---
title: "ترجمة سورة يس - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/36/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/36/book/1993"
surah_id: "36"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة يس - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/36/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة يس - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/36/book/1993*.

Translation of Surah يس from "الترجمة السنهالية" in السنهالية.

### الآية 36:1

> يس [36:1]

යා සීන්

### الآية 36:2

> ﻿وَالْقُرْآنِ الْحَكِيمِ [36:2]

ප්‍රඥාවෙන් යුත් අල් කුර්ආනය මත දිවුරමින්,

### الآية 36:3

> ﻿إِنَّكَ لَمِنَ الْمُرْسَلِينَ [36:3]

(නබි මුහම්මද්!) නියත වශයෙන්ම ඔබ දූතවරුන් අතුරින් කෙනෙකි.

### الآية 36:4

> ﻿عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ [36:4]

(ඔබ) ඍජු මාර්ගය මතය.

### الآية 36:5

> ﻿تَنْزِيلَ الْعَزِيزِ الرَّحِيمِ [36:5]

(මෙය) මහා කරුණාන්විත සර්ව බලධාරියාණන්ගේ පහළ කිරීමකි.

### الآية 36:6

> ﻿لِتُنْذِرَ قَوْمًا مَا أُنْذِرَ آبَاؤُهُمْ فَهُمْ غَافِلُونَ [36:6]

ඔවුන්ගේ මුතුන් මිත්තන් අවවාද කරනු නොලැබූ පිරිසකට ඔබ අවවාද කරනු පිණිසය. එහෙයින් ඔවුහු අනවධානීහු වූහ.

### الآية 36:7

> ﻿لَقَدْ حَقَّ الْقَوْلُ عَلَىٰ أَكْثَرِهِمْ فَهُمْ لَا يُؤْمِنُونَ [36:7]

ඔවුන්ගෙන් බහුතරයක් දෙනා මත (දඬුවමේ) ප්‍රකාශය සැබැවින්ම නියම විය. එහෙයින් ඔවුහු විශ්වාස නොකරති.

### الآية 36:8

> ﻿إِنَّا جَعَلْنَا فِي أَعْنَاقِهِمْ أَغْلَالًا فَهِيَ إِلَى الْأَذْقَانِ فَهُمْ مُقْمَحُونَ [36:8]

නියත වශයෙන්ම අපි ඔවුන්ගේ ගෙල වලට විලංගු ඇති කළෙමු. එවිට එය උගුරු දණ්ඩ දක්වා පවතී. එහෙයින් ඔවුහු හිස (නැමිය නොහැකිව) ඔසවා ගෙන සිටින්නන් වෙති.

### الآية 36:9

> ﻿وَجَعَلْنَا مِنْ بَيْنِ أَيْدِيهِمْ سَدًّا وَمِنْ خَلْفِهِمْ سَدًّا فَأَغْشَيْنَاهُمْ فَهُمْ لَا يُبْصِرُونَ [36:9]

තවද අපි ඔවුන් ඉදිරියෙන් බාධකයක් ද ඔවුනට පසුපසින් බාධකයක් ද ඇති කළෙමු. එවිට අපි ඔවුන් ආවරණය කළෙමු. එහෙයින් ඔවුනට බැලිය නොහැකිය.

### الآية 36:10

> ﻿وَسَوَاءٌ عَلَيْهِمْ أَأَنْذَرْتَهُمْ أَمْ لَمْ تُنْذِرْهُمْ لَا يُؤْمِنُونَ [36:10]

ඔබ ඔවුනට අවවාද කළ ද ඔබ ඔවුනට අවවාද නොකළ ද ඔවුන් වෙත එය එක සමානය. ඔවුහු විශ්වාස නොකරති.

### الآية 36:11

> ﻿إِنَّمَا تُنْذِرُ مَنِ اتَّبَعَ الذِّكْرَ وَخَشِيَ الرَّحْمَٰنَ بِالْغَيْبِ ۖ فَبَشِّرْهُ بِمَغْفِرَةٍ وَأَجْرٍ كَرِيمٍ [36:11]

නියත වශයෙන්ම ඔබ අවවාද කරනුයේ මෙම මෙනෙහි කිරීම අනුගමනය කොට (කිසිවකු) නොපෙනෙන තත්ත්වයක මහා කරුණාන්විතයාණන්හට බියවූවන්ටය. එහෙයින් සමාව හා ගෞරවනීය තිළිණ ඇති බව ඔහුට ශුභාරංචි දන්වනු.

### الآية 36:12

> ﻿إِنَّا نَحْنُ نُحْيِي الْمَوْتَىٰ وَنَكْتُبُ مَا قَدَّمُوا وَآثَارَهُمْ ۚ وَكُلَّ شَيْءٍ أَحْصَيْنَاهُ فِي إِمَامٍ مُبِينٍ [36:12]

නියත වශයෙන්ම අපි මළවුනට ජීවය දෙන්නෙමු. ඔවුන් පෙර කළ දෑ ද ඔවුන්ගේ සලකුණු ද අපි සටහන් කරන්නෙමු. තවද සියලු දෑ අපි එය පැහැදිලි මෙහෙයුමක් තුළ සටහන් කර ඇත්තෙමු.

