---
title: "ترجمة سورة مريم - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/19/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/19/book/1993"
surah_id: "19"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة مريم - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/19/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة مريم - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/19/book/1993*.

Translation of Surah مريم from "الترجمة السنهالية" in السنهالية.

### الآية 19:1

> كهيعص [19:1]

කාෆ්, හා, යා, අයින්, ස්වාද්.

### الآية 19:2

> ﻿ذِكْرُ رَحْمَتِ رَبِّكَ عَبْدَهُ زَكَرِيَّا [19:2]

(මෙය) තම ගැත්තා සකරිය්යා වෙත නුඹගේ පරමාධිපති දැක් වූ කරුණාව පිළිබඳ සිහිපත් කිරීමකි.

### الآية 19:3

> ﻿إِذْ نَادَىٰ رَبَّهُ نِدَاءً خَفِيًّا [19:3]

ඔහු තම පරමාධිපති ව සිහින් ඇමතුමකින් ඇමතූ අවස්ථාව සිහිපත් කරනු.

### الآية 19:4

> ﻿قَالَ رَبِّ إِنِّي وَهَنَ الْعَظْمُ مِنِّي وَاشْتَعَلَ الرَّأْسُ شَيْبًا وَلَمْ أَكُنْ بِدُعَائِكَ رَبِّ شَقِيًّا [19:4]

මාගේ පරමාධිපතියාණනි, මාගේ අස්ථි දුර්වල වී ඇත. මාගේ හිසකෙස් පැහී විහිදී ඇත. තවද මාගේ පරමාධිපතියාණනි, මම ඔබගේ ප්‍රාර්ථනාව සම්බන්ධයෙන් අභාග්‍යවන්තයකු නොවූයෙමි.

### الآية 19:5

> ﻿وَإِنِّي خِفْتُ الْمَوَالِيَ مِنْ وَرَائِي وَكَانَتِ امْرَأَتِي عَاقِرًا فَهَبْ لِي مِنْ لَدُنْكَ وَلِيًّا [19:5]

මගෙන් පසුව පරම්පරා උරුමක්කරුවන් පිළිබඳ ව මම බිය වෙමි. මාගේ බිරිය ද වඳ කාන්තාවක් වන්නීය. එහෙයින් නුඹ වෙතින් උරුමක්කරුවකු මා වෙත පිරිනමනු.

### الآية 19:6

> ﻿يَرِثُنِي وَيَرِثُ مِنْ آلِ يَعْقُوبَ ۖ وَاجْعَلْهُ رَبِّ رَضِيًّا [19:6]

මට උරුමකම්පාන යඃකූබ්ගේ පරපුරට උරුමකම්පාන කෙනෙකු පිරිනමනු මැනව ! තවද මාගේ පරමාධිපතියාණනි, ඔහු ව පිළිගැනීමට ලක් වූ කෙනකු බවට පත් කරනු මැනව.

### الآية 19:7

> ﻿يَا زَكَرِيَّا إِنَّا نُبَشِّرُكَ بِغُلَامٍ اسْمُهُ يَحْيَىٰ لَمْ نَجْعَلْ لَهُ مِنْ قَبْلُ سَمِيًّا [19:7]

අහෝ ! සකරිය්යා, යහ්යා නමින් වූ දරුවකු පිළිබඳ ව නියත වශයෙන්ම අපි ඔබට ශුභාරංචි දන්වන්නෙමු. මීට පෙර එයට එසේ නම් තබනු ලැබීමක් සිදු නොකළෙමු.

### الآية 19:8

> ﻿قَالَ رَبِّ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَكَانَتِ امْرَأَتِي عَاقِرًا وَقَدْ بَلَغْتُ مِنَ الْكِبَرِ عِتِيًّا [19:8]

මාගේ පරමාධිපතියාණනි, මට දරුවකු කෙසේ නම් වන්නේ ද? මාගේ බිරිය වඳ කාන්තාවක් වූවාය. මා ද මහලු වීම හේතුවෙන් සැදෑ වියට ළඟා වී ඇත්තෙමි යැයි ඔහු පැවසුවේය.

### الآية 19:9

> ﻿قَالَ كَذَٰلِكَ قَالَ رَبُّكَ هُوَ عَلَيَّ هَيِّنٌ وَقَدْ خَلَقْتُكَ مِنْ قَبْلُ وَلَمْ تَكُ شَيْئًا [19:9]

(එය) එලෙසය යැයි ඔහු කීය. එය මා වෙත පහසු කාර්යයකි. මීට පෙර නුඹ කිසිවක් ව නොසිටිය දී සැබැවින්ම මම නුඹ ව මැව්වෙමි යැයි ඔබේ පරමාධිපති කීවේය.

### الآية 19:10

> ﻿قَالَ رَبِّ اجْعَلْ لِي آيَةً ۚ قَالَ آيَتُكَ أَلَّا تُكَلِّمَ النَّاسَ ثَلَاثَ لَيَالٍ سَوِيًّا [19:10]

මාගේ පරමාධිපතියාණනි, මට සලකුණක් ඇති කරනු මැනව ! යැයි ඔහු පැවසීය. ඔබේ සංඥාව වනුයේ නුඹ (කිසිදු හේතුවකින් තොර ව) ඍජු ව රාත්‍රි තුනක් ජනයා සමඟ කතා නොකිරීමය යැයි ඔහු පැවසුවේය.

### الآية 19:11

> ﻿فَخَرَجَ عَلَىٰ قَوْمِهِ مِنَ الْمِحْرَابِ فَأَوْحَىٰ إِلَيْهِمْ أَنْ سَبِّحُوا بُكْرَةً وَعَشِيًّا [19:11]

පසු ව ඔහු තම සමූහයා වෙත නැමදුම් ස්ථානයෙන් බැහැර ට පැමිණියේය. එවිට ‘නුඹලා උදේ හා සවස සුවිශුද්ධ කරනු’යි ඔවුන් වෙත (ඉඟියෙන්) දන්වා සිටියේය.

### الآية 19:12

> ﻿يَا يَحْيَىٰ خُذِ الْكِتَابَ بِقُوَّةٍ ۖ وَآتَيْنَاهُ الْحُكْمَ صَبِيًّا [19:12]

අහෝ ! යහ්යා, දේව ග්‍රන්ථය බලවත් ලෙස (ග්‍රහණය කර) ගනු. තවද අපි ඔහුට ළමා කාලයේම ප්‍රඥාව පිරිනැමුවෙමු.

