---
title: "ترجمة سورة النّمل - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/27/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/27/book/1993"
surah_id: "27"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة النّمل - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/27/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة النّمل - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/27/book/1993*.

Translation of Surah النّمل from "الترجمة السنهالية" in السنهالية.

### الآية 27:1

> طس ۚ تِلْكَ آيَاتُ الْقُرْآنِ وَكِتَابٍ مُبِينٍ [27:1]

තා, සීන්. එය අල් කුර්ආනයේ හා පැහැදිලි ග්‍රන්ථයේ වදන්ය.

### الآية 27:2

> ﻿هُدًى وَبُشْرَىٰ لِلْمُؤْمِنِينَ [27:2]

දෙවියන් විශ්වාස කළවුනට මග පෙන්වීමක් හා සුබාශිංසනයකි.

### الآية 27:3

> ﻿الَّذِينَ يُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَهُمْ بِالْآخِرَةِ هُمْ يُوقِنُونَ [27:3]

ඔවුන් වනාහි සලාතය විධිමත් ව ඉටු කරති. සකාත්ද පිරිනමති. තවද මතුලොව පිළිබඳ තරයේ විශ්වාස කරනුයේ ඔවුහුය.

### الآية 27:4

> ﻿إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ زَيَّنَّا لَهُمْ أَعْمَالَهُمْ فَهُمْ يَعْمَهُونَ [27:4]

නියත වශයෙන්ම මතුලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් වනාහි අපි ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් අලංකාර කර පෙන්වූයෙමු. එහෙයින් ඔවුහු (එහි) ව්‍යාකූලත්වයෙන් පෙළෙති.

### الآية 27:5

> ﻿أُولَٰئِكَ الَّذِينَ لَهُمْ سُوءُ الْعَذَابِ وَهُمْ فِي الْآخِرَةِ هُمُ الْأَخْسَرُونَ [27:5]

නපුරු දඬුවම තමන්හට සතු වූවෝ ඔවුහුමය. තවද මතුලොවෙහි දැඩි අලාභවන්තයෝ ද ඔවුහුමය.

### الآية 27:6

> ﻿وَإِنَّكَ لَتُلَقَّى الْقُرْآنَ مِنْ لَدُنْ حَكِيمٍ عَلِيمٍ [27:6]

(නබිවරය,) තවද සර්වඥානී මහා ප්‍රඥාවන්තයාගෙන් නියත වශයෙන්ම නුඹට අල් කුර්ආනය දෙනු ලැබුවෙහිය.

### الآية 27:7

> ﻿إِذْ قَالَ مُوسَىٰ لِأَهْلِهِ إِنِّي آنَسْتُ نَارًا سَآتِيكُمْ مِنْهَا بِخَبَرٍ أَوْ آتِيكُمْ بِشِهَابٍ قَبَسٍ لَعَلَّكُمْ تَصْطَلُونَ [27:7]

නියත වශයෙන්ම මම ගින්නක් දුටුවෙමි. යම් තොරතුරක් මම එයින් නුඹලා වෙත ගෙන එන්නෙමි. එසේ නැතහොත් නුඹලා (සීතලෙන්) උණුසුම ලැබිය හැකි වනු පිණිස ගිනි පෙනෙල්ලක් නුඹලා වෙත ගෙන එන්නෙමි යැයි මූසා තම පවුලට පැවසූ අවස්ථාව සිහිපත් කරනු.

### الآية 27:8

> ﻿فَلَمَّا جَاءَهَا نُودِيَ أَنْ بُورِكَ مَنْ فِي النَّارِ وَمَنْ حَوْلَهَا وَسُبْحَانَ اللَّهِ رَبِّ الْعَالَمِينَ [27:8]

එසේ ඔහු එහි පැමිණි කල්හි ගින්නෙහි සිටින්නා හා ඒ අවට සිටියවුන් ආශිර්වාද කරනු ලැබීය. තවද සර්ව ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ් සුවිශුද්ධය යැයි ඔහු අමතනු ලැබීය.

### الآية 27:9

> ﻿يَا مُوسَىٰ إِنَّهُ أَنَا اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ [27:9]

(එවිට) අහෝ ! මූසා, නියත වශයෙන්ම මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරී අල්ලාහ් මම වෙමි.

### الآية 27:10

> ﻿وَأَلْقِ عَصَاكَ ۚ فَلَمَّا رَآهَا تَهْتَزُّ كَأَنَّهَا جَانٌّ وَلَّىٰ مُدْبِرًا وَلَمْ يُعَقِّبْ ۚ يَا مُوسَىٰ لَا تَخَفْ إِنِّي لَا يَخَافُ لَدَيَّ الْمُرْسَلُونَ [27:10]

තවද නුඹගේ සැරයටිය හෙළනු. එය සර්පයකු සේ සලිත වනු ඔහු දුටු කල්හි පසුපස හැරී දිව්වේය. තවද ඔහු නැවත හැරී නොබැලුවේය. අහෝ මූසා! නුඹ බිය නොවනු. නියත වශයෙන්ම මම වනාහි, මා ඉදිරියේ දූතයෝ බිය නොවෙති.

### الآية 27:11

> ﻿إِلَّا مَنْ ظَلَمَ ثُمَّ بَدَّلَ حُسْنًا بَعْدَ سُوءٍ فَإِنِّي غَفُورٌ رَحِيمٌ [27:11]

නමුත් අපරාධයක් සිදු කොට අනතුරු ව නපුරකින් පසු යහපතක් බවට (එය) පත් කළ අය හැර. එහෙයින් නියත වශයෙන්ම මම අතික්ෂමාශීලී මහා කරුණාන්විතයාණන් වෙමි.

### الآية 27:12

> ﻿وَأَدْخِلْ يَدَكَ فِي جَيْبِكَ تَخْرُجْ بَيْضَاءَ مِنْ غَيْرِ سُوءٍ ۖ فِي تِسْعِ آيَاتٍ إِلَىٰ فِرْعَوْنَ وَقَوْمِهِ ۚ إِنَّهُمْ كَانُوا قَوْمًا فَاسِقِينَ [27:12]

නුඹගේ අත නුඹගේ සාක්කුව තුළට දමනු. එවිට කිසිදු හානියකින් තොරව සුදුවන් ලෙසින් (බැබළෙමින්) එය පිටවනු ඇත. එය ෆිර්අවුන් හා ඔහුගේ ජනයා වෙත වූ ප්‍රාතිහාර්යයන් නවය අතර විය. නියත වශයෙන්ම ඔවුහු දුෂ්ට පිරිසක් වූහ.

### الآية 27:13

> ﻿فَلَمَّا جَاءَتْهُمْ آيَاتُنَا مُبْصِرَةً قَالُوا هَٰذَا سِحْرٌ مُبِينٌ [27:13]

අපගේ සංඥාවන් ඔවුන් වෙත පෙනෙන්නට පැමිණි කල්හි මෙය පැහැදිලි හූනියමක් යැයි ඔවුහු පැවසූහ.