### الآية 36:13

> ﻿وَاضْرِبْ لَهُمْ مَثَلًا أَصْحَابَ الْقَرْيَةِ إِذْ جَاءَهَا الْمُرْسَلُونَ [36:13]

තවද ගම්මානයට දහම් දූතවරුන් පැමිණි අවස්ථාවේ එහි වැසියන් පිළිබඳ උපමාවක් ඔවුනට ගෙන හැර දක්වනු.

### الآية 36:14

> ﻿إِذْ أَرْسَلْنَا إِلَيْهِمُ اثْنَيْنِ فَكَذَّبُوهُمَا فَعَزَّزْنَا بِثَالِثٍ فَقَالُوا إِنَّا إِلَيْكُمْ مُرْسَلُونَ [36:14]

අපි ඔවුන් වෙත දෙදෙනකු එවූ විට ඔවුහු ඔවුන් දෙදෙනා බොරු කළෝය. එවිට අපි තුන්වැන්නා ගෙන් බලවත් කළෙමු. එවිට “නියත වශයෙන්ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් වෙමු” යැයි ඔවුහු පැවසූහ.

### الآية 36:15

> ﻿قَالُوا مَا أَنْتُمْ إِلَّا بَشَرٌ مِثْلُنَا وَمَا أَنْزَلَ الرَّحْمَٰنُ مِنْ شَيْءٍ إِنْ أَنْتُمْ إِلَّا تَكْذِبُونَ [36:15]

“නුඹලා අප මෙන් මිනිසුන් මිස නැත. තවද මහාකරුණාන්විත යාණන් කිසිවක් පහළ කළේ නැත. නුඹලා බොරු පවසන්නන් මිස නැතැයි” ඔවුහු පැවසූහ.

### الآية 36:16

> ﻿قَالُوا رَبُّنَا يَعْلَمُ إِنَّا إِلَيْكُمْ لَمُرْسَلُونَ [36:16]

“නියත වශයෙන්ම අපි නුඹලා වෙත එවනු ලැබූවන් බව අපගේ පරමාධිපති දනී” යැයි ඔවුහු පැවසූහ.

### الآية 36:17

> ﻿وَمَا عَلَيْنَا إِلَّا الْبَلَاغُ الْمُبِينُ [36:17]

“තවද පැහැදිලි ව දන්වා සිටීම මිස අප වෙත (වෙනත් වගකීමක්) නොමැත.”

### الآية 36:18

> ﻿قَالُوا إِنَّا تَطَيَّرْنَا بِكُمْ ۖ لَئِنْ لَمْ تَنْتَهُوا لَنَرْجُمَنَّكُمْ وَلَيَمَسَّنَّكُمْ مِنَّا عَذَابٌ أَلِيمٌ [36:18]

“නුඹලා හේතුවෙන් අප අසුබ තත්ත්වයට පත් ව ඇත්තෙමු. නුඹලා නොවැළකුණෙහු නම් අපි නුඹලා ගල් ගසා මරන්නෙමු. තවද අපගෙන් වූ වේදනීය දඬුවමක් නුඹලාට ඇති වනු ඇතැයි” ඔවුහු පැවසූහ.

### الآية 36:19

> ﻿قَالُوا طَائِرُكُمْ مَعَكُمْ ۚ أَئِنْ ذُكِّرْتُمْ ۚ بَلْ أَنْتُمْ قَوْمٌ مُسْرِفُونَ [36:19]

නුඹලාගේ අසුබ තත්ත්වය නුඹලා සමගය. මෙය නුඹලාට මෙනෙහි කරනු ලැබූවේ නම් ද? නමුත් නුඹලා සීමාව ඉක්මවා ගිය පිරිසකි.

### الآية 36:20

> ﻿وَجَاءَ مِنْ أَقْصَى الْمَدِينَةِ رَجُلٌ يَسْعَىٰ قَالَ يَا قَوْمِ اتَّبِعُوا الْمُرْسَلِينَ [36:20]

තවද නගරයේ කෙළවර සිට මිනිසෙකු දිව ඇවිත් “මාගේ ජනයිනි! (අල්ලාහ් විසින්) එවනු ලැබූවන් නුඹලා අනුගමනය කරනු” යැයි පැවසුවේය.

### الآية 36:21

> ﻿اتَّبِعُوا مَنْ لَا يَسْأَلُكُمْ أَجْرًا وَهُمْ مُهْتَدُونَ [36:21]

“කිසිදු කුලියක් නුඹලාගෙන් ඉල්ලා නොසිටින්නන් නුඹලා අනුගමනය කරනු. තවද ඔවුහු යහමග ලැබූවන් වෙති.”

