---
title: "ترجمة سورة سبأ - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/34/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/34/book/1993"
surah_id: "34"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة سبأ - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/34/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة سبأ - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/34/book/1993*.

Translation of Surah سبأ from "الترجمة السنهالية" in السنهالية.

### الآية 34:1

> الْحَمْدُ لِلَّهِ الَّذِي لَهُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ وَلَهُ الْحَمْدُ فِي الْآخِرَةِ ۚ وَهُوَ الْحَكِيمُ الْخَبِيرُ [34:1]

අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ සතු වූ අල්ලාහ්ටමය සියලු ප්‍රශංසා. මතු ලොවෙහි සියලු ප්‍රශංසා ද ඔහු සතුය. තවද ඔහු සියුම් ඥානී වූ අභිඥානවන්තය.

### الآية 34:2

> ﻿يَعْلَمُ مَا يَلِجُ فِي الْأَرْضِ وَمَا يَخْرُجُ مِنْهَا وَمَا يَنْزِلُ مِنَ السَّمَاءِ وَمَا يَعْرُجُ فِيهَا ۚ وَهُوَ الرَّحِيمُ الْغَفُورُ [34:2]

මහපොළොව තුළට පිවිසෙන දෑ ද ඉන් බැහැර වන දෑ ද අහසින් පහළ වන දෑ ද එහි ඉහළට එසවෙන දෑ ද ඔහු දනී. තවද ඔහු අතික්ෂමාශීලී මහාකරුණාන්විතය.

### الآية 34:3

> ﻿وَقَالَ الَّذِينَ كَفَرُوا لَا تَأْتِينَا السَّاعَةُ ۖ قُلْ بَلَىٰ وَرَبِّي لَتَأْتِيَنَّكُمْ عَالِمِ الْغَيْبِ ۖ لَا يَعْزُبُ عَنْهُ مِثْقَالُ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَلَا أَصْغَرُ مِنْ ذَٰلِكَ وَلَا أَكْبَرُ إِلَّا فِي كِتَابٍ مُبِينٍ [34:3]

තවද ‘අවසන් හෝරාව අප වෙත නොපැමිණෙනු ඇතැ’යි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ. එසේ නොව ගුප්ත දෑ දන්නා වූ මාගේ පරමාධිපති මත දිවුරමින්, නියත වශයෙන්ම එය නුඹලා වෙත පැමිණෙනු ඇත. අහස්හි හෝ වේවා මහපොළොවේ හෝ වේවා අණුවක තරම් ප්‍රමාණයක් හෝ ඊට වඩා කුඩා දෙයක් හෝ විශාල දෙයක් හෝ තිබුණ ද එය පැහැදිලි ලේඛනයේ සඳහන් ව මිස ඔහුගෙන් සැඟවෙන්නේ නැත.

### الآية 34:4

> ﻿لِيَجْزِيَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ ۚ أُولَٰئِكَ لَهُمْ مَغْفِرَةٌ وَرِزْقٌ كَرِيمٌ [34:4]

(මෙය) විශ්වාස කොට යහකම් කළවුනට ඔහු ප්‍රතිඵල පිරිනමනු පිණිසය. ඔවුනට සමාව හා ගෞරවනීය පෝෂණ සම්පත් ඇත්තවුන් ඔවුහුමය.

### الآية 34:5

> ﻿وَالَّذِينَ سَعَوْا فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَٰئِكَ لَهُمْ عَذَابٌ مِنْ رِجْزٍ أَلِيمٌ [34:5]

අපගේ වදන් පරාජය කිරීමට වෑයම් කළවුන්, තමන්ට වේදනීය නපුරු දඬුවම ඇත්තෝ ඔවුහුමය.

### الآية 34:6

> ﻿وَيَرَى الَّذِينَ أُوتُوا الْعِلْمَ الَّذِي أُنْزِلَ إِلَيْكَ مِنْ رَبِّكَ هُوَ الْحَقَّ وَيَهْدِي إِلَىٰ صِرَاطِ الْعَزِيزِ الْحَمِيدِ [34:6]

තවද ඔබේ පරමාධිපතිගෙන් ඔබ වෙත පහළ කරනු ලැබූ දෑ, එයමය සත්‍යය යැයි ද එය ප්‍රශංසාලාභී සර්ව බලධාරියාණන්ගේ මාර්ගය වෙත මග පෙන්වනු ඇතැයි ද ඥානය දෙනු ලැබූවන් දකිනු ඇත.

### الآية 34:7

> ﻿وَقَالَ الَّذِينَ كَفَرُوا هَلْ نَدُلُّكُمْ عَلَىٰ رَجُلٍ يُنَبِّئُكُمْ إِذَا مُزِّقْتُمْ كُلَّ مُمَزَّقٍ إِنَّكُمْ لَفِي خَلْقٍ جَدِيدٍ [34:7]

නුඹලා පූර්ණ ලෙස කීතු කීතු වලට ඉරා දමනු ලැබූ විට, නියත වශයෙන්ම නව මැවීමක් තුළට නුඹලා පත් වීම ගැන නුඹලාට දැනුම් දෙන මිනිසෙකු සම්බන්ධයෙන් නුඹලාට අපි දන්වා සිටින්නදැයි ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.

