

> ﻿ذَٰلِكَ مِنْ أَنْبَاءِ الْقُرَىٰ نَقُصُّهُ عَلَيْكَ ۖ مِنْهَا قَائِمٌ وَحَصِيدٌ [11:100]

මේවා පුරාණ ගම්වාසීන්ගේ පුවත් අතුරිනි. අපි නුඹ වෙත ඒවා කියවා පෙන්වන්නෙමු. එයින් ශේෂ ව පවතින දෑ ද මුලිනුපුටා දමනු ලැබූ දෑද ඇත.

### الآية 11:101

> ﻿وَمَا ظَلَمْنَاهُمْ وَلَٰكِنْ ظَلَمُوا أَنْفُسَهُمْ ۖ فَمَا أَغْنَتْ عَنْهُمْ آلِهَتُهُمُ الَّتِي يَدْعُونَ مِنْ دُونِ اللَّهِ مِنْ شَيْءٍ لَمَّا جَاءَ أَمْرُ رَبِّكَ ۖ وَمَا زَادُوهُمْ غَيْرَ تَتْبِيبٍ [11:101]

අපි ඔවුනට අපරාධ නොකළෙමු. එනමුත් ඔවුහු ඔවුන්ටම අපරාධ කර ගත්හ. නුඹේ පරමාධිපතිගේ නියෝගය පැමිණි කල්හි අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් අයැද සිටි ඔවුන්ගේ දෙවිවරුන් ඔවුනට කිසිදු ඵලක් නොවීය. ඔවුහු අලාභ හානිය මිස වෙනෙකක් ඔවුනට වර්ධනය නොකළෝය.

### الآية 11:102

> ﻿وَكَذَٰلِكَ أَخْذُ رَبِّكَ إِذَا أَخَذَ الْقُرَىٰ وَهِيَ ظَالِمَةٌ ۚ إِنَّ أَخْذَهُ أَلِيمٌ شَدِيدٌ [11:102]

ගමක අපරාධ සිදු වෙමින් තිබිය දී එය ඔහු ග්‍රහණය කළ විට නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය එලෙසය. නියත වශයෙන්ම ඔහුගේ ග්‍රහණය දැඩි වේදනා සහගතය.

### الآية 11:103

> ﻿إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِمَنْ خَافَ عَذَابَ الْآخِرَةِ ۚ ذَٰلِكَ يَوْمٌ مَجْمُوعٌ لَهُ النَّاسُ وَذَٰلِكَ يَوْمٌ مَشْهُودٌ [11:103]

නියත වශයෙන්ම මතු ලොවෙහි දඬුවමට බිය වන්නන්හට එහි සංඥාවක් ඇත. එය ජනයා එක් රැස් කරනු ලබන දිනයකි. තවද එය සාක්ෂි පවසනු ලබන දිනයකි.

### الآية 11:104

> ﻿وَمَا نُؤَخِّرُهُ إِلَّا لِأَجَلٍ مَعْدُودٍ [11:104]

නියමිත කාලයකට මිස අපි එය ප්‍රමාද නොකරන්නෙමු.

### الآية 11:105

> ﻿يَوْمَ يَأْتِ لَا تَكَلَّمُ نَفْسٌ إِلَّا بِإِذْنِهِ ۚ فَمِنْهُمْ شَقِيٌّ وَسَعِيدٌ [11:105]

එය පැමිණෙන දින කිසිදු ආත්මයක් ඔහුගේ අවසරයෙන් තොර ව කතා නොකරයි. ඔවුන් අතර අභාග්‍යවන්තයා ද භාග්‍යවන්තයා ද සිටියි.

### الآية 11:106

> ﻿فَأَمَّا الَّذِينَ شَقُوا فَفِي النَّارِ لَهُمْ فِيهَا زَفِيرٌ وَشَهِيقٌ [11:106]

අභාග්‍යවන්තයින් වූ කලී (ඔවුන්) නිරයෙහිය. ඔවුනට එහි කෙඳිරි ගෑම හා මොර දීම ඇත.

### الآية 11:107

> ﻿خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ إِلَّا مَا شَاءَ رَبُّكَ ۚ إِنَّ رَبَّكَ فَعَّالٌ لِمَا يُرِيدُ [11:107]

අහස් හා මහපොළොව පවතින තාක්කල් ඔවුන් එහි සදාතනිකයින්ය. නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ඔහු සිතන දෑ සිදු කරන්නාය.

### الآية 11:108

> ﻿۞ وَأَمَّا الَّذِينَ سُعِدُوا فَفِي الْجَنَّةِ خَالِدِينَ فِيهَا مَا دَامَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ إِلَّا مَا شَاءَ رَبُّكَ ۖ عَطَاءً غَيْرَ مَجْذُوذٍ [11:108]

භාග්‍ය ලැබූවන් වූ කලී (ඔවුන් ස්වර්ග) උයන් තුළය. අහස් හා මහපොළොව පවතින තාක්කල් (ඔවුන්) එහි සදාතනිකයින්ය. නමුත් නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් මිස. එය නොකැඩෙන පිරිනැමීමක් වශයෙනි.

