---
title: "ترجمة سورة النجم - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/53/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/53/book/1993"
surah_id: "53"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة النجم - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/53/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة النجم - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/53/book/1993*.

Translation of Surah النجم from "الترجمة السنهالية" in السنهالية.

### الآية 53:1

> وَالنَّجْمِ إِذَا هَوَىٰ [53:1]

තවද තරු මත දිවුරමින් එය අවරට යන විට

### الآية 53:2

> ﻿مَا ضَلَّ صَاحِبُكُمْ وَمَا غَوَىٰ [53:2]

තවද නුඹලාගේ සහචරයා මංමුළා නොවීය. තවද ඔහු නොමග නොගියේය.

### الآية 53:3

> ﻿وَمَا يَنْطِقُ عَنِ الْهَوَىٰ [53:3]

තවද ඔහු මනෝ ඉච්ඡාවෙන් කතා නොකරයි.

### الآية 53:4

> ﻿إِنْ هُوَ إِلَّا وَحْيٌ يُوحَىٰ [53:4]

එය හෙළි දරව් කරන ලද දේව පණිවිඩ මිස නැත.

### الآية 53:5

> ﻿عَلَّمَهُ شَدِيدُ الْقُوَىٰ [53:5]

අති බලවත් කෙනෙකු එය ඉගැන්වීය.

### الآية 53:6

> ﻿ذُو مِرَّةٍ فَاسْتَوَىٰ [53:6]

(ඔහු අලංකාර) පරිපූර්ණ හැඩයෙන් යුක්ත විය. තවද ඔහු (ඉහළට නැග) රැඳී සිටියේය.

### الآية 53:7

> ﻿وَهُوَ بِالْأُفُقِ الْأَعْلَىٰ [53:7]

තවද ඔහු ඉහළම ක්ෂතිජයෙහි විය.

### الآية 53:8

> ﻿ثُمَّ دَنَا فَتَدَلَّىٰ [53:8]

පසු ව ඔහු පහළට පැමිණ ළඟා විය.

### الآية 53:9

> ﻿فَكَانَ قَابَ قَوْسَيْنِ أَوْ أَدْنَىٰ [53:9]

එවිට ඔහු දුනු දෙකක දුර ප්‍රමාණයට විය. එසේ නැතහොත් ඊටත් වඩා සමීප විය.

### الآية 53:10

> ﻿فَأَوْحَىٰ إِلَىٰ عَبْدِهِ مَا أَوْحَىٰ [53:10]

එවිට තම ගැත්තාට ඔහු හෙළි කළ දේ ඔහු හෙළි කළේය.

### الآية 53:11

> ﻿مَا كَذَبَ الْفُؤَادُ مَا رَأَىٰ [53:11]

ඔහු (නබිවරයා) දුටු දෑ (ඔහුගේ) සිත බොරු නොකළේය.

### الآية 53:12

> ﻿أَفَتُمَارُونَهُ عَلَىٰ مَا يَرَىٰ [53:12]

එහෙයින් ඔහු දුටු දෑ සම්බන්ධයෙන් නුඹලා ඔහු සමග වාද කරන්නෙහු ද?

### الآية 53:13

> ﻿وَلَقَدْ رَآهُ نَزْلَةً أُخْرَىٰ [53:13]

තවද තවත් වතාවක පහළ වීමකින් ඔහු(නබිවරයා) ඔහු ව දුටුවේය.

### الآية 53:14

> ﻿عِنْدَ سِدْرَةِ الْمُنْتَهَىٰ [53:14]

සිද්රතුල් මුන්තහා (හෙවත් මායිම පිහිටි ගසක්) අබියසය.

### الآية 53:15

> ﻿عِنْدَهَا جَنَّةُ الْمَأْوَىٰ [53:15]

ඒ අබියස ජන්නතුල් මඃවා (හෙවත් ස්වර්ග උයන) විය.

### الآية 53:16

> ﻿إِذْ يَغْشَى السِّدْرَةَ مَا يَغْشَىٰ [53:16]

සිද්රා ගස ආවරණය කරන දෑ ආවරණය කරන විට.