### الآية 36:22

> ﻿وَمَا لِيَ لَا أَعْبُدُ الَّذِي فَطَرَنِي وَإِلَيْهِ تُرْجَعُونَ [36:22]

“මා මැවූ ඔහුට මා ගැතිකම් නොකර සිටීමට මට කුමක්වීද? තවද නුඹලා නැවත යොමු කරනු ලබනුයේ ඔහු වෙතටමය.”

### الآية 36:23

> ﻿أَأَتَّخِذُ مِنْ دُونِهِ آلِهَةً إِنْ يُرِدْنِ الرَّحْمَٰنُ بِضُرٍّ لَا تُغْنِ عَنِّي شَفَاعَتُهُمْ شَيْئًا وَلَا يُنْقِذُونِ [36:23]

“මා ඔහුගෙන් තොර ව වෙනත් දෙවිවරුන් ගන්නෙම් ද? මහාකරුණාන්විතයාණෝ යම් හානියක් මට සිතුවේ නම් ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් මට ප්‍රයෝජනවත් නොවෙයි. තවද ඔවුහු මා මුදවා නොගනිති.”

### الآية 36:24

> ﻿إِنِّي إِذًا لَفِي ضَلَالٍ مُبِينٍ [36:24]

“නියත වශයෙන්ම මම එවිට පැහැදිලි මුළාවෙහි වෙමි.”

### الآية 36:25

> ﻿إِنِّي آمَنْتُ بِرَبِّكُمْ فَاسْمَعُونِ [36:25]

“නියත වශයෙන්ම මම නුඹලාගේ පරමාධිපති විශ්වාස කළෙමි. එහෙයින් නුඹලා මට සවන් දෙනු.”

### الآية 36:26

> ﻿قِيلَ ادْخُلِ الْجَنَّةَ ۖ قَالَ يَا لَيْتَ قَوْمِي يَعْلَمُونَ [36:26]

‘ඔබ ස්වර්ගයට පිවිසෙනු’ යැයි කියන ලදී. “අහෝ! මාගේ ජනයා දැනගන්නේ නම්!”

### الآية 36:27

> ﻿بِمَا غَفَرَ لِي رَبِّي وَجَعَلَنِي مِنَ الْمُكْرَمِينَ [36:27]

“මාගේ පරමාධිපති මට සමාව දී ඇති බවත් තවද ඔහු මා ගෞරවනීය අය අතරට පත් කර ඇති බවත් (ඔවුහු දැන ගන්නේ නම්)”

### الآية 36:28

> ﻿۞ وَمَا أَنْزَلْنَا عَلَىٰ قَوْمِهِ مِنْ بَعْدِهِ مِنْ جُنْدٍ مِنَ السَّمَاءِ وَمَا كُنَّا مُنْزِلِينَ [36:28]

ඔහුගෙන් පසු ව අහසින් කිසිදු සේනාවක් අපි ඔහුගේ ජනයා වෙත පහළ නොකළෙමු. තවද අපි පහළ කරන්නන් ලෙස නොසිටියෙමු.

### الآية 36:29

> ﻿إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ خَامِدُونَ [36:29]

එය එකම හඬක් මිස වූයේ නැත. එවිට ඔවුහු නිහඬයින් වූහ.

### الآية 36:30

> ﻿يَا حَسْرَةً عَلَى الْعِبَادِ ۚ مَا يَأْتِيهِمْ مِنْ رَسُولٍ إِلَّا كَانُوا بِهِ يَسْتَهْزِئُونَ [36:30]

අහෝ ගැත්තන් වෙත වූ ඛේදය! ඔවුන් වෙත රසූල්වරයෙකු පැමිණි විට ඔවුහු ඔහු සරදම් කරමින් සිටියා මිස නැත.

### الآية 36:31

> ﻿أَلَمْ يَرَوْا كَمْ أَهْلَكْنَا قَبْلَهُمْ مِنَ الْقُرُونِ أَنَّهُمْ إِلَيْهِمْ لَا يَرْجِعُونَ [36:31]

ඔවුනට පෙර පරම්පරාවන් කොපමණක් අපි විනාශ කර ඇත්තෙමු දැයි ඔවුහු නොදුටුවෝ ද? නියත වශයෙන්ම ඔවුහු ඔවුන් වෙත නැවත නොපැමිණෙනු ඇත.

### الآية 36:32

> ﻿وَإِنْ كُلٌّ لَمَّا جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ [36:32]

සියලු දෙනා අප ඉදිරියේ සම්මුඛ කරවනු ලබන්නන් මිස නැත.

