---
title: "ترجمة سورة الرعد - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/13/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/13/book/1993"
surah_id: "13"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة الرعد - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/13/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الرعد - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/13/book/1993*.

Translation of Surah الرعد from "الترجمة السنهالية" in السنهالية.

### الآية 13:1

> المر ۚ تِلْكَ آيَاتُ الْكِتَابِ ۗ وَالَّذِي أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ الْحَقُّ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يُؤْمِنُونَ [13:1]

අලිෆ්, ලාම්, රා. මෙය දේව ග්‍රන්ථයේ වදන් වේ. නුඹගේ පරමාධිපති වෙතින් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සත්‍යයකි. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා විශ්වාස නොකරති.

### الآية 13:2

> ﻿اللَّهُ الَّذِي رَفَعَ السَّمَاوَاتِ بِغَيْرِ عَمَدٍ تَرَوْنَهَا ۖ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ ۖ كُلٌّ يَجْرِي لِأَجَلٍ مُسَمًّى ۚ يُدَبِّرُ الْأَمْرَ يُفَصِّلُ الْآيَاتِ لَعَلَّكُمْ بِلِقَاءِ رَبِّكُمْ تُوقِنُونَ [13:2]

කිසිදු කුලුනකින් තොර ව ඔබ දකින අහස ඔසවා තැබුවේ අල්ලාහ් වන ඔහුය. පසු ව ඔහු රජාසානය මත ස්ථාපිත වූයේය. ඔහු හිරු හා සඳු වසඟ කළේය. සියල්ල නියමිත කාලයක් දක්වා ගමන් කරයි. ඔහු සියලු කරුණු සැලසුම් කරයි. නුඹලාගේ පරමාධිපතිගේ හමු ව නුඹලා තරයේ විශ්වාස කළ හැකි වනු පිණිස මෙම වදන් ඔහු පැහැදිලි කරයි.

### الآية 13:3

> ﻿وَهُوَ الَّذِي مَدَّ الْأَرْضَ وَجَعَلَ فِيهَا رَوَاسِيَ وَأَنْهَارًا ۖ وَمِنْ كُلِّ الثَّمَرَاتِ جَعَلَ فِيهَا زَوْجَيْنِ اثْنَيْنِ ۖ يُغْشِي اللَّيْلَ النَّهَارَ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ [13:3]

මහපොළොව දිගු කොට එහි කඳු හා ගංගා ඇති කළේ ඔහුමය. තවද සෑම ඵල වගාවකින්ම එහි ඔහු ද්විත්ව වශයෙන් ජෝඩු ඇති කළේය. තවද ඔහු දහවල රාත්‍රියෙන් ආවරණය කරයි. නියත වශයෙන්ම වටහා ගන්නා ජනයාට මෙහි සාධක ඇත.

### الآية 13:4

> ﻿وَفِي الْأَرْضِ قِطَعٌ مُتَجَاوِرَاتٌ وَجَنَّاتٌ مِنْ أَعْنَابٍ وَزَرْعٌ وَنَخِيلٌ صِنْوَانٌ وَغَيْرُ صِنْوَانٍ يُسْقَىٰ بِمَاءٍ وَاحِدٍ وَنُفَضِّلُ بَعْضَهَا عَلَىٰ بَعْضٍ فِي الْأُكُلِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ [13:4]

මහපොළොවේ එකිනෙකට යාබද ව පිහිටි කලාප ද මිදි වලින් යුත් උයන් ද කෙත් වතු ද අතු සහිත හා අතු රහිත රටඉඳි ගස් ද ඇත. එකම ජලයෙන් සපයනු ලැබේ. අනුභව කිරීමේදී ඒවායින් ඇතැම් දේ ඇතැම් දේට වඩා විශිෂ්ටවත් කළෙමු. නියත වශයෙන්ම මෙහි වටහා ගන්නා ජනයාට සංඥාවන් ඇත.

### الآية 13:5

> ﻿۞ وَإِنْ تَعْجَبْ فَعَجَبٌ قَوْلُهُمْ أَإِذَا كُنَّا تُرَابًا أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۗ أُولَٰئِكَ الَّذِينَ كَفَرُوا بِرَبِّهِمْ ۖ وَأُولَٰئِكَ الْأَغْلَالُ فِي أَعْنَاقِهِمْ ۖ وَأُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ [13:5]

තවද (නබිවරය යමක් පිළිබඳ ව) නුඹ පුදුමයට පත් වන්නෙහි නම් එවිට පුදුම සහගත වනුයේ අපි පස් බවට පත් වූ විට නව මැවීමක් තුළට පත් වන්නෙමු දැයි ඔවුහු විමසන ප්‍රකාශයයි. තම පරමාධිපති ව ප්‍රතික්ෂේප කළවුන් මොවුහුමය. ඔවුන්ගේ ගෙලවල් වල විලංගු ඇත්තෝ ද මොවුහුමය. තවද නිරාවාසීහු ද මොවුහුමය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