### الآية 53:17

> ﻿مَا زَاغَ الْبَصَرُ وَمَا طَغَىٰ [53:17]

බැල්ම ඉවත් නොවීය. එසේම එය සීමාව ඉක්ම නොවීය.

### الآية 53:18

> ﻿لَقَدْ رَأَىٰ مِنْ آيَاتِ رَبِّهِ الْكُبْرَىٰ [53:18]

තම උත්තම පරමාධිපතිගේ ඉමහත් සංඥා කිහිපයක් සැබැවින්ම ඔහු දුටුවේය.

### الآية 53:19

> ﻿أَفَرَأَيْتُمُ اللَّاتَ وَالْعُزَّىٰ [53:19]

ලාත් හා උzස්zසා නුඹලා දුටුවෙහු ද?

### الآية 53:20

> ﻿وَمَنَاةَ الثَّالِثَةَ الْأُخْرَىٰ [53:20]

අනෙක් තුන්වැනියා මනාත්ය

### الآية 53:21

> ﻿أَلَكُمُ الذَّكَرُ وَلَهُ الْأُنْثَىٰ [53:21]

නුඹලාට පිරිමි(දරුව)න් හා ඔහුට ගැහැනු(දරුව)න් ද?

### الآية 53:22

> ﻿تِلْكَ إِذًا قِسْمَةٌ ضِيزَىٰ [53:22]

එවිට එය අසාධාරණ බෙදීමකි.

### الآية 53:23

> ﻿إِنْ هِيَ إِلَّا أَسْمَاءٌ سَمَّيْتُمُوهَا أَنْتُمْ وَآبَاؤُكُمْ مَا أَنْزَلَ اللَّهُ بِهَا مِنْ سُلْطَانٍ ۚ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ وَمَا تَهْوَى الْأَنْفُسُ ۖ وَلَقَدْ جَاءَهُمْ مِنْ رَبِّهِمُ الْهُدَىٰ [53:23]

ඒවා නුඹලා හා නුඹලාගේ මුතුන් මිත්තන් ඒවාට නම් තැබූ නාමයන් මිස නැත. ඒවා පිළිබඳ කිසිදු බලතල අල්ලාහ් පහළ නොකළේය. ඔවුහු අනුමානය හා සිත් ආශා කරන දෑ මිස (වෙනෙකක්) අනුගමනය නොකරති. ඔවුන්ගේ පරමාධිපතිගෙන් ඔවුන් වෙත සැබැවින්ම යහමග පැමිණ ඇත.

### الآية 53:24

> ﻿أَمْ لِلْإِنْسَانِ مَا تَمَنَّىٰ [53:24]

එසේ නැතහොත් තමන් කැමති දෑ මිනිසාට තිබේ ද?

### الآية 53:25

> ﻿فَلِلَّهِ الْآخِرَةُ وَالْأُولَىٰ [53:25]

එහෙත් මතු ලොව හා මෙලොව අල්ලාහ් සතුය.

### الآية 53:26

> ﻿۞ وَكَمْ مِنْ مَلَكٍ فِي السَّمَاوَاتِ لَا تُغْنِي شَفَاعَتُهُمْ شَيْئًا إِلَّا مِنْ بَعْدِ أَنْ يَأْذَنَ اللَّهُ لِمَنْ يَشَاءُ وَيَرْضَىٰ [53:26]

අහස්හි මලක්වරුන් කොපමණ දෙනෙක් ද? ඔවුන්ගේ මැදිහත්වීම කිසිවකින් ප්‍රයෝජනවත් නොවෙයි. තමන් අභිමත කොට පිළිගත් අයට අල්ලාහ් අනුමැතිය දීමෙන් පසු ව මිස.

### الآية 53:27

> ﻿إِنَّ الَّذِينَ لَا يُؤْمِنُونَ بِالْآخِرَةِ لَيُسَمُّونَ الْمَلَائِكَةَ تَسْمِيَةَ الْأُنْثَىٰ [53:27]

නියත වශයෙන්ම මතු ලොව පිළිබඳ විශ්වාස නොකරන්නන් මලක්වරුන්හට ගැහැනුන්ගේ නාමයෙන් නම් තබති.

