---
title: "ترجمة سورة الجن - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/72/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/72/book/1993"
surah_id: "72"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة الجن - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/72/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الجن - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/72/book/1993*.

Translation of Surah الجن from "الترجمة السنهالية" in السنهالية.

### الآية 72:1

> قُلْ أُوحِيَ إِلَيَّ أَنَّهُ اسْتَمَعَ نَفَرٌ مِنَ الْجِنِّ فَقَالُوا إِنَّا سَمِعْنَا قُرْآنًا عَجَبًا [72:1]

“නියත වශයෙන්ම ජින්නුන්ගෙන් පිරිසක් සවන් දී සැබැවින්ම අපි පුදුමාකාර කුර්ආනයකට සවන් දුන්නෙමු.

### الآية 72:2

> ﻿يَهْدِي إِلَى الرُّشْدِ فَآمَنَّا بِهِ ۖ وَلَنْ نُشْرِكَ بِرَبِّنَا أَحَدًا [72:2]

එය ඍජු මාර්ගය වෙත මග පෙන්වයි. එහෙයින් අපි එය විශ්වාස කළෙමු. අපගේ පරමාධිපතිට කිසිවකු හෝ ආදේශ නොකරන්නෙමු යැයි ඔවුහු පැවසූ බව මා වෙත දේව පණිවිඩ දන්වනු ලැබීය” යැයි (නබිවරයාණනි) නුඹ පවසනු.

### الآية 72:3

> ﻿وَأَنَّهُ تَعَالَىٰ جَدُّ رَبِّنَا مَا اتَّخَذَ صَاحِبَةً وَلَا وَلَدًا [72:3]

“තවද නියත වශයෙන්ම අපගේ පරමාධිපතිගේ කීර්තිය උත්තරීතර විය. ඔහු සහකාරියක හෝ දරුවෙකු හෝ නොගත්තේය.”

### الآية 72:4

> ﻿وَأَنَّهُ كَانَ يَقُولُ سَفِيهُنَا عَلَى اللَّهِ شَطَطًا [72:4]

තවද අප අතර සිටි අඥානයකු අල්ලාහ්ට එරෙහි ව ප්‍රබන්ධ කතා පවසා සිටියේය.”

### الآية 72:5

> ﻿وَأَنَّا ظَنَنَّا أَنْ لَنْ تَقُولَ الْإِنْسُ وَالْجِنُّ عَلَى اللَّهِ كَذِبًا [72:5]

“මිනිස් වර්ගයා හා ජින් වර්ගයා අල්ලාහ්ට එරෙහි ව බොරුවක් කිසිවිටෙක නොපවසනු ඇතැයි නියත වශයෙන්ම අපි සිතුවෙමු.”

### الآية 72:6

> ﻿وَأَنَّهُ كَانَ رِجَالٌ مِنَ الْإِنْسِ يَعُوذُونَ بِرِجَالٍ مِنَ الْجِنِّ فَزَادُوهُمْ رَهَقًا [72:6]

තවද නියත වශයෙන්ම මිනිස් වර්ගයාගෙන් පිරිසක් ජින් වර්ගයාගෙන් වූ පිරිසකගෙන් ආරක්ෂාව පැතුවෝය. එහෙයින් ඔවුහු ඔවුනට උඩඟුකම අධික කළෝය.

### الآية 72:7

> ﻿وَأَنَّهُمْ ظَنُّوا كَمَا ظَنَنْتُمْ أَنْ لَنْ يَبْعَثَ اللَّهُ أَحَدًا [72:7]

අල්ලාහ් කිසිවකු හෝ නැවත (පණ දී) එවන්නේම නැතැයි නුඹලා සිතුවාක් මෙන් සැබැවින්ම ඔවුහු ද සිතුවෝය.

