---
title: "ترجمة سورة محمد - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/47/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/47/book/1993"
surah_id: "47"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة محمد - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/47/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة محمد - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/47/book/1993*.

Translation of Surah محمد from "الترجمة السنهالية" in السنهالية.

### الآية 47:1

> الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ أَضَلَّ أَعْمَالَهُمْ [47:1]

ප්‍රතික්ෂේප කොට අල්ලාහ්ගේ මාර්ගයෙන් (මිනිසුන්) වැළැක්වූ වන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නැතිකර දැමීය.

### الآية 47:2

> ﻿وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ وَآمَنُوا بِمَا نُزِّلَ عَلَىٰ مُحَمَّدٍ وَهُوَ الْحَقُّ مِنْ رَبِّهِمْ ۙ كَفَّرَ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَأَصْلَحَ بَالَهُمْ [47:2]

තවද විශ්වාස කොට යහකම් සිදු කොට මුහම්මද් වෙත පහළ කරනු ලැබූ දෑ එය ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යයකි යැයි විශ්වාස කළවුන් වනාහි ඔවුන්ගේ පාපයන් ඔවුන්ගෙන් ඔහු ඉවත් කරයි. තවද ඔවුන්ගේ තත්ත්වය ඔහු විධිමත් කර දෙයි.

### الآية 47:3

> ﻿ذَٰلِكَ بِأَنَّ الَّذِينَ كَفَرُوا اتَّبَعُوا الْبَاطِلَ وَأَنَّ الَّذِينَ آمَنُوا اتَّبَعُوا الْحَقَّ مِنْ رَبِّهِمْ ۚ كَذَٰلِكَ يَضْرِبُ اللَّهُ لِلنَّاسِ أَمْثَالَهُمْ [47:3]

එයට හේතුව නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කළවුන් නිෂ්ඵල දෑ අනුගමනය කළ බැවින් හා විශ්වාස කළවුන් ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සත්‍යය අනුගමනය කළ බැවිණි. මිනිසුනට ඔවුන්ගේ උපමාවන් අල්ලාහ් ගෙන හැර පානුයේ එලෙසය.

### الآية 47:4

> ﻿فَإِذَا لَقِيتُمُ الَّذِينَ كَفَرُوا فَضَرْبَ الرِّقَابِ حَتَّىٰ إِذَا أَثْخَنْتُمُوهُمْ فَشُدُّوا الْوَثَاقَ فَإِمَّا مَنًّا بَعْدُ وَإِمَّا فِدَاءً حَتَّىٰ تَضَعَ الْحَرْبُ أَوْزَارَهَا ۚ ذَٰلِكَ وَلَوْ يَشَاءُ اللَّهُ لَانْتَصَرَ مِنْهُمْ وَلَٰكِنْ لِيَبْلُوَ بَعْضَكُمْ بِبَعْضٍ ۗ وَالَّذِينَ قُتِلُوا فِي سَبِيلِ اللَّهِ فَلَنْ يُضِلَّ أَعْمَالَهُمْ [47:4]

එහෙයින් ප්‍රතික්ෂේප කළවුන් නුඹලා (යුද බිමේ) හමු වූ විට (ඔවුන්ගේ) ගෙලවල් වෙතට පහර දෙනු. අවසානයේ නුඹලා ඔවුන් අභිභවනය කර ගත් විට යුද්ධය තම ආයුධ බිම තබන තෙක් (ඔවුන්) ග්‍රහණය කිරීම නුඹලා තදින්ම සිදු කරනු. එය පසු අනුග්‍රහ දැක්වීමක් හෝ වන්දි ලබා ගැනීමක් විය හැක. මෙය (අල්ලාහ්ගේ නියෝගය) වේ. අල්ලාහ් අභිමත කරන්නේ නම් ඔවුන්ගෙන් ඔහුම විපාකඵලය ගනු ඇත. නමුත් (ඔහු එසේ සිදු නොකළේ) නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු විසින් ඔහු පරීක්ෂාවට පත් කරනු පිණිසය. තවද අල්ලාහ්ගේ මාර්ගයේ ඝාතනය කරනු ලැබූවන් වනාහි ඔවුන්ගේ ක්‍රියාවන් අහිමි වී යන්නට ඔහු ඉඩ හරින්නේ නැත.