### الآية 53:28

> ﻿وَمَا لَهُمْ بِهِ مِنْ عِلْمٍ ۖ إِنْ يَتَّبِعُونَ إِلَّا الظَّنَّ ۖ وَإِنَّ الظَّنَّ لَا يُغْنِي مِنَ الْحَقِّ شَيْئًا [53:28]

තවද ඒ පිළිබඳ ව ඔවුනට කිසිදු දැනුමක් නැත. ඔවුහු අනුමානය මිස වෙනත් කිසිවක් අනුගමනය නොකරති. තවද නියත වශයෙන්ම අනුමානය සත්‍යයට එරෙහිව වූ කිසිවකට ප්‍රයෝජනවත් නොවනු ඇත.

### الآية 53:29

> ﻿فَأَعْرِضْ عَنْ مَنْ تَوَلَّىٰ عَنْ ذِكْرِنَا وَلَمْ يُرِدْ إِلَّا الْحَيَاةَ الدُّنْيَا [53:29]

එහෙයින් අප මෙනෙහි කිරීමෙන් පිටුපා මෙලොව ජීවිතය හැර වෙනෙකක් අපේක්ෂා නොකරන අය ඔබ නොසලකා හරිනු.

### الآية 53:30

> ﻿ذَٰلِكَ مَبْلَغُهُمْ مِنَ الْعِلْمِ ۚ إِنَّ رَبَّكَ هُوَ أَعْلَمُ بِمَنْ ضَلَّ عَنْ سَبِيلِهِ وَهُوَ أَعْلَمُ بِمَنِ اهْتَدَىٰ [53:30]

එය ඔවුන්ගේ දැනුමේ ප්‍රමාණයයි. ඔහුගේ මාර්ගයෙන් නොමග ගියවුන් ගැන නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වන ඔහු මැනවින් දන්නාය. එමෙන්ම යහමග ලැබූවන් ගැන ද ඔහු මැනවින් දන්නාය.

### الآية 53:31

> ﻿وَلِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ لِيَجْزِيَ الَّذِينَ أَسَاءُوا بِمَا عَمِلُوا وَيَجْزِيَ الَّذِينَ أَحْسَنُوا بِالْحُسْنَى [53:31]

තවද අහස් හි ඇති දෑ හා මහපොළොවේ ඇති දෑ අල්ලාහ් සතුය. නපුරුකම් කළවුනට ඔවුන් සිදු කළ දෑ අනුව ප්‍රතිවිපාක දෙනු පිණිසත් යහපත් අයුරින් යහකම් කළවුනට ප්‍රතිඵල දෙනු පිණිසත්ය.

### الآية 53:32

> ﻿الَّذِينَ يَجْتَنِبُونَ كَبَائِرَ الْإِثْمِ وَالْفَوَاحِشَ إِلَّا اللَّمَمَ ۚ إِنَّ رَبَّكَ وَاسِعُ الْمَغْفِرَةِ ۚ هُوَ أَعْلَمُ بِكُمْ إِذْ أَنْشَأَكُمْ مِنَ الْأَرْضِ وَإِذْ أَنْتُمْ أَجِنَّةٌ فِي بُطُونِ أُمَّهَاتِكُمْ ۖ فَلَا تُزَكُّوا أَنْفُسَكُمْ ۖ هُوَ أَعْلَمُ بِمَنِ اتَّقَىٰ [53:32]

ඔවුහු වනාහි සුළු වැරදි හැර මහා පාපයන්ගෙන් හා අශීලාචාර දැයින් වැළකී සිටියවුන් වෙති. නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති සමාව දීමේ දී ව්‍යාපකය. ඔහු නුඹලා මහපොළොවේ බිහි කළ විට ද නුඹලාගේ මව්වරුන්ගේ කුසවල් තුළ නුඹලා කලලයක් ලෙස සිටි විට ද නුඹලා ගැන මැනවින් දැන සිටියේ ඔහුය. එහෙයින් නුඹලා නුඹලා ගැන ම ශුද්ධවන්තයින් යැයි නොසලකනු. බිය බැතිමතුන් පිළිබඳ ව මැනවින් දන්නා ඔහුය.

