---
title: "ترجمة سورة المؤمنون - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/23/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/23/book/1993"
surah_id: "23"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة المؤمنون - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/23/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة المؤمنون - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/23/book/1993*.

Translation of Surah المؤمنون from "الترجمة السنهالية" in السنهالية.

### الآية 23:1

> قَدْ أَفْلَحَ الْمُؤْمِنُونَ [23:1]

දෙවිඳුන් පිළිබඳ විශ්වාසය ඇත්තෝ සැබැවින්ම ජය ලැබුවෝය.

### الآية 23:2

> ﻿الَّذِينَ هُمْ فِي صَلَاتِهِمْ خَاشِعُونَ [23:2]

ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයේ දී බිය බැතිමතුන් වෙති.

### الآية 23:3

> ﻿وَالَّذِينَ هُمْ عَنِ اللَّغْوِ مُعْرِضُونَ [23:3]

තවද ඔවුහු වනාහි නිෂ්ඵල දැයින් වැළකෙන්නෝ වෙති.

### الآية 23:4

> ﻿وَالَّذِينَ هُمْ لِلزَّكَاةِ فَاعِلُونَ [23:4]

තවද ඔවුහු වනාහි සකාත් ඉටු කරන්නෝ වෙති.

### الآية 23:5

> ﻿وَالَّذِينَ هُمْ لِفُرُوجِهِمْ حَافِظُونَ [23:5]

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ ලිංගේන්ද්‍රියන් සුරක්ෂා කර ගන්නෝ වෙති.

### الآية 23:6

> ﻿إِلَّا عَلَىٰ أَزْوَاجِهِمْ أَوْ مَا مَلَكَتْ أَيْمَانُهُمْ فَإِنَّهُمْ غَيْرُ مَلُومِينَ [23:6]

නමුත් ඔවුන්ගේ බිරියන් හා ඔවුන්ගේ දකුණත් හිමි කර ගත් වහල් කාන්තාවන් (සමග) හැර. ඒ හේතුවෙන් නියත වශයෙන්ම ඔවුහු දොස් නගනු ලබන්නන් නොවෙති.

### الآية 23:7

> ﻿فَمَنِ ابْتَغَىٰ وَرَاءَ ذَٰلِكَ فَأُولَٰئِكَ هُمُ الْعَادُونَ [23:7]

එහෙයින් කවරෙකු ඉන් ඔබ්බට සොයන්නේ ද? එවිට ඔවුහුමය සීමාව ඉක්මවා යන්නෝ.

### الآية 23:8

> ﻿وَالَّذِينَ هُمْ لِأَمَانَاتِهِمْ وَعَهْدِهِمْ رَاعُونَ [23:8]

තවද ඔවුහු වනාහි ඔවුන් වෙත පැවරුණු පැවරුම් හා ඔවුන්ගේ ගිවිසුම් (නිසි අයුරින්) මෙහෙයවන්නෝ වෙති.

### الآية 23:9

> ﻿وَالَّذِينَ هُمْ عَلَىٰ صَلَوَاتِهِمْ يُحَافِظُونَ [23:9]

තවද ඔවුහු වනාහි ඔවුන්ගේ සලාතයන් කෙරෙහි සුරක්ෂාවෙන් සිටින්නෝ වෙති.

### الآية 23:10

> ﻿أُولَٰئِكَ هُمُ الْوَارِثُونَ [23:10]

ඔවුහුමය උරුමක්කරුවෝ

### الآية 23:11

> ﻿الَّذِينَ يَرِثُونَ الْفِرْدَوْسَ هُمْ فِيهَا خَالِدُونَ [23:11]

ෆිර්දවුස්(නම් ස්වර්ග)ය උරුම කර ගත්තෝ ඔවුන්ය. ඔවුහු එහි සදාතනිකයෝ වෙති.

### الآية 23:12

> ﻿وَلَقَدْ خَلَقْنَا الْإِنْسَانَ مِنْ سُلَالَةٍ مِنْ طِينٍ [23:12]

සැබැවින්ම අපි මැටි සාරයෙන් මිනිසා මැව්වෙමු.

### الآية 23:13

> ﻿ثُمَّ جَعَلْنَاهُ نُطْفَةً فِي قَرَارٍ مَكِينٍ [23:13]

පසු ව අපි ඔහු සුරක්ෂිත ස්ථානයක ශුක්‍රාණුවක් ලෙස තැන්පත් කළෙමු.

### الآية 23:14

> ﻿ثُمَّ خَلَقْنَا النُّطْفَةَ عَلَقَةً فَخَلَقْنَا الْعَلَقَةَ مُضْغَةً فَخَلَقْنَا الْمُضْغَةَ عِظَامًا فَكَسَوْنَا الْعِظَامَ لَحْمًا ثُمَّ أَنْشَأْنَاهُ خَلْقًا آخَرَ ۚ فَتَبَارَكَ اللَّهُ أَحْسَنُ الْخَالِقِينَ [23:14]

පසු ව අපි එම ශුක්‍රාණු ව එල්ලී පවතින ලේ කැටියක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම එල්ලී පවතින ලේ කැටිය මස් ගොබක් බවට නිර්මාණය කළෙමු. පසු ව එම මස් ගොබ අස්ථි බවට නිර්මාණය කළෙමු. පසු ව අපි එම අස්ථි මසින් ඇන්දෙව්වෙමු. පසු ව අපි ඔහු ව වෙනත් මැවීමක් ලෙසින් බිහි කළෙමු. එහෙයින් මැවීම් අතුරින් වඩාත් අලංකාර වූ අල්ලාහ් අති උත්කෘෂ්ට විය.

### الآية 23:15

> ﻿ثُمَّ إِنَّكُمْ بَعْدَ ذَٰلِكَ لَمَيِّتُونَ [23:15]

ඉන් අනතුරු ව නියත වශයෙන්ම නුඹලා මරණයට පත් වන්නෝ වෙති.

### الآية 23:16

> ﻿ثُمَّ إِنَّكُمْ يَوْمَ الْقِيَامَةِ تُبْعَثُونَ [23:16]

පසු ව නියත වශයෙන්ම නුඹලා මළවුන් කෙරෙන් නැගිටු වනු ලබන දිනයේ නැගිටු වනු ලබති.

### الآية 23:17

> ﻿وَلَقَدْ خَلَقْنَا فَوْقَكُمْ سَبْعَ طَرَائِقَ وَمَا كُنَّا عَنِ الْخَلْقِ غَافِلِينَ [23:17]

තවද නුඹලාට ඉහළින් මාවත් හතක් මැව්වෙමු. තවද මැවීම් පිළිබඳ ව අපි අනවධානීන් නොවූයෙමු.