### الآية 34:8

> ﻿أَفْتَرَىٰ عَلَى اللَّهِ كَذِبًا أَمْ بِهِ جِنَّةٌ ۗ بَلِ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ فِي الْعَذَابِ وَالضَّلَالِ الْبَعِيدِ [34:8]

ඔහු (මුහම්මද්) අල්ලාහ් වෙත ප්‍රබන්ධයන් ගෙතුවේ ද? එසේ නැතහොත් ඔහු උමතුවෙන් සිටී ද? නැත. මතු ලොව පිළිබඳ ව විශ්වාස නොකරන්නෝ දඬුවමෙහි හා අන්ත මුළාවෙහි පසුවෙති.

### الآية 34:9

> ﻿أَفَلَمْ يَرَوْا إِلَىٰ مَا بَيْنَ أَيْدِيهِمْ وَمَا خَلْفَهُمْ مِنَ السَّمَاءِ وَالْأَرْضِ ۚ إِنْ نَشَأْ نَخْسِفْ بِهِمُ الْأَرْضَ أَوْ نُسْقِطْ عَلَيْهِمْ كِسَفًا مِنَ السَّمَاءِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِكُلِّ عَبْدٍ مُنِيبٍ [34:9]

අහසෙහි හා මහපොළොවෙහි ඔවුන් අතර ඇති දෑ හා ඔවුනට පසුපසින් ඇති දෑ වෙත ඔවුහු නොබැලුවෝ ද? අපි අභිමත කරන්නේ නම් අපි ඔවුන් පොළොවට කිදා බස්වන්නෙමු. එසේ නැතහොත් අහසින් කැබැල්ලක් ඔවුන් වෙත වැටෙන්නට සලස්වමු. නියත වශයෙන්ම නැඹුරු වන සෑම ගැත්තෙකු සඳහාම එහි සංඥාවක් ඇත.

### الآية 34:10

> ﻿۞ وَلَقَدْ آتَيْنَا دَاوُودَ مِنَّا فَضْلًا ۖ يَا جِبَالُ أَوِّبِي مَعَهُ وَالطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ الْحَدِيدَ [34:10]

තවද සැබැවින්ම අපි අපගෙන් වූ භාග්‍යය දාවූද්ට පිරිනැමුවෙමු. අහෝ කඳු! ඔහු සමග නුඹලා ද සුවිශුද්ධ කරනු. තවද (එම නියෝගය) පක්ෂීන්ට ද විය. තවද අපි ඔහුට යකඩ මොළොක් කර දුන්නෙමු.

### الآية 34:11

> ﻿أَنِ اعْمَلْ سَابِغَاتٍ وَقَدِّرْ فِي السَّرْدِ ۖ وَاعْمَلُوا صَالِحًا ۖ إِنِّي بِمَا تَعْمَلُونَ بَصِيرٌ [34:11]

(ආරක්ෂිත යුද ඇඳුම්) සන්නාහ තනනු. තවද පුරුක් තුළ ප්‍රමාණයට තබනු. තවද නුඹලා යහකම් සිදු කරනු. නියත වශයෙන්ම මම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව සර්ව නිරීක්ෂක වෙමි.

### الآية 34:12

> ﻿وَلِسُلَيْمَانَ الرِّيحَ غُدُوُّهَا شَهْرٌ وَرَوَاحُهَا شَهْرٌ ۖ وَأَسَلْنَا لَهُ عَيْنَ الْقِطْرِ ۖ وَمِنَ الْجِنِّ مَنْ يَعْمَلُ بَيْنَ يَدَيْهِ بِإِذْنِ رَبِّهِ ۖ وَمَنْ يَزِغْ مِنْهُمْ عَنْ أَمْرِنَا نُذِقْهُ مِنْ عَذَابِ السَّعِيرِ [34:12]

තවද සුලෙයිමාන්ට සුළඟ ද (අපි වසඟ කර දුනිමු.) එහි උදෑසන හමා යාම මසකි. තවද එහි සවස හමා යාම ද මසකි. තවද අපි ඔහුට තඹ උල්පත ගලන්නට සැලැස්වූයෙමු. තවද ජින්නුන් අතුරින් ඔහුගේ පරමාධිපතිගේ අනුමැතියෙන් ඔහු ඉදිරියේ සේවය කරන්නන් ද විය. ඔවුන් අතුරින් කවරෙකු අපගේ නියෝගයෙන් පෙරළී යන්නේ ද ඇවිළෙන ගින්නේ දඬුවම ඔහුට භුක්ති විඳින්නට සලස්වමු.

### الآية 34:13

> ﻿يَعْمَلُونَ لَهُ مَا يَشَاءُ مِنْ مَحَارِيبَ وَتَمَاثِيلَ وَجِفَانٍ كَالْجَوَابِ وَقُدُورٍ رَاسِيَاتٍ ۚ اعْمَلُوا آلَ دَاوُودَ شُكْرًا ۚ وَقَلِيلٌ مِنْ عِبَادِيَ الشَّكُورُ [34:13]

උස් ගොඩනැගිලි, ප්‍රතිමා, තටාක වැනි පාත්‍ර, (ආහාර පිසීම සඳහා) කල්දේරම් වැනි දැයින් ඔහු අභිමත කරන දෑ ඔවුහු ඔහුට සිදු කර දෙති. දාවූද්ගේ වැසියනි! ගුණගරුක ලෙසින් කටයුතු කරනු. මාගේ ගැත්තන් අතුරින් ගුණගරුක වනුයේ ස්වල්පයකි.

