---
title: "ترجمة سورة الحشر - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/59/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/59/book/1993"
surah_id: "59"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة الحشر - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/59/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الحشر - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/59/book/1993*.

Translation of Surah الحشر from "الترجمة السنهالية" in السنهالية.

### الآية 59:1

> سَبَّحَ لِلَّهِ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ [59:1]

අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ අල්ලාහ් ව සුවිශුද්ධ කරති. තවද ඔහු මහා ප්‍රඥාවන්ත සර්ව බලධාරියාණන්ය.

### الآية 59:2

> ﻿هُوَ الَّذِي أَخْرَجَ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ مِنْ دِيَارِهِمْ لِأَوَّلِ الْحَشْرِ ۚ مَا ظَنَنْتُمْ أَنْ يَخْرُجُوا ۖ وَظَنُّوا أَنَّهُمْ مَانِعَتُهُمْ حُصُونُهُمْ مِنَ اللَّهِ فَأَتَاهُمُ اللَّهُ مِنْ حَيْثُ لَمْ يَحْتَسِبُوا ۖ وَقَذَفَ فِي قُلُوبِهِمُ الرُّعْبَ ۚ يُخْرِبُونَ بُيُوتَهُمْ بِأَيْدِيهِمْ وَأَيْدِي الْمُؤْمِنِينَ فَاعْتَبِرُوا يَا أُولِي الْأَبْصَارِ [59:2]

සේනාවේ පළමු රැස්වීමේදී දේව ග්‍රන්ථ ලත් ජනයා අතුරින් ප්‍රතික්ෂේප කළවුන් ඔවුන්ගේ නිවෙස් වලින් පිටුවහල් කළේ ඔහුය. ඔවුන් පිටුවහල් වී යනු ඇතැයි නුඹලා නොසිතූහ. තවද තම බලකොටු අල්ලාගෙන් තමන් ආරක්ෂා කරනු ඇතැයි ඔවුහු සිතුවෝය. එවිට අල්ලාහ්(ගේ ප්‍රකෝපය) ඔවුන් නොසිතූ පරිදි ඔවුන් වෙත පැමිණියේය. ඔවුන්ගේ සිත් තුළ බිය ඇති කළේය. එහෙයින් ඔවුන්ගේ නිවෙස් ඔවුන්ගේම අත්වලින් හා දේව විශ්වාසවන්තයින්ගේ අත්වලින් විනාශ කර දැමුවෝය. අහෝ ප්‍රඥසම්පන්න අයලුවනි! (මෙයින්) නුඹලා පාඩමක් ලබා ගනු.

### الآية 59:3

> ﻿وَلَوْلَا أَنْ كَتَبَ اللَّهُ عَلَيْهِمُ الْجَلَاءَ لَعَذَّبَهُمْ فِي الدُّنْيَا ۖ وَلَهُمْ فِي الْآخِرَةِ عَذَابُ النَّارِ [59:3]

එසේ පිටුවහල් කිරීම ඔවුනට අල්ලාහ් නියම කර නොතිබුණේ නම් මෙලොවෙහිම ඔහු ඔවුනට සැබැවින්ම දඬුවම් කරන්නට තිබුණි. තවද ඔවුනට මතු ලොවෙහි (නිරා) ගින්නේ දඬුවම ඇත.

### الآية 59:4

> ﻿ذَٰلِكَ بِأَنَّهُمْ شَاقُّوا اللَّهَ وَرَسُولَهُ ۖ وَمَنْ يُشَاقِّ اللَّهَ فَإِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ [59:4]

එය ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ ව ක්‍රියා කළ බැවිණි. තවද කවරෙකු අල්ලාහ්ට විරුද්ධ වන්නේ ද එවිට නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.

### الآية 59:5

> ﻿مَا قَطَعْتُمْ مِنْ لِينَةٍ أَوْ تَرَكْتُمُوهَا قَائِمَةً عَلَىٰ أُصُولِهَا فَبِإِذْنِ اللَّهِ وَلِيُخْزِيَ الْفَاسِقِينَ [59:5]

නුඹලා යම් රට ඉඳි ගසක් කපා දැමුව ද එසේ නැතහොත් එය එහි මුල් මත තිබෙන්නට හැරිය ද එය අල්ලාහ්ගේ අනුමැතියෙනි. තවද පාපතරයින්ට ප්‍රතිවිපාක දෙනු පිණිසය.

