---
title: "ترجمة سورة الرّوم - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/30/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/30/book/1993"
surah_id: "30"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة الرّوم - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/30/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الرّوم - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/30/book/1993*.

Translation of Surah الرّوم from "الترجمة السنهالية" in السنهالية.

### الآية 30:1

> الم [30:1]

අලිෆ්, ලාම් මීම්

### الآية 30:2

> ﻿غُلِبَتِ الرُّومُ [30:2]

රෝමය ආක්‍රමණය කරනු ලැබීය.

### الآية 30:3

> ﻿فِي أَدْنَى الْأَرْضِ وَهُمْ مِنْ بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ [30:3]

එම භූමියට කිට්ටුවෙහි. ඔවුන් ආක්‍රමණය කරනු ලැබුවායින් පසු ඔවුන් (නැවත) මතු ආක්‍රමණය කරනු ඇත.

### الآية 30:4

> ﻿فِي بِضْعِ سِنِينَ ۗ لِلَّهِ الْأَمْرُ مِنْ قَبْلُ وَمِنْ بَعْدُ ۚ وَيَوْمَئِذٍ يَفْرَحُ الْمُؤْمِنُونَ [30:4]

(එය) වසර කිහිපයක් තුළ වේ. පෙර හා පසු සියලු කරුණු අල්ලාහ් සතුය. තවද එදින දෙවියන් විශ්වාස කරන්නෝ (මුඃමින්වරු) සතුටු වෙති.

### الآية 30:5

> ﻿بِنَصْرِ اللَّهِ ۚ يَنْصُرُ مَنْ يَشَاءُ ۖ وَهُوَ الْعَزِيزُ الرَّحِيمُ [30:5]

අල්ලාහ්ගේ උදව් ව මගින් ඔහු අභිමත කරන අයට උපකාර කරයි. තවද ඔහුමය සර්ව බලධාරී මහා කරුණාන්විත.

### الآية 30:6

> ﻿وَعْدَ اللَّهِ ۖ لَا يُخْلِفُ اللَّهُ وَعْدَهُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ [30:6]

තවද (රෝමය ආක්‍රමණය) අල්ලාහ්ගේ ප්‍රතිඥාවයි. අල්ලාහ් ඔහුගේ ප්‍රතිඥාව කඩ නොකරයි. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති.

### الآية 30:7

> ﻿يَعْلَمُونَ ظَاهِرًا مِنَ الْحَيَاةِ الدُّنْيَا وَهُمْ عَنِ الْآخِرَةِ هُمْ غَافِلُونَ [30:7]

මෙලොව ජීවිතයේ මතුපිටින් වූ දෑ ඔවුහු දනිති. නමුත් මතු ලොව පිළිබඳ ව ඔවුහු අනවධානීහුය.

### الآية 30:8

> ﻿أَوَلَمْ يَتَفَكَّرُوا فِي أَنْفُسِهِمْ ۗ مَا خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا إِلَّا بِالْحَقِّ وَأَجَلٍ مُسَمًّى ۗ وَإِنَّ كَثِيرًا مِنَ النَّاسِ بِلِقَاءِ رَبِّهِمْ لَكَافِرُونَ [30:8]

ඔවුහු තමන් ගැන කල්පනා නොකළෙහු ද? අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද යුක්තියෙන් හා නියමිත කාල සීමාවක් සහිත ව මිස අල්ලාහ් නොමැව්වේය. තවද ජනයා අතුරින් බහුතරයක් දෙනා ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.

### الآية 30:9

> ﻿أَوَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ كَانُوا أَشَدَّ مِنْهُمْ قُوَّةً وَأَثَارُوا الْأَرْضَ وَعَمَرُوهَا أَكْثَرَ مِمَّا عَمَرُوهَا وَجَاءَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ [30:9]

මහපොළොවේ සැරිසරා ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු අධීක්ෂණය කර නොබැලුවෙහු ද? ඔවුහු මොවුනට වඩා ශක්තියෙන් අධික වූහ. ඔවුහු මහපොළොවේ අස්වැද්දූහ. මොවුන් පාලනය කළ දෑට වඩා ඔවුහු එය අධික ලෙස පරිපාලනය කළෝය. ඔවුන් වෙත ඔවුන්ගේ දූතවරු පැහැදිලි සාධක සමඟ පැමිණියහ. ඔවුනට අපරාධ කිරීමට අල්ලාහ්ට නොවීය. එනමුත් ඔවුහු ඔවුනටම අපරාධ කරගන්නන් වූහ.

