---
title: "ترجمة سورة المدّثر - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/74/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/74/book/1993"
surah_id: "74"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة المدّثر - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/74/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة المدّثر - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/74/book/1993*.

Translation of Surah المدّثر from "الترجمة السنهالية" in السنهالية.

### الآية 74:1

> يَا أَيُّهَا الْمُدَّثِّرُ [74:1]

අහෝ පොරවා ගෙන සිටින්නාණනි!

### الآية 74:2

> ﻿قُمْ فَأَنْذِرْ [74:2]

නුඹ නැගී සිට, අවවාද කරනු.

### الآية 74:3

> ﻿وَرَبَّكَ فَكَبِّرْ [74:3]

තවද නුඹගේ පරමාධිපති උත්කෘෂ්ට කරනු.

### الآية 74:4

> ﻿وَثِيَابَكَ فَطَهِّرْ [74:4]

තවද නුඹගේ වස්ත්‍රය පිරිසිදු කරනු.

### الآية 74:5

> ﻿وَالرُّجْزَ فَاهْجُرْ [74:5]

තවද කිලිට්ටෙන් වළකිනු.

### الآية 74:6

> ﻿وَلَا تَمْنُنْ تَسْتَكْثِرُ [74:6]

නුඹ අධික වශයෙන් ලබන්නට බලාපොරොත්තු වී උපකාර නොකරනු.

### الآية 74:7

> ﻿وَلِرَبِّكَ فَاصْبِرْ [74:7]

තවද නුඹේ පරමාධිපති වෙනුවෙන් නුඹ ඉවසනු.

### الآية 74:8

> ﻿فَإِذَا نُقِرَ فِي النَّاقُورِ [74:8]

හොරණෑවෙහි හඬ නිකුත් කරනු ලැබූ විට

### الآية 74:9

> ﻿فَذَٰلِكَ يَوْمَئِذٍ يَوْمٌ عَسِيرٌ [74:9]

එය දුෂ්කර දිනයක් වනු ඇත.

### الآية 74:10

> ﻿عَلَى الْكَافِرِينَ غَيْرُ يَسِيرٍ [74:10]

දේව ප්‍රතික්ෂේපකයින්ට පහසු නොවන

### الآية 74:11

> ﻿ذَرْنِي وَمَنْ خَلَقْتُ وَحِيدًا [74:11]

මා හා මා මැවූ අය නුඹ තනි ව අත හැර දමනු.

### الآية 74:12

> ﻿وَجَعَلْتُ لَهُ مَالًا مَمْدُودًا [74:12]

තවද මම ඔහුට දිගු වශයෙන් ධනය ද

### الآية 74:13

> ﻿وَبَنِينَ شُهُودًا [74:13]

ඉදිරියේ සිටින දරුවන් ද ඇති කළෙමි.

### الآية 74:14

> ﻿وَمَهَّدْتُ لَهُ تَمْهِيدًا [74:14]

තවද (සියල්ල) පහසු කරමින් මම ඔහුට දිගු හැර දුනිමි.

### الآية 74:15

> ﻿ثُمَّ يَطْمَعُ أَنْ أَزِيدَ [74:15]

පසු ව ද මම වැඩියෙන් දිය යුතු යැයි ඔහු ප්‍රිය කරන්නේය.

### الآية 74:16

> ﻿كَلَّا ۖ إِنَّهُ كَانَ لِآيَاتِنَا عَنِيدًا [74:16]

එසේ නොව නියත වශයෙන්ම ඔහු අපගේ වදන් වලට විරුද්ධ විය.

### الآية 74:17

> ﻿سَأُرْهِقُهُ صَعُودًا [74:17]

ඔහුට දරුණු දඬුවමක් මම මතු පටවන්නෙමි.

### الآية 74:18

> ﻿إِنَّهُ فَكَّرَ وَقَدَّرَ [74:18]

නියත වශයෙන්ම ඔහු කල්පනා කොට සැලසුම් යෙදුවේය.

### الآية 74:19

> ﻿فَقُتِلَ كَيْفَ قَدَّرَ [74:19]

ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?

### الآية 74:20

> ﻿ثُمَّ قُتِلَ كَيْفَ قَدَّرَ [74:20]

පසු ව ද ඔහු විනාශ කරනු ලැබීය. ඔහු කෙසේ නම් සැලසුම් කළේද?

### الآية 74:21

> ﻿ثُمَّ نَظَرَ [74:21]

පසු ව ඔහු අධීක්ෂණය කර බැලීය.

### الآية 74:22

> ﻿ثُمَّ عَبَسَ وَبَسَرَ [74:22]

පසු ව ඔහු රවා කිපුණේය.

### الآية 74:23

> ﻿ثُمَّ أَدْبَرَ وَاسْتَكْبَرَ [74:23]

පසු ව ඔහු පිටු පා උඩඟු විය.

### الآية 74:24

> ﻿فَقَالَ إِنْ هَٰذَا إِلَّا سِحْرٌ يُؤْثَرُ [74:24]

එවිට මෙය පැවත එන හූනියමක් මිස නැත.