### الآية 47:5

> ﻿سَيَهْدِيهِمْ وَيُصْلِحُ بَالَهُمْ [47:5]

ඔහු ඔවුනට මතු මග පෙන්වනු ඇත. තවද ඔවුන්ගේ තත්ත්වයන් ඔහු විධිමත් කරනු ඇත.

### الآية 47:6

> ﻿وَيُدْخِلُهُمُ الْجَنَّةَ عَرَّفَهَا لَهُمْ [47:6]

ඔවුනට ඔහු (හඳුන්වා දී) දැනුවත් කළ (ස්වර්ග) උයනට ඔහු ඔවුන් ඇතුළත් කරනු ඇත.

### الآية 47:7

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ تَنْصُرُوا اللَّهَ يَنْصُرْكُمْ وَيُثَبِّتْ أَقْدَامَكُمْ [47:7]

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට උදව් කළේ නම් ඔහු නුඹලාට උදව් කරනු ඇත. තවද නුඹලාගේ පාද ඔහු ස්ථාවර කරනු ඇත.

### الآية 47:8

> ﻿وَالَّذِينَ كَفَرُوا فَتَعْسًا لَهُمْ وَأَضَلَّ أَعْمَالَهُمْ [47:8]

තවද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුනට විනාශයයි. තවද ඔහු ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නැතිකර දැමීය.

### الآية 47:9

> ﻿ذَٰلِكَ بِأَنَّهُمْ كَرِهُوا مَا أَنْزَلَ اللَّهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ [47:9]

එය නියත වශයෙන්ම ඔවුහු අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළ බැවිනි. එහෙයින් අල්ලාහ් ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කළේය.

### الآية 47:10

> ﻿۞ أَفَلَمْ يَسِيرُوا فِي الْأَرْضِ فَيَنْظُرُوا كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ دَمَّرَ اللَّهُ عَلَيْهِمْ ۖ وَلِلْكَافِرِينَ أَمْثَالُهَا [47:10]

මහපොළොවේ ගමන් කර ඔවුනට පෙර සිටියවුන්ගේ අවසානය කෙසේ වී දැයි ඔවුහු අධීක්ෂණයෙන් නොබලන්නෝද? අල්ලාහ් ඔවුන් මුළුමණින්ම විනාශ කළේය. තවද දේව ප්‍රතික්ෂේපකයින්ට ද ඒ හා සමානය.

### الآية 47:11

> ﻿ذَٰلِكَ بِأَنَّ اللَّهَ مَوْلَى الَّذِينَ آمَنُوا وَأَنَّ الْكَافِرِينَ لَا مَوْلَىٰ لَهُمْ [47:11]

එය, විශ්වාස කළවුන්ගේ ආරක්ෂකයා නියත වශයෙන්ම අල්ලාහ් වන බැවින් ද නියත වශයෙන්ම දේව ප්‍රතික්ෂේපකයින්ට ආරක්ෂකයකු නැති බැවින් ද වේ.

### الآية 47:12

> ﻿إِنَّ اللَّهَ يُدْخِلُ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۖ وَالَّذِينَ كَفَرُوا يَتَمَتَّعُونَ وَيَأْكُلُونَ كَمَا تَأْكُلُ الْأَنْعَامُ وَالنَّارُ مَثْوًى لَهُمْ [47:12]

විශ්වාස කොට යහකම් කළවුන්, ඒවාට පහළින් ගංගා ගලා බස්නා (ස්වර්ග) උයන් වලට නියත වශයෙන්ම අල්ලාහ් ඇතුළත් කරයි. තවද ප්‍රතික්ෂේප කළවුන් වන ඔවුහු (දඬුවම) භුක්ති විඳිති. තවද (මොලොව භුක්ති විඳින්නන්) ගොවිපළ සතුන් අනුභව කරන්නාක් මෙන් අනුභව කරති. තවද (නිරා) ගින්න ඔවුනට හිමි නවාතැනයි.

