---
title: "ترجمة سورة الحجرات - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/49/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/49/book/1993"
surah_id: "49"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة الحجرات - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/49/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الحجرات - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/49/book/1993*.

Translation of Surah الحجرات from "الترجمة السنهالية" in السنهالية.

### الآية 49:1

> يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تُقَدِّمُوا بَيْنَ يَدَيِ اللَّهِ وَرَسُولِهِ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ سَمِيعٌ عَلِيمٌ [49:1]

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඉදිරියේ අබිබවා නොයනු. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.

### الآية 49:2

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَرْفَعُوا أَصْوَاتَكُمْ فَوْقَ صَوْتِ النَّبِيِّ وَلَا تَجْهَرُوا لَهُ بِالْقَوْلِ كَجَهْرِ بَعْضِكُمْ لِبَعْضٍ أَنْ تَحْبَطَ أَعْمَالُكُمْ وَأَنْتُمْ لَا تَشْعُرُونَ [49:2]

අහෝ විශ්වාස කළවුනි! නුඹලාගේ හඬවල් නබිවරයාගේ හඬට වඩා වැඩි නොකරනු. නුඹලා ඇතැමෙකු ඇතැමෙකුට සැරෙන් කතා කරනවාක් මෙන් ඔහුට හඬා නගා සැරෙන් කතා නොකරනු. එවිට නුඹලා නොදැනුවත්වම නුඹලාගේ ක්‍රියාවන් නිෂ්ඵල වී යනු ඇත.

### الآية 49:3

> ﻿إِنَّ الَّذِينَ يَغُضُّونَ أَصْوَاتَهُمْ عِنْدَ رَسُولِ اللَّهِ أُولَٰئِكَ الَّذِينَ امْتَحَنَ اللَّهُ قُلُوبَهُمْ لِلتَّقْوَىٰ ۚ لَهُمْ مَغْفِرَةٌ وَأَجْرٌ عَظِيمٌ [49:3]

නියත වශයෙන්ම අල්ලාහ්ගේ දූතයාණන් අබියස ඔවුන්ගේ හඬ පහත් කරන්නන් වනාහි තම හදවත් බිය බැතිමත්භාවය සඳහා පරීක්ෂාවට ලක් කළවුන් ඔවුහුමය. ඔවුනට සමාව හා මහත් වූ ප්‍රතිඵල ඇත.

### الآية 49:4

> ﻿إِنَّ الَّذِينَ يُنَادُونَكَ مِنْ وَرَاءِ الْحُجُرَاتِ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ [49:4]

නියත වශයෙන්ම නවාතැන් වලට පසුපසින් සිට නුඹ ව අමතන්නන් වනාහි ඔවුන්ගෙන් බහුතරයක් දෙනා වටහා නොගනිති.

### الآية 49:5

> ﻿وَلَوْ أَنَّهُمْ صَبَرُوا حَتَّىٰ تَخْرُجَ إِلَيْهِمْ لَكَانَ خَيْرًا لَهُمْ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ [49:5]

තවද නුඹ ඔවුන් වෙත (නිවසින්) බැහැර ව පැමිණෙන තෙක් නියත වශයෙන්ම ඔවුන් ඉවසා සිටියේ නම් එය ඔවුනට යහපත් වනු ඇත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය.

### الآية 49:6

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنْ جَاءَكُمْ فَاسِقٌ بِنَبَإٍ فَتَبَيَّنُوا أَنْ تُصِيبُوا قَوْمًا بِجَهَالَةٍ فَتُصْبِحُوا عَلَىٰ مَا فَعَلْتُمْ نَادِمِينَ [49:6]

අහෝ විශ්වාස කළවුනි! නුඹලා වෙත පාපියෙකු පුවතක් ගෙන ආවේ නම්, නොදැනුවත් ලෙසින් නුඹලා පිරිසකට හානියක් සිදු කොට පසු ව නුඹලා සිදු කළ දෑ ගැන පසුතැවිලිවන්නන් බවට පත් නොවනු පිණිස, නුඹලා (එය) පැහැදිලි කර ගනු.