### الآية 13:6

> ﻿وَيَسْتَعْجِلُونَكَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ وَقَدْ خَلَتْ مِنْ قَبْلِهِمُ الْمَثُلَاتُ ۗ وَإِنَّ رَبَّكَ لَذُو مَغْفِرَةٍ لِلنَّاسِ عَلَىٰ ظُلْمِهِمْ ۖ وَإِنَّ رَبَّكَ لَشَدِيدُ الْعِقَابِ [13:6]

තවද යහපතට පෙර නපුර ඉක්මන් කරන්නැයි ඔවුහු නුඹගෙන් ඉල්ලා සිටිති. ඔවුනට පෙර දඬුවමට ලක් වූවන් ඉකුත් ව ගොස් ඇත. තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති ජනයා කරන අපරාධ වලට ඔවුනට ක්ෂමාශීලීභාවයෙන් යුක්තය. එමෙන්ම නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති දඬුවම් දීමෙහි ඉතා දැඩිය.

### الآية 13:7

> ﻿وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ إِنَّمَا أَنْتَ مُنْذِرٌ ۖ وَلِكُلِّ قَوْمٍ هَادٍ [13:7]

තවද ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් ඔහු වෙත පහළ කරනු ලැබිය යුතු නොවේ දැයි ප්‍රතික්ෂේප කළවුන් පවසති. (නබිවරය) නුඹ අවවාද කරන්නෙකු පමණි. සෑම සමූහයකටම මග පෙන්වන්නෙකු විය.

### الآية 13:8

> ﻿اللَّهُ يَعْلَمُ مَا تَحْمِلُ كُلُّ أُنْثَىٰ وَمَا تَغِيضُ الْأَرْحَامُ وَمَا تَزْدَادُ ۖ وَكُلُّ شَيْءٍ عِنْدَهُ بِمِقْدَارٍ [13:8]

සෑම කතක්ම උසුලන දෑ ද ගර්භාෂයේ අඩු වන දෑ ද එහි වැඩි වන දෑ ද අල්ලාහ් දනී. තවද සෑම දෙයක්ම ඔහු අබියස නියමිත ප්‍රමාණයක් අනුව පිහිටයි.

### الآية 13:9

> ﻿عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْكَبِيرُ الْمُتَعَالِ [13:9]

ගුප්ත දෑ හා දෘෂ්‍යමාන දෑ දන්නාය. අති මහත් අති උත්තරීතරය.

### الآية 13:10

> ﻿سَوَاءٌ مِنْكُمْ مَنْ أَسَرَّ الْقَوْلَ وَمَنْ جَهَرَ بِهِ وَمَنْ هُوَ مُسْتَخْفٍ بِاللَّيْلِ وَسَارِبٌ بِالنَّهَارِ [13:10]

නුඹලා අතුරින් ප්‍රකාශය සඟවන්නා ද එය හෙළි කරන්නා ද තවද රාත්‍රියෙහි සැඟවෙන්නා ද දහවල් කාලයේ සැරිසරන්නා ද (අල්ලාහ් ඉදිරියේ) එක සමානය.

### الآية 13:11

> ﻿لَهُ مُعَقِّبَاتٌ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ يَحْفَظُونَهُ مِنْ أَمْرِ اللَّهِ ۗ إِنَّ اللَّهَ لَا يُغَيِّرُ مَا بِقَوْمٍ حَتَّىٰ يُغَيِّرُوا مَا بِأَنْفُسِهِمْ ۗ وَإِذَا أَرَادَ اللَّهُ بِقَوْمٍ سُوءًا فَلَا مَرَدَّ لَهُ ۚ وَمَا لَهُمْ مِنْ دُونِهِ مِنْ وَالٍ [13:11]

ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් සිට අල්ලාහ්ගේ නියෝගයෙන් ඔහු ව ආරක්ෂා කරන ලුහුබඳින්නන් ඔහුට වෙති. ඔවුන් තුළ ඇති දෑ ඔවුන් වෙනස් කර ගන්නා තෙක් නියත වශයෙන්ම අල්ලාහ් පිරිසක් තුළ ඇති දෑ වෙනස් නොකරයි. යම් පිරිසකට අල්ලාහ් යම් නපුරක් අපේක්ෂා කළේ නම් එවිට ඔහුට වැළකීමක් නොමැත. තවද ඔහුගෙන් තොර ව වෙනත් කිසිදු භාරකරුවකු ද ඔවුනට නොමැත.

### الآية 13:12

> ﻿هُوَ الَّذِي يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنْشِئُ السَّحَابَ الثِّقَالَ [13:12]

ඔහු වනාහි බියක් හා (වැසි) බලාපොරොත්තුවක් ලෙසින් විදුලි කෙටීම නුඹලාට පෙන්වන්නාය. තවද ඔහු ඝන වලාකුළු නිර්මාණය කරයි.