### الآية 36:33

> ﻿وَآيَةٌ لَهُمُ الْأَرْضُ الْمَيْتَةُ أَحْيَيْنَاهَا وَأَخْرَجْنَا مِنْهَا حَبًّا فَمِنْهُ يَأْكُلُونَ [36:33]

මළ භූමිය ඔවුනට සංඥාවකි. අපි එය ප්‍රාණවත් කළෙමු. පසු ව අපි එයින් ධාන්‍ය හට ගැන්වූයෙමු. එවිට ඔවුහු එයින් අනුභව කරති.

### الآية 36:34

> ﻿وَجَعَلْنَا فِيهَا جَنَّاتٍ مِنْ نَخِيلٍ وَأَعْنَابٍ وَفَجَّرْنَا فِيهَا مِنَ الْعُيُونِ [36:34]

තවද අපි එහි ඉඳි හා මිදි උයන් ඇති කළෙමු. තවද එහි උල්පත් වලින් පීරා ගලා යන්නට සැලැස්වූයෙමු.

### الآية 36:35

> ﻿لِيَأْكُلُوا مِنْ ثَمَرِهِ وَمَا عَمِلَتْهُ أَيْدِيهِمْ ۖ أَفَلَا يَشْكُرُونَ [36:35]

එහි බවභෝග වලින් ඔවුහු අනුභව කරනු පිණිස. තවද ඔවුන්ගේ අත් එය සිදු කළේ නැත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නොවන්නෝ ද?

### الآية 36:36

> ﻿سُبْحَانَ الَّذِي خَلَقَ الْأَزْوَاجَ كُلَّهَا مِمَّا تُنْبِتُ الْأَرْضُ وَمِنْ أَنْفُسِهِمْ وَمِمَّا لَا يَعْلَمُونَ [36:36]

මහපොළොවේ හට ගන්වන දැයින් ද ඔවුන් අතුරින් ද එමෙන්ම ඔවුන් නොදන්නා දැයින් ද ඒ සියලු යුගලයන් මැවූ ඔහු සුවිශුද්ධය.

### الآية 36:37

> ﻿وَآيَةٌ لَهُمُ اللَّيْلُ نَسْلَخُ مِنْهُ النَّهَارَ فَإِذَا هُمْ مُظْلِمُونَ [36:37]

තවද රාත්‍රිය ද ඔවුනට සංඥාවකි. අපි එයින් දහවල වෙන් කරමු. එවිට ඔවුහු අඳුරෙහි සිටින්නෝ වෙති.

### الآية 36:38

> ﻿وَالشَّمْسُ تَجْرِي لِمُسْتَقَرٍّ لَهَا ۚ ذَٰلِكَ تَقْدِيرُ الْعَزِيزِ الْعَلِيمِ [36:38]

තවද හිරු, එයට නියමිත ස්ථානය වෙත ගමන් කරමින් සිටියි. එය සර්වඥානී සර්ව බලධාරියාගේ සැලසුමකි.

### الآية 36:39

> ﻿وَالْقَمَرَ قَدَّرْنَاهُ مَنَازِلَ حَتَّىٰ عَادَ كَالْعُرْجُونِ الْقَدِيمِ [36:39]

තවද සඳු, අපි එය ඇකිළී ගිය ඉඳි රිකිල්ලක් මෙන් පත් වන තෙක් එයට ස්ථාන නිර්ණය කළෙමු.

### الآية 36:40

> ﻿لَا الشَّمْسُ يَنْبَغِي لَهَا أَنْ تُدْرِكَ الْقَمَرَ وَلَا اللَّيْلُ سَابِقُ النَّهَارِ ۚ وَكُلٌّ فِي فَلَكٍ يَسْبَحُونَ [36:40]

සඳු වෙත ළඟා වන්නට හිරුට අවශ්‍යතාවක් නැත. තවද දහවල අබිබවා යන්නක් සේ රාත්‍රිය ද නැත. තවද සියල්ල (නියමිත) කක්ෂය තුළ පාවෙති.

### الآية 36:41

> ﻿وَآيَةٌ لَهُمْ أَنَّا حَمَلْنَا ذُرِّيَّتَهُمْ فِي الْفُلْكِ الْمَشْحُونِ [36:41]

ඔවුනට තවත් සංඥාවකි. නියත වශයෙන්ම අපි ඔවුන්ගේ පරම්පරාව පටවනු ලැබූ නැවෙහි ඉසුලුවෙමු.

### الآية 36:42

> ﻿وَخَلَقْنَا لَهُمْ مِنْ مِثْلِهِ مَا يَرْكَبُونَ [36:42]

තවද අපි ඔවුනට ඒ හා සමාන දැයින් ඔවුන් ප්‍රවාහනය කරන දෑ මැව්වෙමු.

### الآية 36:43

> ﻿وَإِنْ نَشَأْ نُغْرِقْهُمْ فَلَا صَرِيخَ لَهُمْ وَلَا هُمْ يُنْقَذُونَ [36:43]

තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන් අපි ගිල්වා දමන්නෙමු. එවිට ඔවුනට පක්ෂ ව කිසිඳු හඬක් නොවනු ඇත. තවද ඔවුහු මුදවා ගනු නොලබති.