### الآية 49:7

> ﻿وَاعْلَمُوا أَنَّ فِيكُمْ رَسُولَ اللَّهِ ۚ لَوْ يُطِيعُكُمْ فِي كَثِيرٍ مِنَ الْأَمْرِ لَعَنِتُّمْ وَلَٰكِنَّ اللَّهَ حَبَّبَ إِلَيْكُمُ الْإِيمَانَ وَزَيَّنَهُ فِي قُلُوبِكُمْ وَكَرَّهَ إِلَيْكُمُ الْكُفْرَ وَالْفُسُوقَ وَالْعِصْيَانَ ۚ أُولَٰئِكَ هُمُ الرَّاشِدُونَ [49:7]

තවද නියත වශයෙන්ම නුඹලා අතර අල්ලාහ්ගේ දූතයාණන් සිටින බව දැන ගනු. කරුණු බොහෝමයක ඔහු නුඹලාට අවනත වූයේ නම් නුඹලා පීඩාවට ගොදුරු වනු ඇත. එනමුත් නුඹලා වෙත අල්ලාහ් දේව විශ්වාසය පිළිබඳ කැමැත්ත ඇති කළේය. තවද එය නුඹලාගේ හදවත් තුළ අලංකාරවත් කළේය. තවද නුඹලා වෙත දේව ප්‍රතික්ෂේපය, පාපකම හා පිටුපෑම ඔහු පිළිකුල් කෙරෙව්වේය. යහමග සිටින්නෝ ඔවුහුමය.

### الآية 49:8

> ﻿فَضْلًا مِنَ اللَّهِ وَنِعْمَةً ۚ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ [49:8]

(එය) අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහයක් හා ආශිර්වාදයක් වශයෙනි. තවද අල්ලාහ් සියුම් ඥානය ඇති සර්ව ඥානීය.

### الآية 49:9

> ﻿وَإِنْ طَائِفَتَانِ مِنَ الْمُؤْمِنِينَ اقْتَتَلُوا فَأَصْلِحُوا بَيْنَهُمَا ۖ فَإِنْ بَغَتْ إِحْدَاهُمَا عَلَى الْأُخْرَىٰ فَقَاتِلُوا الَّتِي تَبْغِي حَتَّىٰ تَفِيءَ إِلَىٰ أَمْرِ اللَّهِ ۚ فَإِنْ فَاءَتْ فَأَصْلِحُوا بَيْنَهُمَا بِالْعَدْلِ وَأَقْسِطُوا ۖ إِنَّ اللَّهَ يُحِبُّ الْمُقْسِطِينَ [49:9]

දේව විශ්වාසවන්තයින් අතුරින් දෙපිරිසක් සටන් ඇරඹුවේ නම්, ඒ දෙක අතර නුඹ සමාදානය ඇති කරනු. ඒ දෙපිරිසෙන් එකක් අනෙකා මත සීමාව ඉක්මවා කටයුතු කළේ නම් අල්ලාහ්ගේ නියෝගය වෙත නැඹුරු වන තෙක් සීමාව ඉක්මවා ගියවුන්ට එරෙහිව නුඹලා සටන් කරනු. නමුත් එය එකඟ වූයේ නම් ඒ දෙපිරිස අතර සාධාරණ ලෙසින් සමථය කරනු. තවද නුඹලා යුක්ති ගරුක ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් යුක්තිගරුක ව කටයුතු කරන්නන් ප්‍රිය කරනු ඇත.

### الآية 49:10

> ﻿إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ ۚ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ [49:10]

නියත වශයෙන්ම දේව විශ්වාසවන්තයෝ සහෝදරයෝය. එහෙයින් නුඹලාගේ (විවාද කරන) සහෝදරයින් අතර සමථය කරනු. තවද නුඹලා කරුණාව ලැබිය හැකි වනු පිණිස. අල්ලාහ්ට බිය බැතිමත් වනු.