### الآية 59:6

> ﻿وَمَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْهُمْ فَمَا أَوْجَفْتُمْ عَلَيْهِ مِنْ خَيْلٍ وَلَا رِكَابٍ وَلَٰكِنَّ اللَّهَ يُسَلِّطُ رُسُلَهُ عَلَىٰ مَنْ يَشَاءُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ [59:6]

ඔවුන්ගෙන් තම දූතයාණන්හට අල්ලාහ් කවර යෙදක් පිරිනැමූවේද ඒ(වා ලබා ගැනීම) සඳහා නුඹලා අශ්වයින් හෝ ඔටුවන් හෝ දක්කාගෙන ගියේ නැත. නමුත් අල්ලාහ් තමන් අභිමත කරන අය වෙත තම දූතවරුන්ට බලය පවරනු ඇත. තවද අල්ලාහ් සියලු දෑ කිරීමෙහි ශක්තිය ඇත්තාය.

### الآية 59:7

> ﻿مَا أَفَاءَ اللَّهُ عَلَىٰ رَسُولِهِ مِنْ أَهْلِ الْقُرَىٰ فَلِلَّهِ وَلِلرَّسُولِ وَلِذِي الْقُرْبَىٰ وَالْيَتَامَىٰ وَالْمَسَاكِينِ وَابْنِ السَّبِيلِ كَيْ لَا يَكُونَ دُولَةً بَيْنَ الْأَغْنِيَاءِ مِنْكُمْ ۚ وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُذُوهُ وَمَا نَهَاكُمْ عَنْهُ فَانْتَهُوا ۚ وَاتَّقُوا اللَّهَ ۖ إِنَّ اللَّهَ شَدِيدُ الْعِقَابِ [59:7]

ගම් වාසීන්ගෙන් අල්ලාහ් තම දූතයාණන්ට යුද සම්පත් වශයෙන් ලබා දුන් දෑ වනාහි එය අල්ලාහ්ට ද ඔහුගේ දූතයාණන්ට ද සමීප ඥාතීන්ට ද අනාථයින්ට ද දුගියන්ට ද මගියන්ට ද හිමිය. එය නුඹලා අතුරින් වූ ධනවතුන් අතර පමණක් පරිහරණය නොවනු පිණිසය. තවද රසූල්වරයා නුඹලාට කුමක් පිරිනැමුවේ ද එය නුඹලා ගනු. තවද ඔහු නුඹලාට කුමක් වැළැක්වූයේ ද නුඹලා වැළකී සිටිනු. තවද අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් දඬුවම් දීමෙහි දැඩිය.

### الآية 59:8

> ﻿لِلْفُقَرَاءِ الْمُهَاجِرِينَ الَّذِينَ أُخْرِجُوا مِنْ دِيَارِهِمْ وَأَمْوَالِهِمْ يَبْتَغُونَ فَضْلًا مِنَ اللَّهِ وَرِضْوَانًا وَيَنْصُرُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَٰئِكَ هُمُ الصَّادِقُونَ [59:8]

ඔවුන්ගේ (උපන්) නිවෙස් වලින් හා ඔවුන්ගේ වස්තුවෙන් පිටුවහල් කරනු ලැබූ දිළිඳු මුහාජිර්වරුන්ට ද කොටසක් හිමිය. ඔවුහු අල්ලාහ්ගෙන් වූ අනුග්‍රහය හා තෘප්තිය සොයති. තවද ඔවුහු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට උදව් කරති. ඔවුහුමය සත්‍යවාදීහු.