### الآية 34:14

> ﻿فَلَمَّا قَضَيْنَا عَلَيْهِ الْمَوْتَ مَا دَلَّهُمْ عَلَىٰ مَوْتِهِ إِلَّا دَابَّةُ الْأَرْضِ تَأْكُلُ مِنْسَأَتَهُ ۖ فَلَمَّا خَرَّ تَبَيَّنَتِ الْجِنُّ أَنْ لَوْ كَانُوا يَعْلَمُونَ الْغَيْبَ مَا لَبِثُوا فِي الْعَذَابِ الْمُهِينِ [34:14]

අපි ඔහු කෙරෙහි මරණය තීන්දු කළ කල්හි ඔහුගේ මරණය පිළිබඳ ව ඔහුගේ සැරයටිය සපාකන භූමියේ සතුන්ට හැර ඔවුන් වෙත දැනුම් දුන්නේ නැත. ඔහු බිම ඇද වැටුණු කල්හි ගුප්ත දෑ පිළිබඳ දැන සිටියේ නම් තමන් නින්දාසහගත දඬුවමෙහි රැඳී සිටින්නට නොතිබුණා යැයි ජින්නුන්ට පැහැදිලි විය.

### الآية 34:15

> ﻿لَقَدْ كَانَ لِسَبَإٍ فِي مَسْكَنِهِمْ آيَةٌ ۖ جَنَّتَانِ عَنْ يَمِينٍ وَشِمَالٍ ۖ كُلُوا مِنْ رِزْقِ رَبِّكُمْ وَاشْكُرُوا لَهُ ۚ بَلْدَةٌ طَيِّبَةٌ وَرَبٌّ غَفُورٌ [34:15]

සබඃ වාසීන්ට ඔවුන්ගේ වාසස්ථාන වල සංඥාවක් විය. දකුණු පසින් හා වම් පසින් උයන් දෙකක් විය. නුඹලාගේ පරමාධිපතිගේ පෝෂණයෙන් නුඹලා අනුභව කරනු. තවද නුඹලා ඔහුට කෘතවේදී වනු. (එය) පිවිතුරු නගරයකි. අතික්ෂමාශීලී හිමියෙකි.

### الآية 34:16

> ﻿فَأَعْرَضُوا فَأَرْسَلْنَا عَلَيْهِمْ سَيْلَ الْعَرِمِ وَبَدَّلْنَاهُمْ بِجَنَّتَيْهِمْ جَنَّتَيْنِ ذَوَاتَيْ أُكُلٍ خَمْطٍ وَأَثْلٍ وَشَيْءٍ مِنْ سِدْرٍ قَلِيلٍ [34:16]

නමුත් ඔවුහු පිටුපෑහ. එහෙයින් අපි ඔවුන් වෙත අරිම් (නම් මිටියාවතේ) ජල ගැල්ම ඔවුන් වෙත එව්වෙමු. තවද ඔවුන්ගේ උයන් දෙක වෙනුවට ඇඹුල් හා තිත්ත එමෙන්ම මසන් ගස් වලින් කිහිපයක් පමණක් සහිත උයන් දෙකක් බවට අපි ඔවුනට පෙරළා දුනිමු.

### الآية 34:17

> ﻿ذَٰلِكَ جَزَيْنَاهُمْ بِمَا كَفَرُوا ۖ وَهَلْ نُجَازِي إِلَّا الْكَفُورَ [34:17]

එය ඔවුන් ප්‍රතික්ෂේප කළ දෑ හේතුවෙන් අප ඔවුනට ප්‍රතිඵල වශයෙන් ලබා දුන්නකි. ගුණමකුවන්ට හැර අපි එම ප්‍රතිවිපාක ලබා දෙන්නෙමුද?

### الآية 34:18

> ﻿وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ الْقُرَى الَّتِي بَارَكْنَا فِيهَا قُرًى ظَاهِرَةً وَقَدَّرْنَا فِيهَا السَّيْرَ ۖ سِيرُوا فِيهَا لَيَالِيَ وَأَيَّامًا آمِنِينَ [34:18]

ඔවුන් අතර හා එහි අපි සමෘද්ධිමත් කළ ගම්මානයන් අතර ප්‍රසිද්ධ ජනාවාස ඇති කළෙමු. තවද අපි එහි ගමන නිර්ණය කර දුන්නෙමු. නුඹලා එහි රාත්‍රියන්හි හා දහවල්කාලයන්හි සුරක්ෂිත ව ගමන් කරනු.