### الآية 49:11

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا يَسْخَرْ قَوْمٌ مِنْ قَوْمٍ عَسَىٰ أَنْ يَكُونُوا خَيْرًا مِنْهُمْ وَلَا نِسَاءٌ مِنْ نِسَاءٍ عَسَىٰ أَنْ يَكُنَّ خَيْرًا مِنْهُنَّ ۖ وَلَا تَلْمِزُوا أَنْفُسَكُمْ وَلَا تَنَابَزُوا بِالْأَلْقَابِ ۖ بِئْسَ الِاسْمُ الْفُسُوقُ بَعْدَ الْإِيمَانِ ۚ وَمَنْ لَمْ يَتُبْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ [49:11]

අහෝ විශ්වාස කළවුනි! පිරිසක් තවත් පිරිසක් ගැන පරිහාසය නොකරනු. ඔවුන් මොවුනට වඩා යහපත් විය හැක. එමෙන්ම කාන්තාවෝ ද කාන්තාවන් ගැන පරිහාසය නොකරනු. ඔවුන් මොවුනට වඩා හොඳ විය හැක. තවද නුඹලා අපහාස නොකරනු. තවද පටබැඳි නම් වලින් නුඹලා එකිනෙකා ආමන්ත්‍රණය නොකරනු. දේව විශ්වාසයෙන් පසු ව එවන් පාපතර නාමයන් (පවසා ඇමතීම) නපුරුය. තවද කවරෙකු පාප සමාව අයැද නොසිටියේද එවිට ඔවුහුමය අපරාධකරුවෝ.

### الآية 49:12

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ ۖ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَبْ بَعْضُكُمْ بَعْضًا ۚ أَيُحِبُّ أَحَدُكُمْ أَنْ يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ ۚ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ تَوَّابٌ رَحِيمٌ [49:12]

අහෝ විශ්වාස කළවුනි! අනුමානව සිතීම බොහෝමයකින් නුඹලා වැළකී සිටිනු. නියත වශයෙන්ම ඇතැම් අනුමාන කිරීම පාපයකි. තවද නුඹලා ඔත්තු නොසොයනු. තවද නුඹලාගෙන් ඇතැමෙක් ඇතැමෙකු ගැන කේලාම් නොකිව යුතුය. නුඹලා අතුරින් කිසිවෙකු හෝ මිය ගිය තම සහෝදරයාගේ මාංශ අනුභව කිරීමට ප්‍රිය කරන්නේ ද? නමුත් නුඹලා එය පිළිකුල් කරන්නෙහුය. තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා මහා කරුණාන්විතය.

### الآية 49:13

> ﻿يَا أَيُّهَا النَّاسُ إِنَّا خَلَقْنَاكُمْ مِنْ ذَكَرٍ وَأُنْثَىٰ وَجَعَلْنَاكُمْ شُعُوبًا وَقَبَائِلَ لِتَعَارَفُوا ۚ إِنَّ أَكْرَمَكُمْ عِنْدَ اللَّهِ أَتْقَاكُمْ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ خَبِيرٌ [49:13]

අහෝ මිනිසුනි! නියත වශයෙන්ම අපි පිරිමියකුගෙන් හා කාන්තාවකගෙන් නුඹලා ව මවා ඇත්තෙමු. තවද නුඹලා එකිනෙකා හඳුනා ගනු පිණිස ඔහු නුඹලා විවධ ජනවාර්ගිකයින් හා ගෝත්‍රිකයින් බවට පත් කළේය. නියත වශයෙන්ම අල්ලාහ් අබියස නුඹලාගෙන් වඩාත් උතුම් වනුයේ නුඹලා අතුරින් වඩාත් බියබැතිමත් වූවන්ය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. අභිඥානවන්තය.