### الآية 23:18

> ﻿وَأَنْزَلْنَا مِنَ السَّمَاءِ مَاءً بِقَدَرٍ فَأَسْكَنَّاهُ فِي الْأَرْضِ ۖ وَإِنَّا عَلَىٰ ذَهَابٍ بِهِ لَقَادِرُونَ [23:18]

තවද අපි අහසින් ජලය ප්‍රමාණ කොට පහළ කර මහපොළොවට පතිත කළෙමු. එමෙන්ම නියත වශයෙන්ම අපි එය පහ කිරීමටත් බලය ඇත්තෝ වන්නෙමු.

### الآية 23:19

> ﻿فَأَنْشَأْنَا لَكُمْ بِهِ جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ لَكُمْ فِيهَا فَوَاكِهُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ [23:19]

පසු ව අපි එමගින් නුඹලාට ඉඳි හා මිදියෙන් යුත් උයන් බිහි කළෙමු. එහි නුඹලාට අධික පලතුරුද ඇත. එමගින් නුඹලා අනුභව කරන්නෙහුය.

### الآية 23:20

> ﻿وَشَجَرَةً تَخْرُجُ مِنْ طُورِ سَيْنَاءَ تَنْبُتُ بِالدُّهْنِ وَصِبْغٍ لِلْآكِلِينَ [23:20]

තවද තූර් සයිනා කන්දෙන් මතු වන ගසක් ද (අපි බිහි කළෙමු.) එය තෙල් හා අනුභව කරන්නන්හට රුචිය ද හට ගන්වයි.

### الآية 23:21

> ﻿وَإِنَّ لَكُمْ فِي الْأَنْعَامِ لَعِبْرَةً ۖ نُسْقِيكُمْ مِمَّا فِي بُطُونِهَا وَلَكُمْ فِيهَا مَنَافِعُ كَثِيرَةٌ وَمِنْهَا تَأْكُلُونَ [23:21]

තවද නියත වශයෙන්ම ගොවිපළ සතුන් තුළ නුඹලාට පාඩමක් ඇත. උන්ගේ උදරය තුළ ඇති දැයින් අපි නුඹලාට පානය සපයන්නෙමු. තවද නුඹලාට එහි බොහෝ ප්‍රයෝජන ද ඇත. තවද නුඹලා එයින් අනුභව කරන්නෙහුය.

### الآية 23:22

> ﻿وَعَلَيْهَا وَعَلَى الْفُلْكِ تُحْمَلُونَ [23:22]

තවද ඒ මත ද නැව මත ද නුඹලා උසුලාගෙන යනු ලබන්නෙහුය.

### الآية 23:23

> ﻿وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَىٰ قَوْمِهِ فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ [23:23]

තවද සැබැවින්ම අපි නූහ් ඔහුගේ සමූහයා වෙත එව්වෙමු. එවිට ඔහු අහෝ ! මාගේ ජනයිනි, නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර නුඹලාට කිසිදු දෙවියෙකු නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නොවේ ද?

### الآية 23:24

> ﻿فَقَالَ الْمَلَأُ الَّذِينَ كَفَرُوا مِنْ قَوْمِهِ مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يُرِيدُ أَنْ يَتَفَضَّلَ عَلَيْكُمْ وَلَوْ شَاءَ اللَّهُ لَأَنْزَلَ مَلَائِكَةً مَا سَمِعْنَا بِهَٰذَا فِي آبَائِنَا الْأَوَّلِينَ [23:24]

ඔහුගේ ජනයා අතුරින් වූ ප්‍රතික්ෂේප කළවුන් අතර වූ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලාට වඩා උසස් වන්නට ඔහු අපේක්ෂා කරයි. අල්ලාහ් අභිමත කළේ නම් මලක්වරුන් පහළ කරන්නට තිබුණි. මේ පිළිබඳ ව අපගේ මුල් මුතුන් මිත්තන්ගෙන් පවා අප අසා නැත’ යැයි පැවසූහ.

### الآية 23:25

> ﻿إِنْ هُوَ إِلَّا رَجُلٌ بِهِ جِنَّةٌ فَتَرَبَّصُوا بِهِ حَتَّىٰ حِينٍ [23:25]

ඔහු උමතු ව ඇති මිනිසකු මිස නැත. එහෙයින් ටික කලක් දක්වා ඔහු ගැන බලා පොරොත්තුවෙන් සිටිනු.

### الآية 23:26

> ﻿قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ [23:26]

මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව ! යැයි ඔහු පැවසුවේය.

### الآية 23:27

> ﻿فَأَوْحَيْنَا إِلَيْهِ أَنِ اصْنَعِ الْفُلْكَ بِأَعْيُنِنَا وَوَحْيِنَا فَإِذَا جَاءَ أَمْرُنَا وَفَارَ التَّنُّورُ ۙ فَاسْلُكْ فِيهَا مِنْ كُلٍّ زَوْجَيْنِ اثْنَيْنِ وَأَهْلَكَ إِلَّا مَنْ سَبَقَ عَلَيْهِ الْقَوْلُ مِنْهُمْ ۖ وَلَا تُخَاطِبْنِي فِي الَّذِينَ ظَلَمُوا ۖ إِنَّهُمْ مُغْرَقُونَ [23:27]

අපගේ අධීක්ෂණය හා අපගේ දේව පණිවිඩ අනුව නුඹ නැව තනනු යැයි අපි ඔහු වෙත දේව පණිවිඩ එව්වෙමු. අපගේ නියෝගය පැමිණි විට හා ලිප උතුරන විට සෑම දෙයක ජෝඩුවකින්ම දෙදෙනෙකු බැගින් ද ඔවුන් අතරින් කවරෙකු කෙරෙහි ප්‍රකාශය පෙරටු වූයේ ද එවන් අය හැර නුඹගේ පවුලේ සෙසු අය ද එහි කැටුවා ගෙන යනු. අපරාධ කළවුන් සම්බන්ධයෙන් නුඹ මා සමග කතා නොකරනු. නියත වශයෙන්ම ඔවුහු ගිල් වනු ලබන්නන් වෙති.

### الآية 23:28

> ﻿فَإِذَا اسْتَوَيْتَ أَنْتَ وَمَنْ مَعَكَ عَلَى الْفُلْكِ فَقُلِ الْحَمْدُ لِلَّهِ الَّذِي نَجَّانَا مِنَ الْقَوْمِ الظَّالِمِينَ [23:28]

නුඹ හා නුඹ සමග වූවන් නැව මත ස්ථාපිත වූ විට, ‘අපරාධකාරී ජනයාගෙන් අප මුදවා ගත් අල්ලාහ්ටම සියලු ප්‍රශංසා’ යැයි නුඹ පවසනු.