### الآية 13:13

> ﻿وَيُسَبِّحُ الرَّعْدُ بِحَمْدِهِ وَالْمَلَائِكَةُ مِنْ خِيفَتِهِ وَيُرْسِلُ الصَّوَاعِقَ فَيُصِيبُ بِهَا مَنْ يَشَاءُ وَهُمْ يُجَادِلُونَ فِي اللَّهِ وَهُوَ شَدِيدُ الْمِحَالِ [13:13]

ගිගුරුම ඔහුගේ ප්‍රශංසාව තුළින් ද තවද මලක්වරුන් ඔහු ගැන වූ බියෙන් ද (ඔහු ව) පිවිතුරු කරති. ඔහු අකුණු සැර එවනු ඇත. එවිට අල්ලාහ් ගැන ඔවුන් තර්ක කරමින් සිටිය දී ඔහු එමගින් අභිමත කරන අයට විපාකය ඇති කරයි. තවද ඔහු උපක්‍රමශීලිත්වයෙන් ඉතා දැඩිය.

### الآية 13:14

> ﻿لَهُ دَعْوَةُ الْحَقِّ ۖ وَالَّذِينَ يَدْعُونَ مِنْ دُونِهِ لَا يَسْتَجِيبُونَ لَهُمْ بِشَيْءٍ إِلَّا كَبَاسِطِ كَفَّيْهِ إِلَى الْمَاءِ لِيَبْلُغَ فَاهُ وَمَا هُوَ بِبَالِغِهِ ۚ وَمَا دُعَاءُ الْكَافِرِينَ إِلَّا فِي ضَلَالٍ [13:14]

සැබෑ අයැදුම ඔහු සතුය. තවද ඔහුගෙන් තොර ව ඔවුන් අයැද සිටින්නන් ඔවුනට කිසිවකින් ප්‍රතිචාර නොදක්වති. එය තම කටට ජලය ළඟා කරවීමට තම දෑත් ජලයට දිගු කරන්නෙකු මෙන් මිස නැත. එය ඔහු වෙත ළඟා වන්නක් නොවේ. තවද දේව ප්‍රතික්ෂේපකයින්ගේ අයැදුම මුළාවක මිස නැත.

### الآية 13:15

> ﻿وَلِلَّهِ يَسْجُدُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ طَوْعًا وَكَرْهًا وَظِلَالُهُمْ بِالْغُدُوِّ وَالْآصَالِ ۩ [13:15]

අහස්හි හා මහපොළොවේ ඇති දෑ කැමැත්තෙන් වුව ද අකමැත්තෙන් වුව ද අල්ලාහ්ටම සුජූද් කරති. ඔවුන්ගේ හෙවණැලි ද උදේ හා හවස (සුජූද් කරති.)

### الآية 13:16

> ﻿قُلْ مَنْ رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ قُلِ اللَّهُ ۚ قُلْ أَفَاتَّخَذْتُمْ مِنْ دُونِهِ أَوْلِيَاءَ لَا يَمْلِكُونَ لِأَنْفُسِهِمْ نَفْعًا وَلَا ضَرًّا ۚ قُلْ هَلْ يَسْتَوِي الْأَعْمَىٰ وَالْبَصِيرُ أَمْ هَلْ تَسْتَوِي الظُّلُمَاتُ وَالنُّورُ ۗ أَمْ جَعَلُوا لِلَّهِ شُرَكَاءَ خَلَقُوا كَخَلْقِهِ فَتَشَابَهَ الْخَلْقُ عَلَيْهِمْ ۚ قُلِ اللَّهُ خَالِقُ كُلِّ شَيْءٍ وَهُوَ الْوَاحِدُ الْقَهَّارُ [13:16]

අහස්හි හා මහපොළොවේ හිමිපාණන් කවුරුන්දැ?යි නුඹ විමසනු. අල්ලාහ් යැයි නුඹ පවසනු. අල්ලාහ්ගෙන් තොර ව තමන් වෙත කිසිදු ප්‍රයෝජනයක් හෝ හිංසාවක් හෝ කිරීමට හිමිකම් නොදරන භාරකරුවන් නුඹලා ගත්තෙහු දැයි නුඹ විමසනු. අන්ධයා හා පෙනුමැත්තා එක සමාන වේවිද ? එමෙන්ම අන්ධකාරයන් හා ආලෝකය එක සමාන වේවි දැ?යි නුඹ විමසනු. එසේ නැතහොත් ඔහු මවනවාක් මෙන් ඔවුන්ද මවා එම මැවීම ඔවුනට ගළපා ගන්නා හවුල්කරුවන් අල්ලාහ්ට ආදේශ වශයෙන් ඔවුන් තබන්නෝද? සියලු දෑහි මැවුම්කරු අල්ලාහ් යැයි ද තවද ඔහු ඒකීයය යැයි ද (සියල්ල) මැඩ පවත්වන්නා යැයි ද පවසනු.