### الآية 30:10

> ﻿ثُمَّ كَانَ عَاقِبَةَ الَّذِينَ أَسَاءُوا السُّوأَىٰ أَنْ كَذَّبُوا بِآيَاتِ اللَّهِ وَكَانُوا بِهَا يَسْتَهْزِئُونَ [30:10]

පසුව ඔවුන් අල්ලාහ්ගේ වදන් බොරු කළ බැවින් ද ඒවා පිළිබඳ ඔවුන් සරදම් කළ බැවින් ද (එවන්) නපුරුකම් කළවුන්ගේ අවසානය නපුරු විය.

### الآية 30:11

> ﻿اللَّهُ يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ ثُمَّ إِلَيْهِ تُرْجَعُونَ [30:11]

අල්ලාහ් මැවීම් ප්‍රථමෝත්පාදනය කරයි. පසු ව එය ප්‍රතිඋත්පාදනය කරයි. පසු ව ඔහු වෙතටමය නුඹලා නැවත යොමු කරනු ලබනුයේ.

### الآية 30:12

> ﻿وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُبْلِسُ الْمُجْرِمُونَ [30:12]

තවද අවසන් හෝරාව සිදු වන දින වැරදිකරුවෝ බලාපොරොත්තු සුන් කර ගනිති.

### الآية 30:13

> ﻿وَلَمْ يَكُنْ لَهُمْ مِنْ شُرَكَائِهِمْ شُفَعَاءُ وَكَانُوا بِشُرَكَائِهِمْ كَافِرِينَ [30:13]

ඔවුන්ගේ හවුල්කරුවන් අතුරින් ඔවුන් වෙනුවෙන් මැදිහත්වන්නෝ ඔවුනට නොවීය. තවද ඔවුහු ඔවුන්ගේ හවුල්කරුවන් ප්‍රතික්ෂේප කරන්නන් වූහ.

### الآية 30:14

> ﻿وَيَوْمَ تَقُومُ السَّاعَةُ يَوْمَئِذٍ يَتَفَرَّقُونَ [30:14]

තවද අවසන් හෝරාව සිදු වන දින ඔවුහු වෙන් වෙන් ව යති.

### الآية 30:15

> ﻿فَأَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَهُمْ فِي رَوْضَةٍ يُحْبَرُونَ [30:15]

විශ්වාස කොට යහකම් කළ අය වූ කලී ඔවුහු (ස්වර්ග) උයනෙහි සතුටු කරවනු ලබති.

### الآية 30:16

> ﻿وَأَمَّا الَّذِينَ كَفَرُوا وَكَذَّبُوا بِآيَاتِنَا وَلِقَاءِ الْآخِرَةِ فَأُولَٰئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ [30:16]

තවද ප්‍රතික්ෂේප කොට අපගේ වදන් හා මතු ලොව හමු ව බොරු කළ අය වූ කලී එවිට ඔවුහු දඬුවමෙහි සම්මුඛ කරවනු ලබන්නෝය.

### الآية 30:17

> ﻿فَسُبْحَانَ اللَّهِ حِينَ تُمْسُونَ وَحِينَ تُصْبِحُونَ [30:17]

අල්ලාහ් සුවිශුද්ධය. නුඹලා සවස් කාලයට එළැඹෙන විටත් නුඹලා උදෑසන පිබිදෙන විටත් ඔහු සුවිශුද්ධ කරනු.

### الآية 30:18

> ﻿وَلَهُ الْحَمْدُ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَعَشِيًّا وَحِينَ تُظْهِرُونَ [30:18]

තවද සන්ධ්‍යා කාලයේ හා නුඹලා මධ්‍යාහ්න කාලයට එළැඹෙන විටත් අහස්හි හා මහපොළොවෙහි සියලු ප්‍රශංසා ඔහු සතුය.

### الآية 30:19

> ﻿يُخْرِجُ الْحَيَّ مِنَ الْمَيِّتِ وَيُخْرِجُ الْمَيِّتَ مِنَ الْحَيِّ وَيُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ وَكَذَٰلِكَ تُخْرَجُونَ [30:19]

ඔහු මළ දැයින් ජීවී දෑ හෙළි කරයි. තවද ජීවී දැයින් මළ දෑ හෙළි කරයි. මහපොළොවට, එය මිය ගිය පසු ව ඔහු යළි ජීවය දෙයි. එලෙසය නුඹලා (මළවුන් කෙරෙන්) බැහැර කරනු ලබනුයේ.

### الآية 30:20

> ﻿وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَكُمْ مِنْ تُرَابٍ ثُمَّ إِذَا أَنْتُمْ بَشَرٌ تَنْتَشِرُونَ [30:20]

නුඹලා පසින් මැවීම ඔහුගේ සංඥා අතුරිනි. එවිට නුඹලා (මහපොළොවේ) විසිර සිටින මිනිසුන් වූහ.