### الآية 19:13

> ﻿وَحَنَانًا مِنْ لَدُنَّا وَزَكَاةً ۖ وَكَانَ تَقِيًّا [19:13]

අප වෙතින් වූ ආදරය හා පිවිතුරු බව ද (ඔහුට පිරිනැමුවෙමු.) තවද ඔහු බිය බැතිමත් කෙනෙකු විය.

### الآية 19:14

> ﻿وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُنْ جَبَّارًا عَصِيًّا [19:14]

තවද ඔහු තම දෙමාපියන්ට ඇප උපස්ථාන කරන්නකු විය. තවද ඔහු දඬබ්බර අකීකරු වන්තයෙකු නොවීය.

### الآية 19:15

> ﻿وَسَلَامٌ عَلَيْهِ يَوْمَ وُلِدَ وَيَوْمَ يَمُوتُ وَيَوْمَ يُبْعَثُ حَيًّا [19:15]

ඔහු උපත ලැබූ දින ද ඔහු මිය යන දින ද ඔහු නැවත ජීවමාන ව නැගිටු වනු ලබන දින ද ඔහු වෙත සාමය ඇති වේවා!

### الآية 19:16

> ﻿وَاذْكُرْ فِي الْكِتَابِ مَرْيَمَ إِذِ انْتَبَذَتْ مِنْ أَهْلِهَا مَكَانًا شَرْقِيًّا [19:16]

මෙම දේව ග්‍රන්ථයේ සඳහන් මර්යම් ගැන නුඹ සිහිපත් කරනු. ඇය තම පවුලෙන් වෙන් ව නැගෙනහිර ස්ථානයකට ගිය අවස්ථාවේ.

### الآية 19:17

> ﻿فَاتَّخَذَتْ مِنْ دُونِهِمْ حِجَابًا فَأَرْسَلْنَا إِلَيْهَا رُوحَنَا فَتَمَثَّلَ لَهَا بَشَرًا سَوِيًّا [19:17]

ඇය ඔවුන්ගෙන් වෙන් ව තිරයක් ගත්තාය. එවිට අපි ඇය වෙත අපගේ ප්‍රාණය (හෙවත් ජිබ්රීල් මලක්වරයා) එව්වෙමු. එවිට ඔහු ඍජු (සජීවී) මිනිසෙකු වෙසින් ඇය වෙත පෙනී සිටියේය.

### الآية 19:18

> ﻿قَالَتْ إِنِّي أَعُوذُ بِالرَّحْمَٰنِ مِنْكَ إِنْ كُنْتَ تَقِيًّا [19:18]

නියත වශයෙන් නුඹගෙන් ආරක්ෂාව මහා කාරුණිකයාණන්ගෙන් මම පතමි. නුඹ බිය බැතිමත් කෙනෙකු වී නම් (මා වෙත ළං නොවනු) යැයි ඇය පැවසුවාය.

### الآية 19:19

> ﻿قَالَ إِنَّمَا أَنَا رَسُولُ رَبِّكِ لِأَهَبَ لَكِ غُلَامًا زَكِيًّا [19:19]

‘නියත වශයෙන්ම මම නුඹට පිවිතුරු දරුවකු පිරිනමනු පිණිස නුඹගේ පරමාධිපතිගේ දූතයෙකු වෙමි’ යැයි ඔහු පැවසුවේය.

### الآية 19:20

> ﻿قَالَتْ أَنَّىٰ يَكُونُ لِي غُلَامٌ وَلَمْ يَمْسَسْنِي بَشَرٌ وَلَمْ أَكُ بَغِيًّا [19:20]

‘කිසිදු මිනිසකු මා ස්පර්ශ කර නොතිබිය දී මට දරුවකු වනුයේ කෙසේ ද? තවද මම අපචාරී (කාන්තාවක්) නොවූයෙමි’ යැයි ඇය පැවසුවාය.

### الآية 19:21

> ﻿قَالَ كَذَٰلِكِ قَالَ رَبُّكِ هُوَ عَلَيَّ هَيِّنٌ ۖ وَلِنَجْعَلَهُ آيَةً لِلنَّاسِ وَرَحْمَةً مِنَّا ۚ وَكَانَ أَمْرًا مَقْضِيًّا [19:21]

එය එලෙසය යැයි ඔහු පැවසුවේය. ‘එය මා වෙත පහසු කාර්යයකි. එය ජනයාට අපගෙන් වූ සංඥාවක් හා ආශිර්වාදයක් බවට පත් කරනු පිණිසය. එය තීන්දු කරනු ලැබූ නියෝගයක් ද විය’ යැයි නුඹගේ පරමාධිපති පැවසුවේය.

### الآية 19:22

> ﻿۞ فَحَمَلَتْهُ فَانْتَبَذَتْ بِهِ مَكَانًا قَصِيًّا [19:22]

එවිට ඇය ඔහු ගැබ් ගත්තාය. ඇය ඔහු දරමින් 
 දුර ස්ථානයකට වෙන්ව ගියාය.

### الآية 19:23

> ﻿فَأَجَاءَهَا الْمَخَاضُ إِلَىٰ جِذْعِ النَّخْلَةِ قَالَتْ يَا لَيْتَنِي مِتُّ قَبْلَ هَٰذَا وَكُنْتُ نَسْيًا مَنْسِيًّا [19:23]

විලිරුදා ව ඇය ව ඉඳි කඳක් වෙත ගෙන ආවේය. අහෝ ! මීට පෙර මා මිය යා යුතු නොවේ ද? තවද අමතකවීමෙන් අමතක වූ කෙනකු බවට පත් විය යුතු නොවේදැ?යි පැවසුවාය.

### الآية 19:24

> ﻿فَنَادَاهَا مِنْ تَحْتِهَا أَلَّا تَحْزَنِي قَدْ جَعَلَ رَبُّكِ تَحْتَكِ سَرِيًّا [19:24]

ඇයට පහළින් ඇයව අමතා ‘නුඹ දුක් නොවනු සැබැවින්ම නුඹගේ පරමාධිපති නුඹට පහළින් උල්පතක් ඇති කළේය’ යැයි පැවසීය.