### الآية 23:29

> ﻿وَقُلْ رَبِّ أَنْزِلْنِي مُنْزَلًا مُبَارَكًا وَأَنْتَ خَيْرُ الْمُنْزِلِينَ [23:29]

තවද මාගේ පරමාධිපතියාණනි, සමෘද්ධිමත් ස්ථානයකට මා ගොඩ බස්වනු මැනව ! තවද නුඹ ගොඩ බස්වන්නන් අතර ශ්‍රේෂ්ඨය යැයි නුඹ පවසනු.

### الآية 23:30

> ﻿إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ وَإِنْ كُنَّا لَمُبْتَلِينَ [23:30]

නියත වශයෙන්ම එහි සංඥා ඇත. තවද සැබැවින්ම අපි පරීක්ෂා කරනු ලබන්නන් වූයෙමු.

### الآية 23:31

> ﻿ثُمَّ أَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قَرْنًا آخَرِينَ [23:31]

අනතුරු ව ඔවුන්ගෙන් පසු ව අපි වෙනත් පරපුරක් බිහි කළෙමු.

### الآية 23:32

> ﻿فَأَرْسَلْنَا فِيهِمْ رَسُولًا مِنْهُمْ أَنِ اعْبُدُوا اللَّهَ مَا لَكُمْ مِنْ إِلَٰهٍ غَيْرُهُ ۖ أَفَلَا تَتَّقُونَ [23:32]

‘නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නුඹලාට නොමැත. නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැ’යි විමසමින් අපි ඔවුන්ගෙන් වූ රසූල්වරයකු එවිට ඔවුන් අතරට එව්වෙමු.

### الآية 23:33

> ﻿وَقَالَ الْمَلَأُ مِنْ قَوْمِهِ الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِلِقَاءِ الْآخِرَةِ وَأَتْرَفْنَاهُمْ فِي الْحَيَاةِ الدُّنْيَا مَا هَٰذَا إِلَّا بَشَرٌ مِثْلُكُمْ يَأْكُلُ مِمَّا تَأْكُلُونَ مِنْهُ وَيَشْرَبُ مِمَّا تَشْرَبُونَ [23:33]

ඔහුගේ ජනයා අතුරින් මෙලොව ජීවිතයෙහි අපි ඔවුනට දායාද කළ, පරමාන්ත දිනයේ හමු ව බොරු කළ දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් වූ ප්‍රධානීහු ‘මොහු නුඹලා මෙන් මිනිසකු මිස නැත. නුඹලා අනුභව කරන දැයින් ඔහු ද අනුභව කරයි. නුඹලා පානය කරන දැයින් ඔහු ද පානය කරයි’ යැයි පැවසුවෝය.

### الآية 23:34

> ﻿وَلَئِنْ أَطَعْتُمْ بَشَرًا مِثْلَكُمْ إِنَّكُمْ إِذًا لَخَاسِرُونَ [23:34]

නුඹලා මෙන් වූ මිනිසකුට නුඹලා යටත් වූයේ නම් නියත වශයෙන්ම නුඹලා එවිට අලාභවන්තයෝ වන්නෙහුය.

### الآية 23:35

> ﻿أَيَعِدُكُمْ أَنَّكُمْ إِذَا مِتُّمْ وَكُنْتُمْ تُرَابًا وَعِظَامًا أَنَّكُمْ مُخْرَجُونَ [23:35]

නියත වශයෙන්ම නුඹලා මිය ගොස්, පස් හා අස්ථි බවට නුඹලා පත් වූ විට නියත වශයෙන්ම නුඹලා (ට නැවත ප්‍රාණය දී) බැහැර කරනු ලබන්නෝ යැයි ඔහු නුඹලාට අවවාද කරන්නේද ?

### الآية 23:36

> ﻿۞ هَيْهَاتَ هَيْهَاتَ لِمَا تُوعَدُونَ [23:36]

නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ ඉතා දුරස්ය. ඉතා දුරස්ය.

### الآية 23:37

> ﻿إِنْ هِيَ إِلَّا حَيَاتُنَا الدُّنْيَا نَمُوتُ وَنَحْيَا وَمَا نَحْنُ بِمَبْعُوثِينَ [23:37]

මෙය, අපගේ මෙලොව ජීවිතය හැර වෙනෙකක් නොවේ. අපි මිය යන්නෙමු. තවද අපි ජීවත් වන්නෙමු. තවද අපි නැවත නැගිටුවනු ලබන්නන් නොවෙමු.

### الآية 23:38

> ﻿إِنْ هُوَ إِلَّا رَجُلٌ افْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا وَمَا نَحْنُ لَهُ بِمُؤْمِنِينَ [23:38]

ඔහු අල්ලාහ් කෙරෙහි බොරුවක් ගොතා පවසන මිනිසෙකු මිස නැත. තවද අපි ඔහු ව විශ්වාස කරන්නන් නොවෙමු.

### الآية 23:39

> ﻿قَالَ رَبِّ انْصُرْنِي بِمَا كَذَّبُونِ [23:39]

මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා බොරු කිරීම සම්බන්ධයෙන් ඔබ මට උදව් කරනු මැනව !

### الآية 23:40

> ﻿قَالَ عَمَّا قَلِيلٍ لَيُصْبِحُنَّ نَادِمِينَ [23:40]

මද කලකින් සැබැවින්ම ඔවුන් පසුතැවිලි වන්නන් බවට පත් වනු ඇතැයි ඔහු පැවසුවේය.

### الآية 23:41

> ﻿فَأَخَذَتْهُمُ الصَّيْحَةُ بِالْحَقِّ فَجَعَلْنَاهُمْ غُثَاءً ۚ فَبُعْدًا لِلْقَوْمِ الظَّالِمِينَ [23:41]

එවිට මහා හඬ නියම අයුරින් ඔවුන් ව හසු කර ගත්තේය. පසු ව වියළී ගිය ඉපැනැලි බවට අපි ඔවුන් පත් කළෙමු. අපරාධකාරී ජනයාට ශාපයක්ම වේවා !

### الآية 23:42

> ﻿ثُمَّ أَنْشَأْنَا مِنْ بَعْدِهِمْ قُرُونًا آخَرِينَ [23:42]

අනතුරු ව ඔවුන්ගෙන් පසු ව අපි වෙනත් පරම්පරාවන් බිහි කළෙමු.

### الآية 23:43

> ﻿مَا تَسْبِقُ مِنْ أُمَّةٍ أَجَلَهَا وَمَا يَسْتَأْخِرُونَ [23:43]

කිසිදු සමූහයක් එහි නියමිත කාලය අබිබවා නොයයි. තවද ඔවුහු ප්‍රමාද ද නොවෙති.