### الآية 53:33

> ﻿أَفَرَأَيْتَ الَّذِي تَوَلَّىٰ [53:33]

(සත්‍යය මාර්ගයෙන්) හැරී ගොස්

### الآية 53:34

> ﻿وَأَعْطَىٰ قَلِيلًا وَأَكْدَىٰ [53:34]

ස්වල්පයක් පිරිනමා (ඉතිරිය) වළක්වා ගත් අය ව නුඹ නොදුටුවෙහි ද?

### الآية 53:35

> ﻿أَعِنْدَهُ عِلْمُ الْغَيْبِ فَهُوَ يَرَىٰ [53:35]

ඔහු දකින්නට නම්, ඔහු වෙත ගුප්ත ඥානය තිබේද?

### الآية 53:36

> ﻿أَمْ لَمْ يُنَبَّأْ بِمَا فِي صُحُفِ مُوسَىٰ [53:36]

එසේ නැතහොත් මූසාගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?

### الآية 53:37

> ﻿وَإِبْرَاهِيمَ الَّذِي وَفَّىٰ [53:37]

(ආඥාවන්) පූර්ණ ව ඉටු කළ ඉබ්‍රාහීම්ගේ ග්‍රන්ථයේ ඇති දෑ ඔහු දන්වනු නොලැබුවේ ද?

### الآية 53:38

> ﻿أَلَّا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ [53:38]

ඒවා නම්, බර උසුලන්නා තවකෙකුගේ බර නොඋසුලනු ඇතැයි ද

### الآية 53:39

> ﻿وَأَنْ لَيْسَ لِلْإِنْسَانِ إِلَّا مَا سَعَىٰ [53:39]

මිනිසාට ඔහු උත්සාහ කළ දෑ හැර (වෙනෙකක්) නැතැයි ද

### الآية 53:40

> ﻿وَأَنَّ سَعْيَهُ سَوْفَ يُرَىٰ [53:40]

තවද නියත වශයෙන්ම ඔහුගේ උත්සාහය මතු පෙන්වනු ලබනු ඇතැයි ද

### الآية 53:41

> ﻿ثُمَّ يُجْزَاهُ الْجَزَاءَ الْأَوْفَىٰ [53:41]

පසු ව පූර්ණවත් ප්‍රතිඵල ඔහුට පිරිනමනු ලබනු ඇතැයි ද (මූසා හා ඉබ්‍රාහීම්ගේ ග්‍රන්ථයේ විය.)

### الآية 53:42

> ﻿وَأَنَّ إِلَىٰ رَبِّكَ الْمُنْتَهَىٰ [53:42]

තවද නියත වශයෙන්ම නුඹගේ පරමාධිපති වෙත අවසන් ස්ථානය ඇතැයි ද

### الآية 53:43

> ﻿وَأَنَّهُ هُوَ أَضْحَكَ وَأَبْكَىٰ [53:43]

තවද නියත වශයෙන්ම ඔහු සිනහව ඇති කරන්නේය. ඇඬීමට සලස්වන්නේය යැයි ද

### الآية 53:44

> ﻿وَأَنَّهُ هُوَ أَمَاتَ وَأَحْيَا [53:44]

තවද නියත වශයෙන්ම ඔහු මරණයට පත් කරවන්නේය. තවද ජීවත් කරවන්නේය යැයි ද

### الآية 53:45

> ﻿وَأَنَّهُ خَلَقَ الزَّوْجَيْنِ الذَّكَرَ وَالْأُنْثَىٰ [53:45]

ස්ත්‍රී පුරුෂ ලෙසින් යුවල මවා ඇත්තේය යැයි ද

### الآية 53:46

> ﻿مِنْ نُطْفَةٍ إِذَا تُمْنَىٰ [53:46]

නියත වශයෙන්ම ඔහු ශුක්‍රාණු බිඳුවකින් එය විදින විට

### الآية 53:47

> ﻿وَأَنَّ عَلَيْهِ النَّشْأَةَ الْأُخْرَىٰ [53:47]

තවද නියත වශයෙන්ම නැවතත් නිර්මාණය කිරීම ඔහු වෙත යැයි ද

### الآية 53:48

> ﻿وَأَنَّهُ هُوَ أَغْنَىٰ وَأَقْنَىٰ [53:48]