### الآية 34:19

> ﻿فَقَالُوا رَبَّنَا بَاعِدْ بَيْنَ أَسْفَارِنَا وَظَلَمُوا أَنْفُسَهُمْ فَجَعَلْنَاهُمْ أَحَادِيثَ وَمَزَّقْنَاهُمْ كُلَّ مُمَزَّقٍ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ [34:19]

“අපගේ පරමාධිපතියාණනි! අපගේ ගමන් අතර දුරස් කරනු මැනව” යැයි ඔවුහු පැවසූහ. ඔවුහු ඔවුනටම අපරාධ කර ගත්තෝය. එහෙයින් අපි ඔවුන් කතාන්තර බවට පත් කළෙමු. ඔවුන් කීතු කීතු වලට ඉරා දැමුවෙමු. නියත වශයෙන්ම එහි ඉවසිලිවන්ත කෘතවේදී සෑම කෙනෙකුටම සංඥා ඇත.

### الآية 34:20

> ﻿وَلَقَدْ صَدَّقَ عَلَيْهِمْ إِبْلِيسُ ظَنَّهُ فَاتَّبَعُوهُ إِلَّا فَرِيقًا مِنَ الْمُؤْمِنِينَ [34:20]

ඉබ්ලීස් ඔවුන් වෙත ඔහුගේ සිතුවිලි සැබෑ කරවීය. එහෙයින් දෙවියන් විශ්වාස කරන්නන් අතුරින් පිරිසක් හැර ඔවුහු ඔහු (සත්‍යවාදියකු ලෙස සලකා) අනුගමනය කළෝය.

### الآية 34:21

> ﻿وَمَا كَانَ لَهُ عَلَيْهِمْ مِنْ سُلْطَانٍ إِلَّا لِنَعْلَمَ مَنْ يُؤْمِنُ بِالْآخِرَةِ مِمَّنْ هُوَ مِنْهَا فِي شَكٍّ ۗ وَرَبُّكَ عَلَىٰ كُلِّ شَيْءٍ حَفِيظٌ [34:21]

තවද ඔවුන් කෙරෙහි ඔහුට කිසිදු ආධිපත්‍යයක් නොවීය. නමුත් මතු ලොව පිළිබඳ ව ඒ ගැන සැකයෙහි පසුවන අය අතුරින් විශ්වාස කරනුයේ කවුරුන්දැයි අප දැනගනු පිණිස මිස එව නොවීය. තවද ඔබේ පරමාධිපති සියලු දෑ සංරක්ෂා කරන්නාය.

### الآية 34:22

> ﻿قُلِ ادْعُوا الَّذِينَ زَعَمْتُمْ مِنْ دُونِ اللَّهِ ۖ لَا يَمْلِكُونَ مِثْقَالَ ذَرَّةٍ فِي السَّمَاوَاتِ وَلَا فِي الْأَرْضِ وَمَا لَهُمْ فِيهِمَا مِنْ شِرْكٍ وَمَا لَهُ مِنْهُمْ مِنْ ظَهِيرٍ [34:22]

අල්ලාහ්ගෙන් තොර ව නුඹලා විශ්වාස කළවුන් නුඹලා ඇරයුම් කරනු. අහස්හි හා මහපොළොවේ අණුවක තරම් ප්‍රමාණක් හෝ ඔවුන් සතුව නැත. තවද ඒ දෙකෙහි කිසිදු හවුලක්ද ඔවුනට නොමැත. ඔවුන් අතුරින් කිසිදු උරදෙන්නකු හෝ ඔහුට නැතැයි (නබිවරය!) ඔබ පවසනු.

### الآية 34:23

> ﻿وَلَا تَنْفَعُ الشَّفَاعَةُ عِنْدَهُ إِلَّا لِمَنْ أَذِنَ لَهُ ۚ حَتَّىٰ إِذَا فُزِّعَ عَنْ قُلُوبِهِمْ قَالُوا مَاذَا قَالَ رَبُّكُمْ ۖ قَالُوا الْحَقَّ ۖ وَهُوَ الْعَلِيُّ الْكَبِيرُ [34:23]

(මලක්වරු අතරින්) කවරෙකුට ඔහු අවසර දුන්නේ ද ඔහුට හැර ඔහු අබියස මැදිහත්වීම ප්‍රයෝජනවත් නොවෙයි. ඔවුන්ගේ හදවත් තුළින් බිය තුරන් කරනු ලැබූ විට නුඹලාගේ පරමාධිපති කුමක් පැවසුවේ දැයි ඔවුහු විමසූහ. සත්‍යය යැයි ඔවුහු පැවසූහ. තවද ඔහු අතිශ්‍රේෂ්ඨ අති උත්තරීතරය.

### الآية 34:24

> ﻿۞ قُلْ مَنْ يَرْزُقُكُمْ مِنَ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ قُلِ اللَّهُ ۖ وَإِنَّا أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِي ضَلَالٍ مُبِينٍ [34:24]

“අහස් වලින් හා මහපොළොවේ නුඹලාට පෝෂණය දෙනුයේ කවුදැයි” (නබිවරය!) ඔබ විමසනු. “අල්ලාහ්” යැයි ඔබ පවසනු. “තවද නියත වශයෙන්ම අප ද එසේ නැතහොත් නුඹලා ද යහ මග මත හෝ එසේ නැතහොත් පැහැදිලි මුළාවෙහි සිටිනුයේ?”