### الآية 47:13

> ﻿وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ هِيَ أَشَدُّ قُوَّةً مِنْ قَرْيَتِكَ الَّتِي أَخْرَجَتْكَ أَهْلَكْنَاهُمْ فَلَا نَاصِرَ لَهُمْ [47:13]

නුඹ ව පිටමං කළ ඔබේ ගම්මානයට වඩා, වඩාත් බලවත් වූ ගම්මාන කොපමණක් අපි විනාශ කළෙමුද? එවිට ඔවුනට කිසිදු උදව්කරුවෙකු නොවීය.

### الآية 47:14

> ﻿أَفَمَنْ كَانَ عَلَىٰ بَيِّنَةٍ مِنْ رَبِّهِ كَمَنْ زُيِّنَ لَهُ سُوءُ عَمَلِهِ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ [47:14]

තම පරමාධිපතිගෙන් වූ පැහැදිලි සාධක මත සිටින්නා තම නපුරු ක්‍රියාව ඔහුට අලංකාර කර පෙන්වනු ලැබ තම ආශාවන් අනුගමනය කළ අය මෙන් ද?

### الآية 47:15

> ﻿مَثَلُ الْجَنَّةِ الَّتِي وُعِدَ الْمُتَّقُونَ ۖ فِيهَا أَنْهَارٌ مِنْ مَاءٍ غَيْرِ آسِنٍ وَأَنْهَارٌ مِنْ لَبَنٍ لَمْ يَتَغَيَّرْ طَعْمُهُ وَأَنْهَارٌ مِنْ خَمْرٍ لَذَّةٍ لِلشَّارِبِينَ وَأَنْهَارٌ مِنْ عَسَلٍ مُصَفًّى ۖ وَلَهُمْ فِيهَا مِنْ كُلِّ الثَّمَرَاتِ وَمَغْفِرَةٌ مِنْ رَبِّهِمْ ۖ كَمَنْ هُوَ خَالِدٌ فِي النَّارِ وَسُقُوا مَاءً حَمِيمًا فَقَطَّعَ أَمْعَاءَهُمْ [47:15]

බිය බැතිමතුන්හට ප්‍රතිඥා දෙනු ලැබූ ස්වර්ගයේ ස්වභාවය පල් නොවන ජලයෙන් යුත් ගංගා ද එහි රසය වෙනස් නොවන කිරි පානයෙන් යුත් ගංගා ද පානය කරන්නන්හට රසවත් මුද්‍රිකපානයෙන් යුත් ගංගා ද පිරිසිදු කරන ලද මී පැණියෙන් යුත් ගංගා ද ඇත. තවද ඔවුනට එහි සියලු පලතුරු ද ඔවුන්ගේ පරමාධිපතිගෙන් වූ සමාව ද ඇත. ඔහු (නිරා) ගින්නේ සදාතනිකයෙකු මෙන් ද? තවද (එවන් නිරාවාසීන් වන) ඔවුනට ලෝ දිය පොවනු ලැබේ. එවිට එය ඔවුන්ගේ බඩවැල් කැබලි කරයි.

### الآية 47:16

> ﻿وَمِنْهُمْ مَنْ يَسْتَمِعُ إِلَيْكَ حَتَّىٰ إِذَا خَرَجُوا مِنْ عِنْدِكَ قَالُوا لِلَّذِينَ أُوتُوا الْعِلْمَ مَاذَا قَالَ آنِفًا ۚ أُولَٰئِكَ الَّذِينَ طَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ وَاتَّبَعُوا أَهْوَاءَهُمْ [47:16]

තවද ඔවුන් අතුරින් නුඹ වෙත සවන් දෙන්නන් ද වෙති. නුඹ වෙතින් ඔවුන් පිට ව ගිය විට මොහු මොහොතකට පෙර කුමක් පැවසුවේ දැ?යි ඥානය දෙනු ලැබූවනට ඔවුහු (සමච්චලයෙන් යුතු ව) විමසති. තම හදවත් මත අල්ලාහ් මුද්‍රා තැබූ හා තම ආශාවන් අනුගමනය කළවුන් මොවුහුමය.

