---
title: "ترجمة سورة التحريم - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/66/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/66/book/1993"
surah_id: "66"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة التحريم - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/66/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة التحريم - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/66/book/1993*.

Translation of Surah التحريم from "الترجمة السنهالية" in السنهالية.

### الآية 66:1

> يَا أَيُّهَا النَّبِيُّ لِمَ تُحَرِّمُ مَا أَحَلَّ اللَّهُ لَكَ ۖ تَبْتَغِي مَرْضَاتَ أَزْوَاجِكَ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ [66:1]

අහෝ නබිවරය! නුඹ නුඹගේ බිරියන්ගේ තෘප්තිය සොයමින් නුඹට අල්ලාහ් අනුමත කළ දෑ නුඹ තහනම් කර ගනුයේ ඇයි? තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. මහා කරුණාන්විතය.

### الآية 66:2

> ﻿قَدْ فَرَضَ اللَّهُ لَكُمْ تَحِلَّةَ أَيْمَانِكُمْ ۚ وَاللَّهُ مَوْلَاكُمْ ۖ وَهُوَ الْعَلِيمُ الْحَكِيمُ [66:2]

නුඹලාගේ දිවුරුම් වලින් මිදීමේ ක්‍රමයක් අල්ලාහ් නුඹලාට නියම කළේය. තවද අල්ලාහ් නුඹලාගේ ආරක්ෂකය. තවද ඔහු සර්ව ඥානීය මහා ප්‍රඥාවන්තය.

### الآية 66:3

> ﻿وَإِذْ أَسَرَّ النَّبِيُّ إِلَىٰ بَعْضِ أَزْوَاجِهِ حَدِيثًا فَلَمَّا نَبَّأَتْ بِهِ وَأَظْهَرَهُ اللَّهُ عَلَيْهِ عَرَّفَ بَعْضَهُ وَأَعْرَضَ عَنْ بَعْضٍ ۖ فَلَمَّا نَبَّأَهَا بِهِ قَالَتْ مَنْ أَنْبَأَكَ هَٰذَا ۖ قَالَ نَبَّأَنِيَ الْعَلِيمُ الْخَبِيرُ [66:3]

නබිවරයා ඔහුගේ බිරියන්ගෙන් ඇතැමෙකුට කතාවක් රහසින් කියූ අවස්ථාවේ ඇය එය දන්වා සිටි කල්හි අල්ලාහ් එය ඔහු වෙත හෙළි කළේය. ඉන් කොටසක් ඔහු දන්වා සිට කොටසක් නොසලකා හැරියේය. ඔහු එය ඇයට දන්වා සිටි කල්හි “මෙය ඔබට දන්වා සිටියේ කවුදැයි” ඇය ඇසුවාය. “අභිඥානවන්තවූ සර්ව ඥානියාණෝ මට දැනුම් දුන්නේ”යැයි ඔහු පැවසීය.

### الآية 66:4

> ﻿إِنْ تَتُوبَا إِلَى اللَّهِ فَقَدْ صَغَتْ قُلُوبُكُمَا ۖ وَإِنْ تَظَاهَرَا عَلَيْهِ فَإِنَّ اللَّهَ هُوَ مَوْلَاهُ وَجِبْرِيلُ وَصَالِحُ الْمُؤْمِنِينَ ۖ وَالْمَلَائِكَةُ بَعْدَ ذَٰلِكَ ظَهِيرٌ [66:4]

නුඹලා දෙදෙනා අල්ලාහ් වෙත පශ්චාත්තාප වූවා නම් (මැනවි!) හේතුව නුඹලා දෙදෙනාගේ හදවත් සැබැවින්ම විනාශ වී ඇත. ඔහුට එරෙහි ව නුඹලා දෙදෙනා එකිනෙකාට උර දුන්නෙහු නම් එවිට (දැනගනු) නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු ඔහුගේ භාරකරුය. ජිබ්රීල් ද දේව විශ්වාසවන්තයින්ගෙන් දැහැමියා ද ඉන් පසු ව මලක්වරු ද උර දෙන්නන්ය.