### الآية 34:25

> ﻿قُلْ لَا تُسْأَلُونَ عَمَّا أَجْرَمْنَا وَلَا نُسْأَلُ عَمَّا تَعْمَلُونَ [34:25]

“අප කළ වැරදි පිළිබඳ නුඹලා විමසනු නොලබන්නෙහුය. එමෙන්ම නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අපි විමසනු නොලබන්නෙමු” යැයි (නබිවරය!) ඔබ පවසනු.

### الآية 34:26

> ﻿قُلْ يَجْمَعُ بَيْنَنَا رَبُّنَا ثُمَّ يَفْتَحُ بَيْنَنَا بِالْحَقِّ وَهُوَ الْفَتَّاحُ الْعَلِيمُ [34:26]

“අපගේ පරමාධිපති අප අතර එක්රැස් කර යුක්තියෙන් යුතු ව අප අතර තීන්දු දෙයි. තවද ඔහු සර්වඥානී මහා තීරකය” යැයි පවසනු.

### الآية 34:27

> ﻿قُلْ أَرُونِيَ الَّذِينَ أَلْحَقْتُمْ بِهِ شُرَكَاءَ ۖ كَلَّا ۚ بَلْ هُوَ اللَّهُ الْعَزِيزُ الْحَكِيمُ [34:27]

“නුඹලා හවුල්කරුවන් ලෙස ඔහු සමඟ සම්බන්ධ කළ අය මා හට පෙන්වනු. එසේ නොව, අල්ලාහ් වන ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරීයය” යැයි පවසනු.

### الآية 34:28

> ﻿وَمَا أَرْسَلْنَاكَ إِلَّا كَافَّةً لِلنَّاسِ بَشِيرًا وَنَذِيرًا وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ [34:28]

මිනිස් සංහතියට සමස්තයක් වශයෙන් ශුභාරංචි දන්වන්නකු හා අවවාද කරන්නෙකු ලෙසින් මිස අපි ඔබ නොඑව්වෙමු. එනමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා නොදනිති.

### الآية 34:29

> ﻿وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ [34:29]

තවද “නුඹලා සත්‍යවාදීන් ලෙස සිටියෙහු නම් මෙම ප්‍රතිඥාව කවදාදැ”යි ඔවුහු විමසති.

### الآية 34:30

> ﻿قُلْ لَكُمْ مِيعَادُ يَوْمٍ لَا تَسْتَأْخِرُونَ عَنْهُ سَاعَةً وَلَا تَسْتَقْدِمُونَ [34:30]

“එක් දිනක ප්‍රතිඥාව නුඹලාට ඇත. නුඹලා එයින් මොහොතක් හෝ ප්‍රමාද නොවනු ඇත. තවද නුඹලා පෙරටු වන්නේ ද නැත” යැයි පවසනු.

### الآية 34:31

> ﻿وَقَالَ الَّذِينَ كَفَرُوا لَنْ نُؤْمِنَ بِهَٰذَا الْقُرْآنِ وَلَا بِالَّذِي بَيْنَ يَدَيْهِ ۗ وَلَوْ تَرَىٰ إِذِ الظَّالِمُونَ مَوْقُوفُونَ عِنْدَ رَبِّهِمْ يَرْجِعُ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ الْقَوْلَ يَقُولُ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا لَوْلَا أَنْتُمْ لَكُنَّا مُؤْمِنِينَ [34:31]

“සැබැවින්ම අපි මෙම කුර්ආනය හා එය ඉදිරියේ ඇති දෑ විශ්වාස නොකරන්නෙමු” යැයි දෙවියන් ප්‍රතික්ෂේප කළවුන් පවසා සිටියහ. ඔවුන්ගේ පරමාධිපති අබියස ඔවුන් හිටවනු ලැබූ විට ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකු වෙත (දොස් නගා) ප්‍රකාශ යොමු කරනු ඔබ දුටුවේ නම්, දුර්වල වූවන් උඩඟු වූවන් දෙස බලා ‘නුඹලා නොවී නම් අපි දෙවියන් විශ්වාස කරන්නන් වන්නට තිබුණි’ යැයි පවසති.

### الآية 34:32

> ﻿قَالَ الَّذِينَ اسْتَكْبَرُوا لِلَّذِينَ اسْتُضْعِفُوا أَنَحْنُ صَدَدْنَاكُمْ عَنِ الْهُدَىٰ بَعْدَ إِذْ جَاءَكُمْ ۖ بَلْ كُنْتُمْ مُجْرِمِينَ [34:32]

උඩඟු වූවෝ දුර්වල වූවන් දෙස බලා “නුඹලා වෙත යහ මග පැමිණීමෙන් පසු ව එයින් වැළැක්වූයේ අප දැ”යි විමසති. “එසේ නොව නුඹලා වැරදි කරමින් සිටින්නෝ වූහ.”