### الآية 47:17

> ﻿وَالَّذِينَ اهْتَدَوْا زَادَهُمْ هُدًى وَآتَاهُمْ تَقْوَاهُمْ [47:17]

තවද යහමග ලැබූවන් වන ඔවුන්හට ඔහු යහමග අධික කළේය. තවද ඔහු ඔවුනට ඔවුන්ගේ බිය බැතිමත්කම පිරිනමනු ඇත.

### الآية 47:18

> ﻿فَهَلْ يَنْظُرُونَ إِلَّا السَّاعَةَ أَنْ تَأْتِيَهُمْ بَغْتَةً ۖ فَقَدْ جَاءَ أَشْرَاطُهَا ۚ فَأَنَّىٰ لَهُمْ إِذَا جَاءَتْهُمْ ذِكْرَاهُمْ [47:18]

අවසන් හෝරාව එසැණින් ඔවුන් වෙත පැමිණීම මිස වෙනෙකක් ඔවුහු බලාපොරොත්තු වන්නෙහු ද? සැබැවින්ම එහි සලකුණු පැමිණ ඇත. එසේ නම් ඔවුන් වෙත ඔවුන්ගේ උපදෙස පැමිණි විට කෙසේ නම් ඔවුනට (ඵලක්) වෙත් ද?

### الآية 47:19

> ﻿فَاعْلَمْ أَنَّهُ لَا إِلَٰهَ إِلَّا اللَّهُ وَاسْتَغْفِرْ لِذَنْبِكَ وَلِلْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ۗ وَاللَّهُ يَعْلَمُ مُتَقَلَّبَكُمْ وَمَثْوَاكُمْ [47:19]

එහෙයින් දැන ගනු. නියත වශයෙන්ම අල්ලාහ් හැර වෙනත් දෙවිඳෙකු නැත. ඔබේ පාපයන්ටත් දේව විශ්වාසකරන්නන් හා දේව විශ්වාසකරන්නියන්හටත් සමාව අයැදිනු. තවද අල්ලාහ් නුඹලාගේ සංචලනය හා නුඹලාගේ නවාතැන දනී.

### الآية 47:20

> ﻿وَيَقُولُ الَّذِينَ آمَنُوا لَوْلَا نُزِّلَتْ سُورَةٌ ۖ فَإِذَا أُنْزِلَتْ سُورَةٌ مُحْكَمَةٌ وَذُكِرَ فِيهَا الْقِتَالُ ۙ رَأَيْتَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ يَنْظُرُونَ إِلَيْكَ نَظَرَ الْمَغْشِيِّ عَلَيْهِ مِنَ الْمَوْتِ ۖ فَأَوْلَىٰ لَهُمْ [47:20]

(යුද්ධය සම්බන්ධ ව) සූරතයක් (පරිච්ඡේදයක්) පහළ කරනු ලැබිය යුතු නොවේ දැ?යි විශ්වාස කළවුන් විමසති. නමුත් තීරණාත්මක සූරතයක් පහළ කරනු ලැබ එහි යුද්ධය සම්බන්ධ ව සඳහන් කරනු ලැබූ විට තම හදවත් තුළ රෝග ඇත්තවුන් මරණය තමන් වෙත වෙළා ගත් කෙනෙකු සිහි නැතිවී බලන්නාක් මෙන් නුඹ වෙත ඔවුහු බලති. එහෙයින් ඔවුනට (විනාශය) වඩාත් යෝග්‍යය.