### الآية 59:9

> ﻿وَالَّذِينَ تَبَوَّءُوا الدَّارَ وَالْإِيمَانَ مِنْ قَبْلِهِمْ يُحِبُّونَ مَنْ هَاجَرَ إِلَيْهِمْ وَلَا يَجِدُونَ فِي صُدُورِهِمْ حَاجَةً مِمَّا أُوتُوا وَيُؤْثِرُونَ عَلَىٰ أَنْفُسِهِمْ وَلَوْ كَانَ بِهِمْ خَصَاصَةٌ ۚ وَمَنْ يُوقَ شُحَّ نَفْسِهِ فَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ [59:9]

තවද (මදීනාවෙහි) වාසස්ථානය හා ඔවුනට පෙර විශ්වාසය සලසා ගත්තවුන්ට ද (අන්සාරිවරුන්ටද) කොටසක් හිමිය. උපන් දේශයෙන්) නික්ම වී ඔවුන් වෙත පැමිණි (මුහාජිර්) අය ව ඔවුහු ප්‍රිය කරති. ඔවුනට දෙනු ලැබූ දෑ පිළිබඳ ව අවශ්‍යතාවක් ඔවුන්ගේ සිත් තුළ දකින්නට නොවීය. තමන්ට අවශ්‍යතාවක් තිබුණ ද, තමන්ට වඩා ඔවුනට මුල්තැන දෙති. කවරෙකු තම සිත මසුරුකමින් ආරක්ෂා කරනු ලබන්නේ ද එවිට ඔවුහුමය ජයග්‍රාහකයෝ.

### الآية 59:10

> ﻿وَالَّذِينَ جَاءُوا مِنْ بَعْدِهِمْ يَقُولُونَ رَبَّنَا اغْفِرْ لَنَا وَلِإِخْوَانِنَا الَّذِينَ سَبَقُونَا بِالْإِيمَانِ وَلَا تَجْعَلْ فِي قُلُوبِنَا غِلًّا لِلَّذِينَ آمَنُوا رَبَّنَا إِنَّكَ رَءُوفٌ رَحِيمٌ [59:10]

ඔවුනට පසු ව පැමිණියවුන් ‘අපගේ පරමාධිපතියාණනි! අප හා දේව විශ්වාසයෙන් අපට පෙර ඉකුත් ව ගිය අපගේ සහෝදරයින්ට සමාව දෙනු මැනව! විශ්වාස කළවුන් පිළිබඳ ව ද්වේෂයක් අපගේ සිත් තුළ ඇති නොකරනු මැනව! අපගේ පරමාධිපතියාණනි! නියත වශයෙන්ම නුඹ සෙනෙහෙවන්තය මහා කාරුණාන්විතය යැයි පවසති.

### الآية 59:11

> ﻿۞ أَلَمْ تَرَ إِلَى الَّذِينَ نَافَقُوا يَقُولُونَ لِإِخْوَانِهِمُ الَّذِينَ كَفَرُوا مِنْ أَهْلِ الْكِتَابِ لَئِنْ أُخْرِجْتُمْ لَنَخْرُجَنَّ مَعَكُمْ وَلَا نُطِيعُ فِيكُمْ أَحَدًا أَبَدًا وَإِنْ قُوتِلْتُمْ لَنَنْصُرَنَّكُمْ وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ [59:11]

“නුඹලා බැහැර කරනු ලබන්නෙහු නම් අප ද නුඹලා සමග බැහැර වන්නෙමු. නුඹලා විෂයයෙහි කිසිවිටෙක කිසිවකුට අපි අවනත නොවන්නෙමු. නුඹලා පහර දෙනු ලැබුවෙහු නම් අපි නුඹලාට උදව් කරන්නෙමු” යැයි දේව ග්‍රන්ථ ලැබූවන් අතුරින් ප්‍රතික්ෂේප කළා වූ ඔවුන්ගේ සහෝදරයින්ට පවසන කුහකයින් දෙස නුඹ නොදුටුවෙහි ද? තවද නියත වශයෙන්ම ඔවුහු බොරුකාරයෝ යැයි අල්ලාහ් සාක්ෂි දරයි.

### الآية 59:12

> ﻿لَئِنْ أُخْرِجُوا لَا يَخْرُجُونَ مَعَهُمْ وَلَئِنْ قُوتِلُوا لَا يَنْصُرُونَهُمْ وَلَئِنْ نَصَرُوهُمْ لَيُوَلُّنَّ الْأَدْبَارَ ثُمَّ لَا يُنْصَرُونَ [59:12]

ඔවුන් බැහැර කරනු ලැබුවේ නම් ඔවුන් සමග (කුහකයින් වන) මොවුහු බැහැර නොවෙති. තවද ඔවුනට පහර දෙනු ලැබුවේ නම් මොවුහු ඔවුනට උදව් නොකරති. සැබැවින්ම ඔවුන් උදව් කළේ නම්, තවද ඔවුහු ආපස්සට හැරී යනු ඇත. පසු ව ඔවුහු උදව් කරනු නොලබති.