### الآية 19:25

> ﻿وَهُزِّي إِلَيْكِ بِجِذْعِ النَّخْلَةِ تُسَاقِطْ عَلَيْكِ رُطَبًا جَنِيًّا [19:25]

ඉඳි ගසේ කඳ නුඹ දෙසට සොලවනු. නුඹ වෙත නෙලන ලද පැහුණු ගෙඩි වශයෙන් වැටෙනු ඇත.

### الآية 19:26

> ﻿فَكُلِي وَاشْرَبِي وَقَرِّي عَيْنًا ۖ فَإِمَّا تَرَيِنَّ مِنَ الْبَشَرِ أَحَدًا فَقُولِي إِنِّي نَذَرْتُ لِلرَّحْمَٰنِ صَوْمًا فَلَنْ أُكَلِّمَ الْيَوْمَ إِنْسِيًّا [19:26]

එවිට නුඹ අනුභව කරනු. තවද පානය කරනු. ඇස් පිනවා ගනු. තවද නුඹ මිනිසුන් අතුරින් කිසිවකු හෝ දුටුවෙහි නම් එවිට සැබැවින්ම (කතාවෙන් වැළකී සිටින) උපවාසයක් මම මහා කරුණාවන්තයාණන්හට භාර වූයෙමි. එහෙයින් අද දින කිසිදු මිනිසෙකු සමග සැබැවින්ම මම කතා නොකරන්නෙමි යැයි පවසනු.

### الآية 19:27

> ﻿فَأَتَتْ بِهِ قَوْمَهَا تَحْمِلُهُ ۖ قَالُوا يَا مَرْيَمُ لَقَدْ جِئْتِ شَيْئًا فَرِيًّا [19:27]

ඔහු ව උසුලා ගෙන ඔහු සමගම ඇයගේ සමූහයා වෙත ඇය පැමිණියාය. ‘අහෝ ! මර්යම්, බරපතළ කරුණක් සැබැවින්ම නුඹ ගෙනැවිත් ඇතැ’යි ඔවුහු පැවසුවෝය.

### الآية 19:28

> ﻿يَا أُخْتَ هَارُونَ مَا كَانَ أَبُوكِ امْرَأَ سَوْءٍ وَمَا كَانَتْ أُمُّكِ بَغِيًّا [19:28]

අහෝ ! හාරූන්ගේ සහෝදරිය, නුඹේ පියා නරක පුද්ගලයකු නොවීය. එමෙන්ම නුඹේ මව ද දුරාචාරී (කාන්තාවක්) නොවීය.

### الآية 19:29

> ﻿فَأَشَارَتْ إِلَيْهِ ۖ قَالُوا كَيْفَ نُكَلِّمُ مَنْ كَانَ فِي الْمَهْدِ صَبِيًّا [19:29]

එවිට ඇය ඔහු වෙතට (ඔවුන් කතා කිරීම සඳහා) සංඥා කළේය. ‘බිළිඳු වියේ තොටිල්ලෙහි පසු වන අය සමග අපි කෙසේ කතා කරන්නෙම්දැයි ඔවුහු පැවසුවෝය.

### الآية 19:30

> ﻿قَالَ إِنِّي عَبْدُ اللَّهِ آتَانِيَ الْكِتَابَ وَجَعَلَنِي نَبِيًّا [19:30]

නියත වශයෙන්ම මම අල්ලාහ්ගේ ගැත්තෙකු වෙමි ඔහු මා වෙත දේව ග්‍රන්ථය පිරිනමා ඇත. තවද මා නබිවරයකු බවට පත් කළේය යැයි ඔහු පැවසුවේය.

### الآية 19:31

> ﻿وَجَعَلَنِي مُبَارَكًا أَيْنَ مَا كُنْتُ وَأَوْصَانِي بِالصَّلَاةِ وَالزَّكَاةِ مَا دُمْتُ حَيًّا [19:31]

මා කොතැනක සිටිය ද ඔහු මට සමෘද්ධිය ඇති කළේය. තවද මා ජීවමාන ව සිටින තාක්කල් සලාතය හා සකාතය (ඉටු කිරීම) පිළිබඳ ව මට උපදෙස් දුන්නේය.

### الآية 19:32

> ﻿وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا [19:32]

තවද මාගේ මවට ඇප උපස්ථාන කිරීමට ද (උපදෙස් දුන්නේය.) තවද ඔහු මා අභාග්‍යවන්ත ප්‍රබලයෙකු ලෙස මා පත් නොකළේය.

### الآية 19:33

> ﻿وَالسَّلَامُ عَلَيَّ يَوْمَ وُلِدْتُ وَيَوْمَ أَمُوتُ وَيَوْمَ أُبْعَثُ حَيًّا [19:33]

තවද මම උපත ලැබූ දිනයෙහි ද මම මරණයට පත් වන දිනයෙහි ද නැවත මා නැගිටුවනු ලබන දිනයෙහි ද මා වෙත සාමය වේවා!.

### الآية 19:34

> ﻿ذَٰلِكَ عِيسَى ابْنُ مَرْيَمَ ۚ قَوْلَ الْحَقِّ الَّذِي فِيهِ يَمْتَرُونَ [19:34]

එය මර්යම්ගේ පුත් ඊසා(ගේ ප්‍රකාශය) වේ. සත්‍ය ප්‍රකාශය වන එහි ඔවුහු සැක කරති.

### الآية 19:35

> ﻿مَا كَانَ لِلَّهِ أَنْ يَتَّخِذَ مِنْ وَلَدٍ ۖ سُبْحَانَهُ ۚ إِذَا قَضَىٰ أَمْرًا فَإِنَّمَا يَقُولُ لَهُ كُنْ فَيَكُونُ [19:35]

දරුවකු තබා ගැනීම අල්ලාහ්ට (අවශ්‍ය) නොවීය. ඔහු සුවිශුද්ධය. ඔහු යම් කරුණක් තීන්දු කළ විට එයට ඔහු කුන් (වනු) යැයි පවසනවා පමණය එය සිදු වනු ඇත.