### الآية 47:21

> ﻿طَاعَةٌ وَقَوْلٌ مَعْرُوفٌ ۚ فَإِذَا عَزَمَ الْأَمْرُ فَلَوْ صَدَقُوا اللَّهَ لَكَانَ خَيْرًا لَهُمْ [47:21]

(නබිවරය!) අවනතභාවය හා යහපත් ප්‍රකාශය ඔවුනට සුදුසුය. එහෙයින් (යුද්ධය පිළිබඳව) එම නියෝග ස්ථීර වූ විට ඔවුන් අල්ලාහ් ට සැබෑ වන්නේ නම් එය ඔවුනට යහපත් වනු ඇත.

### الآية 47:22

> ﻿فَهَلْ عَسَيْتُمْ إِنْ تَوَلَّيْتُمْ أَنْ تُفْسِدُوا فِي الْأَرْضِ وَتُقَطِّعُوا أَرْحَامَكُمْ [47:22]

නුඹලාට (යුද්ධය) පිටුපෑමට බලය දෙනු ලැබුවේ නම්, මහපොළොවේ නුඹලා කලහකම් සිදු කොට නුඹලාගේ ඥාතී සම්බන්ධකම් බිඳ හෙළන්නට තැත් කරන්නෙහු ද?

### الآية 47:23

> ﻿أُولَٰئِكَ الَّذِينَ لَعَنَهُمُ اللَّهُ فَأَصَمَّهُمْ وَأَعْمَىٰ أَبْصَارَهُمْ [47:23]

අල්ලාහ් ශාප කළවුන් ඔවුහුමය. එවිට ඔහු ඔවුනට බිහිරිභාවය ඇති කළේය. තවද ඔවුන්ගේ දෘෂ්ටිය අන්ධභාවයට පත් කළේය.

### الآية 47:24

> ﻿أَفَلَا يَتَدَبَّرُونَ الْقُرْآنَ أَمْ عَلَىٰ قُلُوبٍ أَقْفَالُهَا [47:24]

එහෙයින් ඔවුන් අල් කුර්ආනය පරිශීලනය නොකරන්නෝ ද? එසේ නැතහොත් (ඔවුන්ගේ) හදවත් මත එහි අගුල් ද?

### الآية 47:25

> ﻿إِنَّ الَّذِينَ ارْتَدُّوا عَلَىٰ أَدْبَارِهِمْ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَى ۙ الشَّيْطَانُ سَوَّلَ لَهُمْ وَأَمْلَىٰ لَهُمْ [47:25]

ඔවුනට මග පෙන්වීම පැහැදිලි වූ පසු ව නියත වශයෙන්ම ඔවුන්ගේ පසුපස මත හැරී ගියවුන් වනාහි ෂෙයිතාන් (එසේ හැරී යාම) ඔවුනට අලංකාර කළේය. තවද ඔහු ඔවුනට මනෝ ආශාවන් ඇති කළේය.

### الآية 47:26

> ﻿ذَٰلِكَ بِأَنَّهُمْ قَالُوا لِلَّذِينَ كَرِهُوا مَا نَزَّلَ اللَّهُ سَنُطِيعُكُمْ فِي بَعْضِ الْأَمْرِ ۖ وَاللَّهُ يَعْلَمُ إِسْرَارَهُمْ [47:26]

එය අල්ලාහ් පහළ කළ දෑ පිළිකුල් කළවුනට(මේ) කරුණු අතුරින් ඇතැම් දෑහි අපි නුඹලාට අවනත වන්නෙමු යැයි නියත වශයෙන්ම ඔවුන් පැවසූ හේතුවෙනි. තවද අල්ලාහ් ඔවුන්ගේ රහස් දනී.

### الآية 47:27

> ﻿فَكَيْفَ إِذَا تَوَفَّتْهُمُ الْمَلَائِكَةُ يَضْرِبُونَ وُجُوهَهُمْ وَأَدْبَارَهُمْ [47:27]

නමුත් ඔවුන්ගේ මුහුණු වලට හා පිටවල් වලට පහර දෙමින් මලක්වරුන් ඔවුන්(ගේ ප්‍රාණය) අත්පත් කර ගන්නා විට කෙසේ වීද?

