---
title: "ترجمة سورة الطلاق - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/65/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/65/book/1993"
surah_id: "65"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة الطلاق - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/65/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الطلاق - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/65/book/1993*.

Translation of Surah الطلاق from "الترجمة السنهالية" in السنهالية.

### الآية 65:1

> يَا أَيُّهَا النَّبِيُّ إِذَا طَلَّقْتُمُ النِّسَاءَ فَطَلِّقُوهُنَّ لِعِدَّتِهِنَّ وَأَحْصُوا الْعِدَّةَ ۖ وَاتَّقُوا اللَّهَ رَبَّكُمْ ۖ لَا تُخْرِجُوهُنَّ مِنْ بُيُوتِهِنَّ وَلَا يَخْرُجْنَ إِلَّا أَنْ يَأْتِينَ بِفَاحِشَةٍ مُبَيِّنَةٍ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۚ وَمَنْ يَتَعَدَّ حُدُودَ اللَّهِ فَقَدْ ظَلَمَ نَفْسَهُ ۚ لَا تَدْرِي لَعَلَّ اللَّهَ يُحْدِثُ بَعْدَ ذَٰلِكَ أَمْرًا [65:1]

අහෝ නබිවරය! නුඹලා බිරියන් දික්කසාද කරන විට ඔවුන්ගේ ඉද්දා ව (පොරොත්තු කාලය) ගණන් කිරීමට පහසු වන අයුරින් නුඹලා ඔවුන් දික්කසාද කරනු. තවද ඉද්දා කාලය ගණනය කරනු. තවද නුඹලාගේ පරමාධිපති වූ අල්ලාහ්ට බිය බැතිමත් වනු. පැහැදිලි දුරාචාරයක් සමග ඔවුන් පැමිණියා නම් මිස ඔවුන්ගේ නිවෙස් වලින් නුඹලා ඔවුන් පිටුවහල් නොකරනු. එමෙන්ම ඔවුන් ද පිටවිය නොයුතුය. තවද එය අල්ලාහ්ගේ සීමාවන්ය. තවද කවරෙකු අල්ලාහ්ගේ සීමාවන් ඉක්මවා යන්නේ ද එවිට සැබැවින්ම ඔහු ඔහුටම අපරාධ කර ගත්තේය. මින් පසු ව යම් කරුණක් අල්ලාහ් ඇති කරන්නට පුළුවණ යන වග නුඹ නොදන්නෙහිය.

### الآية 65:2

> ﻿فَإِذَا بَلَغْنَ أَجَلَهُنَّ فَأَمْسِكُوهُنَّ بِمَعْرُوفٍ أَوْ فَارِقُوهُنَّ بِمَعْرُوفٍ وَأَشْهِدُوا ذَوَيْ عَدْلٍ مِنْكُمْ وَأَقِيمُوا الشَّهَادَةَ لِلَّهِ ۚ ذَٰلِكُمْ يُوعَظُ بِهِ مَنْ كَانَ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مَخْرَجًا [65:2]

එවිට (දික්කසාදයට පත්) ඔවුන්ගේ නියමිත (ඉද්දා) කාල සීමාවට ඔවුන් ළඟා වූ විට නුඹලා යහපත් අයුරින් ඔවුන් රඳවා ගනු. එසේ නැතහොත් නුඹලා යහපත් අයුරින් ඔවුන්ගෙන් වෙන් වනු. තවද නුඹලා අතුරින් යුක්තිගරුක දෙදෙනෙකු සාක්ෂියට පත් කරනු. අල්ලාහ් වෙනුවෙන් එම සාක්ෂිය නුඹලා ඉටු කරනු. අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරමින් සිටින්නාට උපදෙස් දෙනු ලබනුයේ එයයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුට (ගැටලු වලින් වැළකී ඉන්) බැහැර වීමේ මගක් ඇති කරයි.

### الآية 65:3

> ﻿وَيَرْزُقْهُ مِنْ حَيْثُ لَا يَحْتَسِبُ ۚ وَمَنْ يَتَوَكَّلْ عَلَى اللَّهِ فَهُوَ حَسْبُهُ ۚ إِنَّ اللَّهَ بَالِغُ أَمْرِهِ ۚ قَدْ جَعَلَ اللَّهُ لِكُلِّ شَيْءٍ قَدْرًا [65:3]

තවද ඔහු නොසිතූ අයුරින් ඔහු(අල්ලාහ්) ඔහුට පෝෂණය කරයි. තවද කවරෙකු අල්ලාහ් වෙත (සියල්ල) භාර කරන්නේ ද එවිට ඔහු ඔහුට ප්‍රමාණවත්ය. නියත වශයෙන්ම අල්ලාහ් ඔහුගේ කාර්යය සිදු කරන්නාය. සෑම දෙයකටම නියමිත ප්‍රමාණයක් අල්ලාහ් ඇති කළේය.