### الآية 13:17

> ﻿أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَسَالَتْ أَوْدِيَةٌ بِقَدَرِهَا فَاحْتَمَلَ السَّيْلُ زَبَدًا رَابِيًا ۚ وَمِمَّا يُوقِدُونَ عَلَيْهِ فِي النَّارِ ابْتِغَاءَ حِلْيَةٍ أَوْ مَتَاعٍ زَبَدٌ مِثْلُهُ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْحَقَّ وَالْبَاطِلَ ۚ فَأَمَّا الزَّبَدُ فَيَذْهَبُ جُفَاءً ۖ وَأَمَّا مَا يَنْفَعُ النَّاسَ فَيَمْكُثُ فِي الْأَرْضِ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ الْأَمْثَالَ [13:17]

ඔහු අහසින් ජලය පහළ කළේය. එවිට ඇළදොළ එහි ප්‍රමාණයට අනුව ගලා යයි. එම ගැල්ම (ඊට) ඉහළින් පිහිටන පෙණ පිඬු උසුලයි. තවද ආභරණ හා භාණ්ඩ සොයමින් ගින්නෙහි ඔවුන් ඒවා උණු කරන දැයින් ද ඒ හා සමාන පෙණ පිඬු ඇත. මෙලෙසය අල්ලාහ් සත්‍යය හා අසත්‍යයට උපමා කරනුයේ. එනම් පෙණ පිඬු වූ කලී එය තුරන් වී යයි. නමුත් මිනිසාට ප්‍රයෝජනය ගෙන දෙන දෑ වූ කලී එය මහපොළොවේ රැඳෙයි. එලෙසය අල්ලාහ් උපමාවන් ගෙන හැර පානුයේ.

### الآية 13:18

> ﻿لِلَّذِينَ اسْتَجَابُوا لِرَبِّهِمُ الْحُسْنَىٰ ۚ وَالَّذِينَ لَمْ يَسْتَجِيبُوا لَهُ لَوْ أَنَّ لَهُمْ مَا فِي الْأَرْضِ جَمِيعًا وَمِثْلَهُ مَعَهُ لَافْتَدَوْا بِهِ ۚ أُولَٰئِكَ لَهُمْ سُوءُ الْحِسَابِ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمِهَادُ [13:18]

තම පරමාධිපතිගෙන් පිළිතුරු පැතූවනට යහපත් දෑ තිබේ. ඔහුගෙන් පිළිතුරු නොපැතූවන් නියත වශයෙන්ම ඔවුනට මහපොළොවේ ඇති සියලු දෑ ද ඒ සමගම ඒ හා සමානයක් ද වී නම් ඔවුහු එය (සියල්ල) වන්දි වශයෙන් දෙනු ඇත. නපුරු විනිශ්චයක් ඇත්තෝ ඔවුහුමය. තවද ඔවුන් ලැගුම් ගන්නා ස්ථානය නිරයයි. එම නවාතැන නපුරු විය.

### الآية 13:19

> ﻿۞ أَفَمَنْ يَعْلَمُ أَنَّمَا أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ الْحَقُّ كَمَنْ هُوَ أَعْمَىٰ ۚ إِنَّمَا يَتَذَكَّرُ أُولُو الْأَلْبَابِ [13:19]

නුඹගේ පරමාධිපතිගෙන් නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ සත්‍යයක්ම බව දැන ගන්නා, අන්ධයා මෙන් වූ ඔහු වැනි ද? නියත වශයෙන්ම උපදෙස් ලබනුයේ බුද්ධිය ඇත්තන්ය.

### الآية 13:20

> ﻿الَّذِينَ يُوفُونَ بِعَهْدِ اللَّهِ وَلَا يَنْقُضُونَ الْمِيثَاقَ [13:20]

ඔවුහු වනාහි අල්ලාහ්ගේ ගිවිසුම පූර්ණ ව ඉටු කරති. තවද ඔවුහු එම ගිවිසුම කඩ නොකරති.

### الآية 13:21

> ﻿وَالَّذِينَ يَصِلُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيَخْشَوْنَ رَبَّهُمْ وَيَخَافُونَ سُوءَ الْحِسَابِ [13:21]

තවද ඔවුහු වනාහි කවර දෙයක් සම්බන්ධකම් පවත්වා ගෙන යනු ලබන්නට අල්ලාහ් නියෝග කළේ ද එවන් සම්බන්ධකම් රකිති. ඔවුන්ගේ පරමාධිපති පිළිබඳ ව භීතියට පත් වෙති. තවද නපුරු විනිශ්චයට ද බිය වෙති.