### الآية 47:28

> ﻿ذَٰلِكَ بِأَنَّهُمُ اتَّبَعُوا مَا أَسْخَطَ اللَّهَ وَكَرِهُوا رِضْوَانَهُ فَأَحْبَطَ أَعْمَالَهُمْ [47:28]

මෙයට හේතුව එය නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ් කෝප කරවන දෑ අනුගමනය කොට ඔහුගේ තෘප්තිය ඔවුන් පිළිකුල් කිරිමය. එහෙයින් ඔවුන්ගේ ක්‍රියාවන් ඔහු නිෂ්ඵල කළේය.

### الآية 47:29

> ﻿أَمْ حَسِبَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ أَنْ لَنْ يُخْرِجَ اللَّهُ أَضْغَانَهُمْ [47:29]

එසේ නැතහොත් ඔවුන්ගේ ක්‍රෝධය අල්ලාහ් හෙළි නොකරන්නේම යැයි හදවත් තුළ රෝග ඇත්තවුන් සිතුවේ ද?

### الآية 47:30

> ﻿وَلَوْ نَشَاءُ لَأَرَيْنَاكَهُمْ فَلَعَرَفْتَهُمْ بِسِيمَاهُمْ ۚ وَلَتَعْرِفَنَّهُمْ فِي لَحْنِ الْقَوْلِ ۚ وَاللَّهُ يَعْلَمُ أَعْمَالَكُمْ [47:30]

තවද අප අභිමත කරන්නේ නම් අපි නුඹට ඔවුන් පෙන්වන්නට තිබුණි. එවිට නුඹ ඔවුන්ගේ සලකුණු මගින් හඳුනා ගනු ඇත. සැබැවින්ම කතා විලාසයෙන් නුඹ ඔවුන් හඳුනා ගන්නට පුළුවන. තවද නුඹලාගේ ක්‍රියාවන් අල්ලාහ් දනී.

### الآية 47:31

> ﻿وَلَنَبْلُوَنَّكُمْ حَتَّىٰ نَعْلَمَ الْمُجَاهِدِينَ مِنْكُمْ وَالصَّابِرِينَ وَنَبْلُوَ أَخْبَارَكُمْ [47:31]

තවද නුඹලා අතුරින් කැපවන්නන් හා ඉවසිලිවන්තයින් අප හඳුනා ගනු පිණිසත් නුඹලාගේ තොරතුරු අප පරීක්ෂා කරනු පිණිසත් නියත වශයෙන්ම අපි නුඹලා පරීක්ෂාවට ලක් කරන්නෙමු.

### الآية 47:32

> ﻿إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ وَشَاقُّوا الرَّسُولَ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْهُدَىٰ لَنْ يَضُرُّوا اللَّهَ شَيْئًا وَسَيُحْبِطُ أَعْمَالَهُمْ [47:32]

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් වළක්වා, තමන්ට යහමග පැහැදිලි වූවායින් පසු ව රසූල්වරයාට විරුද්ධවන්නන් වනාහි ඔවුනට කිසිවකින් අල්ලාහ්ට හානි සිදු කළ නොහැක්කේමය. තවද ඔහු ඔවුන්ගේ ක්‍රියාවන් නිෂ්ඵල කරනු ඇත.

### الآية 47:33

> ﻿۞ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا أَطِيعُوا اللَّهَ وَأَطِيعُوا الرَّسُولَ وَلَا تُبْطِلُوا أَعْمَالَكُمْ [47:33]

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට අවනත වනු. තවද රසූල්වරයාට ද අවනත වනු. තවද නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල කර නොගනු.

### الآية 47:34

> ﻿إِنَّ الَّذِينَ كَفَرُوا وَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ ثُمَّ مَاتُوا وَهُمْ كُفَّارٌ فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ [47:34]

නියත වශයෙන්ම ප්‍රතික්ෂේප කොට, අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළක්වා, පසු ව ප්‍රතික්ෂේපකයින් ලෙසින්ම මිය යන්නන් වන ඔවුනට අල්ලාහ් සමාව නොදෙන්නේමය.