### الآية 23:44

> ﻿ثُمَّ أَرْسَلْنَا رُسُلَنَا تَتْرَىٰ ۖ كُلَّ مَا جَاءَ أُمَّةً رَسُولُهَا كَذَّبُوهُ ۚ فَأَتْبَعْنَا بَعْضَهُمْ بَعْضًا وَجَعَلْنَاهُمْ أَحَادِيثَ ۚ فَبُعْدًا لِقَوْمٍ لَا يُؤْمِنُونَ [23:44]

පසු ව අපගේ දූතවරුන් අනුපිළිවෙළින් අපි එව්වෙමු. සමූහයක් වෙත එහි රසූල්වරයා පැමිණි සෑම අවස්ථාවකම ඔවුහු ඔහුව බොරු කළෝය. එහෙයින් ඔවුන්ගෙන් ඇතැමෙකු විසින් ඇතැමෙකුට (දඬුවම) අනුගමනය කෙරෙව්වෙමු. තවද අපි ඔවුන් පුරාණ කතා බවට පත් කළෙමු. එහෙයින් විශ්වාස නොකරන ජනයාට ශාපයක්ම වේවා!

### الآية 23:45

> ﻿ثُمَّ أَرْسَلْنَا مُوسَىٰ وَأَخَاهُ هَارُونَ بِآيَاتِنَا وَسُلْطَانٍ مُبِينٍ [23:45]

පසු ව අපි අපගේ සංඥා හා පැහැදිලි අණ බලය සමග මූසා හා ඔහුගේ සහෝදර හාරූන් යැව්වෙමු.

### الآية 23:46

> ﻿إِلَىٰ فِرْعَوْنَ وَمَلَئِهِ فَاسْتَكْبَرُوا وَكَانُوا قَوْمًا عَالِينَ [23:46]

ෆිර්අවුන් වෙත හා ඔහුගේ ප්‍රධානීන් වෙත. නමුත් ඔවුහු උඩඟු වූහ. තවද ඔවුහු අහංකාර පිරිසක් වූහ.

### الآية 23:47

> ﻿فَقَالُوا أَنُؤْمِنُ لِبَشَرَيْنِ مِثْلِنَا وَقَوْمُهُمَا لَنَا عَابِدُونَ [23:47]

ඔවුන් දෙදෙනාගේ ජනයා අපට ගැතිකම් කරන්නන් ලෙස සිටිය දී අප මෙන් මිනිසුන් දෙදෙනෙකු අපි විශ්වාස කරන්නෙමු ද? යැයි ඔවුහු පැවසුවෝය.

### الآية 23:48

> ﻿فَكَذَّبُوهُمَا فَكَانُوا مِنَ الْمُهْلَكِينَ [23:48]

එහෙයින් ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝය. එවිට ඔවුහු විනාශ කරනු ලැබූවන් අතුරින් වූහ.

### الآية 23:49

> ﻿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ لَعَلَّهُمْ يَهْتَدُونَ [23:49]

තවද ඔවුන් ඍජු මග ලැබිය හැකි වනු පිණිස සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු.

### الآية 23:50

> ﻿وَجَعَلْنَا ابْنَ مَرْيَمَ وَأُمَّهُ آيَةً وَآوَيْنَاهُمَا إِلَىٰ رَبْوَةٍ ذَاتِ قَرَارٍ وَمَعِينٍ [23:50]

තවද මර්යම්ගේ පුත් හා ඔහුගේ මව සංඥාවක් බවට අපි පත් කළෙමු. උල්පත් හා තැනිතලා සහිත උස් තලාවක ඔවුන් දෙදෙනාට අපි නවාතැන් දුනිමු.

### الآية 23:51

> ﻿يَا أَيُّهَا الرُّسُلُ كُلُوا مِنَ الطَّيِّبَاتِ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ عَلِيمٌ [23:51]

අහෝ ! දූතවරුනි, පිවිතුරු දැයින් නුඹලා අනුභව කරනු. තවද දැහැමි කටයුතු සිදු කරනු. නියත වශයෙන්ම මා නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.

### الآية 23:52

> ﻿وَإِنَّ هَٰذِهِ أُمَّتُكُمْ أُمَّةً وَاحِدَةً وَأَنَا رَبُّكُمْ فَاتَّقُونِ [23:52]

නුඹලාගේ මෙම සමාජය එකම සමාජයකි. තවද මම නුඹලාගේ පරමාධිපති වෙමි. එහෙයින් නුඹලා මට බිය බැතිමත් වනු.

### الآية 23:53

> ﻿فَتَقَطَّعُوا أَمْرَهُمْ بَيْنَهُمْ زُبُرًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ [23:53]

නමුත් ඔවුහු ඔවුන්ගේ කරුණ ඔවුන් අතර වෙන් වෙන් ව බෙදා වෙන් කර ගත්තෝය. සෑම පක්ෂයක්ම ඔවුන් සතු දෑ පිළිබඳ ව සතුටු වන්නෝ වූහ.

### الآية 23:54

> ﻿فَذَرْهُمْ فِي غَمْرَتِهِمْ حَتَّىٰ حِينٍ [23:54]

එහෙයින් මද කලකට ඔවුන්ගේ අඥානකමෙහි නුඹ ඔවුන් අත් හැර දමනු.

### الآية 23:55

> ﻿أَيَحْسَبُونَ أَنَّمَا نُمِدُّهُمْ بِهِ مِنْ مَالٍ وَبَنِينَ [23:55]

අප කවර දෙයක් ධනයෙන් හා දරුවන්ගෙන් ඔවුනට පිරිනමන්නේ ද එමගින්...

### الآية 23:56

> ﻿نُسَارِعُ لَهُمْ فِي الْخَيْرَاتِ ۚ بَلْ لَا يَشْعُرُونَ [23:56]

අපි ඔවුනට යහපත ඉක්මන් කරන්නෙමු යැයි ඔවුහු සිතන්නෝද? නැත. ඔවුහු (ඒ බව) නොහඟති.

### الآية 23:57

> ﻿إِنَّ الَّذِينَ هُمْ مِنْ خَشْيَةِ رَبِّهِمْ مُشْفِقُونَ [23:57]

නියත වශයෙන්ම ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපති ගැන වූ බිය හේතුවෙන් තැති ගන්නෝ වෙති.

### الآية 23:58

> ﻿وَالَّذِينَ هُمْ بِآيَاتِ رَبِّهِمْ يُؤْمِنُونَ [23:58]

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිගේ වදන් පිළිබඳ ව විශ්වාස කරන්නෝ වෙති.

### الآية 23:59

> ﻿وَالَّذِينَ هُمْ بِرَبِّهِمْ لَا يُشْرِكُونَ [23:59]

තවද ඔවුන් වනාහි ඔවුන්ගේ පරමාධිපතිට ආදේශ තබන්නන් නොවෙති.