### الآية 13:22

> ﻿وَالَّذِينَ صَبَرُوا ابْتِغَاءَ وَجْهِ رَبِّهِمْ وَأَقَامُوا الصَّلَاةَ وَأَنْفَقُوا مِمَّا رَزَقْنَاهُمْ سِرًّا وَعَلَانِيَةً وَيَدْرَءُونَ بِالْحَسَنَةِ السَّيِّئَةَ أُولَٰئِكَ لَهُمْ عُقْبَى الدَّارِ [13:22]

තවද ඔවුහු වනාහි තම පරමාධිපතිගේ තෘප්තිය අපේක්ෂාවෙන් ඉවසා දරා ගත්හ. තවද සලාතය විධිමත් ව ඉටු කළහ. අපි ඔවුනට පෝෂණය කළ දැයින් රහසිගත ව හා ප්‍රසිද්ධියේ විය පැහැදම් කළහ. තවද යහපත් දැයින් නපුරු දෑ ඔවුන් ඉවත් කරනු ඇත. (යහපත්) අවසන් නිවහන ඔවුනටමය.

### الآية 13:23

> ﻿جَنَّاتُ عَدْنٍ يَدْخُلُونَهَا وَمَنْ صَلَحَ مِنْ آبَائِهِمْ وَأَزْوَاجِهِمْ وَذُرِّيَّاتِهِمْ ۖ وَالْمَلَائِكَةُ يَدْخُلُونَ عَلَيْهِمْ مِنْ كُلِّ بَابٍ [13:23]

අද්න් (නම් සදා පවතින ස්වර්ග) උයන් ඇත. ඔවුහු හා ඔවුන්ගේ මුතුන්මිත්තන් ඔවුන්ගේ බිරියන් ඔවුන්ගේ පරම්පරාවන් අතුරින් කවරෙකු දැහැමි කටයුතු කළේ ද ඔවුන් ද ඇතුළු වෙති. තවද (එහි) සෑම දොරටුවකින්ම ඔවුන් වෙත මලක්වරුන් ද ඇතුළු වෙති.

### الآية 13:24

> ﻿سَلَامٌ عَلَيْكُمْ بِمَا صَبَرْتُمْ ۚ فَنِعْمَ عُقْبَى الدَّارِ [13:24]

නුඹලා ඉවසා සිටි හේතුවෙන් නුඹලා වෙත ශාන්තිය අත්වේවා එහෙයින් අවසන් නිවහන යහපත් විය. (යැයි පවසති.)

### الآية 13:25

> ﻿وَالَّذِينَ يَنْقُضُونَ عَهْدَ اللَّهِ مِنْ بَعْدِ مِيثَاقِهِ وَيَقْطَعُونَ مَا أَمَرَ اللَّهُ بِهِ أَنْ يُوصَلَ وَيُفْسِدُونَ فِي الْأَرْضِ ۙ أُولَٰئِكَ لَهُمُ اللَّعْنَةُ وَلَهُمْ سُوءُ الدَّارِ [13:25]

තවද ඔවුහු වනාහි අල්ලාහ්ගේ ගිවිසුම ඔහු සමග ගිවිස ගත් පසු ව කඩ කරති. තවද කවර දෙයක් සම්බන්ධයෙන් සම්බන්ධකම් පවත්වා ගනු ලැබීමට අල්ලාහ් නියෝග කළේ ද එය ඔවුහු කපා හරිති. තවද ඔවුහු මහපොළොවේ කලහකම් කරති. ශාපය ඔවුනටමය තවද නපුරු නිවහන ද ඔවුනට ඇත.

### الآية 13:26

> ﻿اللَّهُ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ وَفَرِحُوا بِالْحَيَاةِ الدُّنْيَا وَمَا الْحَيَاةُ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا مَتَاعٌ [13:26]

අල්ලාහ් ඔහු කැමති අයට ජීවන පහසුකම් දිගු හරියි. තවද ඔහු (එය) සීමා කරයි. ඔවුහු මෙලොව ජීවිතය පිළිබඳ ව සතුටු වෙති. තවද මෙලොව ජීවිතය මතු ලොවෙහි (ස්වල්ප) භුක්ති විඳීමක් මිස නැත.

### الآية 13:27

> ﻿وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَوْلَا أُنْزِلَ عَلَيْهِ آيَةٌ مِنْ رَبِّهِ ۗ قُلْ إِنَّ اللَّهَ يُضِلُّ مَنْ يَشَاءُ وَيَهْدِي إِلَيْهِ مَنْ أَنَابَ [13:27]

ඔහු වෙත ඔහුගේ පරමාධිපතිගෙන් සංඥාවක් පහළ කරනු ලැබිය යුතු නොවේ දැයි ප්‍රතික්ෂේප කළවුන් විමසති. (නබිවරය) නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අය ව නොමගට යොමු කරයි. තවද ඔහු වෙතට යොමුවන්නන්හට ඔහු මග පෙන්වයි යැයි පවසනු.

### الآية 13:28

> ﻿الَّذِينَ آمَنُوا وَتَطْمَئِنُّ قُلُوبُهُمْ بِذِكْرِ اللَّهِ ۗ أَلَا بِذِكْرِ اللَّهِ تَطْمَئِنُّ الْقُلُوبُ [13:28]

විශ්වාස කළවුන් තවද ඔවුන්ගේ හදවත් අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් සැනසුමට පත් වෙති. දැන ගනු අල්ලාහ් ව මෙනෙහි කිරීමෙන් හදවත් සැනසුමට පත් වෙති.