### الآية 34:33

> ﻿وَقَالَ الَّذِينَ اسْتُضْعِفُوا لِلَّذِينَ اسْتَكْبَرُوا بَلْ مَكْرُ اللَّيْلِ وَالنَّهَارِ إِذْ تَأْمُرُونَنَا أَنْ نَكْفُرَ بِاللَّهِ وَنَجْعَلَ لَهُ أَنْدَادًا ۚ وَأَسَرُّوا النَّدَامَةَ لَمَّا رَأَوُا الْعَذَابَ وَجَعَلْنَا الْأَغْلَالَ فِي أَعْنَاقِ الَّذِينَ كَفَرُوا ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا يَعْمَلُونَ [34:33]

දුර්වල වූවන් උඩගු වූවන් දෙස බලා “එසේ නොව (ඊට හේතුව) අල්ලාහ් ව අප ප්‍රතික්ෂේප කරන්නටත් ඔහුට අප සමානයන් තබන්නටත් අප වෙත නුඹලා අණ කරමින් රාත්‍රියෙහි හා දහවලෙහි කළ කුමන්ත්‍රණය වේ” යැයි පවසති. දඬුවම ඔවුහු දුටු කළ පසුතැවිල්ලට පත් වෙති. ප්‍රතික්ෂේප කළවුන්ගේ ගෙලවල්හි අපි විලංගු දමන්නෙමු. ඔවුන් සිදුකරමින් සිටි දෑට මිස ඔවුන් ප්‍රතිඵල දෙනු ලබන්නෙහු ද?

### الآية 34:34

> ﻿وَمَا أَرْسَلْنَا فِي قَرْيَةٍ مِنْ نَذِيرٍ إِلَّا قَالَ مُتْرَفُوهَا إِنَّا بِمَا أُرْسِلْتُمْ بِهِ كَافِرُونَ [34:34]

කිසියම් ගම්මානයකට අවවාද කරන්නෙකු අප යැවූ විට එහි සැපවත් ජීවිතයක් ගත කරමින් සිටියවුන් ‘කවර කරුණක් නුඹලා වෙත එවනු ලබන්නේ ද එය අපි ප්‍රතික්ෂේප කරන්නෝ වෙමු’ යැයි පවසා සිටියා මිස නැත.

### الآية 34:35

> ﻿وَقَالُوا نَحْنُ أَكْثَرُ أَمْوَالًا وَأَوْلَادًا وَمَا نَحْنُ بِمُعَذَّبِينَ [34:35]

තවද “අපි ධනයෙන් හා දරුවන්ගෙන් අධික අය වන්නෙමු. තවද අපි දඬුවම් කරනු ලබන්නන් අතුරින් නොවෙමු” යැයි ඔවුහු පැවසූහ.

### الآية 34:36

> ﻿قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ وَلَٰكِنَّ أَكْثَرَ النَّاسِ لَا يَعْلَمُونَ [34:36]

“නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් විස්තීරණ කරයි. තවද ඔහු සීමා කරයි. නමුත් ජනයා අතුරින් බහුතරයක් දෙනා (ඒ බව) නොදනිති” යැයි (නබිවරය) පවසනු.

### الآية 34:37

> ﻿وَمَا أَمْوَالُكُمْ وَلَا أَوْلَادُكُمْ بِالَّتِي تُقَرِّبُكُمْ عِنْدَنَا زُلْفَىٰ إِلَّا مَنْ آمَنَ وَعَمِلَ صَالِحًا فَأُولَٰئِكَ لَهُمْ جَزَاءُ الضِّعْفِ بِمَا عَمِلُوا وَهُمْ فِي الْغُرُفَاتِ آمِنُونَ [34:37]

නුඹලාගේ වස්තුව හෝ නුඹලාගේ දරුවන් හෝ අප අබියසට නුඹලාව සමීප කරවන්නක් ලෙස නොමැත. නමුත් විශ්වාස කොට යහකම් කළ අය හැර, ඔවුන් සිදු කළ දෑ සඳහා දෙගුණයක් ප්‍රතිඵල ඇත්තෝ ඔවුහුමය. තවද ඔවුහු (ස්වර්ග) කුටි වල සුරක්ෂිතයෝ වෙති.

### الآية 34:38

> ﻿وَالَّذِينَ يَسْعَوْنَ فِي آيَاتِنَا مُعَاجِزِينَ أُولَٰئِكَ فِي الْعَذَابِ مُحْضَرُونَ [34:38]

තවද අපගේ වදන් නිශ්ඵල කරන්නට කැප වී සිටින්නන් වන ඔවුහු දඬුවමට සම්මුඛ කරනු ලබන්නෝ වෙති.

### الآية 34:39

> ﻿قُلْ إِنَّ رَبِّي يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ ۚ وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ فَهُوَ يُخْلِفُهُ ۖ وَهُوَ خَيْرُ الرَّازِقِينَ [34:39]

“නියත වශයෙන්ම මාගේ පරමාධිපති ඔහුගේ ගැත්තන් අතුරින් ඔහු අභිමත කරන අයට පෝෂණ සම්පත් ව්‍යාප්ත කර දෙයි. තවද ඔහුට (එය) සීමා කරයි. තවද නුඹලා කවර දෙයක් වියදම් කරන්නෙහු ද එය ඔහුට පසු ගෙවනු ඇත. තවද ඔහු පෝෂණ සම්පත් ලබා දෙන්නන්ගෙන් අති ශ්‍රේෂ්ඨය” යැයි (නබිවරය) පවසනු.