### الآية 59:13

> ﻿لَأَنْتُمْ أَشَدُّ رَهْبَةً فِي صُدُورِهِمْ مِنَ اللَّهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ [59:13]

අල්ලාහ්ට වඩා නුඹලා කෙරෙහි දැඩි බියක් ඔවුන්ගේ හදවත් තුළ පවතී. එය නියත වශයෙන්ම ඔවුන් වටහා නොගන්නා පිරිසක් බැවිනි.

### الآية 59:14

> ﻿لَا يُقَاتِلُونَكُمْ جَمِيعًا إِلَّا فِي قُرًى مُحَصَّنَةٍ أَوْ مِنْ وَرَاءِ جُدُرٍ ۚ بَأْسُهُمْ بَيْنَهُمْ شَدِيدٌ ۚ تَحْسَبُهُمْ جَمِيعًا وَقُلُوبُهُمْ شَتَّىٰ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْقِلُونَ [59:14]

ආරක්ෂිත ගම්මානයන් තුළ සිට හෝ බැමි වලට පසුපසින් සිට හෝ මිස නුඹලා සමග එක් ව ඔවුහු සටන් නොකරති. ඔවුන්ගේ සතුරුකම ඔවුන් අතර ප්‍රබලය. ඔවුන් එක් ව සිටිනු ඇතැයි නුඹ සිතන්නෙහිය. නමුත් ඔවුන්ගේ හදවත් භින්න වී ඇත. එය ඔවුන් අවබෝධ කර ගන්නා පිරිසක් නොවන බැවිනි.

### الآية 59:15

> ﻿كَمَثَلِ الَّذِينَ مِنْ قَبْلِهِمْ قَرِيبًا ۖ ذَاقُوا وَبَالَ أَمْرِهِمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ [59:15]

ඔවුහු ඔවුනට පෙර සමීපයෙන් බැහැරවූවන් මෙනි. ඔවුන්ගේ විෂයයෙහි වූ දඬුවම ඔවුහු භුක්ති වින්දෝය. තවද (මතු ජීවියෙහි) ඔවුනට වේදනීය දඬුවමක් ද ඇත.

### الآية 59:16

> ﻿كَمَثَلِ الشَّيْطَانِ إِذْ قَالَ لِلْإِنْسَانِ اكْفُرْ فَلَمَّا كَفَرَ قَالَ إِنِّي بَرِيءٌ مِنْكَ إِنِّي أَخَافُ اللَّهَ رَبَّ الْعَالَمِينَ [59:16]

(කුහකයෝ) ෂෙයිතාන්ගේ උපමාවට සමානය. එනම් “නුඹ ප්‍රතික්ෂේප කරනු” යැයි ඔහු මිනිසාට කී විට එසේ (මිනිසා වන) ඔහු ප්‍රතික්ෂේප කළ කල්හි “නියත වශයෙන්ම මම නුඹෙන් ඉවත් වූයෙක්මි. ලෝකයන්හි පරමාධිපති වූ අල්ලාහ්ට නියත වශයෙන්ම මම බිය වෙමි” යැයි ඔහු (ෂෙයිතාන්) පවසයි.

### الآية 59:17

> ﻿فَكَانَ عَاقِبَتَهُمَا أَنَّهُمَا فِي النَّارِ خَالِدَيْنِ فِيهَا ۚ وَذَٰلِكَ جَزَاءُ الظَّالِمِينَ [59:17]

ඔවුන් දෙදෙනාගේ අවසානය, නියත වශයෙන්ම ඔවුන් දෙදෙනා (නිරා) ගින්නට වනු ඇත. ඔවුහු එහි සදාතනිකයින්ය. තවද එය අපරාධකරුවන්ගේ ප්‍රතිවිපාකයයි.

### الآية 59:18

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَلْتَنْظُرْ نَفْسٌ مَا قَدَّمَتْ لِغَدٍ ۖ وَاتَّقُوا اللَّهَ ۚ إِنَّ اللَّهَ خَبِيرٌ بِمَا تَعْمَلُونَ [59:18]

අහෝ විශ්වාස කළවුනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සෑම ආත්මයක්ම හෙට දිනට තමා ඉදිරිපත් කළේ කුමක්දැ යි බලත්වා ! තවද නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳ ව අභිඥානවන්තය.