### الآية 13:29

> ﻿الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ طُوبَىٰ لَهُمْ وَحُسْنُ مَآبٍ [13:29]

විශ්වාස කොට දැහැමි කටයුතු කළවුන් වනාහි ඔවුනට සුබාසිරි හා යහපත් යොමුවක් ඇත.

### الآية 13:30

> ﻿كَذَٰلِكَ أَرْسَلْنَاكَ فِي أُمَّةٍ قَدْ خَلَتْ مِنْ قَبْلِهَا أُمَمٌ لِتَتْلُوَ عَلَيْهِمُ الَّذِي أَوْحَيْنَا إِلَيْكَ وَهُمْ يَكْفُرُونَ بِالرَّحْمَٰنِ ۚ قُلْ هُوَ رَبِّي لَا إِلَٰهَ إِلَّا هُوَ عَلَيْهِ تَوَكَّلْتُ وَإِلَيْهِ مَتَابِ [13:30]

(නබිවරය) එලෙස අපි සමූහයක් වෙත ඔබ ව දූතුයකු ලෙස එව්වෙමු. ඔවුනට පෙර (බොහෝ) සමූහයන් ඉකුත් ව ගියෝය. (එය) ඔවුන් මහා කාරුණිකයාණන් ව ප්‍රතික්ෂේප කරමින් සිටිය දී ඔබ වෙත අපි දන්වා සිටි දෑ ඔවුන් වෙත නුඹ පාරායනය කර පෙන්වීම සඳහාය. ඔහුය, මාගේ පරමාධිපති. ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු කෙරෙහි මම භාර කළෙමි. තවද ඔහු වෙතය පශ්චාත්තාප වී යොමු වන ස්ථානය ඇත්තේ යැයි (නබිවරය,) නුඹ පවසනු.

### الآية 13:31

> ﻿وَلَوْ أَنَّ قُرْآنًا سُيِّرَتْ بِهِ الْجِبَالُ أَوْ قُطِّعَتْ بِهِ الْأَرْضُ أَوْ كُلِّمَ بِهِ الْمَوْتَىٰ ۗ بَلْ لِلَّهِ الْأَمْرُ جَمِيعًا ۗ أَفَلَمْ يَيْأَسِ الَّذِينَ آمَنُوا أَنْ لَوْ يَشَاءُ اللَّهُ لَهَدَى النَّاسَ جَمِيعًا ۗ وَلَا يَزَالُ الَّذِينَ كَفَرُوا تُصِيبُهُمْ بِمَا صَنَعُوا قَارِعَةٌ أَوْ تَحُلُّ قَرِيبًا مِنْ دَارِهِمْ حَتَّىٰ يَأْتِيَ وَعْدُ اللَّهِ ۚ إِنَّ اللَّهَ لَا يُخْلِفُ الْمِيعَادَ [13:31]

(ඔවුන් පවසන අයුරින්) නියත වශයෙන්ම (වෙනත්) කුර්ආනයක් තිබී එමගින් කඳු ගමන් කරවනු ලැබුවේ නම් හෝ එමගින් මහපොළොව වෙන් කරනු ලැබුවේ නම් හෝ එමගින් මළවුන් කතා කරවනු ලැබුවේ නම් හෝ (ඔවුහු විශ්වාස නොකරති.) නමුත් සියළු කරුණු අල්ලාහ් සතුය. අල්ලාහ් අභිමත කරන්නේ නම් සියලු ජනයා හට ඔහු මග පෙන්වන්නට තිබුණු බව විශ්වාස කළවුන් නොදැන සිටියෝ ද? අල්ලාහ්ගේ ප්‍රතිඥාව පැමිණෙන තෙක් ප්‍රතික්ෂේප කළවුන් ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට අර්බුදයක් ඇති වීම හෝ ඔවුන්ගේ නගරයට සමීපයෙන් එය(අර්බුද ය) සිදු වීම අඛණ්ඩ ව පවතිනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් ප්‍රතිඥා ව කඩ නොකරයි.

### الآية 13:32

> ﻿وَلَقَدِ اسْتُهْزِئَ بِرُسُلٍ مِنْ قَبْلِكَ فَأَمْلَيْتُ لِلَّذِينَ كَفَرُوا ثُمَّ أَخَذْتُهُمْ ۖ فَكَيْفَ كَانَ عِقَابِ [13:32]

සැබැවින්ම නුඹට පෙර සිටම දූතවරුන් සමච්චලයට ගනු ලැබූහ. එහෙත් මම ප්‍රතික්ෂේප කළවුනට කල් දුනිමි. පසු ව මම ඔවුන් ග්‍රහණය කළෙමි. එහෙයින් මාගේ දඬුවම කෙසේ වීද?