### الآية 30:21

> ﻿وَمِنْ آيَاتِهِ أَنْ خَلَقَ لَكُمْ مِنْ أَنْفُسِكُمْ أَزْوَاجًا لِتَسْكُنُوا إِلَيْهَا وَجَعَلَ بَيْنَكُمْ مَوَدَّةً وَرَحْمَةً ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَتَفَكَّرُونَ [30:21]

නුඹලා ඇය සමග වාසය කරනු පිණිස නුඹලා තුළින්ම නුඹලා වෙනුවෙන් බිරියන් මවා තිබීම ද ඔහුගේ සංඥා අතුරිනි. තවද නුඹලා අතර ආදරය හා කරුණාව ඇති කළේය. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත.

### الآية 30:22

> ﻿وَمِنْ آيَاتِهِ خَلْقُ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافُ أَلْسِنَتِكُمْ وَأَلْوَانِكُمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِلْعَالِمِينَ [30:22]

අහස් හා මහපොළොව මැවීම ද නුඹලාගේ භාෂා හා නුඹලාගේ වර්ණ විවිධත්වය ද ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම එහි දැනුමැත්තන්හට සංඥාවන් ඇත.

### الآية 30:23

> ﻿وَمِنْ آيَاتِهِ مَنَامُكُمْ بِاللَّيْلِ وَالنَّهَارِ وَابْتِغَاؤُكُمْ مِنْ فَضْلِهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَسْمَعُونَ [30:23]

තවද රාත්‍රියේ හා දහවලේ නුඹලාගේ නින්ද ද ඔහුගේ ආශිර්වාදය තුළින් නුඹලා (සම්පත්) සෙවීමද ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම සවන් දෙන ජනයාට එහි සංඥා ඇත.

### الآية 30:24

> ﻿وَمِنْ آيَاتِهِ يُرِيكُمُ الْبَرْقَ خَوْفًا وَطَمَعًا وَيُنَزِّلُ مِنَ السَّمَاءِ مَاءً فَيُحْيِي بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ [30:24]

තවද භීතිය හා බලාපොරොත්තු තබන්නක් වශයෙන් ඔහු නුඹලාට අකුණු සැර පෙන්වීමත් අහසින් ජලය පහළ කොට එමගින් මහපොළොව එය මළ පසු ව යළි ජීවමාන කිරීමත් ඔහුගේ සංඥා අතුරිනි. නියත වශයෙන්ම එහි වටහා ගන්නා ජනයාට සංඥා ඇත.

### الآية 30:25

> ﻿وَمِنْ آيَاتِهِ أَنْ تَقُومَ السَّمَاءُ وَالْأَرْضُ بِأَمْرِهِ ۚ ثُمَّ إِذَا دَعَاكُمْ دَعْوَةً مِنَ الْأَرْضِ إِذَا أَنْتُمْ تَخْرُجُونَ [30:25]

තවද අහස හා මහපොළොව ඔහුගේ නියෝගය අනුව ක්‍රියාත්මක වීමත් ඔහුගේ සංඥා අතුරිනි. පසුව නුඹලාව එක් ඇරයුමකින් ඔහු ඇරයුම් කරන විට මහපොළොවෙන් නුඹලා බැහැර වන්නෙහුය.

### الآية 30:26

> ﻿وَلَهُ مَنْ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ كُلٌّ لَهُ قَانِتُونَ [30:26]

තවද අහස්හි හා මහපොළොවේ ඇති අය ඔහු සතුය. සියල්ල ඔහුට අවනත වන්නෝ වෙති.

### الآية 30:27

> ﻿وَهُوَ الَّذِي يَبْدَأُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ وَهُوَ أَهْوَنُ عَلَيْهِ ۚ وَلَهُ الْمَثَلُ الْأَعْلَىٰ فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ [30:27]

මැවීම ප්‍රථමෝත්පාදනය කර පසු ව එය ප්‍රතිඋත්පාදනය කරනුයේ ඔහුය. එය ඔහුට සරල කාර්යයකි. තවද අහස්හි හා මහපොළොවෙහි උසස් උපමාවන් ඔහු සතුව ඇත. තවද ඔහු සර්වබලධාරීය. මහා ප්‍රඥාවන්තය.