### الآية 66:5

> ﻿عَسَىٰ رَبُّهُ إِنْ طَلَّقَكُنَّ أَنْ يُبْدِلَهُ أَزْوَاجًا خَيْرًا مِنْكُنَّ مُسْلِمَاتٍ مُؤْمِنَاتٍ قَانِتَاتٍ تَائِبَاتٍ عَابِدَاتٍ سَائِحَاتٍ ثَيِّبَاتٍ وَأَبْكَارًا [66:5]

ඔහු නුඹලා ව දික්කසාද කළේ නම් නුඹලාට වඩා යහපත් අවනත වන, විශ්වාස කරන, යටහත් වන, පාප ක්ෂමාවෙහි නිරත වන, ගැතිකම් කරන, උපවාසයේ නිරත වන, වැන්දඹුවන් හා කන්‍යාවියන් බිරියන් වශයෙන් ඔහුගේ පරමාධිපති ඔහුට වෙනස් කර දෙන්නට පුළුවණ.

### الآية 66:6

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قُوا أَنْفُسَكُمْ وَأَهْلِيكُمْ نَارًا وَقُودُهَا النَّاسُ وَالْحِجَارَةُ عَلَيْهَا مَلَائِكَةٌ غِلَاظٌ شِدَادٌ لَا يَعْصُونَ اللَّهَ مَا أَمَرَهُمْ وَيَفْعَلُونَ مَا يُؤْمَرُونَ [66:6]

අහෝ විශ්වාස කළවුනි! නුඹලා හා නුඹලාගේ පවුල (නිරා) ගින්නෙන් ආරක්ෂා කර ගනු. එහි ඉන්ධන මිනිසුන් හා ගල්ය. එහි දරුණු කුරීරු මලක්වරුන් වෙති. ඔහු ඔවුනට අණ කරන දෑ සම්බන්ධයෙන් ඔවුහු අල්ලාහ්ට පිටු නොපාති. තවද ඔවුනට අණ කරනු ලබන දෑ ඔවුහු (එලෙසම) ඉටු කරති.

### الآية 66:7

> ﻿يَا أَيُّهَا الَّذِينَ كَفَرُوا لَا تَعْتَذِرُوا الْيَوْمَ ۖ إِنَّمَا تُجْزَوْنَ مَا كُنْتُمْ تَعْمَلُونَ [66:7]

අහෝ ප්‍රතික්ෂේප කළවුනි! අද දින නුඹලා නිදහසට කරුණු නොදක්වනු. නියත වශයෙන්ම නුඹලාට ප්‍රතිඵල වශයෙන් පිරිනමනු ලබනුයේ නුඹලා සිදු කරමින් සිටි දෑය.

### الآية 66:8

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا تُوبُوا إِلَى اللَّهِ تَوْبَةً نَصُوحًا عَسَىٰ رَبُّكُمْ أَنْ يُكَفِّرَ عَنْكُمْ سَيِّئَاتِكُمْ وَيُدْخِلَكُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ ۖ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ [66:8]

අහෝ විශ්වාස කළවුනි! අල්ලාහ් වෙත අවංක පශ්චාත්තාපයකින් පශ්චාත්තාප වී යොමු වනු. නුඹලාගේ පරමාධිපති නුඹලාගේ පාපයන් නුඹලාගෙන් පහ කොට ඒවාට පහළින් ගංගාවෝ ගලා බස්නා (ස්වර්ග) උයන් වලට නුඹලා ව ඇතුළත් කරන්නට පුළුවණ. එදින නබිවරයාට හා ඔහු සමග වූ විශ්වාස කළවුනට අල්ලාහ් අවමන් නොකරයි. ඔවුන්ගේ ආලෝකය ඔවුන් ඉදිරිපසින් ද ඔවුන්ගේ දකුණුපසින් ද දිව යයි. “අපගේ පරමාධිපතියාණනි, අපගේ ආලෝකය අපට පූර්ණවත් කර දෙනු මැනව! තවද අපහට සමාව දෙනු මැනව! නියත වශයෙන්ම නුඹ සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.” යැයි ඔවුන් පවසනු ඇත.