### الآية 23:60

> ﻿وَالَّذِينَ يُؤْتُونَ مَا آتَوْا وَقُلُوبُهُمْ وَجِلَةٌ أَنَّهُمْ إِلَىٰ رَبِّهِمْ رَاجِعُونَ [23:60]

නියත වශයෙන්ම ඔවුන් ඔවුන්ගේ පරමාධිපති වෙත නැවත හැරෙන්නන් වනු ඇතැයි ඔවුන්ගේ හදවත් තැති ගනිමින් තිබිය දී ඔවුනට පිරිනැමූ දෑ ඔවුහු පිරිනමති.

### الآية 23:61

> ﻿أُولَٰئِكَ يُسَارِعُونَ فِي الْخَيْرَاتِ وَهُمْ لَهَا سَابِقُونَ [23:61]

යහකම් කිරීමෙහි යුහුසුලු වනුයේ ඔවුහුමය. තවද ඔවුහු ඒ සඳහා ඉදිරියෙන් සිටින්නෝ වෙති.

### الآية 23:62

> ﻿وَلَا نُكَلِّفُ نَفْسًا إِلَّا وُسْعَهَا ۖ وَلَدَيْنَا كِتَابٌ يَنْطِقُ بِالْحَقِّ ۚ وَهُمْ لَا يُظْلَمُونَ [23:62]

කිසිදු ආත්මයකට එහි ප්‍රමාණයට මිස අපි (කිසිවක්) නොපටවන්නෙමු. සත්‍යය කතා කරන පුස්තකයක් අප අතර ඇත. තවද ඔවුහු අපරාධ කරනු නොලබති.

### الآية 23:63

> ﻿بَلْ قُلُوبُهُمْ فِي غَمْرَةٍ مِنْ هَٰذَا وَلَهُمْ أَعْمَالٌ مِنْ دُونِ ذَٰلِكَ هُمْ لَهَا عَامِلُونَ [23:63]

නමුත් ඔවුන්ගේ හදවත් මේ පිළිබඳ ව අඥානභාවයෙහි පවතී. තවද ඔවුනට මේ හැර වෙනත් ක්‍රියාදාමයන් ද ඇත. ඔවුහු එය සිදු කරන්නෝ වෙති.

### الآية 23:64

> ﻿حَتَّىٰ إِذَا أَخَذْنَا مُتْرَفِيهِمْ بِالْعَذَابِ إِذَا هُمْ يَجْأَرُونَ [23:64]

අපි ඔවුන් අතර වූ උඩඟු වූවන් දඬුවමින් හසු කරගන්නා තෙක් එසේ පවතී. එවිට ඔවුහු බැගෑපත් වෙති.

### الآية 23:65

> ﻿لَا تَجْأَرُوا الْيَوْمَ ۖ إِنَّكُمْ مِنَّا لَا تُنْصَرُونَ [23:65]

අද දින නුඹලා බැගෑපත් නොවනු. නියත වශයෙන්ම නුඹලා අපගෙන් උදව් නොලබනු ඇත.

### الآية 23:66

> ﻿قَدْ كَانَتْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنْتُمْ عَلَىٰ أَعْقَابِكُمْ تَنْكِصُونَ [23:66]

නුඹලා කෙරෙහි මාගේ වදන් පාරායනය කරනු ලබමින් තිබිණ. නුඹලා (එයින්) වැළකී නුඹලාගේ විළුඹු කරා නුඹලා හැරී පලා යමින් සිටියෙහුය.

### الآية 23:67

> ﻿مُسْتَكْبِرِينَ بِهِ سَامِرًا تَهْجُرُونَ [23:67]

එවිට නුඹලා ඒ ගැන උඩඟුවන්නන් ලෙසින් රාත්‍රියේ පුහු කතා වල නිරතවෙමින් (සිටියෙහුය.)

### الآية 23:68

> ﻿أَفَلَمْ يَدَّبَّرُوا الْقَوْلَ أَمْ جَاءَهُمْ مَا لَمْ يَأْتِ آبَاءَهُمُ الْأَوَّلِينَ [23:68]

එහෙයින් ඔවුහු එම ප්‍රකාශය පරිශීලනය නොකළෙහු ද? එසේ නැතහොත් ඔවුන්ගේ මුල් මුතුන් මිත්තන්හට නොපැමිණි දෑ ඔවුන් වෙත පැමිණ තිබේ ද?

### الآية 23:69

> ﻿أَمْ لَمْ يَعْرِفُوا رَسُولَهُمْ فَهُمْ لَهُ مُنْكِرُونَ [23:69]

එසේ නැතහොත් ඔවුන්ගේ ධර්ම දූතයාණන් ගැන ඔවුහු නොදැන, එහෙයින් ඔවුහු ඔහු ප්‍රතික්ෂේප කරන්නෝ ද?

### الآية 23:70

> ﻿أَمْ يَقُولُونَ بِهِ جِنَّةٌ ۚ بَلْ جَاءَهُمْ بِالْحَقِّ وَأَكْثَرُهُمْ لِلْحَقِّ كَارِهُونَ [23:70]

එසේ නැතහොත් ඔහුට උමතු ව වැලඳ ඇතැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව ඔහු ඔවුන් වෙත සත්‍යය සමග පැමිණියේය. තවද ඔවුන්ගෙන් බහුතරයක් දෙනා සත්‍යය පිළිකුල් කරන්නෝ වූහ.

### الآية 23:71

> ﻿وَلَوِ اتَّبَعَ الْحَقُّ أَهْوَاءَهُمْ لَفَسَدَتِ السَّمَاوَاتُ وَالْأَرْضُ وَمَنْ فِيهِنَّ ۚ بَلْ أَتَيْنَاهُمْ بِذِكْرِهِمْ فَهُمْ عَنْ ذِكْرِهِمْ مُعْرِضُونَ [23:71]

සත්‍යය ඔවුන්ගේ ආශාවන් අනුගමනය කළේ නම් අහස් හා මහපොළොව ද ඒවායෙහි ඇති අය ද විනාශ වී යනු ඇත. එසේ නොව, ඔවුනට මෙනෙහි කිරීමක් අපි පිරිනැමුවෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ මෙනෙහි කිරීමෙන් වැළකෙන්නෝ වූහ.

### الآية 23:72

> ﻿أَمْ تَسْأَلُهُمْ خَرْجًا فَخَرَاجُ رَبِّكَ خَيْرٌ ۖ وَهُوَ خَيْرُ الرَّازِقِينَ [23:72]

එසේ නැතහොත්, නුඹලා ඔවුන්ගෙන් යම් කුලියක් ඉල්ලුවෙහි ද? නුඹගේ පරමාධිපතිගේ කුලිය ශ්‍රේෂ්ඨය. තවද ඔහු පෝෂකයින් අතුරින්ද ශ්‍රේෂ්ඨයාය.