### الآية 27:14

> ﻿وَجَحَدُوا بِهَا وَاسْتَيْقَنَتْهَا أَنْفُسُهُمْ ظُلْمًا وَعُلُوًّا ۚ فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ الْمُفْسِدِينَ [27:14]

තවද ඔවුන්ගේ ආත්මයන් එය පිළිගන්නා තත්ත්වයේ තිබියදීත් අසාධාරණ ලෙසින් හා පුහුමානයෙන් යුතු ව ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. එහෙයින් කලහකාරීන්ගේ අවසානය කෙසේ වී දැයි නුඹ අවධානයෙන් බලනු.

### الآية 27:15

> ﻿وَلَقَدْ آتَيْنَا دَاوُودَ وَسُلَيْمَانَ عِلْمًا ۖ وَقَالَا الْحَمْدُ لِلَّهِ الَّذِي فَضَّلَنَا عَلَىٰ كَثِيرٍ مِنْ عِبَادِهِ الْمُؤْمِنِينَ [27:15]

තවද සැබැවින්ම අපි දාවූද් හා සුලෙයිමාන්ට ඥානය පිරිනැමුවෙමු. තවද ඔහුගේ ගැත්තන් අතුරින් දෙවියන් විශ්වාස කරන බොහෝමයක් දෙනාට වඩා අප උසස් කළ අල්ලාහ්ටම සියලු ප්‍රශංසා යැයි ඔවුන් දෙදෙනා පවසා සිටියහ.

### الآية 27:16

> ﻿وَوَرِثَ سُلَيْمَانُ دَاوُودَ ۖ وَقَالَ يَا أَيُّهَا النَّاسُ عُلِّمْنَا مَنْطِقَ الطَّيْرِ وَأُوتِينَا مِنْ كُلِّ شَيْءٍ ۖ إِنَّ هَٰذَا لَهُوَ الْفَضْلُ الْمُبِينُ [27:16]

සුලෙයිමාන් දාවුද්ට උරුමකම් පෑවේය. අහෝ ජනයිනි! කුරුලු බස අපට උගන්වනු ලැබීය. තවද සෑම දෙයකින්ම අපට පිරිනමනු ලැබීය. නියත වශයෙන්ම එය පැහැදිලි අනුග්‍රහයකි යැයි ඔහු පැවසීය.

### الآية 27:17

> ﻿وَحُشِرَ لِسُلَيْمَانَ جُنُودُهُ مِنَ الْجِنِّ وَالْإِنْسِ وَالطَّيْرِ فَهُمْ يُوزَعُونَ [27:17]

සුලෙයිමාන් වෙනුවෙන් ජින්නුන්ගෙන් ද මිනිසුන්ගෙන් ද පක්ෂීන්ගෙන් ද යුත් ඔහුගේ සේනාව එක් රැස් කරන ලදී. පසු ව ඔවුන් පෙළගස්වා ගමන් කරවනු ලැබීය.

### الآية 27:18

> ﻿حَتَّىٰ إِذَا أَتَوْا عَلَىٰ وَادِ النَّمْلِ قَالَتْ نَمْلَةٌ يَا أَيُّهَا النَّمْلُ ادْخُلُوا مَسَاكِنَكُمْ لَا يَحْطِمَنَّكُمْ سُلَيْمَانُ وَجُنُودُهُ وَهُمْ لَا يَشْعُرُونَ [27:18]

කුහුඹුවන්ගේ මිටියාවතට ඔවුන් පැමිණි විට, අහෝ කුහුඹුවනි! නුඹලාගේ නවාතැන් තුළට පිවිසෙනු. සුලෙයිමාන් හා ඔහුගේ සේනාව ඔවුන් නොදැනුවත් ව නුඹලා පාගා නොදැමිය යුතු යැයි කුහුඹියෙක් කීවාය.

### الآية 27:19

> ﻿فَتَبَسَّمَ ضَاحِكًا مِنْ قَوْلِهَا وَقَالَ رَبِّ أَوْزِعْنِي أَنْ أَشْكُرَ نِعْمَتَكَ الَّتِي أَنْعَمْتَ عَلَيَّ وَعَلَىٰ وَالِدَيَّ وَأَنْ أَعْمَلَ صَالِحًا تَرْضَاهُ وَأَدْخِلْنِي بِرَحْمَتِكَ فِي عِبَادِكَ الصَّالِحِينَ [27:19]

උගේ කතාව හේතුවෙන් ඔහු (සුලෙය්මාන්) මද සිනහ පා, මාගේ පරමාධිපතියාණනි, නුඹ මා හා මාගේ දෙමාපියන් වෙත දායාද කළ ආශිර්වාදයන් සඳහා මා කෘතවේදී වීමටත් නුඹ පිළිගන්නා අයුරින් දැහැමි දෑ මා සිදු කිරීමටත් මට නුඹ දායාද කරනු මැනව! තවද නුඹගේ කරුණාව තුළින් නුඹගේ දැහැමි ගැත්තන් අතරට මා ඇතුළත් කරනු මැනව! යැයි පැවසීය.

### الآية 27:20

> ﻿وَتَفَقَّدَ الطَّيْرَ فَقَالَ مَا لِيَ لَا أَرَى الْهُدْهُدَ أَمْ كَانَ مِنَ الْغَائِبِينَ [27:20]

තවද ඔහු පක්ෂියා සෙවීය. හුද් හුද් කුරුල්ලා මා නොදකිනුයේ ඇයි? නැතහොත් ඌ නොපැමිණියවුන් අතුරින් වීදැ?යි ඔහු පැවසීය.

### الآية 27:21

> ﻿لَأُعَذِّبَنَّهُ عَذَابًا شَدِيدًا أَوْ لَأَذْبَحَنَّهُ أَوْ لَيَأْتِيَنِّي بِسُلْطَانٍ مُبِينٍ [27:21]

මම ඌට දැඩි දඬුවමකින් දඬුවම් කරමි. එසේ නැතහොත් මම ඌ කපා දමමි. එසේත් නැතහොත් ඌ (නිදහසට කරුණු දක්වමින්) පැහැදිලි බලවත් සාධකයක් මා වෙත ගෙන ආ යුතුය.

### الآية 27:22

> ﻿فَمَكَثَ غَيْرَ بَعِيدٍ فَقَالَ أَحَطْتُ بِمَا لَمْ تُحِطْ بِهِ وَجِئْتُكَ مِنْ سَبَإٍ بِنَبَإٍ يَقِينٍ [27:22]

නමුදු වැඩි වේලාවක් ගත වූයේ නැත. එවිට ඌ ‘නුඹ කවර දෙයක් ග්‍රහණය නොකළේ ද එවන්නක් මා ග්‍රහණය කළෙමි. මම සබඃ දේශයේ සිට විශ්වාසනීය පුවතක් සමග නුඹ වෙත පැමිණියෙමි’ යැයි පැවසීය.