### الآية 30:28

> ﻿ضَرَبَ لَكُمْ مَثَلًا مِنْ أَنْفُسِكُمْ ۖ هَلْ لَكُمْ مِنْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ مِنْ شُرَكَاءَ فِي مَا رَزَقْنَاكُمْ فَأَنْتُمْ فِيهِ سَوَاءٌ تَخَافُونَهُمْ كَخِيفَتِكُمْ أَنْفُسَكُمْ ۚ كَذَٰلِكَ نُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْقِلُونَ [30:28]

නුඹලා අතුරින්ම නුඹලාට උපමාවක් ඔහු ගෙන හැර පෙන්වීය. අපි නුඹලාට පෝෂණය කළ දෑහි හවුල්කරුවන් කිසිවෙකු හෝ නුඹලාගේ දකුණත් හිමිකරගත් අය අතුරින් නුඹලාට වෙත් ද? නුඹලා එහි සමානද? නුඹලා අතර නුඹලා බියවන්නාක් මෙන් නුඹලා ඔවුනට ද බියවන්නෙහුය. වටහා ගන්නා ජනයාට එම වදන් අපි පැහැදිලි කරනුයේ එලෙසය.

### الآية 30:29

> ﻿بَلِ اتَّبَعَ الَّذِينَ ظَلَمُوا أَهْوَاءَهُمْ بِغَيْرِ عِلْمٍ ۖ فَمَنْ يَهْدِي مَنْ أَضَلَّ اللَّهُ ۖ وَمَا لَهُمْ مِنْ نَاصِرِينَ [30:29]

නමුත් අපරාධ කළවුන් කිසිදු දැනුමකින් තොර ව ඔවුන්ගේ ආශාවන් පිළිපැද්දෝය. එහෙයින් කවරෙකු අල්ලාහ් නොමග හැරියේ ද ඔහුට මග පෙන්වනුයේ කවුද? තවද ඔවුනට උදව්කරුවන් කිසිවෙකු හෝ නොමැත.

### الآية 30:30

> ﻿فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ حَنِيفًا ۚ فِطْرَتَ اللَّهِ الَّتِي فَطَرَ النَّاسَ عَلَيْهَا ۚ لَا تَبْدِيلَ لِخَلْقِ اللَّهِ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ [30:30]

එහෙයින් ඔබ ඔබේ මුහුණ දහම වෙත අවංක ව ස්ථාපිත කරනු. (එය) මිනිසා ඒ මත මැවූ අල්ලාහ්ගේ ස්වභාව ධර්මයයි. අල්ලාහ්ගේ මැවීමට කිසිදු පෙරළීමක් නොමැත. එය ඍජු ධර්මයයි. නමුත් ජනයාගෙන් බහුතරයක් දෙනා එය නොදනිති.

### الآية 30:31

> ﻿۞ مُنِيبِينَ إِلَيْهِ وَاتَّقُوهُ وَأَقِيمُوا الصَّلَاةَ وَلَا تَكُونُوا مِنَ الْمُشْرِكِينَ [30:31]

ඔහු වෙත නැඹුරුවන්නන් ලෙසින් (ස්ථාපිත කරනු.) තවද නුඹලා ඔහුට බැතිමත් වනු. තවද සලාතය විධිමත් ව ඉටු කරනු. තවද නුඹලා ආදේශ කරන්නන් අතුරින් නොවනු.

### الآية 30:32

> ﻿مِنَ الَّذِينَ فَرَّقُوا دِينَهُمْ وَكَانُوا شِيَعًا ۖ كُلُّ حِزْبٍ بِمَا لَدَيْهِمْ فَرِحُونَ [30:32]

ඔවුහු තම දහම වෙන්කර ගත් අය අතුරිනි. තවද ඔවුහු කණ්ඩායම් බවට පත් වූහ. සෑම කණ්ඩායමක්ම ඔවුන් සතුව ඇති දැයින් සතුටුවන්නෝය.

### الآية 30:33

> ﻿وَإِذَا مَسَّ النَّاسَ ضُرٌّ دَعَوْا رَبَّهُمْ مُنِيبِينَ إِلَيْهِ ثُمَّ إِذَا أَذَاقَهُمْ مِنْهُ رَحْمَةً إِذَا فَرِيقٌ مِنْهُمْ بِرَبِّهِمْ يُشْرِكُونَ [30:33]

ජනයාට යම් හිංසනයක් ස්පර්ශ වූ විට ඔවුන්ගේ පරමාධිපති වෙත යොමුවන්නන් ලෙසින් ඔවුහු ඔහුට කන්නලව් කරති. පසු ව එයින් ආශිර්වාදය රස විඳින්නට සැලැස්වූ විට ඔවුන් අතුරින් පිරිසක් ඔවුන්ගේ පරමාධිපතිට සමානයන් තබති.

### الآية 30:34

> ﻿لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ ۚ فَتَمَتَّعُوا فَسَوْفَ تَعْلَمُونَ [30:34]

(එසේ සිදු කරනුයේ) ඔවුනට අපි පිරිනැමූ දෑ සම්බන්ධයෙන් ඔවුන් ගුණමකු වනු පිණිසය. එහෙයින් නුඹලා භුක්ති විඳිනු. එවිට නුඹලා මතු දැන ගනු ඇත.

