---
title: "ترجمة سورة السجدة - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/32/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/32/book/1993"
surah_id: "32"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة السجدة - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/32/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة السجدة - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/32/book/1993*.

Translation of Surah السجدة from "الترجمة السنهالية" in السنهالية.

### الآية 32:1

> الم [32:1]

අලිෆ්, ලාම්, මීම්

### الآية 32:2

> ﻿تَنْزِيلُ الْكِتَابِ لَا رَيْبَ فِيهِ مِنْ رَبِّ الْعَالَمِينَ [32:2]

මෙම ග්‍රන්ථයේ පහළවීම ලෝවැසියන්ගේ පරමාධිපතියාණන්ගෙනි. එහි කිසිදු සැකයක් නැත.

### الآية 32:3

> ﻿أَمْ يَقُولُونَ افْتَرَاهُ ۚ بَلْ هُوَ الْحَقُّ مِنْ رَبِّكَ لِتُنْذِرَ قَوْمًا مَا أَتَاهُمْ مِنْ نَذِيرٍ مِنْ قَبْلِكَ لَعَلَّهُمْ يَهْتَدُونَ [32:3]

එසේ නැතහොත් ඔහු එය ගෙතුවේ යැයි ඔවුහු පවසන්නෝ ද? එසේ නොව එය ඔවුන් යහමග ලැබිය හැකි වනු පිණිස ඔබට පෙර කිසිදු අවවාද කරන්නෙකු හෝ ඔවුන් වෙත නොපැමිණි පිරිසකට ඔබ අවවාද කරනු පිණිස ඔබගේ පරමාධිපතිගෙන් පැමිණි සත්‍යයකි.

### الآية 32:4

> ﻿اللَّهُ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَمَا بَيْنَهُمَا فِي سِتَّةِ أَيَّامٍ ثُمَّ اسْتَوَىٰ عَلَى الْعَرْشِ ۖ مَا لَكُمْ مِنْ دُونِهِ مِنْ وَلِيٍّ وَلَا شَفِيعٍ ۚ أَفَلَا تَتَذَكَّرُونَ [32:4]

අහස් හා මහපොළොව ද ඒ දෙක අතර ඇති දෑ ද දින හයකින් මැව්වේ අල්ලාහ්ය. පසු ව ඔහු රාජාසනය මත ස්ථාපිත විය. ඔහු හැර කිසිදු භාරකරුවකු හෝ මැදිහත්කරුවකු හෝ නුඹලාට නොමැත. (මෙයින්) නුඹලා උපදෙස් ලැබිය යුතු නොවේ ද?

### الآية 32:5

> ﻿يُدَبِّرُ الْأَمْرَ مِنَ السَّمَاءِ إِلَى الْأَرْضِ ثُمَّ يَعْرُجُ إِلَيْهِ فِي يَوْمٍ كَانَ مِقْدَارُهُ أَلْفَ سَنَةٍ مِمَّا تَعُدُّونَ [32:5]

අහසින් මහපොළොව වෙත සියලු කරුණු ඔහු සැලසුම් කරයි. පසු ව එහි ප්‍රමාණය නුඹලා ගණන් කරන වසර දහසක් වූ දිනක ඔහු වෙත එය යොමු වෙයි.

### الآية 32:6

> ﻿ذَٰلِكَ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ الْعَزِيزُ الرَّحِيمُ [32:6]

ඔහු ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැති සර්ව බලධාරී මහා කරුණාන්විතය.

### الآية 32:7

> ﻿الَّذِي أَحْسَنَ كُلَّ شَيْءٍ خَلَقَهُ ۖ وَبَدَأَ خَلْقَ الْإِنْسَانِ مِنْ طِينٍ [32:7]

ඔහු සියලු දෑ අලංකාර ලෙස තීන්දු කොට එය මැව්වේය. තවද මිනිසාගේ මැවීම පසින් ආරම්භ කළේය.

### الآية 32:8

> ﻿ثُمَّ جَعَلَ نَسْلَهُ مِنْ سُلَالَةٍ مِنْ مَاءٍ مَهِينٍ [32:8]

පසුව ඔහුගේ පරපුර අල්පේච්චිත ජල ධාතුවෙන් ඇති කළේය.

### الآية 32:9

> ﻿ثُمَّ سَوَّاهُ وَنَفَخَ فِيهِ مِنْ رُوحِهِ ۖ وَجَعَلَ لَكُمُ السَّمْعَ وَالْأَبْصَارَ وَالْأَفْئِدَةَ ۚ قَلِيلًا مَا تَشْكُرُونَ [32:9]

පසු ව ඔහු එය හැඩ ගන්වා එහි තම ප්‍රාණයෙන් පිම්ඹේය. තවද නුඹලාට ශ්‍රවණය දෘෂ්ටිය හා හදවත් ඇති කළේය. නමුත් නුඹලා කෘතවේදී වනුයේ ස්වල්පයකි.