### الآية 27:23

> ﻿إِنِّي وَجَدْتُ امْرَأَةً تَمْلِكُهُمْ وَأُوتِيَتْ مِنْ كُلِّ شَيْءٍ وَلَهَا عَرْشٌ عَظِيمٌ [27:23]

නියත වශයෙන් ඔවුන් පාලනය කරන කාන්තාවක් මම දුටිමි. ඇයට සියලු දැයින් පිරිනමනු ලැබ තිබේ. තවද ඇයට මහත් වූ රාජාසනයක් ද ඇත.

### الآية 27:24

> ﻿وَجَدْتُهَا وَقَوْمَهَا يَسْجُدُونَ لِلشَّمْسِ مِنْ دُونِ اللَّهِ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ فَهُمْ لَا يَهْتَدُونَ [27:24]

ඇය හා ඇයගේ ජනයා අල්ලාහ්ගෙන් තොර ව හිරුට සුජූද් කරනු මම දුටුවෙමි. තවද ඔවුනට ඔවුන්ගේ ක්‍රියාවන් ෂෙයිතාන් අලංකාර කර පෙන්වා එම (ඍජු) මාර්ගයෙන් ඔවුන් වළක්වා ඇත. එහෙයින් ඔවුහු මගපෙන්වීම් නොලබති.

### الآية 27:25

> ﻿أَلَّا يَسْجُدُوا لِلَّهِ الَّذِي يُخْرِجُ الْخَبْءَ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَيَعْلَمُ مَا تُخْفُونَ وَمَا تُعْلِنُونَ [27:25]

අහස්හි හා මහපොළොවෙහි සැඟවුණු රහස් හෙළි කරන්නා වූ අල්ලාහ්ට ඔවුන් සුජූද් නොකරන මෙන් (පවසා වැළැක්වීය.) තවද නුඹලා සඟවන දෑ හා නුඹලා හෙළි කරන දෑ ඔහු(අල්ලාහ්) දනියි.

### الآية 27:26

> ﻿اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ ۩ [27:26]

අල්ලාහ් වන ඔහු හැර වෙනත් දෙවියකු නොමැත. ඔහු අතිමහත් සර්ව රාජ්‍යයේ හිමිපාණන්ය.

### الآية 27:27

> ﻿۞ قَالَ سَنَنْظُرُ أَصَدَقْتَ أَمْ كُنْتَ مِنَ الْكَاذِبِينَ [27:27]

නුඹ සත්‍ය පැවසුවෙහි ද එසේ නැතහොත් නුඹ මුසාවාදීන් අතුරින් දැයි අපි බලා සිටිමු යැයි ඔහු පැවසුවේය.

### الآية 27:28

> ﻿اذْهَبْ بِكِتَابِي هَٰذَا فَأَلْقِهْ إِلَيْهِمْ ثُمَّ تَوَلَّ عَنْهُمْ فَانْظُرْ مَاذَا يَرْجِعُونَ [27:28]

නුඹ මාගේ මෙම ලිපිය රැගෙන ගොස් ඔවුන් වෙත දමා පසු ව ඔවුන්ගෙන් නුඹ හැරී එනු. ඔවුන් කුමන ප්‍රතිචාරයක් දක්වන්නේ දැයි නුඹ අධීක්ෂණය කරනු. (යැයි පැවසීය)

### الآية 27:29

> ﻿قَالَتْ يَا أَيُّهَا الْمَلَأُ إِنِّي أُلْقِيَ إِلَيَّ كِتَابٌ كَرِيمٌ [27:29]

අහෝ ප්‍රධානියනි! නියත වශයෙන්ම මා වෙත උතුම් ලිපියක් දමා ගොස් ඇත යැයි ඇය පැවසුවාය.

### الآية 27:30

> ﻿إِنَّهُ مِنْ سُلَيْمَانَ وَإِنَّهُ بِسْمِ اللَّهِ الرَّحْمَٰنِ الرَّحِيمِ [27:30]

නියත වශයෙන්ම එය සුලයිමාන්ගෙනි. තවද නියත වශයෙන්ම එය අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විතයාණන්ගේ නාමයෙන් වූවකි.

### الآية 27:31

> ﻿أَلَّا تَعْلُوا عَلَيَّ وَأْتُونِي مُسْلِمِينَ [27:31]

නුඹලා මට එරෙහි ව අහංකාර නොවනු. තවද නුඹලා මා වෙත අවනත වන්නන් ලෙසින් පැමිණෙනු. (යැයි එම ලිපියේ සඳහන් ව ඇත.)

### الآية 27:32

> ﻿قَالَتْ يَا أَيُّهَا الْمَلَأُ أَفْتُونِي فِي أَمْرِي مَا كُنْتُ قَاطِعَةً أَمْرًا حَتَّىٰ تَشْهَدُونِ [27:32]

අහෝ ප්‍රධානියනි! මාගේ විෂයයෙහි නුඹලා මට තීන්දු ලබා දෙනු. නුඹලා සාක්ෂි පවසන තෙක් මම කිසිදු කරුණක් සිදු කරන්නියක් නොවූයෙමි යැයි පැවසුවාය.

### الآية 27:33

> ﻿قَالُوا نَحْنُ أُولُو قُوَّةٍ وَأُولُو بَأْسٍ شَدِيدٍ وَالْأَمْرُ إِلَيْكِ فَانْظُرِي مَاذَا تَأْمُرِينَ [27:33]

අපි බලවත් උදවියයි. දැඩි සටන් කාමී උදවියයි. කරුණ ඔබ වෙතය. එහෙයින් ඔබ නියෝග කරනුයේ කුමක් දැයි ඔබ ම බලනු යැයි ඔවුහු (ඇයට) පැවසූහ.

### الآية 27:34

> ﻿قَالَتْ إِنَّ الْمُلُوكَ إِذَا دَخَلُوا قَرْيَةً أَفْسَدُوهَا وَجَعَلُوا أَعِزَّةَ أَهْلِهَا أَذِلَّةً ۖ وَكَذَٰلِكَ يَفْعَلُونَ [27:34]

නියත වශයෙන්ම රජවරු දේශයකට පිවිසුණහොත් එහි කලහකම් ඇති කරති. එහි වැසියන් අතර වූ වැදගත් පුද්ගලයින් පහත් තත්ත්වයට පත් කරති. එලෙසය ඔවුන් සිදු කරනුයේ.

### الآية 27:35

> ﻿وَإِنِّي مُرْسِلَةٌ إِلَيْهِمْ بِهَدِيَّةٍ فَنَاظِرَةٌ بِمَ يَرْجِعُ الْمُرْسَلُونَ [27:35]

තවද නියත වශයෙන්ම මම ඔවුන් වෙත ත්‍යාග එවා දූතවරුන් කවර දෙයක් නැවත ගෙන එන්නේ දැයි බලා සිටිමි.