### الآية 11:109

> ﻿فَلَا تَكُ فِي مِرْيَةٍ مِمَّا يَعْبُدُ هَٰؤُلَاءِ ۚ مَا يَعْبُدُونَ إِلَّا كَمَا يَعْبُدُ آبَاؤُهُمْ مِنْ قَبْلُ ۚ وَإِنَّا لَمُوَفُّوهُمْ نَصِيبَهُمْ غَيْرَ مَنْقُوصٍ [11:109]

එබැවින් (නබිවරය,) මොවුන් ගැතිකම් කරන දෑ පිළිබඳ සැකයෙහි නුඹ නොසිටිනු. මීට පෙර ඔවුන්ගේ මුතුන් මිත්තන් ගැතිකම් කරන්නාක් මෙන් මිස ඔවුන් ගැතිකම් නොකරති. සැබැවින්ම අපි ඔවුන්ගේ කොටස කිසිදු අඩුවකින් තොර ව පිරිනමන්නන් වෙමු.

### الآية 11:110

> ﻿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَاخْتُلِفَ فِيهِ ۚ وَلَوْلَا كَلِمَةٌ سَبَقَتْ مِنْ رَبِّكَ لَقُضِيَ بَيْنَهُمْ ۚ وَإِنَّهُمْ لَفِي شَكٍّ مِنْهُ مُرِيبٍ [11:110]

තවද සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. නමුත් එහි මත භේදයට පත් වන ලදී. නුඹගේ පරමාධිපතිගෙන් පෙරටු වූ වදනක් නොවී නම් ඔවුන් අතර තීන්දු දෙනු ලබන්නට තිබුණි. තවද නියත වශයෙන්ම ඔවුන් ඒ පිළිබඳව අවිශ්වාසය ඇති කරන්නා වූ සැකයෙහි වෙති.

### الآية 11:111

> ﻿وَإِنَّ كُلًّا لَمَّا لَيُوَفِّيَنَّهُمْ رَبُّكَ أَعْمَالَهُمْ ۚ إِنَّهُ بِمَا يَعْمَلُونَ خَبِيرٌ [11:111]

තවද නියත වශයෙන්ම සෑම කෙනෙකුටම ඔවුන්ගේ ක්‍රියාවන්ට නුඹගේ පරමාධිපති ඔවුනට පූර්ණ ව (ප්‍රතිඵල) දෙනු ඇත. නියත වශයෙන්ම ඔහු ඔවුන් කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.

### الآية 11:112

> ﻿فَاسْتَقِمْ كَمَا أُمِرْتَ وَمَنْ تَابَ مَعَكَ وَلَا تَطْغَوْا ۚ إِنَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ [11:112]

නුඹට අණ කරනු ලැබූ පරිදි නුඹ හා නුඹ සමග පශ්චාත්තාප වී යොමු වූවන් ස්ථාවර ව සිටිනු. තවද නුඹලා සීමාව ඉක්මවා කටයුතු නොකරනු. නියත වශයෙන්ම ඔහු නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂකය.

### الآية 11:113

> ﻿وَلَا تَرْكَنُوا إِلَى الَّذِينَ ظَلَمُوا فَتَمَسَّكُمُ النَّارُ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ أَوْلِيَاءَ ثُمَّ لَا تُنْصَرُونَ [11:113]

තවද නුඹලා අපරාධ කළවුන් වෙත නැඹුරු නොවනු. එවිට (නිරා) ගින්න නුඹලා ව ස්පර්ශ කරනු ඇත. අල්ලාහ්ගෙන් තොර ව භාරකරුවන් කිසිවකු නුඹලාට නොමැත. පසු ව නුඹලා උදව් කරනු නොලබන්නෙහුය.

### الآية 11:114

> ﻿وَأَقِمِ الصَّلَاةَ طَرَفَيِ النَّهَارِ وَزُلَفًا مِنَ اللَّيْلِ ۚ إِنَّ الْحَسَنَاتِ يُذْهِبْنَ السَّيِّئَاتِ ۚ ذَٰلِكَ ذِكْرَىٰ لِلذَّاكِرِينَ [11:114]

දහවල් දෙකෙළවරෙහි හා රාත්‍රියෙන් කොටසක නුඹලා සලාතය විධිමත් ව ඉටු කරනු. නියත වශයෙන්ම දැහැමි දෑ නපුරු දෑ පහ කර දමයි. එය මෙනෙහි කරන්නන්හට මෙනෙහි කිරීමකි.

### الآية 11:115

> ﻿وَاصْبِرْ فَإِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ [11:115]

තවද නුඹ ඉවසා දරා ගනු. නියත වශයෙන්ම අල්ලාහ් දැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරනු ඇත.