### الآية 65:4

> ﻿وَاللَّائِي يَئِسْنَ مِنَ الْمَحِيضِ مِنْ نِسَائِكُمْ إِنِ ارْتَبْتُمْ فَعِدَّتُهُنَّ ثَلَاثَةُ أَشْهُرٍ وَاللَّائِي لَمْ يَحِضْنَ ۚ وَأُولَاتُ الْأَحْمَالِ أَجَلُهُنَّ أَنْ يَضَعْنَ حَمْلَهُنَّ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يَجْعَلْ لَهُ مِنْ أَمْرِهِ يُسْرًا [65:4]

නුඹලාගේ බිරියන්ගෙන් ඔසප් වීමේ තත්ත්වය ගැන (බලාපොරොත්තු) සුන් කර ගත්තවුන් වනාහි නුඹලා ඔවුන් ගැන සැක කළෙහු නම් ඔවුන්ගේ ඉද්දා කාලය මාස තුනකි. ඔසප් තත්ත්වයට පත් නොවූ කාන්තාවන්ට ද (එලෙසමය.) ගර්භිණී මාතාවන් වනාහි ඔවුන්ගේ (ඉද්දා) කාල සීමාව ඔවුන්ගේ ගැබිනි තත්ත්වය බහා ලීමයි. තවද කවරෙකු අල්ලාහ්ට බිය වන්නේ ද ඔහුගේ කාර්යය ඔහුට ඔහු පහසු කර දෙනු ඇත.

### الآية 65:5

> ﻿ذَٰلِكَ أَمْرُ اللَّهِ أَنْزَلَهُ إِلَيْكُمْ ۚ وَمَنْ يَتَّقِ اللَّهَ يُكَفِّرْ عَنْهُ سَيِّئَاتِهِ وَيُعْظِمْ لَهُ أَجْرًا [65:5]

එය අල්ලාහ්ගේ නියෝගයයි. ඔහු එය නුඹලා වෙත පහළ කළේය. තවද කවරෙකු අල්ලාහ්ට බිය බැතිමත් වන්නේ ද ඔහු ඔහුගේ පාපයන් ඔහුගෙන් ඉවත් කරයි. තවද ඔහුට කුලිය මහත් සේ පිරිනමයි.

### الآية 65:6

> ﻿أَسْكِنُوهُنَّ مِنْ حَيْثُ سَكَنْتُمْ مِنْ وُجْدِكُمْ وَلَا تُضَارُّوهُنَّ لِتُضَيِّقُوا عَلَيْهِنَّ ۚ وَإِنْ كُنَّ أُولَاتِ حَمْلٍ فَأَنْفِقُوا عَلَيْهِنَّ حَتَّىٰ يَضَعْنَ حَمْلَهُنَّ ۚ فَإِنْ أَرْضَعْنَ لَكُمْ فَآتُوهُنَّ أُجُورَهُنَّ ۖ وَأْتَمِرُوا بَيْنَكُمْ بِمَعْرُوفٍ ۖ وَإِنْ تَعَاسَرْتُمْ فَسَتُرْضِعُ لَهُ أُخْرَىٰ [65:6]

නුඹලාගේ (ආර්ථික) පැවැත්ම අනුව නුඹලා වාසය කළ අයුරින්ම ඔවුන් ව ද නුඹලා වාසය කරවනු. තවද නුඹලා ඔවුන් කෙරෙහි පීඩනය ඇති කරනු පිණිස නුඹලා ඔවුනට හිංසා නොකරනු. ඔවුන් ගර්භිණී මව්වරුන් ලෙස සිටියේ නම් ඔවුන්ගේ ගැබ් බහාලන තෙක් ඔවුන් කෙරෙහි නුඹලා වියදම් කරනු. නුඹලා(ගේ දරුවන්) වෙනුවෙන් ඔවුන් කිරි පොවන්නේ නම් එවිට ඔවුන්ගේ කුලී නුඹලා ඔවුනට පිරිනමනු. නුඹලා අතර (එය) යහපත් අයුරින් කළමනා කරණය කරනු. නුඹලා අපහසු තත්ත්වයකට පත් වූයෙහු නම් ඔහු (පියා) වෙනුවෙන් කිරි පෙවීම සඳහා වෙනත් එකියෙකු සෙවිය යුතුය.