### الآية 27:36

> ﻿فَلَمَّا جَاءَ سُلَيْمَانَ قَالَ أَتُمِدُّونَنِ بِمَالٍ فَمَا آتَانِيَ اللَّهُ خَيْرٌ مِمَّا آتَاكُمْ بَلْ أَنْتُمْ بِهَدِيَّتِكُمْ تَفْرَحُونَ [27:36]

එවිට සුලෙයිමාන් වෙත (දූතයා) ඔහු පැමිණි කල්හි නුඹලා මට ධනයෙන් උදව් කරන්නෙහු ද? එසේ නම් නුඹලා මට පිරිනමන දෑට වඩා අල්ලාහ් මට පිරිනමා ඇති දෑ උතුම්ය. නමුත් නුඹලා නුඹලාගේ ත්‍යාග පිළිබඳ ව සතුටු වන්නෙහුය.

### الآية 27:37

> ﻿ارْجِعْ إِلَيْهِمْ فَلَنَأْتِيَنَّهُمْ بِجُنُودٍ لَا قِبَلَ لَهُمْ بِهَا وَلَنُخْرِجَنَّهُمْ مِنْهَا أَذِلَّةً وَهُمْ صَاغِرُونَ [27:37]

නුඹ නැවත ඔවුන් වෙත හැරී යනු. සැබැවින්ම ඔවුන් එයට මුහුණ දිය නොහැකි සේනාවක් ඔවුන් වෙත අපි ගෙන එන්නෙමු. තවද ඔවුන් අවමානයට ලක් වූ පහත් වූවන් ලෙසින් එයින් ඔවුන් ව අපි පිටුවහල් කරන්නෙමු.

### الآية 27:38

> ﻿قَالَ يَا أَيُّهَا الْمَلَأُ أَيُّكُمْ يَأْتِينِي بِعَرْشِهَا قَبْلَ أَنْ يَأْتُونِي مُسْلِمِينَ [27:38]

අහෝ ප්‍රධානියනි! ඔවුන් මා වෙත අවනතවූවන් (මුස්ලිම්වරුන්) ලෙසින් පැමිණීමට පෙර ඇයගේ රාජාසනය මා වෙත ගෙන එන්නේ නුඹලාගෙන් කවරෙකු දැයි ඔහු (සුලෙයිමාන්) විමසීය.

### الآية 27:39

> ﻿قَالَ عِفْرِيتٌ مِنَ الْجِنِّ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَنْ تَقُومَ مِنْ مَقَامِكَ ۖ وَإِنِّي عَلَيْهِ لَقَوِيٌّ أَمِينٌ [27:39]

ඔබේ ස්ථානයෙන් ඔබ නැගිට සිටීමට පෙර මම එය ඔබ වෙත ගෙන එන්නෙමි. තවද නියත වශයෙන්ම මම ඒ වෙත ශක්තිය ඇති විශ්වාසනීය අයෙකි යැයි ජින්නුන් අතුරින් බලවතෙක් පැවසීය.

### الآية 27:40

> ﻿قَالَ الَّذِي عِنْدَهُ عِلْمٌ مِنَ الْكِتَابِ أَنَا آتِيكَ بِهِ قَبْلَ أَنْ يَرْتَدَّ إِلَيْكَ طَرْفُكَ ۚ فَلَمَّا رَآهُ مُسْتَقِرًّا عِنْدَهُ قَالَ هَٰذَا مِنْ فَضْلِ رَبِّي لِيَبْلُوَنِي أَأَشْكُرُ أَمْ أَكْفُرُ ۖ وَمَنْ شَكَرَ فَإِنَّمَا يَشْكُرُ لِنَفْسِهِ ۖ وَمَنْ كَفَرَ فَإِنَّ رَبِّي غَنِيٌّ كَرِيمٌ [27:40]

ඔබේ ඇසිපිය ඔබ වෙත ළඟා වීමට මත්තෙන් මම එය ඔබ වෙත ගෙන එන්නෙමි යැයි දේව ග්‍රන්ථය පිළිබඳ ඥානය ඇත්තෙකු පැවසීය. තම අසල එය තිබෙනු ඔහු දුටු කල්හි මම ගුණගරුක වන්නෙම් ද එසේ නැතහොත් ගුණමකු වන්නෙම් දැයි මා පරීක්ෂා කරනු පිණිස මාගේ පරමාධිපතියාගෙන් වූ භාග්‍යයකි මෙය යැයි පැවසීය. තවද කවරෙකු ගුණගරුක වූයේ ද එසේ ගුණගරුක වනුයේ තමන් වෙනුවෙන්මය. තවද කවරෙක ගුණමකු වූයේ ද එවිට නියත වශයෙන්ම මාගේ පරමාධිපති අවශ්‍යතාවන්ගෙන් තොර වූ උපකාරශීලීය. (යන වග දැන ගත යුතුය.)

### الآية 27:41

> ﻿قَالَ نَكِّرُوا لَهَا عَرْشَهَا نَنْظُرْ أَتَهْتَدِي أَمْ تَكُونُ مِنَ الَّذِينَ لَا يَهْتَدُونَ [27:41]

ඇයගේ රාජාසනය ඇයට හඳුනා ගත නොහැකි බවට නුඹලා පත් කරනු. ඇය ඒ ගැන නිවැරදි ව හඳුනා ගන්නී ද එසේ නැතහොත් නිවරැදි ව හඳුනා නොගන්නවුන් අතුරින් වන්නී දැ?යි අපි බලමු යැයි ඔහු පැවසීය.

### الآية 27:42

> ﻿فَلَمَّا جَاءَتْ قِيلَ أَهَٰكَذَا عَرْشُكِ ۖ قَالَتْ كَأَنَّهُ هُوَ ۚ وَأُوتِينَا الْعِلْمَ مِنْ قَبْلِهَا وَكُنَّا مُسْلِمِينَ [27:42]

පසු ව ඇය පැමිණි කල්හි ඔබගේ රාජාසනය මෙලෙස දැයි විමසනු ලැබීය. ඇය නියත වශයෙන්ම මෙය එයමය යැයි පැවසුවාය. තවද එයට පෙර අප වෙත ඥානය දෙනු ලැබුවෙමු. තවද අපි අවනත වන්නන් (මුස්ලිම්වරුන්) වූයෙමු.

### الآية 27:43

> ﻿وَصَدَّهَا مَا كَانَتْ تَعْبُدُ مِنْ دُونِ اللَّهِ ۖ إِنَّهَا كَانَتْ مِنْ قَوْمٍ كَافِرِينَ [27:43]

අල්ලාහ්ගෙන් තොර ව ඇය නමදිමින් සිටි දෑ ඇය ව වැළැක්වීය. නියත වශයෙන්ම ඇය දෙවියන් ප්‍රතික්ෂේප කළ ජනයා අතුරින් කෙනෙකු විය.

