---
title: "ترجمة سورة الإنفطار - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/82/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/82/book/1993"
surah_id: "82"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة الإنفطار - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/82/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الإنفطار - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/82/book/1993*.

Translation of Surah الإنفطار from "الترجمة السنهالية" in السنهالية.

### الآية 82:1

> إِذَا السَّمَاءُ انْفَطَرَتْ [82:1]

අහස පිපිරී වෙන් ව ගිය විට

### الآية 82:2

> ﻿وَإِذَا الْكَوَاكِبُ انْتَثَرَتْ [82:2]

තවද තාරුකාවන් වැටී විසිරී ගිය විට

### الآية 82:3

> ﻿وَإِذَا الْبِحَارُ فُجِّرَتْ [82:3]

තවද සමුද්‍රයන් පුපුරා (එකිනෙක මිශ‍්‍ර වී) ගලා යන විට

### الآية 82:4

> ﻿وَإِذَا الْقُبُورُ بُعْثِرَتْ [82:4]

තවද මිනී වළවල් (ඒ තුළ තැන්පත් කර ඇති මළ මිනී) පෙරළා දමනු ලබන විට

### الآية 82:5

> ﻿عَلِمَتْ نَفْسٌ مَا قَدَّمَتْ وَأَخَّرَتْ [82:5]

සෑම ආත්මයක් ම තමන් ඉදිරිපත් කළ හා පසුවට ඉතිරි කළ දෑ දැන ගනු ඇත.

### الآية 82:6

> ﻿يَا أَيُّهَا الْإِنْسَانُ مَا غَرَّكَ بِرَبِّكَ الْكَرِيمِ [82:6]

අහෝ මිනිස! ගෞරවනීය නුඹගේ පරමාධිපති පිළිබඳ ව නුඹ ව මංමුළා කළේ කුමක් ද?

### الآية 82:7

> ﻿الَّذِي خَلَقَكَ فَسَوَّاكَ فَعَدَلَكَ [82:7]

නුඹ ව හැඩගස්වා නුඹට සමබරතාව ඇති කළේ ඔහුය.

### الآية 82:8

> ﻿فِي أَيِّ صُورَةٍ مَا شَاءَ رَكَّبَكَ [82:8]

කවර රූපයකින් නුඹ ව හැඩ ගැස්වීමට ඔහු අභිමත කළේ ද ඒ අයුරින් නුඹ මවා,

### الآية 82:9

> ﻿كَلَّا بَلْ تُكَذِّبُونَ بِالدِّينِ [82:9]

නො එසේය, නමුත් නුඹලා විනිශ්චය පිළිබඳ බොරු කරන්නෙහුය.

### الآية 82:10

> ﻿وَإِنَّ عَلَيْكُمْ لَحَافِظِينَ [82:10]

නියත වශයෙන්ම නුඹලා මත (මලාඉකාවරුන් වන) ආරක්ෂකයින් ඇත

### الآية 82:11

> ﻿كِرَامًا كَاتِبِينَ [82:11]

ගෞරවනීය ලේඛකයින්

### الآية 82:12

> ﻿يَعْلَمُونَ مَا تَفْعَلُونَ [82:12]

ඔවුහු නුඹලා කරන දෑ පිළිබඳ දන්නෝය.

### الآية 82:13

> ﻿إِنَّ الْأَبْرَارَ لَفِي نَعِيمٍ [82:13]

නියත වශයෙන්ම දැහැමියන් සුව සැපයෙහි ය.

### الآية 82:14

> ﻿وَإِنَّ الْفُجَّارَ لَفِي جَحِيمٍ [82:14]

තවද නියත වශයෙන්ම අධර්මිෂ්ඨයින් නිරයෙහි ය.

### الآية 82:15

> ﻿يَصْلَوْنَهَا يَوْمَ الدِّينِ [82:15]

විනිශ්චය දිනයේ ඔවුහු එහි පිවිසෙන්නෝය.

### الآية 82:16

> ﻿وَمَا هُمْ عَنْهَا بِغَائِبِينَ [82:16]

තවද ඔවුහු (නොපැමිණ) එයින් සැඟවී සිටින්නන් නොවෙති.

### الآية 82:17

> ﻿وَمَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ [82:17]

විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

### الآية 82:18

> ﻿ثُمَّ مَا أَدْرَاكَ مَا يَوْمُ الدِّينِ [82:18]

පසු ව ද විනිශ්ච දිනය කුමක් දැයි නුඹ ව දැනුවත් කළේ කුමක් ද?

### الآية 82:19

> ﻿يَوْمَ لَا تَمْلِكُ نَفْسٌ لِنَفْسٍ شَيْئًا ۖ وَالْأَمْرُ يَوْمَئِذٍ لِلَّهِ [82:19]

එදින ආත්මයක් තවත් ආත්මයකට කිසිවකින් (හෝ පිහිටවීමේ) බලය නොදරනු ඇත. එදින සියලු කරුණු අල්ලාහ් වෙත ය.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/82.md)
- [كل تفاسير سورة الإنفطار
](https://quranpedia.net/surah-tafsir/82.md)
- [ترجمات سورة الإنفطار
](https://quranpedia.net/translations/82.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/82/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