තවද නියත වශයෙන්ම ඔහු පොහොසත් කරවන්නේය. සෑහීමට පමුණුවනනේය යැයි ද

### الآية 53:49

> ﻿وَأَنَّهُ هُوَ رَبُّ الشِّعْرَىٰ [53:49]

තවද නියත වශයෙන්ම ඔහු ෂිඃරා (නම් දීප්තිමත් තාරකාවෙ)හි හිමිපාණන් යැයි ද

### الآية 53:50

> ﻿وَأَنَّهُ أَهْلَكَ عَادًا الْأُولَىٰ [53:50]

තවද නියත වශයෙන්ම ඔහු ආදි ආද් ජනයා විනාශ කළේ යැයි ද

### الآية 53:51

> ﻿وَثَمُودَ فَمَا أَبْقَىٰ [53:51]

තවද සමූද් ජනයා ද (විනාශ කළේය) එවිට ඔහු (කිසිවෙකු) ඉතිරි නොකළේය.

### الآية 53:52

> ﻿وَقَوْمَ نُوحٍ مِنْ قَبْلُ ۖ إِنَّهُمْ كَانُوا هُمْ أَظْلَمَ وَأَطْغَىٰ [53:52]

තවද පෙර සිටි නූහ්ගේ ජනයා ද (ඔහු විනාශ කළේය.) නියත වශයෙන්ම ඔවුහු දරුණු ලෙස අපරාධ කොට සීමාව ඉක්මවා ගිය පිරිසක් වූහ.

### الآية 53:53

> ﻿وَالْمُؤْتَفِكَةَ أَهْوَىٰ [53:53]

තවද උඩු යටිකුරු කරනු ලැබූ නගරය ද ඔහු බිමට හෙළුවේ ය.

### الآية 53:54

> ﻿فَغَشَّاهَا مَا غَشَّىٰ [53:54]

එවිට ආවරණය කළ දෑ එය ආවරණය කළේය.

### الآية 53:55

> ﻿فَبِأَيِّ آلَاءِ رَبِّكَ تَتَمَارَىٰ [53:55]

එහෙයින් නුඹගේ පරමාධිපතිගේ කවර අනුග්‍රහයක් නුඹ සැක කරන්නෙහි ද?

### الآية 53:56

> ﻿هَٰذَا نَذِيرٌ مِنَ النُّذُرِ الْأُولَىٰ [53:56]

මෙය පෙර පැවති අවවාද අතුරින් වූ අවවාදයකි.

### الآية 53:57

> ﻿أَزِفَتِ الْآزِفَةُ [53:57]

සමීප වන දෑ (විනිශ්චය දිනය) සමීප වී ඇත.

### الآية 53:58

> ﻿لَيْسَ لَهَا مِنْ دُونِ اللَّهِ كَاشِفَةٌ [53:58]

අල්ලාහ්ගෙන් තොර ව නිරාවරණය කරන්නෙකු එයට නැත.

### الآية 53:59

> ﻿أَفَمِنْ هَٰذَا الْحَدِيثِ تَعْجَبُونَ [53:59]

එහෙයින් නුඹලා පුදුම වන්නේ මෙම දේශනය ගැන ද ?

### الآية 53:60

> ﻿وَتَضْحَكُونَ وَلَا تَبْكُونَ [53:60]

තවද නුඹලා සිනහ සෙන්නෙහුය. තවද නුඹලා නොඅඬන්නෙහුය.

### الآية 53:61

> ﻿وَأَنْتُمْ سَامِدُونَ [53:61]

නුඹලා නොසැලකිල්ලෙන් සිටිමින්

### الآية 53:62

> ﻿فَاسْجُدُوا لِلَّهِ وَاعْبُدُوا ۩ [53:62]

එහෙයින් නුඹලා අල්ලාහ්ට සුජූද් කොට ගැතිකම් කරනු.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/53.md)
- [كل تفاسير سورة النجم
](https://quranpedia.net/surah-tafsir/53.md)
- [ترجمات سورة النجم
](https://quranpedia.net/translations/53.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/53/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