### الآية 36:44

> ﻿إِلَّا رَحْمَةً مِنَّا وَمَتَاعًا إِلَىٰ حِينٍ [36:44]

නමුත් (එය) අපගෙන් වූ කරුණාවක් හා ටික කලකට භුක්ති විඳීමක් වශයෙන් මිස නැත.

### الآية 36:45

> ﻿وَإِذَا قِيلَ لَهُمُ اتَّقُوا مَا بَيْنَ أَيْدِيكُمْ وَمَا خَلْفَكُمْ لَعَلَّكُمْ تُرْحَمُونَ [36:45]

නුඹලා (අල්ලාහ්ගේ) කරුණාව ලැබිය හැකි වනු පිණිස නුඹලා ඉදිරියේ ඇති දෑ හා නුඹලාට පසුපසින් ඇති දැයින් ආරක්ෂා වනු යැයි ඔවුනට කියනු ලැබූ විට (ඔවුහු නොසැලකිලිමත් වූහ.)

### الآية 36:46

> ﻿وَمَا تَأْتِيهِمْ مِنْ آيَةٍ مِنْ آيَاتِ رَبِّهِمْ إِلَّا كَانُوا عَنْهَا مُعْرِضِينَ [36:46]

ඔවුන්ගේ පරමාධිපතිගේ සංඥා අතුරින් යම් සංඥාවක් ඔවුන් වෙත පැමිණි විට ඔවුන් එය පිටුපාන්නන් ලෙස සිටියා මිස නැත.

### الآية 36:47

> ﻿وَإِذَا قِيلَ لَهُمْ أَنْفِقُوا مِمَّا رَزَقَكُمُ اللَّهُ قَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا أَنُطْعِمُ مَنْ لَوْ يَشَاءُ اللَّهُ أَطْعَمَهُ إِنْ أَنْتُمْ إِلَّا فِي ضَلَالٍ مُبِينٍ [36:47]

අල්ලාහ් නුඹලාට පෝෂණය කළ දැයින් නුඹලා වියදම් කරනුයි ඔවුනට කියනු ලැබූ විට ප්‍රතික්ෂේප කළවුන් විශ්වාස කළවුන් දෙස බලා “අල්ලාහ් අභිමත වී නම්, ඔහු කවරෙකුට ආහාර සපයන්නේ ද එවැන්නන්හට අපි ආහාර සපයන්නෙමු ද? නුඹලා පැහැදිලි මුළාවෙහි මිස නැත” යැයි පවසා සිටියහ.

### الآية 36:48

> ﻿وَيَقُولُونَ مَتَىٰ هَٰذَا الْوَعْدُ إِنْ كُنْتُمْ صَادِقِينَ [36:48]

“නුඹලා සත්‍යවාදීන් වූයෙහු නම් මෙම ප්‍රතිඥාව (මළවුන්ගෙන් නැගිටුවනු ලැබීම) කවදාදැ”යි ඔවුහු පවසති.

### الآية 36:49

> ﻿مَا يَنْظُرُونَ إِلَّا صَيْحَةً وَاحِدَةً تَأْخُذُهُمْ وَهُمْ يَخِصِّمُونَ [36:49]

ඔවුන් තර්ක කරමින් සිටිය දී ඔවුන් හසු කර ගන්නා එකම හඬක් මිස ඔවුහු බලාපොරොත්තු නොවෙති.

### الآية 36:50

> ﻿فَلَا يَسْتَطِيعُونَ تَوْصِيَةً وَلَا إِلَىٰ أَهْلِهِمْ يَرْجِعُونَ [36:50]

එවිට අන්තිම කැමැත්ත ප්‍රකාශ කිරීමට හෝ ඔවුන්ගේ පවුල වෙත නැවත හැරී යාමට හෝ ඔවුහු හැකියාව නොදරති.

### الآية 36:51

> ﻿وَنُفِخَ فِي الصُّورِ فَإِذَا هُمْ مِنَ الْأَجْدَاثِ إِلَىٰ رَبِّهِمْ يَنْسِلُونَ [36:51]

තවද හොරණෑවෙහි පිඹිනු ලැබීය. එවිට ඔවුහු මිණී වළවල් තුළින් ඔවුන්ගේ පරමාධිපති වෙත වේගයෙන් බැහැර ව යති.