### الآية 34:40

> ﻿وَيَوْمَ يَحْشُرُهُمْ جَمِيعًا ثُمَّ يَقُولُ لِلْمَلَائِكَةِ أَهَٰؤُلَاءِ إِيَّاكُمْ كَانُوا يَعْبُدُونَ [34:40]

තවද එදින ඔහු ඔවුන් සියලු දෙනා එක්රැස් කොට “නුඹලාව නමදිමින් සිටියවුන් මොවූහු දැ?”යි විමසයි.

### الآية 34:41

> ﻿قَالُوا سُبْحَانَكَ أَنْتَ وَلِيُّنَا مِنْ دُونِهِمْ ۖ بَلْ كَانُوا يَعْبُدُونَ الْجِنَّ ۖ أَكْثَرُهُمْ بِهِمْ مُؤْمِنُونَ [34:41]

“ඔබ සුවිශුද්ධය. ඔවුන් නොව ඔබමය අපගේ භාරකරු. නමුත් ඔවුහු ජින්නුන්ට ගැතිකම් කරමින් සිටියහ. ඔවුන්ගෙන් බහුතරයක් දෙනා ඔවුන් ගැන විශ්වාස කරන්නෝ යැ”යි ඔවුහු පවසති.

### الآية 34:42

> ﻿فَالْيَوْمَ لَا يَمْلِكُ بَعْضُكُمْ لِبَعْضٍ نَفْعًا وَلَا ضَرًّا وَنَقُولُ لِلَّذِينَ ظَلَمُوا ذُوقُوا عَذَابَ النَّارِ الَّتِي كُنْتُمْ بِهَا تُكَذِّبُونَ [34:42]

එහෙයින් අද දින නුඹලා අතුරින් ඇතැමෙකු ඇතැමෙකුට ප්‍රයෝජනයක් කිරීමට හෝ හිංසාවක් කිරීමට හෝ සතු නොවෙයි. “නුඹලා කවර දෙයක් බොරු කරමින් සිටියෙහු ද එම ගින්නේ දඬුවම භුක්ති විඳිනු”යැයි අපරාධ කළවුනට අපි පවසන්නෙමු.

### الآية 34:43

> ﻿وَإِذَا تُتْلَىٰ عَلَيْهِمْ آيَاتُنَا بَيِّنَاتٍ قَالُوا مَا هَٰذَا إِلَّا رَجُلٌ يُرِيدُ أَنْ يَصُدَّكُمْ عَمَّا كَانَ يَعْبُدُ آبَاؤُكُمْ وَقَالُوا مَا هَٰذَا إِلَّا إِفْكٌ مُفْتَرًى ۚ وَقَالَ الَّذِينَ كَفَرُوا لِلْحَقِّ لَمَّا جَاءَهُمْ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ مُبِينٌ [34:43]

ඔවුන් වෙත අපගේ පැහැදිලි වදන් පාරායනය කරනු ලබන විට “ඔහු නුඹලාගේ මුතුන් මිත්තන් ගැතිකම් කරමින් සිටි දැයින් නුඹලා වළක්වන්නට බලන මිනිසෙකු මිස නැතැයි” ඔවුහු පැවසූහ. තවද “මෙය ගොතනු ලැබූ ප්‍රබන්ධයක් මිස නැතැයි” ද ඔවුහු පැවසූහ. ඔවුන් වෙත සත්‍යය පැමිණි කල්හි “මෙය පැහැදිලි හූනියමක් මිස නැතැයි” එය ප්‍රතික්ෂේප කළවුන් පැවසූහ.

### الآية 34:44

> ﻿وَمَا آتَيْنَاهُمْ مِنْ كُتُبٍ يَدْرُسُونَهَا ۖ وَمَا أَرْسَلْنَا إِلَيْهِمْ قَبْلَكَ مِنْ نَذِيرٍ [34:44]

ඔවුන් ඒවා හැදෑරිය හැකි ග්‍රන්ථ වලින් අපි ඔවුනට නොදුන්නෙමු. තවද (නබිවරය!) ඔබට පෙර කිසිදු අවවාද කරන්නකු අපි ඔවුන් වෙත නොඑව්වෙමු.

### الآية 34:45

> ﻿وَكَذَّبَ الَّذِينَ مِنْ قَبْلِهِمْ وَمَا بَلَغُوا مِعْشَارَ مَا آتَيْنَاهُمْ فَكَذَّبُوا رُسُلِي ۖ فَكَيْفَ كَانَ نَكِيرِ [34:45]

ඔවුනට පෙර සිටියවුන් බොරු කළෝය. අප ඔවුනට දුන් දැයින් දහයෙන් කොටසක් හෝ ඔවුහු නොලැබූහ. නමුත් ඔවුහු මාගේ දූතවරු බොරු යැයි පැවසූහ. එසේ නම් මාගේ දඬුවම කෙසේ වීද?