### الآية 65:7

> ﻿لِيُنْفِقْ ذُو سَعَةٍ مِنْ سَعَتِهِ ۖ وَمَنْ قُدِرَ عَلَيْهِ رِزْقُهُ فَلْيُنْفِقْ مِمَّا آتَاهُ اللَّهُ ۚ لَا يُكَلِّفُ اللَّهُ نَفْسًا إِلَّا مَا آتَاهَا ۚ سَيَجْعَلُ اللَّهُ بَعْدَ عُسْرٍ يُسْرًا [65:7]

වත්කම් ඇත්තෝ තම වත්කම අනුව වියදම් කරත්වා! තවද කවුරුන් වෙත තම පෝෂණ සම්පත් සීමා කරනු ලැබුවේ ද එවිට අල්ලාහ් ඔහුට කවර දෙයක් පිරිනමා ඇත්තේ ද එයින් ඔහු වියදම් කරත්වා! දුෂ්කරත්වයෙන් පසු ව අල්ලාහ් පහසු ව ඇති කරනු ඇත.

### الآية 65:8

> ﻿وَكَأَيِّنْ مِنْ قَرْيَةٍ عَتَتْ عَنْ أَمْرِ رَبِّهَا وَرُسُلِهِ فَحَاسَبْنَاهَا حِسَابًا شَدِيدًا وَعَذَّبْنَاهَا عَذَابًا نُكْرًا [65:8]

තම පරමාධිපතිගේ නියෝගයට හා ඔහුගේ දූතයාණන්ට පිටුපෑ ගම්මාන කොපමණක් වී ද? එවිට අපි දැඩි විනිශ්චයකින් එය විනිශ්චය කළෙමු. තවද දරුණු දඬුවමකින් අපි එයට දඬුවම් කළෙමු.

### الآية 65:9

> ﻿فَذَاقَتْ وَبَالَ أَمْرِهَا وَكَانَ عَاقِبَةُ أَمْرِهَا خُسْرًا [65:9]

එවිට එය එහි ක්‍රියාවෙහි විපාකය භුක්ති වින්දෝය. තවද එහි ක්‍රියාවෙහි අවසානය පරාජයක් විය.

### الآية 65:10

> ﻿أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ فَاتَّقُوا اللَّهَ يَا أُولِي الْأَلْبَابِ الَّذِينَ آمَنُوا ۚ قَدْ أَنْزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًا [65:10]

අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් සූදානම් කළේය. එහෙයින් විශ්වාස කළ ප්‍රබුද්ධිමත් ජනයිනි! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. සැබැවින්ම අල්ලාහ් නුඹලා වෙත මෙනෙහි කිරීමක් පහළ කර ඇත.

### الآية 65:11

> ﻿رَسُولًا يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ مُبَيِّنَاتٍ لِيُخْرِجَ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ ۚ وَمَنْ يُؤْمِنْ بِاللَّهِ وَيَعْمَلْ صَالِحًا يُدْخِلْهُ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۖ قَدْ أَحْسَنَ اللَّهُ لَهُ رِزْقًا [65:11]

විශ්වාස කොට යහකම් කළවුන් අන්ධකාරයන්ගෙන් ආලෝකය වෙත බැහැර කරනු පිණිස අල්ලාහ්ගේ වදන් නුඹලා වෙත පාරායනය කරනු රසූල්වරයකු ද (ඔහු පහළ කළේය.) කවරෙකු අල්ලාහ් ව විශ්වාස කොට යහකම් කරන්නේ ද ඔහු ව ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා උයන් වලට ඔහු ඇතුළත් කරනු ඇත. (ඔවුන්) එහි සදහටම සදාතනිකයින් වෙති. අල්ලාහ් ඔහුට පෝෂණ සම්පත් අලංකාරවත් කළේය.

### الآية 65:12

> ﻿اللَّهُ الَّذِي خَلَقَ سَبْعَ سَمَاوَاتٍ وَمِنَ الْأَرْضِ مِثْلَهُنَّ يَتَنَزَّلُ الْأَمْرُ بَيْنَهُنَّ لِتَعْلَمُوا أَنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ وَأَنَّ اللَّهَ قَدْ أَحَاطَ بِكُلِّ شَيْءٍ عِلْمًا [65:12]

අහස් හතක් හා මහපොළොවෙන් ඒවාට සමාන දෑ ද මැව්වේ අල්ලාහ්ය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය. එමෙන්ම සියලු දෑ පිළිබඳ ව දැනුමෙන් ඔහු සර්ව ප්‍රකාරයෙන් වටලාගෙන සිටියි යැයි නුඹලා දැන ගනු පිණිස ඒවා අතරට (ඔහුගේ) නියෝගය පහළ වනු ඇත.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/65.md)
- [كل تفاسير سورة الطلاق
](https://quranpedia.net/surah-tafsir/65.md)
- [ترجمات سورة الطلاق
](https://quranpedia.net/translations/65.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/65/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