### الآية 66:9

> ﻿يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ [66:9]

අහෝ නබිවරය! දේව ප්‍රතික්ෂේපකයින් හා කුහකයින් සමග නුඹ මහත් සේ පරිශ්‍රම දරනු. තවද ඔවුනට එරෙහි ව දැඩි ව කටයුතු කරනු. තවද ඔවුන්ගේ නවාතැන නිරයයි. තවද යොමු වන ස්ථානය නපුරු විය.

### الآية 66:10

> ﻿ضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِينَ كَفَرُوا امْرَأَتَ نُوحٍ وَامْرَأَتَ لُوطٍ ۖ كَانَتَا تَحْتَ عَبْدَيْنِ مِنْ عِبَادِنَا صَالِحَيْنِ فَخَانَتَاهُمَا فَلَمْ يُغْنِيَا عَنْهُمَا مِنَ اللَّهِ شَيْئًا وَقِيلَ ادْخُلَا النَّارَ مَعَ الدَّاخِلِينَ [66:10]

නූහ්ගේ බිරිය හා ලූත්ගේ බිරිය ප්‍රතික්ෂේප කළවුන් සඳහා උපමාවක් ලෙස අල්ලාහ් ඉදිරිපත් කළේය. ඔවුන් දෙදෙනා අපගේ දැහැමි ගැත්තන් අතුරින් ගැත්තන් දෙදෙනෙකු යටතේ වූහ. නමුත් ඔවුන් දෙදෙනා මොවුන් (සැමියන්) දෙදෙනා ව පාවා දුන්නෝය. එවිට අල්ලාහ්ගෙන් වූ කිසිවකින් ඔවුන් දෙදෙනාට (රැකවරණය දෙන්නට) මොවුන් දෙදෙනාට කිසිවිටෙක ප්‍රයෝජනවත් නොවීය. තවද නුඹලා පිවිසෙන්නන් සමග නිරයට පිවිසෙනු යැයි කියනු ලැබීය.

### الآية 66:11

> ﻿وَضَرَبَ اللَّهُ مَثَلًا لِلَّذِينَ آمَنُوا امْرَأَتَ فِرْعَوْنَ إِذْ قَالَتْ رَبِّ ابْنِ لِي عِنْدَكَ بَيْتًا فِي الْجَنَّةِ وَنَجِّنِي مِنْ فِرْعَوْنَ وَعَمَلِهِ وَنَجِّنِي مِنَ الْقَوْمِ الظَّالِمِينَ [66:11]

තවද විශ්වාස කළවුන් සදහා උපමාවක් ලෙස අල්ලාහ් ෆිර්අවුන්ගේ බිරිය ඉදිරිපත් කළේය. “මාගේ පරමාධිපතියාණනි, නුඹ අබියස (ස්වර්ග) උයනේ නිවසක් මා වෙනුවෙන් ඉදි කර දෙනු මැනව ! තවද ෆිර්අවුන්ගෙන් ද ඔහුගේ (නපුරු) ක්‍රියාවෙන් ද මා මුදවා ගනු මැනව ! තවද අපරාධකාරී ජනයාගෙන් මා මුදවා ගනු මැනව !” යැයි ඇය පවසා සිටියාය.

### الآية 66:12

> ﻿وَمَرْيَمَ ابْنَتَ عِمْرَانَ الَّتِي أَحْصَنَتْ فَرْجَهَا فَنَفَخْنَا فِيهِ مِنْ رُوحِنَا وَصَدَّقَتْ بِكَلِمَاتِ رَبِّهَا وَكُتُبِهِ وَكَانَتْ مِنَ الْقَانِتِينَ [66:12]

තවද තම ලිංගේන්ද්‍රය සුරක්ෂා කර ගත් ඉම්රාන්ගේ දියණිය වූ මර්යම් (ගේ උපමාව ද ගෙන හැර දක්වීය) අපගේ ආත්මයෙන් ඒ වෙත අපි පිඹුවෙමු. තවද ඇයගේ පරමාධිපතිගේ වදන් හා ඔහුගේ ග්‍රන්ථ ඇය තහවුරු කළාය. තවද ඇය යටහත් වන්නන් අතුරින් වූවාය.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/66.md)
- [كل تفاسير سورة التحريم
](https://quranpedia.net/surah-tafsir/66.md)
- [ترجمات سورة التحريم
](https://quranpedia.net/translations/66.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/66/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