### الآية 30:35

> ﻿أَمْ أَنْزَلْنَا عَلَيْهِمْ سُلْطَانًا فَهُوَ يَتَكَلَّمُ بِمَا كَانُوا بِهِ يُشْرِكُونَ [30:35]

එසේ නැතහොත් ඔවුන් කවර දෙයක් මත ආදේශ කරමින් සිටියේ ද ඒ ගැන කතා කරන බලයක් ඔවුන් වෙත අපි පහළ කළෙමු ද?

### الآية 30:36

> ﻿وَإِذَا أَذَقْنَا النَّاسَ رَحْمَةً فَرِحُوا بِهَا ۖ وَإِنْ تُصِبْهُمْ سَيِّئَةٌ بِمَا قَدَّمَتْ أَيْدِيهِمْ إِذَا هُمْ يَقْنَطُونَ [30:36]

ජනයාට ආශිර්වාදය භුක්ති විඳින්නට සැලැස්වූ විට ඔවුහු එමගින් සතුටු වෙති. නමුත් ඔවුන්ගේ අත් ඉදිරිපත් කළ දෑ හේතුවෙන් යම් නපුරක් ඔවුනට අත්වූයේ නම් ඔවුහු බලාපොරොත්තු සුන් කර ගනිති.

### الآية 30:37

> ﻿أَوَلَمْ يَرَوْا أَنَّ اللَّهَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِقَوْمٍ يُؤْمِنُونَ [30:37]

නියත වශයෙන්ම අල්ලාහ් තමන් අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙන බවත් (ඇතැමුන්ට) සීමා කර දෙන බවත් ඔවුහු නොදුටුවෝ ද? නියත වශයෙන්ම එහි විශ්වාස කරන ජනයාට සංඥා ඇත.

### الآية 30:38

> ﻿فَآتِ ذَا الْقُرْبَىٰ حَقَّهُ وَالْمِسْكِينَ وَابْنَ السَّبِيلِ ۚ ذَٰلِكَ خَيْرٌ لِلَّذِينَ يُرِيدُونَ وَجْهَ اللَّهِ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ [30:38]

එහෙයින් ඥාතී වූවන්ට ඔහුගේ උරුමය දෙනු. දුප්පතාට ද තවද මගියාට ද (දෙනු.) අල්ලාහ්ගේ තෘප්තිය අපේක්ෂා කරන්නන් හට එය උතුම්ය. තවද ඔවුහුමය ජයග්‍රාහකයෝ.

### الآية 30:39

> ﻿وَمَا آتَيْتُمْ مِنْ رِبًا لِيَرْبُوَ فِي أَمْوَالِ النَّاسِ فَلَا يَرْبُو عِنْدَ اللَّهِ ۖ وَمَا آتَيْتُمْ مِنْ زَكَاةٍ تُرِيدُونَ وَجْهَ اللَّهِ فَأُولَٰئِكَ هُمُ الْمُضْعِفُونَ [30:39]

තවද ජනයාගේ වස්තුවෙහි අධික වශයෙන් ලබා ගනු පිණිස පොළියෙන් නුඹලා දුන් දෑ අල්ලාහ් අභියස (කුසල්) වර්ධනය නොකරනු ඇත. නමුත් අල්ලාහ්ගේ තෘප්තිය බලාපොරොත්තුවෙන් කවර පරිත්‍යාගයක් නුඹලා දුන්නේ ද එසේ දුන් ඔවුහුමය ගුණ කරනු ලබන්නන් වනුයේ.

### الآية 30:40

> ﻿اللَّهُ الَّذِي خَلَقَكُمْ ثُمَّ رَزَقَكُمْ ثُمَّ يُمِيتُكُمْ ثُمَّ يُحْيِيكُمْ ۖ هَلْ مِنْ شُرَكَائِكُمْ مَنْ يَفْعَلُ مِنْ ذَٰلِكُمْ مِنْ شَيْءٍ ۚ سُبْحَانَهُ وَتَعَالَىٰ عَمَّا يُشْرِكُونَ [30:40]

අල්ලාහ් වන ඔහු නුඹලාව මැව්වේය. නුඹලාට පෝෂණය දුන්නේය. පසු ව ඔහු නුඹලා මරණයට පත් කරන්නේය. පසුව නුඹලාට ජීවය දෙන්නේය. මේවායින් කිසිවක් හෝ සිදු කරන නුඹලාගේ හවුල්කරුවන් කිසිවෙකු හෝ වෙත් ද? ඔහු සුපිවිතුරය. තවද ඔවුන් ආදේශ කරන දැයින් ඔහු උත්තරීතර විය.