### الآية 74:25

> ﻿إِنْ هَٰذَا إِلَّا قَوْلُ الْبَشَرِ [74:25]

මෙය මිනිසාගේ ප්‍රකාශයක් මිස නැතැයි” ඔහු පැවසුවේය.

### الآية 74:26

> ﻿سَأُصْلِيهِ سَقَرَ [74:26]

මම ඔහු සකර්(නම් නිරය)ට මතු ඇතුළත් කරමි.

### الآية 74:27

> ﻿وَمَا أَدْرَاكَ مَا سَقَرُ [74:27]

සකර් යනු කුමක්දැ?යි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

### الآية 74:28

> ﻿لَا تُبْقِي وَلَا تَذَرُ [74:28]

එය (කිසිවක්) ඉතිරි නොකරයි. තවද අත් හැර නොදමයි.

### الآية 74:29

> ﻿لَوَّاحَةٌ لِلْبَشَرِ [74:29]

සම දැඩි ලෙස දවාලන්නකි

### الآية 74:30

> ﻿عَلَيْهَا تِسْعَةَ عَشَرَ [74:30]

ඒ මත දහනව දෙනෙකි.

### الآية 74:31

> ﻿وَمَا جَعَلْنَا أَصْحَابَ النَّارِ إِلَّا مَلَائِكَةً ۙ وَمَا جَعَلْنَا عِدَّتَهُمْ إِلَّا فِتْنَةً لِلَّذِينَ كَفَرُوا لِيَسْتَيْقِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَيَزْدَادَ الَّذِينَ آمَنُوا إِيمَانًا ۙ وَلَا يَرْتَابَ الَّذِينَ أُوتُوا الْكِتَابَ وَالْمُؤْمِنُونَ ۙ وَلِيَقُولَ الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ وَالْكَافِرُونَ مَاذَا أَرَادَ اللَّهُ بِهَٰذَا مَثَلًا ۚ كَذَٰلِكَ يُضِلُّ اللَّهُ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَمَا يَعْلَمُ جُنُودَ رَبِّكَ إِلَّا هُوَ ۚ وَمَا هِيَ إِلَّا ذِكْرَىٰ لِلْبَشَرِ [74:31]

නිරයේ සගයින් මලක්වරුන් මිස (වෙනත් අය) අපි පත් නොකළෙමු. දෙවියන් ප්‍රතික්ෂේප කළවුනට මොවුන්ගේ සංඛ්‍යාව පරීක්ෂණයක් ලෙසින් මිස අපි පත් නොකළෙමු. එය දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් ස්ථාවරත්වයට පත් වනු පිණිසත්ය. තවද දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන්ගේ විශ්වාසය වර්ධනය කරනු පිණිසත් දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් හා දෙවියන් කෙරෙහි විශ්වාසය තැබූවන් සැක නොකරනු පිණිසත්ය. එමෙන්ම මෙමගින් උපමාවක් ලෙසින් අල්ලාහ් අදහස් කරනුයේ කුමක්දැයි තම සිත් තුළ රෝග ඇතිවුන් හා දෙවියන් ගැන ප්‍රතික්ෂේප කළවුන් පවසනු පිණිසත්ය. එලෙස අල්ලාහ් තමන් අභිමත කරන අය නොමග යවයි. තවද තමන් අභිමත කරන අයට මග පෙන්වයි. නුඹගේ පරමාධිපතිගේ සේනාව ගැන ඔහු හැර වෙනත් කිසිවෙක් නොදනී. මෙය මිනිසුනට මෙනෙහි කිරීමක් මිස නැත.

### الآية 74:32

> ﻿كَلَّا وَالْقَمَرِ [74:32]

එසේ නොව සඳු මත දිවුරමින්

### الآية 74:33

> ﻿وَاللَّيْلِ إِذْ أَدْبَرَ [74:33]

රාත්‍රිය ගෙවී යන විට එය මත දිවුරමින්.

### الآية 74:34

> ﻿وَالصُّبْحِ إِذَا أَسْفَرَ [74:34]

අරුණෝදය උදා වන විට එය මත දිවුරමින්.

### الآية 74:35

> ﻿إِنَّهَا لَإِحْدَى الْكُبَرِ [74:35]

නියත වශයෙන්ම එය (නිරය) බලවත් දැයින් එකකි.

### الآية 74:36

> ﻿نَذِيرًا لِلْبَشَرِ [74:36]

මිනිසාට අවවාදයක් වශයෙනි.

### الآية 74:37

> ﻿لِمَنْ شَاءَ مِنْكُمْ أَنْ يَتَقَدَّمَ أَوْ يَتَأَخَّرَ [74:37]

එය නුඹලා අතුරින් පෙරට යාමට හෝ පසුබැස රැඳෙන්නට කැමති අය වෙනුවෙනි.