### الآية 19:36

> ﻿وَإِنَّ اللَّهَ رَبِّي وَرَبُّكُمْ فَاعْبُدُوهُ ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ [19:36]

තවද නියත වශයෙන්ම අල්ලාහ් මාගේ පරමාධිපතිය. නුඹලාගේ ද පරමාධිපතිය. එහෙයින් නුඹලා ඔහුට ගැතිකම් කරනු. මෙය ඍජු මාර්ගයයි.

### الآية 19:37

> ﻿فَاخْتَلَفَ الْأَحْزَابُ مِنْ بَيْنِهِمْ ۖ فَوَيْلٌ لِلَّذِينَ كَفَرُوا مِنْ مَشْهَدِ يَوْمٍ عَظِيمٍ [19:37]

එවිට ඔවුන් අතර වූ (විවිධ) කණ්ඩායම් මත ගැටුම් ඇති කර ගත්තෝය. අතිමහත් දින දැකීමෙන් ප්‍රතික්ෂේප කළවුනට විනාශය වේවා !

### الآية 19:38

> ﻿أَسْمِعْ بِهِمْ وَأَبْصِرْ يَوْمَ يَأْتُونَنَا ۖ لَٰكِنِ الظَّالِمُونَ الْيَوْمَ فِي ضَلَالٍ مُبِينٍ [19:38]

ඔවුන් අප වෙත පැමිණෙන දින ඔවුන්ගේ ශ්‍රවණය කෙතරම් පුදුම සහගතද! තවද (ඔවුන්ගේ) බැල්ම කෙතරම් පුදුම සහගතද! නමුත් අද දින අපරාධකරුවෝ පැහැදිලි මුළාවෙහි වෙති.

### الآية 19:39

> ﻿وَأَنْذِرْهُمْ يَوْمَ الْحَسْرَةِ إِذْ قُضِيَ الْأَمْرُ وَهُمْ فِي غَفْلَةٍ وَهُمْ لَا يُؤْمِنُونَ [19:39]

ඔවුහු විශ්වාස නොකරමින් සිටිය දී තවද ඔවුන් නොසැලකිලිමත් ලෙස සිටිය දී එම අණ තීන්දු කරනු ලබන විට පසුතැවිල්ලට පත් වන දිනය ගැන ඔවුනට නුඹ අවවාද කරනු.

### الآية 19:40

> ﻿إِنَّا نَحْنُ نَرِثُ الْأَرْضَ وَمَنْ عَلَيْهَا وَإِلَيْنَا يُرْجَعُونَ [19:40]

නියත වශයෙන්ම අපි මහපොළොව හා ඒ මත ඇත්තවුන් උරුම කර ගන්නෙමු. තවද ඔවුන් නැවත යොමු වනු ලබනුයේ ද අප වෙතමය.

### الآية 19:41

> ﻿وَاذْكُرْ فِي الْكِتَابِ إِبْرَاهِيمَ ۚ إِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا [19:41]

දේව ග්‍රන්ථයේ ඉබ්‍රාහීම් ව මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.

### الآية 19:42

> ﻿إِذْ قَالَ لِأَبِيهِ يَا أَبَتِ لِمَ تَعْبُدُ مَا لَا يَسْمَعُ وَلَا يُبْصِرُ وَلَا يُغْنِي عَنْكَ شَيْئًا [19:42]

මාගේ පියාණනි, සවන් නොදෙන තවද නොබලන එමෙන්ම ඔබට කිසිදු පලක් නොදෙන දෑට ඔබ නමදිනුයේ ඇයි දැයි ඉබ්‍රාහීම් තම පියාගෙන් විමසූ අවස්ථාව සිහිපත් කරනු.

### الآية 19:43

> ﻿يَا أَبَتِ إِنِّي قَدْ جَاءَنِي مِنَ الْعِلْمِ مَا لَمْ يَأْتِكَ فَاتَّبِعْنِي أَهْدِكَ صِرَاطًا سَوِيًّا [19:43]

මාගේ පියාණනි, ඔබ වෙත නොපැමිණි ඥානය මා වෙත සැබැවින්ම පැමිණ ඇත. එහෙයින් ඔබ මා අනුගමනය කරනු මැනව. ඍජු මාර්ගය වෙත මම ඔබට මග පෙන්වමි.

### الآية 19:44

> ﻿يَا أَبَتِ لَا تَعْبُدِ الشَّيْطَانَ ۖ إِنَّ الشَّيْطَانَ كَانَ لِلرَّحْمَٰنِ عَصِيًّا [19:44]

අහෝ ! මාගේ පියාණනි, ෂෛයිතාන්ට ගැතිකම් නොකරනු. නියත වශයෙන්ම ෂෛයිතාන් මහා කරුණාන්විතයාණන්හට පිටුපාන්නෙකු විය.

### الآية 19:45

> ﻿يَا أَبَتِ إِنِّي أَخَافُ أَنْ يَمَسَّكَ عَذَابٌ مِنَ الرَّحْمَٰنِ فَتَكُونَ لِلشَّيْطَانِ وَلِيًّا [19:45]

අහෝ ! මාගේ පියාණනි, ඔබට මහා කරුණාන්විතයාණන්ගෙන් වූ දඬුවමක් ස්පර්ශ වීම ගැන නියත වශයෙන්ම මම බිය වෙමි. එවිට ඔබ ෂෛයිතාන්ට උදව්කරුවකු වන්නෙහිය.

### الآية 19:46

> ﻿قَالَ أَرَاغِبٌ أَنْتَ عَنْ آلِهَتِي يَا إِبْرَاهِيمُ ۖ لَئِنْ لَمْ تَنْتَهِ لَأَرْجُمَنَّكَ ۖ وَاهْجُرْنِي مَلِيًّا [19:46]

ඔබ මාගේ දෙවියන් ප්‍රතික්ෂේප කරන්නෙකු ද? අහෝ ! ඉබ්‍රාහීම්, ඔබ මෙයින් නොවැළකුණෙහි නම් මම ඔබට ගල් ගසා මරමි. තවද නුඹ මාගෙන් සදහටම ඈත් ව සිටිනු.

### الآية 19:47

> ﻿قَالَ سَلَامٌ عَلَيْكَ ۖ سَأَسْتَغْفِرُ لَكَ رَبِّي ۖ إِنَّهُ كَانَ بِي حَفِيًّا [19:47]

ඔබට ශාන්තිය අත්වේවා ! මම මාගේ පරමාධිපතිගෙන් ඔබ වෙනුවෙන් මතු පාප ක්ෂමා ව අයැදිමි. නියත වශයෙන්ම ඔහු මා හට කරුණාවන්ත විය.