### الآية 47:35

> ﻿فَلَا تَهِنُوا وَتَدْعُوا إِلَى السَّلْمِ وَأَنْتُمُ الْأَعْلَوْنَ وَاللَّهُ مَعَكُمْ وَلَنْ يَتِرَكُمْ أَعْمَالَكُمْ [47:35]

එහෙයින් නුඹලා අධෛර්යමත්ව බිය සුළු වී සාමය වෙත ඇරයුම් නොකරනු. නුඹලාය උසස් වනුයේ. තවද අල්ලාහ් නුඹලා සමගය. නුඹලාගේ ක්‍රියාවන් ඔහු නුඹලාට අහිමි නොකරන්නේමය.

### الآية 47:36

> ﻿إِنَّمَا الْحَيَاةُ الدُّنْيَا لَعِبٌ وَلَهْوٌ ۚ وَإِنْ تُؤْمِنُوا وَتَتَّقُوا يُؤْتِكُمْ أُجُورَكُمْ وَلَا يَسْأَلْكُمْ أَمْوَالَكُمْ [47:36]

නියත වශයෙන්ම මෙලොව ජීවිතය කෙළි දොළකි, විනෝදයකි. තවද නුඹලා විශ්වාස කර, බිය බැතිමත් වන්නෙහු නම් නුඹලාගේ කුලිය ඔහු නුඹලාට පිරිනමනු ඇත. තවද නුඹලාගේ ධනය ඔහු නුඹලාගෙන් ඉල්ලා නොසිටියි.

### الآية 47:37

> ﻿إِنْ يَسْأَلْكُمُوهَا فَيُحْفِكُمْ تَبْخَلُوا وَيُخْرِجْ أَضْغَانَكُمْ [47:37]

ඔහු නුඹලාගෙන් එය ඉල්ලා බල කරන්නේ නම් නුඹලා මසුරු වන්නෙහුය. තවද නුඹලාගේ ක්‍රෝධයන් ඔහු හෙළි කරන්නේය.

### الآية 47:38

> ﻿هَا أَنْتُمْ هَٰؤُلَاءِ تُدْعَوْنَ لِتُنْفِقُوا فِي سَبِيلِ اللَّهِ فَمِنْكُمْ مَنْ يَبْخَلُ ۖ وَمَنْ يَبْخَلْ فَإِنَّمَا يَبْخَلُ عَنْ نَفْسِهِ ۚ وَاللَّهُ الْغَنِيُّ وَأَنْتُمُ الْفُقَرَاءُ ۚ وَإِنْ تَتَوَلَّوْا يَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ ثُمَّ لَا يَكُونُوا أَمْثَالَكُمْ [47:38]

අහෝ! මෙන්න! නුඹලා අල්ලාහ්ගේ මාර්ගයේ වියදම් කරනු පිණිස නුඹලා ඇරයුම් කරනු ලැබුවන්ය. එහෙත් නුඹලා අතුරින් මසුරු වන්නන්ද වෙති. තවද කවරෙකු මසුරු වන්නේද එසේ ඔහු මසුරු වනුයේ ඔහු වෙනුවෙනි. නමුත් අල්ලාහ් අවශ්‍යතාවෙන් තොරය. තවද නුඹලා දිළින්දෝය. තවද නුඹලා පිටු පා යන්නේ නම් (නුඹලා වෙනුවට) නුඹලා හැර වෙනත් පිරිසක් ඔහු පත් කරනු ඇත. එවිට ඔවුහු නුඹලා මෙන් නොවනු ඇත.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/47.md)
- [كل تفاسير سورة محمد
](https://quranpedia.net/surah-tafsir/47.md)
- [ترجمات سورة محمد
](https://quranpedia.net/translations/47.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/47/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