### الآية 23:73

> ﻿وَإِنَّكَ لَتَدْعُوهُمْ إِلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ [23:73]

තවද නියත වශයෙන්ම නුඹ ඔවුන් ඍජු මාර්ගය වෙත ඇරයුම් කරන්නෙහිය.

### الآية 23:74

> ﻿وَإِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ عَنِ الصِّرَاطِ لَنَاكِبُونَ [23:74]

තවද නියත වශයෙන්ම මතු ලොව විශ්වාස නොකරන්නන් එම මාර්ගයෙන් හැරෙන්නෝ වෙති.

### الآية 23:75

> ﻿۞ وَلَوْ رَحِمْنَاهُمْ وَكَشَفْنَا مَا بِهِمْ مِنْ ضُرٍّ لَلَجُّوا فِي طُغْيَانِهِمْ يَعْمَهُونَ [23:75]

තවද අපි ඔවුනට කරුණාව දක්වා ඔවුනට වැලඳුණු පීඩාව අපි පහ කළේ නම් ඔවුහු ඔවුන්ගේ මුළාවෙහිම ව්‍යාකූලත්වයෙන් වෙළී එල්බ සිටිනු ඇත.

### الآية 23:76

> ﻿وَلَقَدْ أَخَذْنَاهُمْ بِالْعَذَابِ فَمَا اسْتَكَانُوا لِرَبِّهِمْ وَمَا يَتَضَرَّعُونَ [23:76]

තවද සැබැවින්ම අපි ඔවුන් දඬුවමින් ග්‍රහණය කළෙමු. නමුත් ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිට යටහත් නොවූහ. තවද ඔවුහු බැගෑපත් නොවූහ.

### الآية 23:77

> ﻿حَتَّىٰ إِذَا فَتَحْنَا عَلَيْهِمْ بَابًا ذَا عَذَابٍ شَدِيدٍ إِذَا هُمْ فِيهِ مُبْلِسُونَ [23:77]

අපි ඔවුන් වෙත දැඩි දඬුවමින් යුත් දොරටු විවෘත කළ විට ඔවුහු එහි බලාපොරොත්තු සුන් වූවෝ වූහ.

### الآية 23:78

> ﻿وَهُوَ الَّذِي أَنْشَأَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَا تَشْكُرُونَ [23:78]

නුඹලාට ශ්‍රවණය ද දෘෂ්ටීන් ද හදවත් ද ඇති කළේ ඔහුමය. නුඹලා කෘතඥ වනුයේ ස්වල්පයකි.

### الآية 23:79

> ﻿وَهُوَ الَّذِي ذَرَأَكُمْ فِي الْأَرْضِ وَإِلَيْهِ تُحْشَرُونَ [23:79]

මහපොළොවේ නුඹලා ව මැව්වේ ඔහුමය. තවද ඔහු වෙතම නුඹලා රැස් කරනු ලබනු ඇත.

### الآية 23:80

> ﻿وَهُوَ الَّذِي يُحْيِي وَيُمِيتُ وَلَهُ اخْتِلَافُ اللَّيْلِ وَالنَّهَارِ ۚ أَفَلَا تَعْقِلُونَ [23:80]

ජීවය දෙන්නා ද මරණයට පත් කරන්නා ද ඔහුය. රාත්‍රිය හා දහවල වෙනස් වීම ඔහු සතුය. එහෙයින් නුඹලා වටහා ගත යුතු නොවේ ද?

### الآية 23:81

> ﻿بَلْ قَالُوا مِثْلَ مَا قَالَ الْأَوَّلُونَ [23:81]

එසේ නොව, මුතුන් මිත්තන් පැවසුවාක් මෙන් ඔවුහු ද පැවසුවෝය.

### الآية 23:82

> ﻿قَالُوا أَإِذَا مِتْنَا وَكُنَّا تُرَابًا وَعِظَامًا أَإِنَّا لَمَبْعُوثُونَ [23:82]

අපි මියගොස් පස් හා අස්ථි බවට පත් වූ විට නියත වශයෙන්ම අපි නැවත නැගිටුවනු ලබන්නෙමු දැයි ඔවුහු විමසූහ.

### الآية 23:83

> ﻿لَقَدْ وُعِدْنَا نَحْنُ وَآبَاؤُنَا هَٰذَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ [23:83]

මීට පෙර අප හා අපගේ මුතුන් මිත්තන් මේ සම්බන්ධයෙන් ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය මුතුන් මිත්තන්ගේ ප්‍රබන්ධයන් මිස නැත.

### الآية 23:84

> ﻿قُلْ لِمَنِ الْأَرْضُ وَمَنْ فِيهَا إِنْ كُنْتُمْ تَعْلَمُونَ [23:84]

නුඹලා දැන සිටියෙහු නම් මහපොළොව හා එහි ඇත්තන් කවුරුන් සතුදැ?යි නුඹ විමසනු.

### الآية 23:85

> ﻿سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَذَكَّرُونَ [23:85]

අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා මෙනෙහි කළ යුතු නොවේදැයි විමසනු.

### الآية 23:86

> ﻿قُلْ مَنْ رَبُّ السَّمَاوَاتِ السَّبْعِ وَرَبُّ الْعَرْشِ الْعَظِيمِ [23:86]

අහස් හතෙහි හිමිපාණන් හා මහත් වූ අර්ෂ්හි හිමිපාණන් කවුරුන්දැයි නුඹ විමසනු.

### الآية 23:87

> ﻿سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ أَفَلَا تَتَّقُونَ [23:87]

අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා බිය බැතිමත් විය යුතු නොවේදැ?යි නුඹ විමසනු.

### الآية 23:88

> ﻿قُلْ مَنْ بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَهُوَ يُجِيرُ وَلَا يُجَارُ عَلَيْهِ إِنْ كُنْتُمْ تَعْلَمُونَ [23:88]

සියලු දෑහි පාලනයන් තම අතෙහි ඇත්තා කවුරුන්දැයි නුඹ විමසනු. තවද ඔහු තීන්දු කරයි. නමුත් ඔහු වෙත තීන්දු කරනු නොලැබේ. නුඹලා දැන සිටියාහු නම් !

### الآية 23:89

> ﻿سَيَقُولُونَ لِلَّهِ ۚ قُلْ فَأَنَّىٰ تُسْحَرُونَ [23:89]

අල්ලාහ් සතු යැයි ඔවුහු පවසනු ඇත. එසේ නම් නුඹලා (නොමග වෙත) වශී කරනු ලබනුයේ කෙසේදැයි නුඹ විමසනු.