### الآية 72:8

> ﻿وَأَنَّا لَمَسْنَا السَّمَاءَ فَوَجَدْنَاهَا مُلِئَتْ حَرَسًا شَدِيدًا وَشُهُبًا [72:8]

තවද නියත වශයෙන්ම අපි අහස ස්පර්ශ කිරිමට අපේක්ෂා කළෙමු. එවිට එය දැඩි මුරකාවලින් හා උල්කාවන්ගෙන් පිරී තිබෙනු අපි දුටුවෙමු.

### الآية 72:9

> ﻿وَأَنَّا كُنَّا نَقْعُدُ مِنْهَا مَقَاعِدَ لِلسَّمْعِ ۖ فَمَنْ يَسْتَمِعِ الْآنَ يَجِدْ لَهُ شِهَابًا رَصَدًا [72:9]

සවන් දීම සඳහා අසුන් ගන්නා ස්ථානයන්හි අසුන් ගන්නට අපි පුරුදුව සිටියෙමු. දැන් කවරෙකු හෝ සවන් දුන්නේ නම් එවිට උල්කා ප්‍රහාර ඔහුව රැක සිටිනු ඇත.

### الآية 72:10

> ﻿وَأَنَّا لَا نَدْرِي أَشَرٌّ أُرِيدَ بِمَنْ فِي الْأَرْضِ أَمْ أَرَادَ بِهِمْ رَبُّهُمْ رَشَدًا [72:10]

තවද මහපොළොවේ වෙසෙන්නන් හට නපුරක් අපේක්ෂා කරනු ලබන්නේ ද එසේ නැතහොත් ඔවුන්ගේ පරමාධිපති ඔවුනට යහමග අපේක්ෂා කරන්නේ දැයි නියත වශයෙන්ම අපි නොදනිමු.

### الآية 72:11

> ﻿وَأَنَّا مِنَّا الصَّالِحُونَ وَمِنَّا دُونَ ذَٰلِكَ ۖ كُنَّا طَرَائِقَ قِدَدًا [72:11]

තවද නියත වශයෙන්ම අප අතුරින් දැහැමියෝ ද වෙති. එමෙන්ම අප අතුරින් එසේ නොවන්නන් ද වෙති. අපි විවිධ මාර්ග වල වෙන් ව සිටියෙමු.

### الآية 72:12

> ﻿وَأَنَّا ظَنَنَّا أَنْ لَنْ نُعْجِزَ اللَّهَ فِي الْأَرْضِ وَلَنْ نُعْجِزَهُ هَرَبًا [72:12]

තවද මහපොළොවේ අල්ලාහ් පරාජය කිරීමට අපට නොහැකි බවත් පලා යෑමෙන් ඔහු පරාජයට පත් කළ නොහැකි බවත් සැබැවින්ම අපි සිතුවෙමු.

### الآية 72:13

> ﻿وَأَنَّا لَمَّا سَمِعْنَا الْهُدَىٰ آمَنَّا بِهِ ۖ فَمَنْ يُؤْمِنْ بِرَبِّهِ فَلَا يَخَافُ بَخْسًا وَلَا رَهَقًا [72:13]

තවද නියත වශයෙන්ම අපි යහමගට සවන් දුන් කල්හි අපි එය විශ්වාස කළෙමු. එහෙයින් කවරෙකු තම පරමාධිපති විශ්වාස කරන්නේ ද එවිට පාඩුවක් ගැන හෝ අසාධාරණයක් ගැන හෝ ඔහු බිය නොවනු ඇත.

### الآية 72:14

> ﻿وَأَنَّا مِنَّا الْمُسْلِمُونَ وَمِنَّا الْقَاسِطُونَ ۖ فَمَنْ أَسْلَمَ فَأُولَٰئِكَ تَحَرَّوْا رَشَدًا [72:14]

තවද නියත වශයෙන්ම අප වනාහි අප අතුරින් මුස්ලිම්වරුන්ද වෙති. එමෙන්ම අප අතුරින් (සත්‍යයෙන්) බැහැර වූවන්ද වෙති. එහෙයින් කවරුන් අවනත වන්නෝ ද ඔවුහු ඍජු මග සොයා ගත්තෝය.