### الآية 27:44

> ﻿قِيلَ لَهَا ادْخُلِي الصَّرْحَ ۖ فَلَمَّا رَأَتْهُ حَسِبَتْهُ لُجَّةً وَكَشَفَتْ عَنْ سَاقَيْهَا ۚ قَالَ إِنَّهُ صَرْحٌ مُمَرَّدٌ مِنْ قَوَارِيرَ ۗ قَالَتْ رَبِّ إِنِّي ظَلَمْتُ نَفْسِي وَأَسْلَمْتُ مَعَ سُلَيْمَانَ لِلَّهِ رَبِّ الْعَالَمِينَ [27:44]

ඔබ මාලිගාවට ඇතුළු වනු යැයි ඇයට කියනු ලැබීය. ඇය එය දුටු විට ජලයෙන් පිරුණු තටාකයක් යැයි සිතුවාය. ඇය ඇයගේ වස්ත්‍රය ඇයගේ කෙණ්ඩයෙන් ඉවතට (ඔසවා) ගත්තාය. නියත වශයෙන්ම මෙය පළිඟුවලින් මුසු වූ මාලිගාවක් යැයි ඔහු පැවසීය. මාගේ පරමාධිපතියාණනි, නියත වශයෙන්ම මම මට ම අපරාධ කර ගත්තෙමි. තවද මම සුලෙයිමාන් සමග සර්ව ලෝකයන්හි හිමිපාණන් වූ අල්ලාහ්ට අවනත වූයෙමි යැයි ඇය පැවසුවාය.

### الآية 27:45

> ﻿وَلَقَدْ أَرْسَلْنَا إِلَىٰ ثَمُودَ أَخَاهُمْ صَالِحًا أَنِ اعْبُدُوا اللَّهَ فَإِذَا هُمْ فَرِيقَانِ يَخْتَصِمُونَ [27:45]

තවද නුඹලා අල්ලාහ්ට ගැතිකම් කරනු යැයි (නියෝග කරමින්) සැබැවින්ම අපි සමූද් ජනයා වෙත ඔවුන්ගේ සහෝදර සාලිහ් ව එව්වෙමු. එවිට ඔවුහු වාද කරගන්නා දෙපිරිසක් වූහ.

### الآية 27:46

> ﻿قَالَ يَا قَوْمِ لِمَ تَسْتَعْجِلُونَ بِالسَّيِّئَةِ قَبْلَ الْحَسَنَةِ ۖ لَوْلَا تَسْتَغْفِرُونَ اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ [27:46]

මාගේ ජනයිනි, යහකමට පෙර පාපකම සොයන්නට නුඹලා ඉක්මන් වනුයේ ඇයි? නුඹලා කරුණා කරනු ලබනු පිණිස නුඹලා අල්ලාහ්ගෙන් සමාව අයැද සිටිය යුතු නොවේ දැයි ඔහු පැවසීය.

### الآية 27:47

> ﻿قَالُوا اطَّيَّرْنَا بِكَ وَبِمَنْ مَعَكَ ۚ قَالَ طَائِرُكُمْ عِنْدَ اللَّهِ ۖ بَلْ أَنْتُمْ قَوْمٌ تُفْتَنُونَ [27:47]

නුඹ හා නුඹ සමග වූවන් අපට අසුබ පෙර නිමිත්තකි යැයි ඔවුහු පැවසූහ. නුඹලාගේ අසුබවාදය අල්ලාහ් වෙතිනි. නමුත් නුඹලා පරීක්ෂණයට භාජනය කරනු ලබන පිරිසකි යැයි ඔහු පැවසීය.

### الآية 27:48

> ﻿وَكَانَ فِي الْمَدِينَةِ تِسْعَةُ رَهْطٍ يُفْسِدُونَ فِي الْأَرْضِ وَلَا يُصْلِحُونَ [27:48]

මහපොළොවේ කලහකම් කරන එමෙන්ම විධිමත් නොකරන කණ්ඩායම් නවයක් එම නගරයේ විය.

### الآية 27:49

> ﻿قَالُوا تَقَاسَمُوا بِاللَّهِ لَنُبَيِّتَنَّهُ وَأَهْلَهُ ثُمَّ لَنَقُولَنَّ لِوَلِيِّهِ مَا شَهِدْنَا مَهْلِكَ أَهْلِهِ وَإِنَّا لَصَادِقُونَ [27:49]

නියත වශයෙන්ම ඔහු හා ඔහුගේ පවුල අපි රාත්‍රියේ මරා දමමු. පසු ව ඔහුගේ පවුලේ විනාශය අපි නොදුටුවෙමු යැයි ද නියත වශයෙන්ම අපි සත්‍යාවාදීහු යැයි ද ඔහුගේ භාරකරුට පවසන්නෙමු යැයි ඔවුහු පැවසූහ.

### الآية 27:50

> ﻿وَمَكَرُوا مَكْرًا وَمَكَرْنَا مَكْرًا وَهُمْ لَا يَشْعُرُونَ [27:50]

ඔවුහු කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෝය. අප ද ඔවුන් නොහඟමින් සිටිය දී කුමන්ත්‍රණයකින් කුමන්ත්‍රණය කළෙමු.

### الآية 27:51

> ﻿فَانْظُرْ كَيْفَ كَانَ عَاقِبَةُ مَكْرِهِمْ أَنَّا دَمَّرْنَاهُمْ وَقَوْمَهُمْ أَجْمَعِينَ [27:51]

ඔවුන්ගේ කුමන්ත්‍රණයේ අවසානය කෙසේ වී දැයි ඔබ මැනවින් බලනු. නියත වශයෙන්ම අපි ඔවුන් හා ඔවුන්ගේ ජනයා සියලු දෙනා විනාශ කර දැමුවෙමු.

### الآية 27:52

> ﻿فَتِلْكَ بُيُوتُهُمْ خَاوِيَةً بِمَا ظَلَمُوا ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَعْلَمُونَ [27:52]

ඔවුන් කළ අපරාධකම් හේතුවෙන් ගරා වැටුණු ඔවුන්ගේ නිවෙස් මේවා ය. නියත වශයෙන්ම මෙහි දැනමුතුකම් ලබන ජනයාට සාධකයක් ඇත.

### الآية 27:53

> ﻿وَأَنْجَيْنَا الَّذِينَ آمَنُوا وَكَانُوا يَتَّقُونَ [27:53]

තවද විශ්වාස කර බිය බැතිමත් වී සිටියවුන් අපි මුදවා ගත්තෙමු.

### الآية 27:54

> ﻿وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ أَتَأْتُونَ الْفَاحِشَةَ وَأَنْتُمْ تُبْصِرُونَ [27:54]

තවද ලූත් ද (අපි එව්වෙමු.) ඔහු තම ජනයා වෙත නුඹලා දැක දැකම දුරාචාරය (සමලිංගිකත්වය) වෙත පැමිණෙන්නෙහු දැ?යි විමසූ අවස්ථාව සිහියට නගනු.

### الآية 27:55

> ﻿أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ شَهْوَةً مِنْ دُونِ النِّسَاءِ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ تَجْهَلُونَ [27:55]

කාන්තාවන් හැර දමා, කාමාශාවෙන් යුතු ව පිරිමින් වෙත නුඹලා පැමිණෙන්නෙහු ද? නුඹලා අඥාන පිරිසකි.