### الآية 30:41

> ﻿ظَهَرَ الْفَسَادُ فِي الْبَرِّ وَالْبَحْرِ بِمَا كَسَبَتْ أَيْدِي النَّاسِ لِيُذِيقَهُمْ بَعْضَ الَّذِي عَمِلُوا لَعَلَّهُمْ يَرْجِعُونَ [30:41]

මිනිසාගේ අත් උපයාගත් දෑ හේතුවෙන් ඔවුන් සිදු කළ දෑහි ඇතැමෙක් ඔවුන් විඳවනු පිණිස ගොඩබිමෙහි හා මුහුදෙහි ව්‍යසනයන් මතු විය. ඔවුන් නැවත හැරී ආ හැකි වනු පිණිසය.

### الآية 30:42

> ﻿قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلُ ۚ كَانَ أَكْثَرُهُمْ مُشْرِكِينَ [30:42]

මහපොළොවේ නුඹලා ගමන් කර මීට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැ?යි අධීක්ෂණයෙන් බලනු. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා දේව ආදේශකයින් වූහ.

### الآية 30:43

> ﻿فَأَقِمْ وَجْهَكَ لِلدِّينِ الْقَيِّمِ مِنْ قَبْلِ أَنْ يَأْتِيَ يَوْمٌ لَا مَرَدَّ لَهُ مِنَ اللَّهِ ۖ يَوْمَئِذٍ يَصَّدَّعُونَ [30:43]

එහෙයින් එය නොවැළැක්විය හැකි දිනයක් අල්ලාහ් වෙතින් පැමිණීමට පෙර ඍජු පිළිවෙත වෙත ඔබේ මුහුණ ඔබ හරවනු. එදින ඔවුහු වෙන් වෙන් ව විසිර යති.

### الآية 30:44

> ﻿مَنْ كَفَرَ فَعَلَيْهِ كُفْرُهُ ۖ وَمَنْ عَمِلَ صَالِحًا فَلِأَنْفُسِهِمْ يَمْهَدُونَ [30:44]

කවරෙකු ප්‍රතික්ෂේප කළේ ද ඔහුගේ ප්‍රතික්ෂේපය ඔහු කෙරෙහිමය. තවද කවරෙකු දැහැමි දෑ සිදු කළේ ද එවිට එය ඔවුන් වෙනුවෙන්ම ඔවුහු සැලසුම් කර ගනිති.

### الآية 30:45

> ﻿لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنْ فَضْلِهِ ۚ إِنَّهُ لَا يُحِبُّ الْكَافِرِينَ [30:45]

විශ්වාස කොට යහකම් සිදු කළවුනට ඔහුගේ ආශිර්වාදයෙන් ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිසය. (ඔවුන් මතුලොවෙහි නැගිටුවනු ලබනුයේ.) නියත වශයෙන්ම ඔහු දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් ප්‍රිය නොකරයි.

### الآية 30:46

> ﻿وَمِنْ آيَاتِهِ أَنْ يُرْسِلَ الرِّيَاحَ مُبَشِّرَاتٍ وَلِيُذِيقَكُمْ مِنْ رَحْمَتِهِ وَلِتَجْرِيَ الْفُلْكُ بِأَمْرِهِ وَلِتَبْتَغُوا مِنْ فَضْلِهِ وَلَعَلَّكُمْ تَشْكُرُونَ [30:46]

තවද ඔහුගේ කරුණාවෙන් නුඹලා භුක්ති විඳින්නට සලස්වනු පිණිසත් ඔහුගේ නියෝගයෙන් නැව් ගමන් කරනු පිණිසත් ඔහුගේ භාග්‍යයෙන් නුඹලා සොයනු පිණිසත් එමෙන්ම නුඹලා කෘතවේදී විය හැකි වනු පිණිසත් ශුභාරංචි වශයෙන් ඔහු සුළඟ එවීම ඔහුගේ සංඥා අතුරිනි.

### الآية 30:47

> ﻿وَلَقَدْ أَرْسَلْنَا مِنْ قَبْلِكَ رُسُلًا إِلَىٰ قَوْمِهِمْ فَجَاءُوهُمْ بِالْبَيِّنَاتِ فَانْتَقَمْنَا مِنَ الَّذِينَ أَجْرَمُوا ۖ وَكَانَ حَقًّا عَلَيْنَا نَصْرُ الْمُؤْمِنِينَ [30:47]

ඔබට පෙර ද දූතවරුන් ඔවුන්ගේ ජනයා වෙත සැබැවින්ම අපි එව්වෙමු. එවිට ඔවුහු ඔවුන් වෙත පැහැදිලි සාධක සමග පැමිණියෝය. පසු ව (එය ඔවුහු නොපිළිගත් බැවින්) වැරදි කළවුන්ගෙන් අපි පළිගත්තෙමු. දෙවියන් විශ්වාස කරන්නන් හට උපකාර කිරීම අප වෙත පැවරුණු වගකීමක් විය.