### الآية 32:10

> ﻿وَقَالُوا أَإِذَا ضَلَلْنَا فِي الْأَرْضِ أَإِنَّا لَفِي خَلْقٍ جَدِيدٍ ۚ بَلْ هُمْ بِلِقَاءِ رَبِّهِمْ كَافِرُونَ [32:10]

තවද අපි මහපොළොවේ තුරන් ව ගිය විට නව මැවීමක් තුළ අප සිටින්නෙමු ද? යැයි ඔවුහු ප්‍රශ්න කළෝය. එසේය, ඔවුහු ඔවුන්ගේ පරමාධිපතිගේ හමු ව ප්‍රතික්ෂේප කරන්නෝ වෙති.

### الآية 32:11

> ﻿۞ قُلْ يَتَوَفَّاكُمْ مَلَكُ الْمَوْتِ الَّذِي وُكِّلَ بِكُمْ ثُمَّ إِلَىٰ رَبِّكُمْ تُرْجَعُونَ [32:11]

නුඹලාව භාර කරනු ලැබූ මලකුල් මවුත් හෙවත් මරණයේ දූතයා නුඹලා මරණයට පත් කරයි. පසු ව නුඹලාගේ පරමාධිපති වෙත නුඹලා යොමු කරනු ලබනු ඇත.

### الآية 32:12

> ﻿وَلَوْ تَرَىٰ إِذِ الْمُجْرِمُونَ نَاكِسُو رُءُوسِهِمْ عِنْدَ رَبِّهِمْ رَبَّنَا أَبْصَرْنَا وَسَمِعْنَا فَارْجِعْنَا نَعْمَلْ صَالِحًا إِنَّا مُوقِنُونَ [32:12]

එවිට වැරදිකරුවෝ තම පරමාධිපති අබියස තම හිස් පහත් කර ගනිමින් අපගේ පරමාධිපතියාණනි, අපි දුටුවෙමු. අපි සවන් දුන්නෙමු. එහෙයින් අප ව නැවත එවනු මැනව! අපි යහකම් කරන්නෙමු. නියත වශයෙන්ම අපි ස්ථීර ව සිටින්නෝ වෙමු යැයි ඔවුන් පවසනු ඔබ දකින්නේ නම් ! (එදින තත්ත්වය නුඹට හෙළිවෙයි.)

### الآية 32:13

> ﻿وَلَوْ شِئْنَا لَآتَيْنَا كُلَّ نَفْسٍ هُدَاهَا وَلَٰكِنْ حَقَّ الْقَوْلُ مِنِّي لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ الْجِنَّةِ وَالنَّاسِ أَجْمَعِينَ [32:13]

තවද අපි අභිමත කළේ නම් සෑම ආත්මයකට එහි යහමග (මුල සිටම) පිරිනමන්නට තිබුණි. නමුත් (අපරාධකාරී) ජින්නුන් හා මිනිසුන් යන සියල්ලන්ගෙන් මම නිරය පුරවන්නෙමි යන මා විසින් වූ ප්‍රකාශය නියම වී ඇත.

### الآية 32:14

> ﻿فَذُوقُوا بِمَا نَسِيتُمْ لِقَاءَ يَوْمِكُمْ هَٰذَا إِنَّا نَسِينَاكُمْ ۖ وَذُوقُوا عَذَابَ الْخُلْدِ بِمَا كُنْتُمْ تَعْمَلُونَ [32:14]

එහෙයින් මේ නුඹලාගේ දිනයේ හමු ව නුඹලා අමතක කළ බැවින් නුඹලා භුක්ති විඳිනු. නියත වශයෙන්ම අපි නුඹලා අමතක කළෙමු. තවද නුඹලා සිදු කරමින් සිටි දෑ හේතුවෙන් සදාතනික දඬුවම භුක්ති විඳිනු.

### الآية 32:15

> ﻿إِنَّمَا يُؤْمِنُ بِآيَاتِنَا الَّذِينَ إِذَا ذُكِّرُوا بِهَا خَرُّوا سُجَّدًا وَسَبَّحُوا بِحَمْدِ رَبِّهِمْ وَهُمْ لَا يَسْتَكْبِرُونَ ۩ [32:15]

අපගේ වදන් විශ්වාස කරනුයේ ඒවා ඔවුනට මෙනෙහි කරනු ලබන විට (සිරස බිම තබා) සුජූද් කරමින් බිම වැටී ඔවුන්ගේ පරමාධිපතිගේ ප්‍රශංසා ව තුළින් සුවිශුද්ධ කළ අය වෙති. තවද ඔවුහු උඩගු නොවෙති.