### الآية 19:48

> ﻿وَأَعْتَزِلُكُمْ وَمَا تَدْعُونَ مِنْ دُونِ اللَّهِ وَأَدْعُو رَبِّي عَسَىٰ أَلَّا أَكُونَ بِدُعَاءِ رَبِّي شَقِيًّا [19:48]

මම නුඹලාගෙන් ද අල්ලාහ්ගෙන් තොර ව නුඹලා අයැදින දැයින් ද ඉවත් වන්නෙමි. තවද මාගේ පරමාධිපතිගෙන් අයැද සිටිමි. මාගේ පරමාධිපති වෙත කෙරෙන ප්‍රාර්ථනා වලින් මා දුර්භාග්‍යවන්තයකු ලෙස නොවන්නට පුළුවන.

### الآية 19:49

> ﻿فَلَمَّا اعْتَزَلَهُمْ وَمَا يَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ وَهَبْنَا لَهُ إِسْحَاقَ وَيَعْقُوبَ ۖ وَكُلًّا جَعَلْنَا نَبِيًّا [19:49]

ඔවුන්ගෙන් හා අල්ලාහ්ගෙන් තොර ව ඔවුන් නමදිමින් සිටි දැයින් ඉබ්‍රාහීම් ඉවත් වූ කල්හි, අපි ඔහුට ඉස්හාක් හා යඃකූබ් ව පිරිනැමුවෙමු. ඒ සෑම කෙනෙකුම නබිවරයකු ලෙස අපි පත් කළෙමු.

### الآية 19:50

> ﻿وَوَهَبْنَا لَهُمْ مِنْ رَحْمَتِنَا وَجَعَلْنَا لَهُمْ لِسَانَ صِدْقٍ عَلِيًّا [19:50]

අපගේ ආශිර්වාදයෙන් අපි ඔවුනට පිරිනැමුවෙමු. තවද ඔවුන්හට සැබෑ ප්‍රශංසාව උතුම් බවට පත් කළෙමු.

### الآية 19:51

> ﻿وَاذْكُرْ فِي الْكِتَابِ مُوسَىٰ ۚ إِنَّهُ كَانَ مُخْلَصًا وَكَانَ رَسُولًا نَبِيًّا [19:51]

දේව ග්‍රන්ථයේ මූසා ගැන ද නුඹ මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු අවංක කෙනෙකු විය. තවද ධර්ම දූතයෙකු හා නබිවරයකු ද විය.

### الآية 19:52

> ﻿وَنَادَيْنَاهُ مِنْ جَانِبِ الطُّورِ الْأَيْمَنِ وَقَرَّبْنَاهُ نَجِيًّا [19:52]

තූර් (කන්දේ) දකුණු දෙසින් අපි ඔහු ඇමතුවෙමු. තවද කතා කිරීම සඳහා අපි ඔහු වෙත සමීප වූයෙමු.

### الآية 19:53

> ﻿وَوَهَبْنَا لَهُ مِنْ رَحْمَتِنَا أَخَاهُ هَارُونَ نَبِيًّا [19:53]

තවද අපි ඔහුට අපගේ ආශිර්වාදයක් වූ ඔහුගේ සහෝදර හාරූන් ව නබිවරයකු ලෙසින් ඔහුට පිරිනැමුවෙමු.

### الآية 19:54

> ﻿وَاذْكُرْ فِي الْكِتَابِ إِسْمَاعِيلَ ۚ إِنَّهُ كَانَ صَادِقَ الْوَعْدِ وَكَانَ رَسُولًا نَبِيًّا [19:54]

දේව ග්‍රන්ථයේ ඉස්මාඊල්වද මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු ප්‍රතිඥාවන් සැබෑ ලෙස ඉටු කරන්නෙකු විය. තවද ඔහු ධර්ම දූතයෙකු හා නබිවරයෙකු විය.

### الآية 19:55

> ﻿وَكَانَ يَأْمُرُ أَهْلَهُ بِالصَّلَاةِ وَالزَّكَاةِ وَكَانَ عِنْدَ رَبِّهِ مَرْضِيًّا [19:55]

තවද ඔහු සලාතය හා සකාතය පිළිබඳ ඔහුගේ පවුලේ අයට නියෝග කරන්නෙකු විය. තවද ඔහු ඔහුගේ පරමාධිපති අබියස පිළිගනු ලැබූ කෙනෙකු ද විය.

### الآية 19:56

> ﻿وَاذْكُرْ فِي الْكِتَابِ إِدْرِيسَ ۚ إِنَّهُ كَانَ صِدِّيقًا نَبِيًّا [19:56]

තවද දේව ග්‍රන්ථයේ ඉද්රීස් ගැන ද මෙනෙහි කර බලනු. නියත වශයෙන්ම ඔහු සත්‍යවාදී නබිවරයකු විය.

### الآية 19:57

> ﻿وَرَفَعْنَاهُ مَكَانًا عَلِيًّا [19:57]

තවද උසස් ස්ථානයකට අපි ඔහු ව උසස් කළෙමු.

### الآية 19:58

> ﻿أُولَٰئِكَ الَّذِينَ أَنْعَمَ اللَّهُ عَلَيْهِمْ مِنَ النَّبِيِّينَ مِنْ ذُرِّيَّةِ آدَمَ وَمِمَّنْ حَمَلْنَا مَعَ نُوحٍ وَمِنْ ذُرِّيَّةِ إِبْرَاهِيمَ وَإِسْرَائِيلَ وَمِمَّنْ هَدَيْنَا وَاجْتَبَيْنَا ۚ إِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُ الرَّحْمَٰنِ خَرُّوا سُجَّدًا وَبُكِيًّا ۩ [19:58]

ඔවුහු ආදම්ගේ පරපුරින් ද නූහ් සමග අපි ඉසිලූ අයගෙන්ද ඉබ්‍රාහීම්ගේ හා ඉස්රාඊල්ගේ පරපුරින් ද අපි යහමඟ පෙන්වා තෝරා ගත් අයගෙන් ද වූ නබිවරුන් අතුරින් අල්ලාහ් කවරෙකු වෙත ආශිර්වාද කළේ ද එවැනි අය වෙති. ඔවුන් වෙත මහා කරුණාන්විතයාණන්ගේ වදන් පාරායනා කරනු ලබන විට අඬමින් සුජූද්හි වැටෙති.