### الآية 59:19

> ﻿وَلَا تَكُونُوا كَالَّذِينَ نَسُوا اللَّهَ فَأَنْسَاهُمْ أَنْفُسَهُمْ ۚ أُولَٰئِكَ هُمُ الْفَاسِقُونَ [59:19]

තවද නුඹලා අල්ලාහ් ව අමතක කළවුන් මෙන් නොවනු. එහෙයින් ඔහු ඔවුන් ගැන ඔවුනටම අමතක කෙරෙව්වේය. ඔවුහුමය (අකීකරු) පාපතරයින් වන්නෝ.

### الآية 59:20

> ﻿لَا يَسْتَوِي أَصْحَابُ النَّارِ وَأَصْحَابُ الْجَنَّةِ ۚ أَصْحَابُ الْجَنَّةِ هُمُ الْفَائِزُونَ [59:20]

(නිරා) ගින්නේ වාසීහු හා (ස්වර්ග) උයනේ වාසීහු සමාන නොවෙති. ස්වර්ග උයනේ වාසීහු වන ඔවුහුමය ජයග්‍රහකයෝ.

### الآية 59:21

> ﻿لَوْ أَنْزَلْنَا هَٰذَا الْقُرْآنَ عَلَىٰ جَبَلٍ لَرَأَيْتَهُ خَاشِعًا مُتَصَدِّعًا مِنْ خَشْيَةِ اللَّهِ ۚ وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ لَعَلَّهُمْ يَتَفَكَّرُونَ [59:21]

මෙම කුර්ආනය අපි කන්දක් මතට පහළ කළෙමු නම් අල්ලාහ් ගැන වූ බිය හේතුවෙන් එය දෙදරා යමින් යටහත් වනු නුඹ දකිනු ඇත. එම උපමාවන් අපි ඔවුන් වටහා ගත හැකි වනු පිණිස ඒවා අපි ඔවුනට ඉදිරිපත් කරන්නෙමු.

### الآية 59:22

> ﻿هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَالِمُ الْغَيْبِ وَالشَّهَادَةِ ۖ هُوَ الرَّحْمَٰنُ الرَّحِيمُ [59:22]

ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ගුප්තය හා දෘශ්‍යමාන දෑ පිළිබඳ සර්ව ඥානීය. ඔහු අපරමිත දයාන්විත අසමසම කරුණාන්විතය.

### الآية 59:23

> ﻿هُوَ اللَّهُ الَّذِي لَا إِلَٰهَ إِلَّا هُوَ الْمَلِكُ الْقُدُّوسُ السَّلَامُ الْمُؤْمِنُ الْمُهَيْمِنُ الْعَزِيزُ الْجَبَّارُ الْمُتَكَبِّرُ ۚ سُبْحَانَ اللَّهِ عَمَّا يُشْرِكُونَ [59:23]

ඔහුය අල්ලාහ්. ඔහු වනාහි ඔහු හැර වෙනත් කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු රජුය. පාරිශුද්ධය. සාමය ඇති කරන්නාය. අභයදායීය. සංරක්ෂකය. සර්ව බලධාරීය. මහෝදරයාණන්ය. ඔවුන් ආදේශ කරන දැයින් අල්ලාහ් සුවිශුද්ධය.

### الآية 59:24

> ﻿هُوَ اللَّهُ الْخَالِقُ الْبَارِئُ الْمُصَوِّرُ ۖ لَهُ الْأَسْمَاءُ الْحُسْنَىٰ ۚ يُسَبِّحُ لَهُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ [59:24]

ඔහු අල්ලාහ්ය. මැවුම්කරුය. උත්පාදකය. මූර්තිකරුය. ඔහුට අලංකාර නාමයන් ඇත. අහස්හි හා මහපොළොවේ ඇති දෑ ඔහු සුවිශුද්ධ කරති. තවද ඔහු සර්ව බලධාරීය. මහා ප්‍රඥාවන්තය.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/59.md)
- [كل تفاسير سورة الحشر
](https://quranpedia.net/surah-tafsir/59.md)
- [ترجمات سورة الحشر
](https://quranpedia.net/translations/59.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/59/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