### الآية 23:90

> ﻿بَلْ أَتَيْنَاهُمْ بِالْحَقِّ وَإِنَّهُمْ لَكَاذِبُونَ [23:90]

එසේ නොව, අපි ඔවුන් වෙත සත්‍යය ගෙන ආවෙමු. තවද නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහුය.

### الآية 23:91

> ﻿مَا اتَّخَذَ اللَّهُ مِنْ وَلَدٍ وَمَا كَانَ مَعَهُ مِنْ إِلَٰهٍ ۚ إِذًا لَذَهَبَ كُلُّ إِلَٰهٍ بِمَا خَلَقَ وَلَعَلَا بَعْضُهُمْ عَلَىٰ بَعْضٍ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يَصِفُونَ [23:91]

අල්ලාහ් කිසිදු දරුවකු නොගත්තේය. තවද ඔහු සමග කිසිදු දෙවියකු ද නොවීය. එසේ වූ විට සෑම දෙවියෙකුම ඔහු මැවූ දෑ සමග පහ ව යනු ඇත. ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුට වඩා උසස් වනු ඇත. ඔවුන් වර්ණනා කරන දැයින් අල්ලාහ් සුපිවිතුරුය.

### الآية 23:92

> ﻿عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ [23:92]

ඔහු ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානීය. එහෙයින් ඔවුන් ආදේශ තබන දැයින් ඔහු උත්තරීතර විය.

### الآية 23:93

> ﻿قُلْ رَبِّ إِمَّا تُرِيَنِّي مَا يُوعَدُونَ [23:93]

මාගේ පරමාධිපතියාණනි, ඔවුනට ප්‍රතිඥා දෙනු ලබන දෑ නුඹ මට මෙන් පෙන්වා දෙන්නේ නම් ! යැයි නුඹ පවසනු.

### الآية 23:94

> ﻿رَبِّ فَلَا تَجْعَلْنِي فِي الْقَوْمِ الظَّالِمِينَ [23:94]

මාගේ පරමාධිපතියාණනි, අපරාධකාරී ජනයා අතරට මා පත් නොකරනු මැනව!

### الآية 23:95

> ﻿وَإِنَّا عَلَىٰ أَنْ نُرِيَكَ مَا نَعِدُهُمْ لَقَادِرُونَ [23:95]

තවද අප ඔවුනට ප්‍රතිඥා දෙන දෑ නුඹට අප පෙන්වීමට නියත වශයෙන්ම අපි බලය ඇත්තෝ වෙමු.

### الآية 23:96

> ﻿ادْفَعْ بِالَّتِي هِيَ أَحْسَنُ السَّيِّئَةَ ۚ نَحْنُ أَعْلَمُ بِمَا يَصِفُونَ [23:96]

වඩාත් අලංකාර වනුයේ කුමක් ද එමගින් නුඹ නපුර වළක්වා ගනු. ඔවුන් වර්ණනා කරන දෑ පිළිබඳ ව අපි මැනවින් දන්නෙමු.

### الآية 23:97

> ﻿وَقُلْ رَبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ [23:97]

මාගේ පරමාධිපතියාණනි, ෂෙයිතානුන්ගේ පෙලඹවීම් වලින් මම නුඹගෙන් ආරක්ෂාව පතමි යැයි නුඹ පවසනු.

### الآية 23:98

> ﻿وَأَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونِ [23:98]

තවද මාගේ පරමාධිපතියාණනි, ඔවුන් මා වෙත සම්මුඛ වීමෙන් මම නුඹගෙන් ආරක්ෂාව පතමි.

### الآية 23:99

> ﻿حَتَّىٰ إِذَا جَاءَ أَحَدَهُمُ الْمَوْتُ قَالَ رَبِّ ارْجِعُونِ [23:99]

ඔවුන්ගෙන් කෙනෙකු වෙත මරණය පැමිණි විට මාගේ පරමාධිපතියාණනි, නුඹ මා නැවත හරවා යවනු මැනව ! යැයි ඔහු පවසයි.

### الآية 23:100

> ﻿لَعَلِّي أَعْمَلُ صَالِحًا فِيمَا تَرَكْتُ ۚ كَلَّا ۚ إِنَّهَا كَلِمَةٌ هُوَ قَائِلُهَا ۖ وَمِنْ وَرَائِهِمْ بَرْزَخٌ إِلَىٰ يَوْمِ يُبْعَثُونَ [23:100]

දැහැමි දෑ සිදු කරනු වස් (මා නැවත හරවා යවනු මැනව !) එසේ නොව නියත වශයෙන්ම එය ඔහු පවසන ප්‍රකාශයක් පමණි. ඔවුන්ගෙන් පසු ව ඔවුන් නැවත නැගිටු වනු ලබන දිනය දක්වා බාධකයක් ඇත.

### الآية 23:101

> ﻿فَإِذَا نُفِخَ فِي الصُّورِ فَلَا أَنْسَابَ بَيْنَهُمْ يَوْمَئِذٍ وَلَا يَتَسَاءَلُونَ [23:101]

එවිට හොරණෑවෙහි පිඹිනු ලැබූ විට එදින ඔවුන් අතර කිසිදු සම්බන්ධතාවක් නොපවතී. තවද ඔවුන් එකිනෙකා විමසා නොගනිති.

### الآية 23:102

> ﻿فَمَنْ ثَقُلَتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ [23:102]

එහෙයින් කවරෙකුගේ තුලාවන් බරින් වැඩි වූයේ ද එවිට ඔවුහුමය ජයග්‍රාහකයෝ.

### الآية 23:103

> ﻿وَمَنْ خَفَّتْ مَوَازِينُهُ فَأُولَٰئِكَ الَّذِينَ خَسِرُوا أَنْفُسَهُمْ فِي جَهَنَّمَ خَالِدُونَ [23:103]

තවද කවරෙකුගේ තුලාව බරින් සැහැල්ලු වූයේ ද එසේ වූ විට තමන්ටම අලාභහානි කර ගත්තෝ ඔවුහුමය. ඔවුහු නිරයේ සදාතනිකයෝ වෙති.

### الآية 23:104

> ﻿تَلْفَحُ وُجُوهَهُمُ النَّارُ وَهُمْ فِيهَا كَالِحُونَ [23:104]

(නිරා) ගින්න ඔවුන්ගේ මුහුණු දවාලයි. තවද ඔවුහු එහි තොල්පෙති විකෘති වූවෝ වෙති.

### الآية 23:105

> ﻿أَلَمْ تَكُنْ آيَاتِي تُتْلَىٰ عَلَيْكُمْ فَكُنْتُمْ بِهَا تُكَذِّبُونَ [23:105]

මාගේ වදන් නුඹලා වෙත කියවා පෙන්වනු නොලැබුවේ ද? එවිට නුඹලා එය බොරු කරමින් සිටියෙහුය.