### الآية 19:59

> ﻿۞ فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَضَاعُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهَوَاتِ ۖ فَسَوْفَ يَلْقَوْنَ غَيًّا [19:59]

ඔවුනට පසු ව පසුපරම්පරාවක් පැමිණියේය. ඔවුහු සලාතය පැහැර හැරියෝය. තවද ආශාවන් අනුගමනය කළෝය. එහෙයින් ඔවුහු නපුරු විපාකයට මතු මුහුණ දෙනු ඇත.

### الآية 19:60

> ﻿إِلَّا مَنْ تَابَ وَآمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَٰئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلَا يُظْلَمُونَ شَيْئًا [19:60]

නමුත් පසුතැවිලි වී විශ්වාස කොට යහකම් කළවුන් හැර. ඔවුහු වනාහි (ස්වර්ග) උයනට පිවිසෙන්නන් වෙති. තවද කිසිවකින් ඔවුහු අපරාධ කරනු නොලබති.

### الآية 19:61

> ﻿جَنَّاتِ عَدْنٍ الَّتِي وَعَدَ الرَّحْمَٰنُ عِبَادَهُ بِالْغَيْبِ ۚ إِنَّهُ كَانَ وَعْدُهُ مَأْتِيًّا [19:61]

මහා කරුණාන්විතයාණන් තම ගැත්තන්හට පොරොන්දු වූ අදෘශ්‍යමාන සදාතනික (ස්වර්ග) උයන්ය. නියත වශයෙන්ම ඔහුගේ පොරොන්දුව ගෙන එනු ලබන්නකි.

### الآية 19:62

> ﻿لَا يَسْمَعُونَ فِيهَا لَغْوًا إِلَّا سَلَامًا ۖ وَلَهُمْ رِزْقُهُمْ فِيهَا بُكْرَةً وَعَشِيًّا [19:62]

තවද ඔවුහු සලාම් හෙවත් ශාන්තිය මිස කිසිදු නිෂ්ඵල දෙයක් එහි සවන් නොදෙති. තවද ඔවුන්ගේ පෝෂණය උදේ හා හවස ඔවුනට එහි ඇත.

### الآية 19:63

> ﻿تِلْكَ الْجَنَّةُ الَّتِي نُورِثُ مِنْ عِبَادِنَا مَنْ كَانَ تَقِيًّا [19:63]

එය අපගේ ගැත්තන් අතුරින් බිය බැතිමත් වූ අයට අපි උරුම කර දෙන්නා වූ (ස්වර්ග) උයනයි.

### الآية 19:64

> ﻿وَمَا نَتَنَزَّلُ إِلَّا بِأَمْرِ رَبِّكَ ۖ لَهُ مَا بَيْنَ أَيْدِينَا وَمَا خَلْفَنَا وَمَا بَيْنَ ذَٰلِكَ ۚ وَمَا كَانَ رَبُّكَ نَسِيًّا [19:64]

නුඹගේ පරමාධිපතිගේ නියෝගයෙන් මිස අපි පහළ නොවන්නෙමු. තවද අප ඉදිරියේ ඇති දෑ ද අපට පසුපසින් ඇති දෑ ද ඒ අතර ඇති දෑ ද ඔහු සතුය. තවද නුඹගේ පරමාධිපති අමතක කරන්නෙකු නොවීය.

### الآية 19:65

> ﻿رَبُّ السَّمَاوَاتِ وَالْأَرْضِ وَمَا بَيْنَهُمَا فَاعْبُدْهُ وَاصْطَبِرْ لِعِبَادَتِهِ ۚ هَلْ تَعْلَمُ لَهُ سَمِيًّا [19:65]

(ඔහු) අහස් හා මහපොළොවේ ද ඒ දෙක අතර ඇති දෑහි ද හිමිපාණන්ය. එහෙයින් නුඹ ඔහුට ගැතිකම් කරනු. තවද ඔහුට ගැතිකම් කිරීම සඳහා ඉවසීමෙන් දරා සිටිනු. ඔහුට (සමානව) නම් කළ හැකි කෙනෙකු නුඹ දන්නෙහි ද?

### الآية 19:66

> ﻿وَيَقُولُ الْإِنْسَانُ أَإِذَا مَا مِتُّ لَسَوْفَ أُخْرَجُ حَيًّا [19:66]

තවද මා මිය ගිය විට ජීවමාන ව මා බැහැර කරනු ලබන්නෙම් දැයි මිනිසා විමසා සිටියි.

### الآية 19:67

> ﻿أَوَلَا يَذْكُرُ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ قَبْلُ وَلَمْ يَكُ شَيْئًا [19:67]

මීට පෙර කිසිවක් ලෙස නොපැවති තත්ත්වයේ සිට සැබැවින්ම අපි ඔහු ව මැවූ බව මිනිසා මෙනෙහි කළ යුතු නොවේ ද?

### الآية 19:68

> ﻿فَوَرَبِّكَ لَنَحْشُرَنَّهُمْ وَالشَّيَاطِينَ ثُمَّ لَنُحْضِرَنَّهُمْ حَوْلَ جَهَنَّمَ جِثِيًّا [19:68]

එහෙයින් නුඹගේ පරමාධිපතිගේ නාමයෙන් සැබැවින්ම අපි ඔවුන් හා ෂෙයිතානුන් ව නැවත රැස් කරන්නෙමු. පසු ව නිරය වටා ඔවුන් දණින් තබමින් සම්මුඛ කරවන්නෙමු.

### الآية 19:69

> ﻿ثُمَّ لَنَنْزِعَنَّ مِنْ كُلِّ شِيعَةٍ أَيُّهُمْ أَشَدُّ عَلَى الرَّحْمَٰنِ عِتِيًّا [19:69]

පසු ව සෑම කණ්ඩායමකින්ම කවරෙකු මහා කරුණාන්විතයාණන් කෙරෙහි දැඩි ලෙස අපරාධ කරමින් පසු වූයේ ද ඔවුන් ව අපි ගලවා ගන්නෙමු.