### الآية 30:48

> ﻿اللَّهُ الَّذِي يُرْسِلُ الرِّيَاحَ فَتُثِيرُ سَحَابًا فَيَبْسُطُهُ فِي السَّمَاءِ كَيْفَ يَشَاءُ وَيَجْعَلُهُ كِسَفًا فَتَرَى الْوَدْقَ يَخْرُجُ مِنْ خِلَالِهِ ۖ فَإِذَا أَصَابَ بِهِ مَنْ يَشَاءُ مِنْ عِبَادِهِ إِذَا هُمْ يَسْتَبْشِرُونَ [30:48]

සුළඟ එවනුයේ අල්ලාහ්ය. එවිට එය වලාකුළු නංවයි. එවිට ඔහු අභිමත කරන පරිදි අහසෙහි එය විසිරුවා හරියි. තවද එය කොටස් බවට පත් කරයි. එවිට ඒ අතුරින් වර්ෂාව පිට වනු ඔබ දකිනු ඇත. එවිට එය ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අය වෙත පතිත වූ විට ඔවුහු සතුටු වෙති.

### الآية 30:49

> ﻿وَإِنْ كَانُوا مِنْ قَبْلِ أَنْ يُنَزَّلَ عَلَيْهِمْ مِنْ قَبْلِهِ لَمُبْلِسِينَ [30:49]

තවද මීට පෙර ඔවුහු ඔවුන් වෙත පහළ කරනු ලැබීමට පෙර බලාපොරොත්තු සුන්වූවන් ලෙස සිටියහ.

### الآية 30:50

> ﻿فَانْظُرْ إِلَىٰ آثَارِ رَحْمَتِ اللَّهِ كَيْفَ يُحْيِي الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ ذَٰلِكَ لَمُحْيِي الْمَوْتَىٰ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ [30:50]

එහෙයින් අල්ලාහ්ගේ ආශිර්වාදයේ සලකුණු දෙස ඔබ අධීක්ෂණයෙන් බලනු. පොළොව මළ පසු ව එයට ඔහු ප්‍රාණය දෙනුයේ කෙසේ ද? නියත වශයෙන්ම ඔහු මළවුන්ට යළි ජීවය දෙන්නාය. තවද ඔහු සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.

### الآية 30:51

> ﻿وَلَئِنْ أَرْسَلْنَا رِيحًا فَرَأَوْهُ مُصْفَرًّا لَظَلُّوا مِنْ بَعْدِهِ يَكْفُرُونَ [30:51]

තවද අපි (වියලි) සුළඟ එවා එවිට ඔවුහු එය (අස්වැන්න) කහ පැහැගන්වන්නක් ලෙස දුටුව ද ඉන් පසු ව ඔවුහු ප්‍රතික්ෂේප කරන්නට වූහ.

### الآية 30:52

> ﻿فَإِنَّكَ لَا تُسْمِعُ الْمَوْتَىٰ وَلَا تُسْمِعُ الصُّمَّ الدُّعَاءَ إِذَا وَلَّوْا مُدْبِرِينَ [30:52]

(නබි තුමනි!) එහෙයින් ඔබ මළවුනට සවන් දෙන්නට සැලැස්විය නොහැක. තවද ඔවුහු පසුපසු හැරී ගිය විට ද බිහිරාට එම ඇරයුම සවන් දෙන්නට සැලැස්විය නොහැක.

### الآية 30:53

> ﻿وَمَا أَنْتَ بِهَادِ الْعُمْيِ عَنْ ضَلَالَتِهِمْ ۖ إِنْ تُسْمِعُ إِلَّا مَنْ يُؤْمِنُ بِآيَاتِنَا فَهُمْ مُسْلِمُونَ [30:53]

තවද අන්ධයින්ට ඔවුන්ගේ නොමග යෑමෙන් ඔබ මග පෙන්වන්නකු ලෙස නැත. අපගේ වදන් විශ්වාස කරන අයට මිස ඔබ සවන් දෙන්නට සැලැස්විය නොහැක. හේතුව ඔවුහු (අල්ලාහ්ට අවනත වූ) මුස්ලිම්වරුන්ය.