### الآية 23:106

> ﻿قَالُوا رَبَّنَا غَلَبَتْ عَلَيْنَا شِقْوَتُنَا وَكُنَّا قَوْمًا ضَالِّينَ [23:106]

අපගේ පරමාධිපතියාණනි, අපගේ අභාග්‍යය අපට ඉහළින් අබිබවා ගොස් ඇත. තවද අපි නොමග ගිය පිරිසක් වූයෙමු යැයි ඔවුහු පැවසූහ.

### الآية 23:107

> ﻿رَبَّنَا أَخْرِجْنَا مِنْهَا فَإِنْ عُدْنَا فَإِنَّا ظَالِمُونَ [23:107]

අපගේ පරමාධිපතියාණනි, අප ව ඉන් බැහැර කරනු මැනව! එසේ අපි හැරුණේ නම් එවිට නියත වශයෙන්ම අපි අපරාධකරුවෝ වෙමු.

### الآية 23:108

> ﻿قَالَ اخْسَئُوا فِيهَا وَلَا تُكَلِّمُونِ [23:108]

නුඹලා එහි අවමානයෙන් ගත කරනු. තවද නුඹලා මට කතා නොකරනු යැයි ඔහු පවසයි.

### الآية 23:109

> ﻿إِنَّهُ كَانَ فَرِيقٌ مِنْ عِبَادِي يَقُولُونَ رَبَّنَا آمَنَّا فَاغْفِرْ لَنَا وَارْحَمْنَا وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ [23:109]

නියත වශයෙන්ම මාගේ ගැත්තන් අතුරින් පිරිසක් විය. ඔවුහු අපගේ පරමාධිපතියාණනි, අපි විශ්වාස කළෙමු. එහෙයින් අපට සමාව දෙනු මැනව ! තවද අපට කරුණා කරනු මැනව ! තවද ඔබ කරුණාවන්තයින්ගෙන් ශ්‍රේෂ්ඨතමයාය යැයි පවසමින් සිටිති.

### الآية 23:110

> ﻿فَاتَّخَذْتُمُوهُمْ سِخْرِيًّا حَتَّىٰ أَنْسَوْكُمْ ذِكْرِي وَكُنْتُمْ مِنْهُمْ تَضْحَكُونَ [23:110]

එවිට නුඹලා මා මෙනෙහි කිරීම ඔවුන් නුඹලාට අමතක කරවන තෙක් නුඹලා ඔවුන් සමච්චලයට ගත්තෙහුය. තවද නුඹලා ඔවුන් ගැන සිනහසෙමින් සිටියෙහුය.

### الآية 23:111

> ﻿إِنِّي جَزَيْتُهُمُ الْيَوْمَ بِمَا صَبَرُوا أَنَّهُمْ هُمُ الْفَائِزُونَ [23:111]

ඔවුන් ඉවසීමෙන් සිටි බැවින් අද දින නියත වශයෙන්ම මම ඔවුනට ප්‍රතිඵල පිරිනැමුවෙමි. නියත වශයෙන්ම ඔවුහුමය ජයග්‍රාහකයෝ.

### الآية 23:112

> ﻿قَالَ كَمْ لَبِثْتُمْ فِي الْأَرْضِ عَدَدَ سِنِينَ [23:112]

නුඹලා මහපොළොවෙහි කොපමණ වසර ගණනාවක් රැඳී සිටියෙහු ද?

### الآية 23:113

> ﻿قَالُوا لَبِثْنَا يَوْمًا أَوْ بَعْضَ يَوْمٍ فَاسْأَلِ الْعَادِّينَ [23:113]

දිනක් හෝ දිනක කොටසක් අපි රැඳී සිටියෙමු යැයි ඔවුහු පවසති. එහෙයින් නුඹ ගණන් කරන්නන්ගෙන් විමසනු.

### الآية 23:114

> ﻿قَالَ إِنْ لَبِثْتُمْ إِلَّا قَلِيلًا ۖ لَوْ أَنَّكُمْ كُنْتُمْ تَعْلَمُونَ [23:114]

නුඹලා ස්වල්ප කාලයක් මිස රැඳී නොසිටියෙහුය. නියත වශයෙන්ම නුඹලා දැන සිටියාහු නම් යැයි ඔහු පැවසුවේය.

### الآية 23:115

> ﻿أَفَحَسِبْتُمْ أَنَّمَا خَلَقْنَاكُمْ عَبَثًا وَأَنَّكُمْ إِلَيْنَا لَا تُرْجَعُونَ [23:115]

නියත වශයෙන්ම අපි නුඹලා සහේතුවකින් මවා ඇතැයි ද නියත වශයෙන්ම නුඹලා අප වෙත නැවත හැරී නොඑනු ඇතැයි ද නුඹලා සිතුවෙහු ද?

### الآية 23:116

> ﻿فَتَعَالَى اللَّهُ الْمَلِكُ الْحَقُّ ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْكَرِيمِ [23:116]

එහෙයින් සත්‍ය රජු වූ අල්ලාහ් උත්තරීතරය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ගෞරවනීය අර්ෂ් හි හිමිපාණන්ය.

### الآية 23:117

> ﻿وَمَنْ يَدْعُ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ لَا بُرْهَانَ لَهُ بِهِ فَإِنَّمَا حِسَابُهُ عِنْدَ رَبِّهِ ۚ إِنَّهُ لَا يُفْلِحُ الْكَافِرُونَ [23:117]

තවද කවරෙකු අල්ලාහ් සමග වෙනත් දෙවියකු ඇරයුම් කරන්නේ ද ඔහුට කිසිදු සාධකයක් නොමැත. එහෙයින් ඔහුගේ විනිශ්චය ඔහුගේ පරමාධිපති අබියසය. නියත වශයෙන්ම දේව ප්‍රතික්ෂේපකයෝ ජය නොලබනු ඇත.

### الآية 23:118

> ﻿وَقُلْ رَبِّ اغْفِرْ وَارْحَمْ وَأَنْتَ خَيْرُ الرَّاحِمِينَ [23:118]

මාගේ පරමාධිපතියාණනි, නුඹ සමාව දෙනු මැනව ! තවද කරුණා කරනු මැනව ! තවද නුඹ කරුණාවන්තයින්ගෙන් අති ශ්‍රේෂ්ඨයාණන්ය.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/23.md)
- [كل تفاسير سورة المؤمنون
](https://quranpedia.net/surah-tafsir/23.md)
- [ترجمات سورة المؤمنون
](https://quranpedia.net/translations/23.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/23/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