### الآية 19:70

> ﻿ثُمَّ لَنَحْنُ أَعْلَمُ بِالَّذِينَ هُمْ أَوْلَىٰ بِهَا صِلِيًّا [19:70]

එහි පිවිස දැවීමට වඩාත් සුදුස්සන් වූ අය පිළිබඳ ව සැබැවින්ම අපි මැනවින් දනිමු.

### الآية 19:71

> ﻿وَإِنْ مِنْكُمْ إِلَّا وَارِدُهَا ۚ كَانَ عَلَىٰ رَبِّكَ حَتْمًا مَقْضِيًّا [19:71]

තවද නුඹලා අතුරින් එහි නොපැමිණෙන කිසිවකු නැත. එය නුඹගේ පරමාධිපති වෙත නියම වූ තීන්දුවක් විය.

### الآية 19:72

> ﻿ثُمَّ نُنَجِّي الَّذِينَ اتَّقَوْا وَنَذَرُ الظَّالِمِينَ فِيهَا جِثِيًّا [19:72]

පසු ව අපි බිය හැඟීමෙන් යුතු ව කටයුතු කළවුන් (නිරයෙන්) මුදවා ගන්නෙමු. තවද අපරාධකරුවන් එහි දණින් වැටී සිටීමට අත හැර දමන්නෙමු.

### الآية 19:73

> ﻿وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَيُّ الْفَرِيقَيْنِ خَيْرٌ مَقَامًا وَأَحْسَنُ نَدِيًّا [19:73]

අපගේ වදන් පැහැදිලි ව ඔවුන් වෙත පාරායනය කර පෙන්වනු ලබන විට ප්‍රතික්ෂේප කළවුන් දේව විශ්වාසවන්තයින් දෙස බලා ‘(අප) කණ්ඩායම් දෙකින් නිලයෙන් වඩාත් ශ්‍රේෂ්ඨ හා සභාවෙන් වඩාත් අලංකාර වන්නේ කවරහු දැ’යි විමසීය.

### الآية 19:74

> ﻿وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هُمْ أَحْسَنُ أَثَاثًا وَرِئْيًا [19:74]

ඔවුනට පෙර, සම්පත් හා පෙනුමෙන් වඩාත් අලංකාර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද ?

### الآية 19:75

> ﻿قُلْ مَنْ كَانَ فِي الضَّلَالَةِ فَلْيَمْدُدْ لَهُ الرَّحْمَٰنُ مَدًّا ۚ حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ إِمَّا الْعَذَابَ وَإِمَّا السَّاعَةَ فَسَيَعْلَمُونَ مَنْ هُوَ شَرٌّ مَكَانًا وَأَضْعَفُ جُنْدًا [19:75]

කවරෙකු මුළාවෙහි සිටිත් ද එවිට මහා කරුණාන්විතයාණන් ඔහුට (මෙලොව වස්තුව) දිගු හරිමින් දෙනු ඇත. එය ඔවුනට දඬුවමක් වශයෙන් හෝ අවසන් හෝරාවෙහි හෝ ප්‍රතිඥා දෙනු ලැබූ දෑ ඔවුන් දකින තෙක් වනු ඇත. එවිට ස්ථානයෙන් නපුරු වන්නේ කවරෙකු ද එමෙන්ම සේනාවෙන් වඩාත් දුර්වල කවරෙකු ද යන වග ඔවුහු මතු දැන ගනු ඇත.

### الآية 19:76

> ﻿وَيَزِيدُ اللَّهُ الَّذِينَ اهْتَدَوْا هُدًى ۗ وَالْبَاقِيَاتُ الصَّالِحَاتُ خَيْرٌ عِنْدَ رَبِّكَ ثَوَابًا وَخَيْرٌ مَرَدًّا [19:76]

යහ මග ලැබූවන්හට අල්ලාහ් යහ මග අධික කරයි. ශේෂ ව පවතින යහකම් නුඹගේ පරමාධිපති අබියස කුසලින් වඩාත් උතුම්ය. තවද නැවත යොමු වීමෙන් ද වඩාත් උතුම්ය.

### الآية 19:77

> ﻿أَفَرَأَيْتَ الَّذِي كَفَرَ بِآيَاتِنَا وَقَالَ لَأُوتَيَنَّ مَالًا وَوَلَدًا [19:77]

අපගේ වදන් ප්‍රතික්ෂේප කළ අය නුඹ නොදුටුවෙහිද? සැබැවින්ම ධනය හා දරුවන් මට දෙනු ලබනු ඇතැයි ඔහු පැවසීය.

### الآية 19:78

> ﻿أَطَّلَعَ الْغَيْبَ أَمِ اتَّخَذَ عِنْدَ الرَّحْمَٰنِ عَهْدًا [19:78]

ඔහු ගුප්ත දෑ දෙස එඹී බැලුවේ ද? එසේ නැතහොත් මහා කරුණාන්විතයාණන් වෙතින් ඔහු ගිවිසුමක් ගෙන ඇත්ද?

### الآية 19:79

> ﻿كَلَّا ۚ سَنَكْتُبُ مَا يَقُولُ وَنَمُدُّ لَهُ مِنَ الْعَذَابِ مَدًّا [19:79]

එසේ නොව ඔහු පවසන දෑ අපි ලියා තබන්නෙමු. තවද අපි දඬුවම දිගු කර ඔහුට පිරිනමන්නෙමු.

### الآية 19:80

> ﻿وَنَرِثُهُ مَا يَقُولُ وَيَأْتِينَا فَرْدًا [19:80]

ඔහු පවසන දෑ අපි ඔහුට උරුම කර දෙන්නෙමු. ඔහු අප වෙත තනි ව පැමිණෙනු ඇත.

### الآية 19:81

> ﻿وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لِيَكُونُوا لَهُمْ عِزًّا [19:81]

තවද අල්ලාහ්ගෙන් තොර ව (වෙනත්) දෙවිවරුන් ඔවුනට බලයක් වනු පිණිස ඔවුහු ගත්තෝය.

### الآية 19:82

> ﻿كَلَّا ۚ سَيَكْفُرُونَ بِعِبَادَتِهِمْ وَيَكُونُونَ عَلَيْهِمْ ضِدًّا [19:82]

එසේ නොව ඔවුන් කළ ගැතිකම් ඔවුන් ප්‍රතික්ෂේප කරනු ඇත. තවද ඔවුනට එරෙහි ව විරුද්ධව ඔවුහු සිටිනු ඇත.