### الآية 36:52

> ﻿قَالُوا يَا وَيْلَنَا مَنْ بَعَثَنَا مِنْ مَرْقَدِنَا ۜ ۗ هَٰذَا مَا وَعَدَ الرَّحْمَٰنُ وَصَدَقَ الْمُرْسَلُونَ [36:52]

“අහෝ අපගේ විනාශය! අප නිදා සිටින තැනින් අප අවදි කළේ කවුදැ?”යි ඔවුහු විමසති. මෙය මහාකරුණාන්විතයණෝ ප්‍රතිඥා දුන් දෑ සහ දහම් දූතවරුන් සත්‍ය කළ දෑ වේ. (යැයි පවසනු ලැබේ)

### الآية 36:53

> ﻿إِنْ كَانَتْ إِلَّا صَيْحَةً وَاحِدَةً فَإِذَا هُمْ جَمِيعٌ لَدَيْنَا مُحْضَرُونَ [36:53]

එය එකම හඬක් මිස නොවීය. එවිට ඔවුහු සියලු දෙනා අප ඉදිරියේ සම්මුඛ කරනු ලබන්නෝ වෙති.

### الآية 36:54

> ﻿فَالْيَوْمَ لَا تُظْلَمُ نَفْسٌ شَيْئًا وَلَا تُجْزَوْنَ إِلَّا مَا كُنْتُمْ تَعْمَلُونَ [36:54]

අද දින කිසිදු ආත්මයක් කිසිවකින් හෝ අපරාධ කරනු නොලබයි. නුඹලා සිදු කරමින් සිටි දෑට මිස නුඹලාට ප්‍රතිඵල පිරිනමනු නොලබන්නෙහුය.

### الآية 36:55

> ﻿إِنَّ أَصْحَابَ الْجَنَّةِ الْيَوْمَ فِي شُغُلٍ فَاكِهُونَ [36:55]

නියත වශයෙන්ම ස්වර්ග වාසීන් එදින කාර්යයන්හි සතුටින් නිරත ව සිටින්නෝ වෙති.

### الآية 36:56

> ﻿هُمْ وَأَزْوَاجُهُمْ فِي ظِلَالٍ عَلَى الْأَرَائِكِ مُتَّكِئُونَ [36:56]

ඔවුහු හා ඔවුන්ගේ බිරියන් හෙවණට වී කවිච්චි මත හාන්සිවන්නෝ වෙති.

### الآية 36:57

> ﻿لَهُمْ فِيهَا فَاكِهَةٌ وَلَهُمْ مَا يَدَّعُونَ [36:57]

ඔවුනට එහි පලතුරු ඇත. තවද ඔවුන් පතන දෑ ද ඔවුනට ඇත.

### الآية 36:58

> ﻿سَلَامٌ قَوْلًا مِنْ رَبٍّ رَحِيمٍ [36:58]

සලාම් ! (ශාන්තිය යැයි කියනු ලැබේ). මහා කරුණාන්විත පරමාධිපතිගෙන් වූ ප්‍රකාශයක් වශයෙන් (කියනු ලැබේ)

### الآية 36:59

> ﻿وَامْتَازُوا الْيَوْمَ أَيُّهَا الْمُجْرِمُونَ [36:59]

“අහෝ වැරදිකරුවනි! අද දින නුඹලා වෙන්ව යනු” යැයි කියනු ලැබේ)

### الآية 36:60

> ﻿۞ أَلَمْ أَعْهَدْ إِلَيْكُمْ يَا بَنِي آدَمَ أَنْ لَا تَعْبُدُوا الشَّيْطَانَ ۖ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ [36:60]

ආදම්ගේ දරුවනි! නුඹලා ෂෙයිතාන්ට ගැතිකම් නොකරන්නැයි මම නුඹලා වෙතින් ප්‍රතිඥාවක් නොගත්තෙම් ද? නියත වශයෙන්ම ඔහු නුඹලාට ප්‍රකට සතුරෙකි.

### الآية 36:61

> ﻿وَأَنِ اعْبُدُونِي ۚ هَٰذَا صِرَاطٌ مُسْتَقِيمٌ [36:61]

තවද නුඹලා මට ගැතිකම් කරනු. ඍජු මාර්ගය මෙය වේ.

### الآية 36:62

> ﻿وَلَقَدْ أَضَلَّ مِنْكُمْ جِبِلًّا كَثِيرًا ۖ أَفَلَمْ تَكُونُوا تَعْقِلُونَ [36:62]

තවද සැබැවින්ම නුඹලා අතුරින් බොහෝමයක් මැවීම් ඔහු නොමග හැරියේය. එහෙයින් නුඹලා බුද්ධිමත් නොවූයෙහු ද?

### الآية 36:63

> ﻿هَٰذِهِ جَهَنَّمُ الَّتِي كُنْتُمْ تُوعَدُونَ [36:63]

මෙය නුඹලා ප්‍රතිඥා දෙනු ලබමින් සිටි නිරයයි.

### الآية 36:64

> ﻿اصْلَوْهَا الْيَوْمَ بِمَا كُنْتُمْ تَكْفُرُونَ [36:64]

නුඹලා ප්‍රතික්ෂේප කරමින් සිටි බැවින් අද දින නුඹලා එහි පිවිසෙනු.