### الآية 27:56

> ﻿۞ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَنْ قَالُوا أَخْرِجُوا آلَ لُوطٍ مِنْ قَرْيَتِكُمْ ۖ إِنَّهُمْ أُنَاسٌ يَتَطَهَّرُونَ [27:56]

නුඹලා ලූත්ගේ පරපුර නුඹලාගේ දේශයෙන් පිටුවහල් කරනු. නියත වශයෙන්ම ඔවුන් පිවිතුරුකම පතන ජන පිරිසකි, යැයි පැවසීම මිස ඔහුගේ ජනයාගේ පිළිතුර වෙනෙකක් නොවීය.

### الآية 27:57

> ﻿فَأَنْجَيْنَاهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ قَدَّرْنَاهَا مِنَ الْغَابِرِينَ [27:57]

එවිට අපි ඔහු හා ඔහුගේ පවුලේ අය මුදවා ගත්තෙමු. ඔහුගේ බිරිය හැර. ඇය රැඳී සිටින්නන් අතරට පත් කළෙමු.

### الآية 27:58

> ﻿وَأَمْطَرْنَا عَلَيْهِمْ مَطَرًا ۖ فَسَاءَ مَطَرُ الْمُنْذَرِينَ [27:58]

තවද අපි ඔවුන් වෙත වර්ෂාවක් පතිත කළෙමු. අවවාද කරනු ලැබූවන්ගේ වර්ෂාව නපුරු විය.

### الآية 27:59

> ﻿قُلِ الْحَمْدُ لِلَّهِ وَسَلَامٌ عَلَىٰ عِبَادِهِ الَّذِينَ اصْطَفَىٰ ۗ آللَّهُ خَيْرٌ أَمَّا يُشْرِكُونَ [27:59]

පවසනු. සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. තවද ඔහු තෝරා ගත් ඔහුගේ ගැත්තන් කෙරෙහි ශාන්තිය අත් වේවා. ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් ද එසේ නැතහොත් ඔවුන් අදේශ කරන දෑ ද?

### الآية 27:60

> ﻿أَمَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَأَنْزَلَ لَكُمْ مِنَ السَّمَاءِ مَاءً فَأَنْبَتْنَا بِهِ حَدَائِقَ ذَاتَ بَهْجَةٍ مَا كَانَ لَكُمْ أَنْ تُنْبِتُوا شَجَرَهَا ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ بَلْ هُمْ قَوْمٌ يَعْدِلُونَ [27:60]

(උතුම් වනුයේ ඔවුන් ආදේශ තබන දෑ ද) එසේ නැතහොත් අහස් හා මහපොළොව මවා අහසින් නුඹලාට ජලය පහළ කළ අය ද? එමගින් අපි සාරවත් බවින් යුක්ත වතුයායන් හට ගැන්වූයෙමු. එහි ගස් හට ගැන්වීමට නුඹලාට (බලය) නොමැත. අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන් (අල්ලාහ්ට) සමාන කරන පිරිසකි.

### الآية 27:61

> ﻿أَمَّنْ جَعَلَ الْأَرْضَ قَرَارًا وَجَعَلَ خِلَالَهَا أَنْهَارًا وَجَعَلَ لَهَا رَوَاسِيَ وَجَعَلَ بَيْنَ الْبَحْرَيْنِ حَاجِزًا ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ [27:61]

එසේ නැතහොත් මහපොළොව වාසස්ථානයක් බවට පත් කොට ඒ අතර ගංගාවන් ඇති කොට එහි කඳු ඇති කොට මුහුදු දෙක අතර බාධකයක් ඇති කළ අය ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා නොදනිති.

### الآية 27:62

> ﻿أَمَّنْ يُجِيبُ الْمُضْطَرَّ إِذَا دَعَاهُ وَيَكْشِفُ السُّوءَ وَيَجْعَلُكُمْ خُلَفَاءَ الْأَرْضِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ قَلِيلًا مَا تَذَكَّرُونَ [27:62]

එසේ නැතහොත් කරදරයක පැටලුණු අය ඔහුගෙන් ප්‍රාර්ථනා කළ විට ඔහුට පිළිතුරු දී එම නපුර ඉවත් කරන්නා ද? තවද, ඔහු නුඹලා මහපොළොවේ නියෝජිතයින් බවට පත් කරයි. අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා මෙනෙහි කරනුයේ ස්වල්පයකි.

### الآية 27:63

> ﻿أَمَّنْ يَهْدِيكُمْ فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ وَمَنْ يُرْسِلُ الرِّيَاحَ بُشْرًا بَيْنَ يَدَيْ رَحْمَتِهِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ تَعَالَى اللَّهُ عَمَّا يُشْرِكُونَ [27:63]

එසේ නැතහොත් පොළොවේ හා මුහුදේ අන්ධකාරයන්හි නුඹලාට මග පෙන්වන්නා ද? තවද තම කරුණාව අතරින් සුළඟ සුබාශිංසනයක් වශයෙන් එවනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් උත්තරීතරය.

### الآية 27:64

> ﻿أَمَّنْ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَمَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۗ أَإِلَٰهٌ مَعَ اللَّهِ ۚ قُلْ هَاتُوا بُرْهَانَكُمْ إِنْ كُنْتُمْ صَادِقِينَ [27:64]

එසේ නැතහොත්, පූර්වාදර්ශයකින් තොර ව මැවීම් බිහි කොට (එය විනාශ වූ) පසු ව යළි ගෙන එන්නා ද? අහස්හි හා මහපොළොවේ නුඹලාට පෝෂණය ලබා දෙනුයේ කවරෙක් ද? අල්ලාහ් සමග තවත් දෙවියකු සිටී ද? නුඹලා සත්‍යවාදීහු නම් නුඹලාගේ සාධක ගෙන එනු.

### الآية 27:65

> ﻿قُلْ لَا يَعْلَمُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ ۚ وَمَا يَشْعُرُونَ أَيَّانَ يُبْعَثُونَ [27:65]

(නබිවරය) අල්ලාහ් හැර අහස්හි හා මහපොළොවේ සිටින්නන් ගුප්ත දෑ නොදනී යැයි ඔබ පවසනු. තවද ඔවුන් යළි නැගිටුවනු ලබන්නේ කවදාදැයි ද ඔවුහු නොදනිති.

### الآية 27:66

> ﻿بَلِ ادَّارَكَ عِلْمُهُمْ فِي الْآخِرَةِ ۚ بَلْ هُمْ فِي شَكٍّ مِنْهَا ۖ بَلْ هُمْ مِنْهَا عَمُونَ [27:66]

එසේ නොව ඔවුන්ගේ දැනුම මතු ලොව වෙතට ළඟා වෙයි. නමුත් ඔවුන් ඒ ගැන සැකයෙහිය. නමුත් ඔවුන් ඒ ගැන අන්ධභාවයෙන් පෙළෙති.

### الآية 27:67

> ﻿وَقَالَ الَّذِينَ كَفَرُوا أَإِذَا كُنَّا تُرَابًا وَآبَاؤُنَا أَئِنَّا لَمُخْرَجُونَ [27:67]

අප හා අපගේ මුතුන් මිත්තන් පස් බවට පත් ව සිටියදී නියත වශයෙන්ම අපි බැහැර කරනු ලබන්නන් වන්නෙමු දැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියේය.