### الآية 34:46

> ﻿۞ قُلْ إِنَّمَا أَعِظُكُمْ بِوَاحِدَةٍ ۖ أَنْ تَقُومُوا لِلَّهِ مَثْنَىٰ وَفُرَادَىٰ ثُمَّ تَتَفَكَّرُوا ۚ مَا بِصَاحِبِكُمْ مِنْ جِنَّةٍ ۚ إِنْ هُوَ إِلَّا نَذِيرٌ لَكُمْ بَيْنَ يَدَيْ عَذَابٍ شَدِيدٍ [34:46]

“නියත වශයෙන්ම මම නුඹලාට උපදෙස් දෙනුයේ එක් දෙයක් පිළිබඳවය. එනම් නුඹලා අල්ලාහ් වෙනුවෙන් දෙදෙනා බැගින් හෝ තනි ව හෝ නැගී සිට පසුව සිතා බලනු. නුඹලාගේ සහචරයාට උමතුවක් නැත. ඉදිරියේ ඇති දැඩි දඬුවම පිළිබඳ නුඹලාට අවවාද කරන්නකු මිස ඔහු නැත” යැයි (නබිවරය!) ඔබ පවසනු.

### الآية 34:47

> ﻿قُلْ مَا سَأَلْتُكُمْ مِنْ أَجْرٍ فَهُوَ لَكُمْ ۖ إِنْ أَجْرِيَ إِلَّا عَلَى اللَّهِ ۖ وَهُوَ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ [34:47]

“මම නුඹලාගෙන් කිසිදු කුලියක් නොඉල්ලමි. එය නුඹලා සතුය. මාගේ කුලිය අල්ලාහ් වෙත මිස නැත. තවද ඔහු සියලු දෑ කෙරෙහි සාක්ෂිකරුය” යැයි ඔබ පවසනු.

### الآية 34:48

> ﻿قُلْ إِنَّ رَبِّي يَقْذِفُ بِالْحَقِّ عَلَّامُ الْغُيُوبِ [34:48]

“නියත වශයෙන්ම ගුප්ත දෑ පිළිබඳ මහා ඥානියා වූ මාගේ පරමාධිපති සත්‍යය පැහැදිලි කරනු ඇතැයි” නබිවරය ඔබ පවසනු.

### الآية 34:49

> ﻿قُلْ جَاءَ الْحَقُّ وَمَا يُبْدِئُ الْبَاطِلُ وَمَا يُعِيدُ [34:49]

“සත්‍යය පැමිණියේය. අසත්‍යය (කිසිවක්) ආරම්භ නොකරයි. එමෙන්ම නැවත යොමු නොකරයි” යැයි ඔබ පවසනු.

### الآية 34:50

> ﻿قُلْ إِنْ ضَلَلْتُ فَإِنَّمَا أَضِلُّ عَلَىٰ نَفْسِي ۖ وَإِنِ اهْتَدَيْتُ فَبِمَا يُوحِي إِلَيَّ رَبِّي ۚ إِنَّهُ سَمِيعٌ قَرِيبٌ [34:50]

“මම නොමග ගියේ නම් එසේ මම නියත වශයෙන්ම නොමග යනුයේ මටම එරෙහිවය. තවද මම (යහ)මග ලැබුවේ නම් එය මා වෙත මාගේ පරමාධිපති දන්වා සිටි දෑ හේතුවෙනි. නියත වශයෙන්ම ඔහු සර්ව ශ්‍රාවකය. ඉතා සමීපය” යැයි (නබිවරය!) පවසනු.

### الآية 34:51

> ﻿وَلَوْ تَرَىٰ إِذْ فَزِعُوا فَلَا فَوْتَ وَأُخِذُوا مِنْ مَكَانٍ قَرِيبٍ [34:51]

ඔවුහු තැතිගත් අවස්ථාව ඔබ දකින්නෙහි නම්, එවිට (ඔවුනට) මිදීමක් නැත. තවද ඔවුහු සමීප ස්ථානයකින් හසුකර ගනු ලබන්නෝය.

### الآية 34:52

> ﻿وَقَالُوا آمَنَّا بِهِ وَأَنَّىٰ لَهُمُ التَّنَاوُشُ مِنْ مَكَانٍ بَعِيدٍ [34:52]

“අපි (දැන්) එය විශ්වාස කළෙමු” යැයි ඔවුහු පවසති. තවද දූර ස්ථානයකින් ඔවුන් විශ්වාසය ලැබීම ඔවුනට කෙසේ නම් විය හැකිද?

### الآية 34:53

> ﻿وَقَدْ كَفَرُوا بِهِ مِنْ قَبْلُ ۖ وَيَقْذِفُونَ بِالْغَيْبِ مِنْ مَكَانٍ بَعِيدٍ [34:53]

මීට පෙර ද සැබැවින්ම ඔවුහු එය ප්‍රතික්ෂේප කළෝය. තවද ඔවුහු දූර ස්ථානයක සිට ගුප්තය පිළිබඳ සැක පහළ කරති.

### الآية 34:54

> ﻿وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِمْ مِنْ قَبْلُ ۚ إِنَّهُمْ كَانُوا فِي شَكٍّ مُرِيبٍ [34:54]

මීට පෙර ඔවුනට සමාන වූවන් සම්බන්ධයෙන් කටයුතු කරනු ලැබුවාක් මෙන් ඔවුන් අතර හා ඔවුන් ආශා කරන දෑ අතර බාධක දමනු ලැබීය. නියත වශයෙන්ම ඔවුහු අන්ත සැකයෙහි සිටියහ.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/34.md)
- [كل تفاسير سورة سبأ
](https://quranpedia.net/surah-tafsir/34.md)
- [ترجمات سورة سبأ
](https://quranpedia.net/translations/34.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/34/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