### الآية 36:65

> ﻿الْيَوْمَ نَخْتِمُ عَلَىٰ أَفْوَاهِهِمْ وَتُكَلِّمُنَا أَيْدِيهِمْ وَتَشْهَدُ أَرْجُلُهُمْ بِمَا كَانُوا يَكْسِبُونَ [36:65]

අද දින අපි ඔවුන්ගේ කටවල් වලට මුද්‍රා තබමු. තවද ඔවුන්ගේ අත් අප සමග කතා කරයි. තවද ඔවුන් උපයමින් සිටි දෑ ගැන ඔවුන්ගේ පාද සාක්ෂි දරයි.

### الآية 36:66

> ﻿وَلَوْ نَشَاءُ لَطَمَسْنَا عَلَىٰ أَعْيُنِهِمْ فَاسْتَبَقُوا الصِّرَاطَ فَأَنَّىٰ يُبْصِرُونَ [36:66]

තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ඇස් මත අන්ධභාවය ඇති කරන්නට තිබුණි. එවිට එම මාවත වෙත ඔවුහු (තරඟකාරී ලෙස) වෙහෙස දරන්නට තිබුණි. එවිට ඔවුන් කෙසේ නම් දකිනු ඇත් ද?

### الآية 36:67

> ﻿وَلَوْ نَشَاءُ لَمَسَخْنَاهُمْ عَلَىٰ مَكَانَتِهِمْ فَمَا اسْتَطَاعُوا مُضِيًّا وَلَا يَرْجِعُونَ [36:67]

තවද අපි අභිමත කරන්නේ නම් ඔවුන්ගේ ස්ථානයෙහිම අපි ඔවුන්ගේ හැඩය වෙනස් කරන්නට තිබුණි. එවිට ඔවුහු ගමන් කිරීමට හැකියාව නොදරති. තවද ඔවුහු නැවත හැරී නොයති.

### الآية 36:68

> ﻿وَمَنْ نُعَمِّرْهُ نُنَكِّسْهُ فِي الْخَلْقِ ۖ أَفَلَا يَعْقِلُونَ [36:68]

තවද කවරෙකුට අපි ආයුෂ දුන්නේ ද අපි ඔහු මැවීම්හි වෙනස් කරමු. ඔවුහු වටහා නොගන්නෝ ද?

### الآية 36:69

> ﻿وَمَا عَلَّمْنَاهُ الشِّعْرَ وَمَا يَنْبَغِي لَهُ ۚ إِنْ هُوَ إِلَّا ذِكْرٌ وَقُرْآنٌ مُبِينٌ [36:69]

අපි ඔහුට කාව්‍ය ශාස්ත්‍රය ඉගැන්වූයේ නැත. තවද එය ඔහුට අවශ්‍ය නොවීය. තවද මෙය මෙනෙහි කිරීමක් හා පැහැදිලි පාරායනයක් -කුර්ආන්- මිස නැත.

### الآية 36:70

> ﻿لِيُنْذِرَ مَنْ كَانَ حَيًّا وَيَحِقَّ الْقَوْلُ عَلَى الْكَافِرِينَ [36:70]

(මෙය) ජීවමාන ව සිටින්නන්හට ඔහු අවවාද කරනු පිණිසය. තවද දෙවියන් ප්‍රතික්ෂේප කරන්නන් හට (දඬුවමේ) ප්‍රකාශය නියම වනු පිණිසය.

### الآية 36:71

> ﻿أَوَلَمْ يَرَوْا أَنَّا خَلَقْنَا لَهُمْ مِمَّا عَمِلَتْ أَيْدِينَا أَنْعَامًا فَهُمْ لَهَا مَالِكُونَ [36:71]

අපගේ අත් නිර්මාණය කළ දැයින් ගොවිපළ සතුන් ඔවුන් වෙනුවෙන් අපි නිර්මාණය කර තිබීම ඔවුහු නොදුටුවෝද? එහෙයින් ඔවුහු එයට උරුමක්කරුවෝ වූහ.

### الآية 36:72

> ﻿وَذَلَّلْنَاهَا لَهُمْ فَمِنْهَا رَكُوبُهُمْ وَمِنْهَا يَأْكُلُونَ [36:72]

තවද අපි ඔවුනට ඒවා යටත් කර දුනිමු. එහෙයින් එවායින් ඔවුන්ගේ ප්‍රවාහන පහසුකම් ඇත. තවද ඒවායින් ඔවුහු අනුභව කරති.

### الآية 36:73

> ﻿وَلَهُمْ فِيهَا مَنَافِعُ وَمَشَارِبُ ۖ أَفَلَا يَشْكُرُونَ [36:73]

තවද ඔවුනට ඒවායෙහි ප්‍රයෝජන හා පානයන් ඇත. එහෙයින් ඔවුහු ගුණ ගරුක නොවන්නෝ ද?