### الآية 72:15

> ﻿وَأَمَّا الْقَاسِطُونَ فَكَانُوا لِجَهَنَّمَ حَطَبًا [72:15]

තවද (සත්‍යයෙන්) බැහැර වූවන් වූ කලී නිරය සඳහා ඉන්ධන බවට ඔවුහු පත් වූහ.

### الآية 72:16

> ﻿وَأَنْ لَوِ اسْتَقَامُوا عَلَى الطَّرِيقَةِ لَأَسْقَيْنَاهُمْ مَاءً غَدَقًا [72:16]

එම (යහ) මාර්ගයේ ඔවුන් ස්ථාවර ව සිටියේ නම් අපි ඔවුනට ජලය බහුල වශයෙන් සපයන්නෙමු.

### الآية 72:17

> ﻿لِنَفْتِنَهُمْ فِيهِ ۚ وَمَنْ يُعْرِضْ عَنْ ذِكْرِ رَبِّهِ يَسْلُكْهُ عَذَابًا صَعَدًا [72:17]

එය අපි ඔවුන් එහි පරීක්ෂාවට ලක් කරනු පිණිසය. තවද කවරෙකු තම පරමාධිපති මෙනෙහි කිරීමෙන් ඉවත් වූයේ ද ඔහු ඔහු ව දරුණු දඬුවමට යොමු කරනු ඇත.

### الآية 72:18

> ﻿وَأَنَّ الْمَسَاجِدَ لِلَّهِ فَلَا تَدْعُوا مَعَ اللَّهِ أَحَدًا [72:18]

තවද නියත වශයෙන්ම මස්ජිදයන් අල්ලාහ්ට අයත් ය. එහෙයින් නුඹලා අල්ලාහ් සමග කිසිවෙක් නොඅයදිනු.

### الآية 72:19

> ﻿وَأَنَّهُ لَمَّا قَامَ عَبْدُ اللَّهِ يَدْعُوهُ كَادُوا يَكُونُونَ عَلَيْهِ لِبَدًا [72:19]

තවද නියත වශයෙන්ම අල්ලාහ්ගේ ගැත්තා (නබිවරයා) ඔහු වෙත ඇරයුම් කිරීමට නැගී සිටී කල්හි ඔවුහු කණ්ඩායම් වශයෙන් ඔහු වෙත සමීපවන්නට වූහ.

### الآية 72:20

> ﻿قُلْ إِنَّمَا أَدْعُو رَبِّي وَلَا أُشْرِكُ بِهِ أَحَدًا [72:20]

“නියත වශයෙන්ම මා ඇරයුම් කරනුයේ මාගේ පරමාධිපතිටය. තවද මම ඔහුට කිසිවකු හෝ ආදේශ නොකරමි” යැයි (නබිවරය) නුඹ පවසනු.

### الآية 72:21

> ﻿قُلْ إِنِّي لَا أَمْلِكُ لَكُمْ ضَرًّا وَلَا رَشَدًا [72:21]

“නුඹලාට යම් හානියක් හෝ යම් මග පෙන්වීමක් හෝ සිදු කරන්නට නියත වශයෙන්ම මා බලය නොදරමි” යැයි නුඹ පවසනු.

### الآية 72:22

> ﻿قُلْ إِنِّي لَنْ يُجِيرَنِي مِنَ اللَّهِ أَحَدٌ وَلَنْ أَجِدَ مِنْ دُونِهِ مُلْتَحَدًا [72:22]

“(මා අවනත නොවුයේ නම්) අල්ලාහ්ගෙන් මා ආරක්ෂා කරන්නට කිසිවකුට නොහැක්කේමය. තවද ඔහු හැර වෙනත් පිළිසරණක් මම කිසිවිටෙක නොලබමි” යැයි නුඹ පවසනු.