### الآية 32:16

> ﻿تَتَجَافَىٰ جُنُوبُهُمْ عَنِ الْمَضَاجِعِ يَدْعُونَ رَبَّهُمْ خَوْفًا وَطَمَعًا وَمِمَّا رَزَقْنَاهُمْ يُنْفِقُونَ [32:16]

ඔවුන්ගේ ඇලපත් නිදියහන් වලින් ඔසවා ගෙන බියෙන් හා ආසාවෙන් ඔවුන්ගේ පරමාධිපතිට ප්‍රාර්ථනා කරති. තවද අප ඔවුනට පෝෂණය කළ දැයින් ඔවුහු වියදම් කරති.

### الآية 32:17

> ﻿فَلَا تَعْلَمُ نَفْسٌ مَا أُخْفِيَ لَهُمْ مِنْ قُرَّةِ أَعْيُنٍ جَزَاءً بِمَا كَانُوا يَعْمَلُونَ [32:17]

එහෙයින් ඔවුන් සිදු කරමින් සිටි දෑ සඳහා ප්‍රතිඵලයක් වශයෙන් ඇස් පිනවන ලෙසින් ඔවුන් සඳහා සඟවා තබනු ලැබූ දෑ කිසිදු ආත්මයක් නොදනී.

### الآية 32:18

> ﻿أَفَمَنْ كَانَ مُؤْمِنًا كَمَنْ كَانَ فَاسِقًا ۚ لَا يَسْتَوُونَ [32:18]

කවරෙකු විශ්වාසවන්තයෙකු වූයේ ද ඔහු පාපතරයකු වූ අය මෙන් විය හැකි ද? ඔවුහු සමාන නොවෙති.

### الآية 32:19

> ﻿أَمَّا الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ فَلَهُمْ جَنَّاتُ الْمَأْوَىٰ نُزُلًا بِمَا كَانُوا يَعْمَلُونَ [32:19]

විශ්වාස කොට යහකම් කළවුන් වනාහි ඔවුන් සිදු කළ දෑ හේතුවෙන් ඔවුනට ප්‍රතිඵල වශයෙන් නවාතැන් සහිත ස්වර්ග උයන් ඇත.

### الآية 32:20

> ﻿وَأَمَّا الَّذِينَ فَسَقُوا فَمَأْوَاهُمُ النَّارُ ۖ كُلَّمَا أَرَادُوا أَنْ يَخْرُجُوا مِنْهَا أُعِيدُوا فِيهَا وَقِيلَ لَهُمْ ذُوقُوا عَذَابَ النَّارِ الَّذِي كُنْتُمْ بِهِ تُكَذِّبُونَ [32:20]

පාපකම් කළවුන් වූ කලී ඔවුන්ගේ නවාතැන (නිරයේ) ගින්නය. ඉන් බැහැර වීමට ඔවුන් සිතන සෑම මොහොතකම ඔවුන් එහි නැවත යොමු කරනු ලබති. නුඹලා කවර දෙයක් පිළිබඳ බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම නුඹලා භුක්ති විදිනු යැයි ඔවුනට පවසනු ලැබේ.

### الآية 32:21

> ﻿وَلَنُذِيقَنَّهُمْ مِنَ الْعَذَابِ الْأَدْنَىٰ دُونَ الْعَذَابِ الْأَكْبَرِ لَعَلَّهُمْ يَرْجِعُونَ [32:21]

තවද (පාපකම් වලින්) ඔවුන් නැවත හැරිය හැකි වනු පිණිස මහත් දඬුවමකින් තොර ව පහත් දඬුවමකින් ඔවුනට විඳවන්නට සලස්වමු.

### الآية 32:22

> ﻿وَمَنْ أَظْلَمُ مِمَّنْ ذُكِّرَ بِآيَاتِ رَبِّهِ ثُمَّ أَعْرَضَ عَنْهَا ۚ إِنَّا مِنَ الْمُجْرِمِينَ مُنْتَقِمُونَ [32:22]

තවද තම පරමාධිපතිගේ වදන් මෙනෙහි කරනු ලැබ පසු ව ඒවා පිටුපාන්නාට වඩා අපරාධකරු කවරෙකු ද? නියත වශයෙන්ම අපි වැරදි කරන්නන්ගෙන් පළිගන්නන් වන්නෙමු.