### الآية 27:68

> ﻿لَقَدْ وُعِدْنَا هَٰذَا نَحْنُ وَآبَاؤُنَا مِنْ قَبْلُ إِنْ هَٰذَا إِلَّا أَسَاطِيرُ الْأَوَّلِينَ [27:68]

මීට පෙරද අප හා අපගේ මුතුන් මිත්තන් මේ ගැන ප්‍රතිඥා දෙනු ලැබුවෙමු. මෙය පැරැණ්නන්ගේ ප්‍රබන්ධයන් මිස නැත.

### الآية 27:69

> ﻿قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الْمُجْرِمِينَ [27:69]

මහපොළොවේ නුඹලා ගමන් කර වැරදිකරුවන්ගේ අවසානය කෙසේ වී දැයි අවධානයෙන් බලනු යැයි ඔබ පවසනු.

### الآية 27:70

> ﻿وَلَا تَحْزَنْ عَلَيْهِمْ وَلَا تَكُنْ فِي ضَيْقٍ مِمَّا يَمْكُرُونَ [27:70]

ඔවුන් කෙරෙහි ඔබ දුක් නොවනු. තවද ඔවුන් කරන කුමන්ත්‍රණ හේතුවෙන් ඔබ අසහනකාරී තත්ත්වයට පත් නොවනු.

### الآية 27:71

> ﻿وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ [27:71]

නුඹලා සත්‍යවාදීහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ?යි ඔවුහු විමසති.

### الآية 27:72

> ﻿قُلْ عَسَىٰ أَنْ يَكُونَ رَدِفَ لَكُمْ بَعْضُ الَّذِي تَسْتَعْجِلُونَ [27:72]

(නබිවරය) නුඹලා ඉක්මනින් පතන දැයින් සමහරක් නුඹලාට සමීප වන්නට පුළුවන් යැයි ඔබ පවසනු.

### الآية 27:73

> ﻿وَإِنَّ رَبَّكَ لَذُو فَضْلٍ عَلَى النَّاسِ وَلَٰكِنَّ أَكْثَرَهُمْ لَا يَشْكُرُونَ [27:73]

තවද නියත වශයෙන්ම ඔබගේ පරමාධිපති ජනයා වෙත අනුග්‍රහශීලීය. එනමුත් ඔවුන්ගෙන් බහුතරයක් දෙනා කෘතවේදී නොවෙති.

### الآية 27:74

> ﻿وَإِنَّ رَبَّكَ لَيَعْلَمُ مَا تُكِنُّ صُدُورُهُمْ وَمَا يُعْلِنُونَ [27:74]

තවද ඔවුන්ගේ හදවත් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද නියත වශයෙන්ම ඔබේ පරමාධිපති දන්නේය.

### الآية 27:75

> ﻿وَمَا مِنْ غَائِبَةٍ فِي السَّمَاءِ وَالْأَرْضِ إِلَّا فِي كِتَابٍ مُبِينٍ [27:75]

තවද අහස්හි හා මහපොළොවේ සැඟ වී පවතින කිසිවක් හෝ පැහැදිලි ලේඛනයේ සඳහන් ව මිස නැත.

### الآية 27:76

> ﻿إِنَّ هَٰذَا الْقُرْآنَ يَقُصُّ عَلَىٰ بَنِي إِسْرَائِيلَ أَكْثَرَ الَّذِي هُمْ فِيهِ يَخْتَلِفُونَ [27:76]

කවර විෂයක් ගැන ඔවුහු මතභේද ඇති කර ගත්තෝ ද ඒවායින් බොහෝමයක් ගැන නියත වශයෙන්ම ඉස්රාඊල් දරුවන්ට මෙම අල් කුර්ආනය විස්තර කරයි.

### الآية 27:77

> ﻿وَإِنَّهُ لَهُدًى وَرَحْمَةٌ لِلْمُؤْمِنِينَ [27:77]

තවද නියත වශයෙන්ම (අල් කුර්ආනය වන) මෙය මග පෙන්වීමකි. දෙවියන් විශ්වාස කරන්නන් හට දයාවකි.

### الآية 27:78

> ﻿إِنَّ رَبَّكَ يَقْضِي بَيْنَهُمْ بِحُكْمِهِ ۚ وَهُوَ الْعَزِيزُ الْعَلِيمُ [27:78]

නියත වශයෙන්ම ඔබේ පරමාධිපති තම නීතිය අනුව ඔවුන් අතර තීන්දු දෙනු ඇත. තවද ඔහුමය සර්ව ඥානී සර්ව බලධාරී.

### الآية 27:79

> ﻿فَتَوَكَّلْ عَلَى اللَّهِ ۖ إِنَّكَ عَلَى الْحَقِّ الْمُبِينِ [27:79]

එහෙයින් ඔබ අල්ලාහ් වෙත සියල්ල භාර කරනු. නියත වශයෙන්ම ඔබ පැහැදිලි සත්‍ය මත සිටින්නෙහිය.

### الآية 27:80

> ﻿إِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ [27:80]

නියත වශයෙන්ම නුඹට (සත්‍ය ප්‍රතික්ෂේප කරන) මළවුනට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක. තවද (සත්‍යට කන් නොදෙන) බිහිරන් ඔවුන් පසුපසලා හැරී යන විට එම ඇරයුමට සවන් වැකෙන්නට සැලැස්විය නොහැක.

### الآية 27:81

> ﻿وَمَا أَنْتَ بِهَادِي الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ ۖ إِنْ تُسْمِعُ إِلَّا مَنْ يُؤْمِنُ بِآيَاتِنَا فَهُمْ مُسْلِمُونَ [27:81]

අන්ධයින් නොමග යෑමෙන් ඔවුන්ට මග පෙන්වන්නකු ලෙස ඔබ නැත. අපගේ වදන් විශ්වාස කර, අවනත වන මුස්ලිම්වරුන් බවට පත්වූවන්ට හැර අන් අයට නුඹට සවන් වැකෙන්නට සැළැස්විය නොහැක.

### الآية 27:82

> ﻿۞ وَإِذَا وَقَعَ الْقَوْلُ عَلَيْهِمْ أَخْرَجْنَا لَهُمْ دَابَّةً مِنَ الْأَرْضِ تُكَلِّمُهُمْ أَنَّ النَّاسَ كَانُوا بِآيَاتِنَا لَا يُوقِنُونَ [27:82]

ඔවුන් වෙත (දඬුවමේ) ප්‍රකාශය පතිත වූ විට ‘නියත වශයෙන්ම මිනිසුන් අපගේ වදන් තරයේ විශ්වාස නොකරමින් සිටියහ’ යැයි ඔවුන් සමග කතා කරන සත්ත්වයෙකු ඔවුන් වෙනුවෙන් මහපොළොවෙන් අපි බැහැර කරන්නෙමු.