### الآية 72:23

> ﻿إِلَّا بَلَاغًا مِنَ اللَّهِ وَرِسَالَاتِهِ ۚ وَمَنْ يَعْصِ اللَّهَ وَرَسُولَهُ فَإِنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا أَبَدًا [72:23]

අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූත පණිවිඩයන්ගෙන් දැනුම් දීම මිස (වෙනත් කිසිවක් මා සතු නොවේ.) කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්හට පිටුපාන්නේද එවිට නියත වශයෙන්ම ඔහුට නිරා ගින්න ඇත. ඔවුහු එහි නිරන්තරයෙන්ම සදාතනිකයින් වෙති.

### الآية 72:24

> ﻿حَتَّىٰ إِذَا رَأَوْا مَا يُوعَدُونَ فَسَيَعْلَمُونَ مَنْ أَضْعَفُ نَاصِرًا وَأَقَلُّ عَدَدًا [72:24]

අවසානයේ ප්‍රතිඥා දෙනු ලබන දෑ ඔවුහු දුටු විට උදව්කරුගෙන් වඩාත් දුර්වල කවුරුන් දැයි ද සංඛ්‍යාවෙන් වඩාත් අඩු කවුරුන් දැයි ද ඔවුහු මතු දැන ගනු ඇත.

### الآية 72:25

> ﻿قُلْ إِنْ أَدْرِي أَقَرِيبٌ مَا تُوعَدُونَ أَمْ يَجْعَلُ لَهُ رَبِّي أَمَدًا [72:25]

“නුඹලාට ප්‍රතිඥා දෙනු ලබන දෑ සමීප ද? එසේ නැතහොත් මාගේ පරමාධිපති එයට දිගු කලක් තබා ඇත්තේදැයි ද මම නොදනිමි” යැයි නුඹ පවසනු.

### الآية 72:26

> ﻿عَالِمُ الْغَيْبِ فَلَا يُظْهِرُ عَلَىٰ غَيْبِهِ أَحَدًا [72:26]

ඔහු ගුප්ත දෑ දන්නාය. එහෙයින් ඔහුගේ ගුප්ත දෑ කිසිවකුට ඔහු හෙළිදරව් නොකරයි.

### الآية 72:27

> ﻿إِلَّا مَنِ ارْتَضَىٰ مِنْ رَسُولٍ فَإِنَّهُ يَسْلُكُ مِنْ بَيْنِ يَدَيْهِ وَمِنْ خَلْفِهِ رَصَدًا [72:27]

නමුත් රසූල්වරයකුගෙන් ඔහු තෝරා ගත් අයට හැර. එවිට ඔහු ඉදිරියෙන් හා ඔහු පසුපසින් නියත වශයෙන්ම ඔහු ආරක්ෂකයින් ගමන් කරවනු ඇත.

### الآية 72:28

> ﻿لِيَعْلَمَ أَنْ قَدْ أَبْلَغُوا رِسَالَاتِ رَبِّهِمْ وَأَحَاطَ بِمَا لَدَيْهِمْ وَأَحْصَىٰ كُلَّ شَيْءٍ عَدَدًا [72:28]

ඔවුන්ගේ පරමාධිපතිගේ දූත පණිවිඩ ඔවුන් දැනුම් දී ඇත්තේදැයි ඔහු දැන ගනු පිණිසය. ඔවුන් සමග ඇති දෑ පිළිබඳ ව ඔහු සර්ව ප්‍රකාරයෙන් දැන සිටියි. තවද සියලු දෑ ගණන් කොට තබා ඇත.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/72.md)
- [كل تفاسير سورة الجن
](https://quranpedia.net/surah-tafsir/72.md)
- [ترجمات سورة الجن
](https://quranpedia.net/translations/72.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/72/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