### الآية 19:83

> ﻿أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا [19:83]

ඔවුන් දැඩි ලෙස පොලඹවන ෂෙයිතානුන් දේව ප්‍රතික්ෂේපකයින් වෙත සැබැවින්ම අපි එවා ඇති බව නුඹ නුදුටුවෙහි ද?

### الآية 19:84

> ﻿فَلَا تَعْجَلْ عَلَيْهِمْ ۖ إِنَّمَا نَعُدُّ لَهُمْ عَدًّا [19:84]

එහෙයින් ඔවුනට එරෙහි ව නුඹ ඉක්මන් නොවනු. ඔවුන් සඳහා අපි ගණන් ගනුයේ නියමිත ගණනයක් වෙතය.

### الآية 19:85

> ﻿يَوْمَ نَحْشُرُ الْمُتَّقِينَ إِلَى الرَّحْمَٰنِ وَفْدًا [19:85]

බිය බැතිමතුන් කණ්ඩායමක් වශයෙන් මහා කරුණාන්විතයාණන් වෙත අපි එක් රැස් කරන දින

### الآية 19:86

> ﻿وَنَسُوقُ الْمُجْرِمِينَ إِلَىٰ جَهَنَّمَ وِرْدًا [19:86]

වැරදිකරුවන් පිපාසයෙන් යුතු ව ගමන් කරවමින් නිරය වෙත අපි දක්කාගෙන යන්නෙමු.

### الآية 19:87

> ﻿لَا يَمْلِكُونَ الشَّفَاعَةَ إِلَّا مَنِ اتَّخَذَ عِنْدَ الرَّحْمَٰنِ عَهْدًا [19:87]

මහා කරුණාන්විතයාණන් වෙතින් ප්‍රතිඥාවක් ගත් අයට හැර මැදිහත්වීම ඔවුනට සතු නොවෙයි.

### الآية 19:88

> ﻿وَقَالُوا اتَّخَذَ الرَّحْمَٰنُ وَلَدًا [19:88]

තවද මහා කරුණාන්විතයාණන් දරුවකු ගත්තේ යැයි ඔවුහු පැවසූහ.

### الآية 19:89

> ﻿لَقَدْ جِئْتُمْ شَيْئًا إِدًّا [19:89]

සැබැවින්ම නුඹලා බරපතළ කරුණක් ගෙනැවිත් ඇත.

### الآية 19:90

> ﻿تَكَادُ السَّمَاوَاتُ يَتَفَطَّرْنَ مِنْهُ وَتَنْشَقُّ الْأَرْضُ وَتَخِرُّ الْجِبَالُ هَدًّا [19:90]

ඒ හේතුවෙන් අහස් ඉරිතැලෙන්නටත් මහපොළොව පැළෙන්නටත් කඳු සුණුවිසුණු වී කඩා වැටෙන්නටත් තැත් කරයි.

### الآية 19:91

> ﻿أَنْ دَعَوْا لِلرَّحْمَٰنِ وَلَدًا [19:91]

මහා කරුණාන්විතයාණන්හට දරුවකු වෙතැයි ඔවුහු ඇමතූ හෙයිනි.

### الآية 19:92

> ﻿وَمَا يَنْبَغِي لِلرَّحْمَٰنِ أَنْ يَتَّخِذَ وَلَدًا [19:92]

තවද මහා කරුණාන්විතයාණන් හට දරුවකු ගැනීමට අවශ්‍ය නොවීය.

### الآية 19:93

> ﻿إِنْ كُلُّ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ إِلَّا آتِي الرَّحْمَٰنِ عَبْدًا [19:93]

අහස්හි හා මහපොළොවේ ඇති සියලු දෙනා මහා කරුණාන්විතයාණන් වෙත ගැත්තකු ලෙස පැමිණෙනු මිස නැත.

### الآية 19:94

> ﻿لَقَدْ أَحْصَاهُمْ وَعَدَّهُمْ عَدًّا [19:94]

සැබැවින්ම ඔහු ඔවුන් සටහන් කර ඇත. එමෙන්ම ඔහු ගණන් බැලීමකින් ඔවුන් ගණන් කොට ඇත.

### الآية 19:95

> ﻿وَكُلُّهُمْ آتِيهِ يَوْمَ الْقِيَامَةِ فَرْدًا [19:95]

තවද මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දින ඔවුන් සෑම කෙනෙකුම ඔහු වෙත තනි ව පැමිණෙනු ඇත.

### الآية 19:96

> ﻿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ سَيَجْعَلُ لَهُمُ الرَّحْمَٰنُ وُدًّا [19:96]

නියත වශයෙන්ම විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුනට මහා කරුණාන්විතයාණන් මතු සෙනෙහස ඇති කරයි.

### الآية 19:97

> ﻿فَإِنَّمَا يَسَّرْنَاهُ بِلِسَانِكَ لِتُبَشِّرَ بِهِ الْمُتَّقِينَ وَتُنْذِرَ بِهِ قَوْمًا لُدًّا [19:97]

එසේ නුඹගේ බසින්ම අපි එය පහසු කරනුයේ එමගින් නුඹ බිය බැතිමතුන්හට ශුභාරංචි දැන්වීමට හා මුරණ්ඩු ජනයා වෙත එමගින් නුඹ අවවාද කිරීමටය.

### الآية 19:98

> ﻿وَكَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنْ قَرْنٍ هَلْ تُحِسُّ مِنْهُمْ مِنْ أَحَدٍ أَوْ تَسْمَعُ لَهُمْ رِكْزًا [19:98]

ඔවුනට පෙර වූ පරම්පරාවන්ගෙන් කොපමණක් දෙනා අපි විනාශ කළෙමු ද? ඔවුන්ගෙන් කිසිවෙකු ගැන හෝ නුඹට හැඟිය හැකි ද? නැතහොත් (ඔවුන්ගේ) කෙඳිරීමට ඔවුනට නුඹ සවන් දිය හැකි ද?

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/19.md)
- [كل تفاسير سورة مريم
](https://quranpedia.net/surah-tafsir/19.md)
- [ترجمات سورة مريم
](https://quranpedia.net/translations/19.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/19/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