### الآية 27:83

> ﻿وَيَوْمَ نَحْشُرُ مِنْ كُلِّ أُمَّةٍ فَوْجًا مِمَّنْ يُكَذِّبُ بِآيَاتِنَا فَهُمْ يُوزَعُونَ [27:83]

සෑම සමූහයකින්ම අපගේ වදන් බොරු කරමින් සිටි අයගෙන් පිරිසක් අපි එක්රැස් කරන දිනය ගැන මෙනෙහි කරනු. එවිට ඔවුහු පෙළ ගස්වා තබනු ලබති.

### الآية 27:84

> ﻿حَتَّىٰ إِذَا جَاءُوا قَالَ أَكَذَّبْتُمْ بِآيَاتِي وَلَمْ تُحِيطُوا بِهَا عِلْمًا أَمَّاذَا كُنْتُمْ تَعْمَلُونَ [27:84]

ඔවුහු පැමිණි විට, මාගේ වදන් පිළිබඳ දැනුමක් නුඹලාට නොතිබිය දී නුඹලා එය බොරු කළෙහු ද, එසේ නැතහොත් නුඹලා සිදු කරමින් සිටියේ කුමක්දැ?යි ඔහු විමසයි.

### الآية 27:85

> ﻿وَوَقَعَ الْقَوْلُ عَلَيْهِمْ بِمَا ظَلَمُوا فَهُمْ لَا يَنْطِقُونَ [27:85]

ඔවුන් අපරාධ කළ බැවින් ඔවුන් කෙරෙහි (දඬුවමේ) ප්‍රකාශය පතිත විය. එහෙයින් ඔවුහු කතා නොකරති.

### الآية 27:86

> ﻿أَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا اللَّيْلَ لِيَسْكُنُوا فِيهِ وَالنَّهَارَ مُبْصِرًا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ [27:86]

ඔවුන් එහි වාසය කරනු පිණිස රාත්‍රියත් දහවල පෙනෙන්නක් බවටත් නියත වශයෙන්ම අපි ඇති කළ බව ඔවුහු නොදුටුවෙහු ද? නියත වශයෙන්ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත.

### الآية 27:87

> ﻿وَيَوْمَ يُنْفَخُ فِي الصُّورِ فَفَزِعَ مَنْ فِي السَّمَاوَاتِ وَمَنْ فِي الْأَرْضِ إِلَّا مَنْ شَاءَ اللَّهُ ۚ وَكُلٌّ أَتَوْهُ دَاخِرِينَ [27:87]

හොරණෑවෙහි පිඹිනු ලබන දින අල්ලාහ් අභිමත කළ අය හැර අහස්හි සිටින අය හා මහොපොළොවේ සිටින අය තැති ගනිති. තවද සියලු දෙනා ඔහු වෙත පහත් වූවන් ලෙසින් පැමිණෙනු ඇත.

### الآية 27:88

> ﻿وَتَرَى الْجِبَالَ تَحْسَبُهَا جَامِدَةً وَهِيَ تَمُرُّ مَرَّ السَّحَابِ ۚ صُنْعَ اللَّهِ الَّذِي أَتْقَنَ كُلَّ شَيْءٍ ۚ إِنَّهُ خَبِيرٌ بِمَا تَفْعَلُونَ [27:88]

ඔබ එය ඝනව පිහිටා ඇතැයි සිතන කඳු දකින්නෙහිය. (එදින) ඒවා වලාකුළු ගමන් ගන්නාක් මෙන් ගමන් කරනු ඇත. එය සෑම දෙයකටම ස්ථාවරත්වයක් ඇති කළ අල්ලාහ්ගේ නිමැයුමකි. නියත වශයෙන්ම ඔහු නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.

### الآية 27:89

> ﻿مَنْ جَاءَ بِالْحَسَنَةِ فَلَهُ خَيْرٌ مِنْهَا وَهُمْ مِنْ فَزَعٍ يَوْمَئِذٍ آمِنُونَ [27:89]

කවරෙකු යහපත රැගෙන එන්නේ ද එවිට ඊට වඩා ශ්‍රේෂ්ඨත්වයක් ඔහු සතු වනු ඇත. තවද ඔවුහු එදින තැතිගැනීමෙන් සුරක්ෂිතයෝය.

### الآية 27:90

> ﻿وَمَنْ جَاءَ بِالسَّيِّئَةِ فَكُبَّتْ وُجُوهُهُمْ فِي النَّارِ هَلْ تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ [27:90]

තවද කවරෙකු නපුර රැගෙන එන්නේ ද ඔවුන්ගේ මුහුණු නිරා ගින්නෙහි මුණිනතට හෙළනු ලැබේ. නුඹලා සිදු කරමින් සිටි දෑ හැර වෙනෙකක් නුඹලාට පිරිනමනු ලබන්නෙහු ද?

### الآية 27:91

> ﻿إِنَّمَا أُمِرْتُ أَنْ أَعْبُدَ رَبَّ هَٰذِهِ الْبَلْدَةِ الَّذِي حَرَّمَهَا وَلَهُ كُلُّ شَيْءٍ ۖ وَأُمِرْتُ أَنْ أَكُونَ مِنَ الْمُسْلِمِينَ [27:91]

නියත වශයෙන්ම මම අණ කරනු ලැබුවේ මෙම නගරය පාරිශුද්ධ කළ එහි පරමාධිපතිට ගැතිකම් කිරීමටය. තවද සියලු දෑ ඔහු සතුය. තවද මම (අල්ලාහ්ට අවනත වන) මුස්ලිම්වරුන් ගෙන් කෙනෙකු වීමට ද අණ කරනු ලැබුවෙමි.

### الآية 27:92

> ﻿وَأَنْ أَتْلُوَ الْقُرْآنَ ۖ فَمَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَقُلْ إِنَّمَا أَنَا مِنَ الْمُنْذِرِينَ [27:92]

තවද මා අල් කුර්ආනය පාරායනය කිරීමට ද (අණ කරනු ලැබුවෙමි.) එහෙයින් කවරෙකු යහ මග ලබන්නේ ද එසේ ඔහු යහ මග ලබනුයේ ඔහු වෙනුවෙනි. තවද කවරෙකු නොමග ගියේ ද එවිට නියත වශයෙන්ම මම අවවාද කරන්නන් අතුරින් කෙනෙකු වෙමි යැයි නුඹ (ඔහුට) පවසනු.

### الآية 27:93

> ﻿وَقُلِ الْحَمْدُ لِلَّهِ سَيُرِيكُمْ آيَاتِهِ فَتَعْرِفُونَهَا ۚ وَمَا رَبُّكَ بِغَافِلٍ عَمَّا تَعْمَلُونَ [27:93]

සියලු ප්‍රශංසා අල්ලාහ්ටය. ඔහුගේ සංඥා ඔහු නුඹලාට මතු පෙන්වනු ඇත. එවිට නුඹලා එය දැන ගන්නෙහුය. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ නුඹගේ පරමාධිපති අනවධානියකු නොවේ යැයි ඔබ පවසනු.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/27.md)
- [كل تفاسير سورة النّمل
](https://quranpedia.net/surah-tafsir/27.md)
- [ترجمات سورة النّمل
](https://quranpedia.net/translations/27.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/27/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