### الآية 13:33

> ﻿أَفَمَنْ هُوَ قَائِمٌ عَلَىٰ كُلِّ نَفْسٍ بِمَا كَسَبَتْ ۗ وَجَعَلُوا لِلَّهِ شُرَكَاءَ قُلْ سَمُّوهُمْ ۚ أَمْ تُنَبِّئُونَهُ بِمَا لَا يَعْلَمُ فِي الْأَرْضِ أَمْ بِظَاهِرٍ مِنَ الْقَوْلِ ۗ بَلْ زُيِّنَ لِلَّذِينَ كَفَرُوا مَكْرُهُمْ وَصُدُّوا عَنِ السَّبِيلِ ۗ وَمَنْ يُضْلِلِ اللَّهُ فَمَا لَهُ مِنْ هَادٍ [13:33]

සෑම ආත්මයක් කෙරෙහිම ඔවුන් ඉපැයූ දෑ පිළිබඳ ව ඔහු නිරීක්ෂා කරන්නෙකු ව සිටිය දී ඔවුහු අල්ලාහ්ට හවුල්කරුවන් පත් කළෝ ද? (නබිවරය,) ඔවුහු ඔවුන් නම් කළෝ ද නැතහොත් මහපොළොවේ ඔහු නොදන්නා දෑ ඔහුට ඔවුන් දන්වන්නේ ද නැතහොත් එය මතුපිටින් පවතින ප්‍රකාශයක් ද? නමුත් ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ කුමන්ත්‍රණය අලංකාරවත් කරන ලදී. තවද යහ මගින් ඔවුන් වළක්වන ලදී. තවද අල්ලාහ් කවරෙකු නොමග යවන්නේ ද එවිට කිසිදු මග පෙන්වන්නෙකු ඔහුට නොමැත.

### الآية 13:34

> ﻿لَهُمْ عَذَابٌ فِي الْحَيَاةِ الدُّنْيَا ۖ وَلَعَذَابُ الْآخِرَةِ أَشَقُّ ۖ وَمَا لَهُمْ مِنَ اللَّهِ مِنْ وَاقٍ [13:34]

මෙලොව ජීවිතයේ ඔවුනට දඬුවමක් ඇත. මතු ලොව දඬුවම ඉතා දරුණුය. තවද අල්ලාහ්ගේ දඬුවමින් සුරකින කිසිවෙකුත් ඔවුනට නොමැත.

### الآية 13:35

> ﻿۞ مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ أُكُلُهَا دَائِمٌ وَظِلُّهَا ۚ تِلْكَ عُقْبَى الَّذِينَ اتَّقَوْا ۖ وَعُقْبَى الْكَافِرِينَ النَّارُ [13:35]

දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන්හට ප්‍රතිඥා දෙනු ලැබූ (ස්වර්ග) උයනෙහි උපමාවක් නම් ඊට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ආහාර හා එහි හෙවණ සදා පවතී. එය දේව බිය හැඟීමෙන් කටයුතු කළවුන්ගේ අවසානයයි. දේව ප්‍රතික්ෂේපකයින්ගේ අවසානය (නිරා) ගින්නයි.

### الآية 13:36

> ﻿وَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَفْرَحُونَ بِمَا أُنْزِلَ إِلَيْكَ ۖ وَمِنَ الْأَحْزَابِ مَنْ يُنْكِرُ بَعْضَهُ ۚ قُلْ إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ اللَّهَ وَلَا أُشْرِكَ بِهِ ۚ إِلَيْهِ أَدْعُو وَإِلَيْهِ مَآبِ [13:36]

තවද ඔවුන් වනාහි ඔවුනට අපි දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. නුඹ වෙත පහළ කරනු ලැබූ දෑ පිළිබඳ ව ඔවුහු සතුටු වෙති. එම කණ්ඩායම් අතුරින් එයින් ඇතැමෙක් ප්‍රතික්ෂේප කරන්නෝ ද වෙති. මම අණ කරනු ලැබුවේ අල්ලාහ්ට ගැතිකම් කිරීමට හා ඔහුට ආදේශ නොතැබීමටය. ඔහු වෙතම මම අයැදිමි. තවද නැවත යොමු වන ස්ථානය ඇත්තේ ඔහු වෙතය යැයි (නබිවරය) නුඹ පවසනු.

### الآية 13:37

> ﻿وَكَذَٰلِكَ أَنْزَلْنَاهُ حُكْمًا عَرَبِيًّا ۚ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَمَا جَاءَكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا وَاقٍ [13:37]

එලෙස අපි එය අරාබි බසින් වූ නීති(ග්‍රන්ථ)යක් ලෙස පහළ කළෙමු. තවද ඥානයෙන් නුඹ වෙත පැමිණි දෑට පසු ව ඔවුන්ගේ ආශාවන් නුඹ පිළිපදින්නෙහි නම් අල්ලාහ් වෙතින් කිසිදු භාරකරුවකු හෝ සුරකින්නකු හෝ නුඹට නොමැත.