### الآية 11:116

> ﻿فَلَوْلَا كَانَ مِنَ الْقُرُونِ مِنْ قَبْلِكُمْ أُولُو بَقِيَّةٍ يَنْهَوْنَ عَنِ الْفَسَادِ فِي الْأَرْضِ إِلَّا قَلِيلًا مِمَّنْ أَنْجَيْنَا مِنْهُمْ ۗ وَاتَّبَعَ الَّذِينَ ظَلَمُوا مَا أُتْرِفُوا فِيهِ وَكَانُوا مُجْرِمِينَ [11:116]

ඔබලාට පෙර සිටි පරම්පරාවන් අතුරින් මහපොළොවේ කලහකම් වළක්වාලන බුද්ධිමතුන් සිටිය යුතු නොවේ ද? නමුත් ඔවුන්ගේ අපි මුදවාගත් ඇතැමුන් හැර. අපරාධ කළවුන් ඔවුන් කවර දෙයක සැප විඳිනු ලැබුවේද එය පිළිපදිමින් සිටියහ. තවද ඔවුහු වැරදිකරුවන් බවට පත් වූහ.

### الآية 11:117

> ﻿وَمَا كَانَ رَبُّكَ لِيُهْلِكَ الْقُرَىٰ بِظُلْمٍ وَأَهْلُهَا مُصْلِحُونَ [11:117]

අපරාධ කරමින් සිටි ගමක් එහි වැසියන් ප්‍රතිසංවිධායකයින් ලෙස සිටිය දී එය අල්ලාහ් විනාශ නොකරයි.

### الآية 11:118

> ﻿وَلَوْ شَاءَ رَبُّكَ لَجَعَلَ النَّاسَ أُمَّةً وَاحِدَةً ۖ وَلَا يَزَالُونَ مُخْتَلِفِينَ [11:118]

නුඹගේ පරමාධිපති අභිමත කළේ නම් සියලු ජනයා එකම සමූහයක් බවට පත් කරන්නට තිබුණි. ඔවුහු භේද ඇති කර ගන්නවුන් ලෙසම සිටිති.

### الآية 11:119

> ﻿إِلَّا مَنْ رَحِمَ رَبُّكَ ۚ وَلِذَٰلِكَ خَلَقَهُمْ ۗ وَتَمَّتْ كَلِمَةُ رَبِّكَ لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ [11:119]

නමුත් නුඹගේ පරමාධිපති ආශිර්වාද කළ අය හැර. තවද ඒ වෙනුවෙන්ම ඔහු ඔවුන් ව මැව්වේය. තවද ‘ජින්නුන් හා මිනිසුන් අතුරින් වූ දෙපිරිසගෙන් නිරය පුරවන්නෙමි යන නුඹගේ පරමාධිපතිගේ වදන පූර්ණවත් විය.

### الآية 11:120

> ﻿وَكُلًّا نَقُصُّ عَلَيْكَ مِنْ أَنْبَاءِ الرُّسُلِ مَا نُثَبِّتُ بِهِ فُؤَادَكَ ۚ وَجَاءَكَ فِي هَٰذِهِ الْحَقُّ وَمَوْعِظَةٌ وَذِكْرَىٰ لِلْمُؤْمِنِينَ [11:120]

ධර්ම දූතයින්ගේ පුවත් අතුරින් නුඹ වෙත අප දන්වා සිටි සියල්ල එය එමගින් නුඹගේ හදවත් ස්ථාවර කිරීමටය. මෙහි සත්‍යය ද දේව විශ්වාසවන්තයින් සඳහා වූ උපදෙස හා මෙනෙහි කිරීම ද නුඹ වෙත පැමිණ ඇත.

### الآية 11:121

> ﻿وَقُلْ لِلَّذِينَ لَا يُؤْمِنُونَ اعْمَلُوا عَلَىٰ مَكَانَتِكُمْ إِنَّا عَامِلُونَ [11:121]

නුඹලා නුඹලාගේ ස්ථානයේ සිට ක්‍රියා කරනු. සැබැවින්ම අප ද ක්‍රියා කරන්නන් වෙමු යැයි විශ්වාස නොකරන්නන්හට (නබිවරය) නුඹ පවසනු.

### الآية 11:122

> ﻿وَانْتَظِرُوا إِنَّا مُنْتَظِرُونَ [11:122]

තවද නුඹලා බලාපොරොත්තු වෙන් සිටිනු. නියත වශයෙන්ම අපි ද බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු.

### الآية 11:123

> ﻿وَلِلَّهِ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَإِلَيْهِ يُرْجَعُ الْأَمْرُ كُلُّهُ فَاعْبُدْهُ وَتَوَكَّلْ عَلَيْهِ ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ [11:123]

අහස් හා මහපොළොවේ ගුප්ත දෑ අල්ලාහ් සතුය. සියලු කරුණු යොමු කරනු ලබනුයේ ඔහු වෙතටමය. එබැවින් නුඹ ඔහුට ගැතිකම් කරනු. තවද ඔහු වෙත සියල්ල භාර කරනු. නුඹගේ පරමාධිපති නුඹලා කරන දෑ පිළිබඳ ව අනවධානියෙකු නොවේ.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/11.md)
- [كل تفاسير سورة هود
](https://quranpedia.net/surah-tafsir/11.md)
- [ترجمات سورة هود
](https://quranpedia.net/translations/11.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/11/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