### الآية 74:38

> ﻿كُلُّ نَفْسٍ بِمَا كَسَبَتْ رَهِينَةٌ [74:38]

සෑම ආත්මයක්ම තමන් උපයා ගත් දෑ වෙනුවෙන් ඇපය.

### الآية 74:39

> ﻿إِلَّا أَصْحَابَ الْيَمِينِ [74:39]

නමුත් දකුණුපස ජනයා හැර.

### الآية 74:40

> ﻿فِي جَنَّاتٍ يَتَسَاءَلُونَ [74:40]

ඔවුන් ස්වර්ග උයන් මත සිට විමසති.

### الآية 74:41

> ﻿عَنِ الْمُجْرِمِينَ [74:41]

වැරදි කරුවන්ගෙන්

### الآية 74:42

> ﻿مَا سَلَكَكُمْ فِي سَقَرَ [74:42]

නුඹලා සකර් තුළට ගෙන ආවේ කුමක්දැයි

### الآية 74:43

> ﻿قَالُوا لَمْ نَكُ مِنَ الْمُصَلِّينَ [74:43]

අපි සලාත් ඉටු කරන්නන් අතුරින් නොවූයෙමු යැයි ඔවුහු පැවසූහ.

### الآية 74:44

> ﻿وَلَمْ نَكُ نُطْعِمُ الْمِسْكِينَ [74:44]

තවද අපි දිළිඳුන්ට ආහාර සපයමින් නොසිටියෙමු.

### الآية 74:45

> ﻿وَكُنَّا نَخُوضُ مَعَ الْخَائِضِينَ [74:45]

තවද අපි ඵලක් නැත්තන් සමග වී නිෂ්ඵල කතාවන්හි නිරත ව සිටියෙමු.

### الآية 74:46

> ﻿وَكُنَّا نُكَذِّبُ بِيَوْمِ الدِّينِ [74:46]

තවද අපි විනිශ්චය දිනය බොරු කරමින් සිටියෙමු.

### الآية 74:47

> ﻿حَتَّىٰ أَتَانَا الْيَقِينُ [74:47]

ස්ථීර දෑ අප වෙත පැමිණෙන තෙක්

### الآية 74:48

> ﻿فَمَا تَنْفَعُهُمْ شَفَاعَةُ الشَّافِعِينَ [74:48]

එහෙයින් මැදිහත්වන්නන්ගේ මැදිහත්වීම ඔවුනට ඵලක් නොවන්නේය.

### الآية 74:49

> ﻿فَمَا لَهُمْ عَنِ التَّذْكِرَةِ مُعْرِضِينَ [74:49]

එහෙයින් ඔවුනට කුමක් වී ද? ඔවුන් මෙනෙහි කිරීම පිටුදකින්නේය

### الآية 74:50

> ﻿كَأَنَّهُمْ حُمُرٌ مُسْتَنْفِرَةٌ [74:50]

ඔවුන් තැති ගත් බූරුවන් මෙනි

### الآية 74:51

> ﻿فَرَّتْ مِنْ قَسْوَرَةٍ [74:51]

සිංහ ගොදුරින් පලා යන

### الآية 74:52

> ﻿بَلْ يُرِيدُ كُلُّ امْرِئٍ مِنْهُمْ أَنْ يُؤْتَىٰ صُحُفًا مُنَشَّرَةً [74:52]

එසේ නොව දිගු හරින ලද පත්‍රිකාවන් තමන්ට ද දෙනු ලැබිය යුතු යැයි ඔවුන් අතුරින් සෑම කෙනෙකුම අපේක්ෂා කරනු ඇත.

### الآية 74:53

> ﻿كَلَّا ۖ بَلْ لَا يَخَافُونَ الْآخِرَةَ [74:53]

එසේ නොව ඔවුන් මතු ලොව පිළිබඳ බිය නොවෙති.

### الآية 74:54

> ﻿كَلَّا إِنَّهُ تَذْكِرَةٌ [74:54]

එසේ නොව නියත වශයෙන්ම එය උපදෙසකි.

### الآية 74:55

> ﻿فَمَنْ شَاءَ ذَكَرَهُ [74:55]

එහෙයින් කවරෙකු අභිමත කරන්නේ ද ඔහු එයින් උපදෙස් ලබත්වා!

### الآية 74:56

> ﻿وَمَا يَذْكُرُونَ إِلَّا أَنْ يَشَاءَ اللَّهُ ۚ هُوَ أَهْلُ التَّقْوَىٰ وَأَهْلُ الْمَغْفِرَةِ [74:56]

අල්ලාහ් අභිමත කරන්නේ නම් මිස ඔවුහු උපදෙස් නොලබති. ඔහු බැතිමත්කම ලබන්නට සුදුස්සාය. එමෙන්ම සමාව දායාද කරන්නට ද සුදුස්සාය.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/74.md)
- [كل تفاسير سورة المدّثر
](https://quranpedia.net/surah-tafsir/74.md)
- [ترجمات سورة المدّثر
](https://quranpedia.net/translations/74.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/74/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