### الآية 49:14

> ﻿۞ قَالَتِ الْأَعْرَابُ آمَنَّا ۖ قُلْ لَمْ تُؤْمِنُوا وَلَٰكِنْ قُولُوا أَسْلَمْنَا وَلَمَّا يَدْخُلِ الْإِيمَانُ فِي قُلُوبِكُمْ ۖ وَإِنْ تُطِيعُوا اللَّهَ وَرَسُولَهُ لَا يَلِتْكُمْ مِنْ أَعْمَالِكُمْ شَيْئًا ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ [49:14]

“අපි විශ්වාස කළෙමු” යැයි ගැමි අරාබිවරුන් පැවසූහ. “නුඹලා විශ්වාස නොකළේමය. නමුත් අපි අවනත වූයෙමු යැයි නුඹලා පවසනු. නුඹලාගේ සිත් තුළට දේව විශ්වාසය ඇතුළු වූයේ නැත. තවද නුඹලා අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වන්නෙහු නම් නුඹලාගේ ක්‍රියාවන්ගෙන් කිසිවක් ඔහු අඩු නොකරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහාකරුණාන්විතය.”

### الآية 49:15

> ﻿إِنَّمَا الْمُؤْمِنُونَ الَّذِينَ آمَنُوا بِاللَّهِ وَرَسُولِهِ ثُمَّ لَمْ يَرْتَابُوا وَجَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ ۚ أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ [49:15]

නියත වශයෙන්ම දේව විශ්වාසීන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ගැන විශ්වාස කොට පසු ව (ඒ ගැන) සැක නොකර තම ධනය හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කළවුන් වෙති. ඔවුහුමය සත්‍යවාදීහු.

### الآية 49:16

> ﻿قُلْ أَتُعَلِّمُونَ اللَّهَ بِدِينِكُمْ وَاللَّهُ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۚ وَاللَّهُ بِكُلِّ شَيْءٍ عَلِيمٌ [49:16]

“නුඹලාගේ දහම නුඹලා අල්ලාහ්ට උගන්වන්නෙහු දැ”යි (නබිවරය) නුඹ විමසනු. තවද අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ දනී. තවද අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්වඥය.

### الآية 49:17

> ﻿يَمُنُّونَ عَلَيْكَ أَنْ أَسْلَمُوا ۖ قُلْ لَا تَمُنُّوا عَلَيَّ إِسْلَامَكُمْ ۖ بَلِ اللَّهُ يَمُنُّ عَلَيْكُمْ أَنْ هَدَاكُمْ لِلْإِيمَانِ إِنْ كُنْتُمْ صَادِقِينَ [49:17]

(නබිවරය,) ඔවුන් ඉස්ලාමය වැලඳ ගැනීම නුඹ වෙත කරන උපකාරයක් ලෙස ඔවුහු සලකති. “නුඹලා ඉස්ලාමය වැලඳ ගැනීම නුඹලා මා වෙත කරන උපකාරයක් ලෙස නොසලකනු. නමුත් නුඹලා (කළ ප්‍රකාශයේ) සත්‍යවාදීන් නම් (දැන ගනු) දේව විශ්වාසය වෙත නුඹලාට අල්ලාහ් මග පෙන්වීමෙන් නුඹලා වෙත උපකාර කර ඇතැ”යි නුඹ පවසනු.

### الآية 49:18

> ﻿إِنَّ اللَّهَ يَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ بَصِيرٌ بِمَا تَعْمَلُونَ [49:18]

නියත වශයෙන්ම අල්ලාහ් අහස්හි හා මහපොළොවේ ගුප්ත දෑ පිළිබඳ ව දනී. තවද නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අල්ලාහ් සර්ව නිරීක්ෂකය.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/49.md)
- [كل تفاسير سورة الحجرات
](https://quranpedia.net/surah-tafsir/49.md)
- [ترجمات سورة الحجرات
](https://quranpedia.net/translations/49.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/49/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