### الآية 13:38

> ﻿وَلَقَدْ أَرْسَلْنَا رُسُلًا مِنْ قَبْلِكَ وَجَعَلْنَا لَهُمْ أَزْوَاجًا وَذُرِّيَّةً ۚ وَمَا كَانَ لِرَسُولٍ أَنْ يَأْتِيَ بِآيَةٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۗ لِكُلِّ أَجَلٍ كِتَابٌ [13:38]

සැබැවින්ම අපි නුඹට පෙර සිටම දූතවරුන් එව්වෙමු. තවද ඔවුනට අඹුවන් හා පරපුර ඇති කළෙමු. අල්ලාහ්ගේ අනුමැතියෙන් තොර ව යම් වදනක් ගෙන ඒමට කිසිදු රසූල්වරයකුට නොවීය. සෑම කාල පරිච්ඡේදයකටම දේව ග්‍රන්ථයක් විය.

### الآية 13:39

> ﻿يَمْحُو اللَّهُ مَا يَشَاءُ وَيُثْبِتُ ۖ وَعِنْدَهُ أُمُّ الْكِتَابِ [13:39]

අල්ලාහ් තමන් අභිමත කරන දෑ මකා දමයි. තවද (අභිමත කරන දෑ) තිබෙන්නට ද හරියි. තවද මාතෘ ග්‍රන්ථය ඇත්තේ ඔහු අබියසය.

### الآية 13:40

> ﻿وَإِنْ مَا نُرِيَنَّكَ بَعْضَ الَّذِي نَعِدُهُمْ أَوْ نَتَوَفَّيَنَّكَ فَإِنَّمَا عَلَيْكَ الْبَلَاغُ وَعَلَيْنَا الْحِسَابُ [13:40]

අප ඔවුනට ප්‍රතිඥා කරන දෑ නුඹට අපි පෙන්වූවද නැතහොත් (ඊට පෙර) නුඹ ව අපි මරණයට පත් කළ ද නුඹ වෙත පැවරෙනුයේ (ඔවුනට) දන්වා සිටීම පමණි. විනිශ්චය කිරීම අපගේ වගකීමය.

### الآية 13:41

> ﻿أَوَلَمْ يَرَوْا أَنَّا نَأْتِي الْأَرْضَ نَنْقُصُهَا مِنْ أَطْرَافِهَا ۚ وَاللَّهُ يَحْكُمُ لَا مُعَقِّبَ لِحُكْمِهِ ۚ وَهُوَ سَرِيعُ الْحِسَابِ [13:41]

නියත වශයෙන්ම අපි මහපොළොවට පැමිණ එහි පැතිකඩ වලින් අපි එය පටු කරන බව ඔවුහු නොදුටුවෝද? තවද අල්ලාහ් තීන්දු කරයි. ඔහුගේ තීන්දුව වළක්වන්නෙකු නොමැත. තවද ඔහු විනිශ්චය කිරීමෙහි ඉතා වේගවත්ය.

### الآية 13:42

> ﻿وَقَدْ مَكَرَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَلِلَّهِ الْمَكْرُ جَمِيعًا ۖ يَعْلَمُ مَا تَكْسِبُ كُلُّ نَفْسٍ ۗ وَسَيَعْلَمُ الْكُفَّارُ لِمَنْ عُقْبَى الدَّارِ [13:42]

ඔවුනට පෙර සිටියවුන් සැබැවින්ම කුමන්ත්‍රණ කළෝය. සියලු උපක්‍රමයන් අල්ලාහ් සතුය. සෑම ආත්මයක්ම උපයන දෑ ඔහු දනී. අවසන් (යහපත්) නිවහන සතු වනුයේ කා හටදැයි දේව ප්‍රතික්ෂේපකයෝ මතු දැන ගනිති.

### الآية 13:43

> ﻿وَيَقُولُ الَّذِينَ كَفَرُوا لَسْتَ مُرْسَلًا ۚ قُلْ كَفَىٰ بِاللَّهِ شَهِيدًا بَيْنِي وَبَيْنَكُمْ وَمَنْ عِنْدَهُ عِلْمُ الْكِتَابِ [13:43]

නුඹ (අල්ලාහ් විසින්) එවනු ලැබූ (රසූල්වරයකු) නොවේ යැයි දේව ප්‍රතික්ෂේපකයෝ පවසති. මා අතර හා නුඹලා අතර සාක්ෂිකරු වශයෙන් අල්ලාහ් හා කවරෙකු අබියස දේව ග්‍රන්ථයේ ඥානය ඇත්තේ ද එවන් අය ප්‍රමාණවත් යැයි නුඹ පවසනු.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/13.md)
- [كل تفاسير سورة الرعد
](https://quranpedia.net/surah-tafsir/13.md)
- [ترجمات سورة الرعد
](https://quranpedia.net/translations/13.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/13/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