### الآية 36:74

> ﻿وَاتَّخَذُوا مِنْ دُونِ اللَّهِ آلِهَةً لَعَلَّهُمْ يُنْصَرُونَ [36:74]

තවද ඔවුන් උදව් ලබනු ඇතැයි (සිතා) අල්ලාහ්ගෙන් තොර වෙනත් දෙවිවරුන් ඔවුහු ගත්තෝය.

### الآية 36:75

> ﻿لَا يَسْتَطِيعُونَ نَصْرَهُمْ وَهُمْ لَهُمْ جُنْدٌ مُحْضَرُونَ [36:75]

ඔවුනට උදව් කිරීමට ඔවුහු ශක්තිය නොදරති. (විනිශ්චය දිනයේ) ඔවුනට (එරෙහිව) ඔවුහු සේනාවක් සේ ගෙන එනු ලබති.

### الآية 36:76

> ﻿فَلَا يَحْزُنْكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ [36:76]

එහෙයින් ඔවුන්ගේ ප්‍රකාශය ඔබ දුකට පත් නොකළ යුතුය. ඔවුන් සඟවන දෑ ද ඔවුන් හෙළි කරන දෑ ද සැබැවින්ම අපි දනිමු.

### الآية 36:77

> ﻿أَوَلَمْ يَرَ الْإِنْسَانُ أَنَّا خَلَقْنَاهُ مِنْ نُطْفَةٍ فَإِذَا هُوَ خَصِيمٌ مُبِينٌ [36:77]

නියත වශයෙන්ම අපි ඔහු ශුක්‍රාණු බිඳුවකින් මවා තිබීම මිනිසා නොදුටුවේ ද? එසේ තිබියදීත්, ඔහු (ව්‍යාජ දෑ ගෙන) පැහැදිලි තර්ක කරන්නෙකි.

### الآية 36:78

> ﻿وَضَرَبَ لَنَا مَثَلًا وَنَسِيَ خَلْقَهُ ۖ قَالَ مَنْ يُحْيِي الْعِظَامَ وَهِيَ رَمِيمٌ [36:78]

ඔහු අපට උපමා ගෙන හැර පාන්නේය. ඔහු ඔහුගේ මැවීම ගැන අමතක කළේය. “අස්ථි දිරාපත් ව තිබියදී ඒවාට යළි ජීවය දෙන්නා කවුදැ”යි ඔහු විමසයි.

### الآية 36:79

> ﻿قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ ۖ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٌ [36:79]

“මුල් වරට එය නිර්මාණය කළ අය එයට ජීවය දෙනු ඇත. තවද ඔහු සියලු මැවීම් පිළිබඳ ව සර්වඥානීය” යැයි (නබිවරය) ඔබ පවසනු.

### الآية 36:80

> ﻿الَّذِي جَعَلَ لَكُمْ مِنَ الشَّجَرِ الْأَخْضَرِ نَارًا فَإِذَا أَنْتُمْ مِنْهُ تُوقِدُونَ [36:80]

ඔහු වනාහි නුඹලාට අමු ගසින් ගින්දර ඇති කළ අයයි. එවිට නුඹලා එයින් දල්වන්නෙහුය‍.

### الآية 36:81

> ﻿أَوَلَيْسَ الَّذِي خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ بِقَادِرٍ عَلَىٰ أَنْ يَخْلُقَ مِثْلَهُمْ ۚ بَلَىٰ وَهُوَ الْخَلَّاقُ الْعَلِيمُ [36:81]

අහස් හා මහපොළොව මැවූ අය ඔවුනට සමාන දෑ මැවීමට ශක්තිය ඇත්තකු නොවේ ද? එසේය; ඔහුය සර්වඥානී මහා මැවුම්කරු වන්නේ.

### الآية 36:82

> ﻿إِنَّمَا أَمْرُهُ إِذَا أَرَادَ شَيْئًا أَنْ يَقُولَ لَهُ كُنْ فَيَكُونُ [36:82]

නියත වශයෙන්ම ඔහුගේ නියෝගය වනුයේ ඔහු යමක් සිතූ විට එයට ‘වනු’ යැයි පැවසීමය. එවිට එය සිදුවනු ඇත.

### الآية 36:83

> ﻿فَسُبْحَانَ الَّذِي بِيَدِهِ مَلَكُوتُ كُلِّ شَيْءٍ وَإِلَيْهِ تُرْجَعُونَ [36:83]

එහෙයින් සියලු දෑහි ආධිපත්‍යයන් තම අතෙහි වූ ඔහු සුවිශුද්ධ විය. තවද ඔහු වෙතටමය නුඹලා යොමු කරනු ලබනුයේ.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/36.md)
- [كل تفاسير سورة يس
](https://quranpedia.net/surah-tafsir/36.md)
- [ترجمات سورة يس
](https://quranpedia.net/translations/36.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/36/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