### الآية 30:54

> ﻿۞ اللَّهُ الَّذِي خَلَقَكُمْ مِنْ ضَعْفٍ ثُمَّ جَعَلَ مِنْ بَعْدِ ضَعْفٍ قُوَّةً ثُمَّ جَعَلَ مِنْ بَعْدِ قُوَّةٍ ضَعْفًا وَشَيْبَةً ۚ يَخْلُقُ مَا يَشَاءُ ۖ وَهُوَ الْعَلِيمُ الْقَدِيرُ [30:54]

දුබලත්වයේ සිට නුඹලා ව මැව්වේ ඔහුය. අනතුරු ව දුබලත්වයෙන් පසු ව ඔහු ශක්තිමත් භාවයට පත් කළේය. පසු ව ශක්තිමත් භාවයෙන් පසු ව දුර්වලභාවයටත් කෙස් ඉඳී ගිය තත්ත්වයටත් ඔහු පත් කළේය.

### الآية 30:55

> ﻿وَيَوْمَ تَقُومُ السَّاعَةُ يُقْسِمُ الْمُجْرِمُونَ مَا لَبِثُوا غَيْرَ سَاعَةٍ ۚ كَذَٰلِكَ كَانُوا يُؤْفَكُونَ [30:55]

අවසන් හෝරාව සිදු වන දින වැරදිකරුවෝ තමන් මොහොතක් මිස රැඳී නොසිටි බවට දිවුරා සිටිති. එලෙසය ඔවුහු බොරු ගොතමින් සිටියේ.

### الآية 30:56

> ﻿وَقَالَ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَالْإِيمَانَ لَقَدْ لَبِثْتُمْ فِي كِتَابِ اللَّهِ إِلَىٰ يَوْمِ الْبَعْثِ ۖ فَهَٰذَا يَوْمُ الْبَعْثِ وَلَٰكِنَّكُمْ كُنْتُمْ لَا تَعْلَمُونَ [30:56]

නැවත නැගිටුවනු ලබන දිනය දක්වා අල්ලාහ්ගේ ලේඛනයෙහි ඇති පරිදි නුඹලා රැඳී සිටියෙහුය. නැවත නැගිටුවනු ලබන දිනය මෙයයි. එනමුත් නුඹලා එය දැන සිටියේ නැත යැයි ඥානය හා විශ්වාසය දෙනු ලැබූවන් පැවසූහ.

### الآية 30:57

> ﻿فَيَوْمَئِذٍ لَا يَنْفَعُ الَّذِينَ ظَلَمُوا مَعْذِرَتُهُمْ وَلَا هُمْ يُسْتَعْتَبُونَ [30:57]

එහෙයින් එදින අපරාධකරුවන්ට ඔවුන්ගේ නිදහසට කරුණු දැක්වීම ප්‍රයෝජනවත් නොවනු ඇත. තවද ඔවුහු (අල්ලාහ්ගේ තෘප්තිය වෙත) නැවත හැරී එන මෙන් ඉල්ලා සිටිනු ලබන්නන් නොවෙති.

### الآية 30:58

> ﻿وَلَقَدْ ضَرَبْنَا لِلنَّاسِ فِي هَٰذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ ۚ وَلَئِنْ جِئْتَهُمْ بِآيَةٍ لَيَقُولَنَّ الَّذِينَ كَفَرُوا إِنْ أَنْتُمْ إِلَّا مُبْطِلُونَ [30:58]

තවද අපි මෙම අල් කුර්ආනයේ සෑම උපමාවකින්ම ජනයාට උපමා ගෙන හැර පෑවෙමු. ඔවුන් වෙත ඔබ යම් සංඥාවක් ගෙන ආ විට නුඹලා අසත්‍යවාදීහු මිස නැතැයි ප්‍රතික්ෂේප කළවුන් නියත වශයෙන්ම පවසනු ඇත.

### الآية 30:59

> ﻿كَذَٰلِكَ يَطْبَعُ اللَّهُ عَلَىٰ قُلُوبِ الَّذِينَ لَا يَعْلَمُونَ [30:59]

වටහා නොගන්නන්ගේ හදවත් මත අල්ලාහ් මුද්‍රා තබනුයේ එලෙසය.

### الآية 30:60

> ﻿فَاصْبِرْ إِنَّ وَعْدَ اللَّهِ حَقٌّ ۖ وَلَا يَسْتَخِفَّنَّكَ الَّذِينَ لَا يُوقِنُونَ [30:60]

එහෙයින් ඔබ ඉවසා සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ්ගේ ප්‍රතිඥාව සැබෑවකි. තවද විශ්වාස නොකරන්නන් ඔබ ව සුළු කොට නොතැකිය යුතුය.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/30.md)
- [كل تفاسير سورة الرّوم
](https://quranpedia.net/surah-tafsir/30.md)
- [ترجمات سورة الرّوم
](https://quranpedia.net/translations/30.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/30/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