### الآية 32:23

> ﻿وَلَقَدْ آتَيْنَا مُوسَى الْكِتَابَ فَلَا تَكُنْ فِي مِرْيَةٍ مِنْ لِقَائِهِ ۖ وَجَعَلْنَاهُ هُدًى لِبَنِي إِسْرَائِيلَ [32:23]

තවද සැබැවින්ම අපි මූසාට දේව ග්‍රන්ථය පිරිනැමුවෙමු. එහෙයින් ඔහුගේ හමුව පිළිබඳ ව සැකයෙහි නොවනු. තවද අපි එය ඉස්රාඊල් දරුවන්ට මග පෙන්වීමක් බවට පත් කළෙමු.

### الآية 32:24

> ﻿وَجَعَلْنَا مِنْهُمْ أَئِمَّةً يَهْدُونَ بِأَمْرِنَا لَمَّا صَبَرُوا ۖ وَكَانُوا بِآيَاتِنَا يُوقِنُونَ [32:24]

තවද ඔවුන් ඉවසමින් සිට අපගේ වදන් තරයේ විශ්වාස කරමින් සිටි කල්හි ඔවුන් අතුරින් අපගේ නියෝගය පරිදි අපි මග පෙන්වන නායකයින් ඇති කළෙමු.

### الآية 32:25

> ﻿إِنَّ رَبَّكَ هُوَ يَفْصِلُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ [32:25]

මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුන් කවර දෙයක් තුළ මතභේද ඇති කරගෙන සිටියේ ද එහි නියත වශයෙන්ම ඔබේ පරමාධිපති ඔවුන් අතර වෙන් කරයි.

### الآية 32:26

> ﻿أَوَلَمْ يَهْدِ لَهُمْ كَمْ أَهْلَكْنَا مِنْ قَبْلِهِمْ مِنَ الْقُرُونِ يَمْشُونَ فِي مَسَاكِنِهِمْ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ ۖ أَفَلَا يَسْمَعُونَ [32:26]

ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අප විනාශ කර තිබීම ඔවුනට මග නොලැබුණේද? ඔවුහු ඔවුන්ගේ වාසස්ථාන අතුරින් ගමන් කරන්නෙහුය. නියත වශයෙන්ම එහි සංඥා ඇත. ඔවුහු සවන් නොදෙන්නෙහු ද?

### الآية 32:27

> ﻿أَوَلَمْ يَرَوْا أَنَّا نَسُوقُ الْمَاءَ إِلَى الْأَرْضِ الْجُرُزِ فَنُخْرِجُ بِهِ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَامُهُمْ وَأَنْفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ [32:27]

නියත වශයෙන්ම අප ජලය නිසරු පොළොව වෙත ගෙන ගොස් එමගින් ඔවුන්ගේ ගොවිපළ සතුන් හා ඔවුන් අනුභව කරන භෝග හටගැන්වීම ඔවුහු නොදුටුවෝ ද? ඔවුහු නිරීක්ෂා කර නොබලන්නෙහු ද?

### الآية 32:28

> ﻿وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْفَتْحُ إِنْ كُنْتُمْ صَادِقِينَ [32:28]

නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ජයග්‍රහණය කවදාදැයි ඔවුහු විමසති.

### الآية 32:29

> ﻿قُلْ يَوْمَ الْفَتْحِ لَا يَنْفَعُ الَّذِينَ كَفَرُوا إِيمَانُهُمْ وَلَا هُمْ يُنْظَرُونَ [32:29]

ජයග්‍රහණයේ දින ප්‍රතික්ෂේප කළවුනට ඔවුන්ගේ විශ්වාසය ඵල දෙන්නේ නැත. තවද ඔවුහු අවකාශ දෙනු ලබන්නන් නොවෙති යැයි (නබිවරය) ඔබ කියනු.

### الآية 32:30

> ﻿فَأَعْرِضْ عَنْهُمْ وَانْتَظِرْ إِنَّهُمْ مُنْتَظِرُونَ [32:30]

එහෙයින් ඔබ ඔවුන් ගැන නොසලකා හරිනු. තවද ඔබ අපේක්ෂාවෙන් සිටිනු. නියත වශයෙන්ම ඔවුන් ද අපේක්ෂාවෙන් සිටින්නන් වෙති.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/32.md)
- [كل تفاسير سورة السجدة
](https://quranpedia.net/surah-tafsir/32.md)
- [ترجمات سورة السجدة
](https://quranpedia.net/translations/32.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/32/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
