---
title: "ترجمة سورة البروج - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/85/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/85/book/1993"
surah_id: "85"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة البروج - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/85/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة البروج - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/85/book/1993*.

Translation of Surah البروج from "الترجمة السنهالية" in السنهالية.

### الآية 85:1

> وَالسَّمَاءِ ذَاتِ الْبُرُوجِ [85:1]

ග්‍රහ මණ්ඩලයන් ගෙන් යුත් අහස මත ද,

### الآية 85:2

> ﻿وَالْيَوْمِ الْمَوْعُودِ [85:2]

ප්‍රතිඥා දෙනු ලැබූ දිනය මත ද,

### الآية 85:3

> ﻿وَشَاهِدٍ وَمَشْهُودٍ [85:3]

සාක්ෂි දරන්නා හා සාක්ෂි දරනු ලබන දේ මත ද දිවුරමින්.

### الآية 85:4

> ﻿قُتِلَ أَصْحَابُ الْأُخْدُودِ [85:4]

අගල් වැසියෝ (අල්ලාහ් විසින්) විනාශ කරනු ලැබුවෝය.

### الآية 85:5

> ﻿النَّارِ ذَاتِ الْوَقُودِ [85:5]

ඉන්ධන වලින් යුක්ත ගින්නෙන් වූ

### الآية 85:6

> ﻿إِذْ هُمْ عَلَيْهَا قُعُودٌ [85:6]

ඔවුහු ඒ මත වාඩි වී සිටියෝය.

### الآية 85:7

> ﻿وَهُمْ عَلَىٰ مَا يَفْعَلُونَ بِالْمُؤْمِنِينَ شُهُودٌ [85:7]

එකල් හි විශ්වාස කළවුන්හට ඔවුන් කරමින් සිටි දෑ ඔවුහු නරඹමින් (ඒ මත වාඩි වී සිටියෝය.)

### الآية 85:8

> ﻿وَمَا نَقَمُوا مِنْهُمْ إِلَّا أَنْ يُؤْمِنُوا بِاللَّهِ الْعَزِيزِ الْحَمِيدِ [85:8]

ප්‍රශංසාලාභී සර්ව බලපරාක්‍රම අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන් මිස ඔවුහු ඔවුන්ගෙන් පළි නොගත්තෝය.

### الآية 85:9

> ﻿الَّذِي لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ [85:9]

අහස් හා මහපොළොවෙහි රාජ්‍ය බලය සතු (අල්ලාහ් ව ඔවුන් විශ්වාස කිරීමේ හේතුවෙන්) තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා ය.

### الآية 85:10

> ﻿إِنَّ الَّذِينَ فَتَنُوا الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ ثُمَّ لَمْ يَتُوبُوا فَلَهُمْ عَذَابُ جَهَنَّمَ وَلَهُمْ عَذَابُ الْحَرِيقِ [85:10]

නියත වශයෙන්ම විශ්වාස කරන පිරිමින්ට හා විශ්වාස කරන කාන්තාවන්ට හිංසා කර, පසු ව පශ්චාත්තාප නොවූවන් වන ඔවුනට නිරයේ දඬුවම ද තවද ඔවුනට පිලිස්සෙන ගින්නෙහි දඬුවම ද ඇත.

### الآية 85:11

> ﻿إِنَّ الَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَهُمْ جَنَّاتٌ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ ۚ ذَٰلِكَ الْفَوْزُ الْكَبِيرُ [85:11]

සැබැවින්ම විශ්වාස කොට යහකම් කළවුන් වන ඔවුනට ඊට පහළින් ගංගාවන් ගලා බසින (ස්වර්ග) උයන් ඇත. එයයි අති මහත් ජයග්‍රහණය.

### الآية 85:12

> ﻿إِنَّ بَطْشَ رَبِّكَ لَشَدِيدٌ [85:12]

නියත වශයෙන්ම නුඹගේ පරමාධිපතිගේ ග්‍රහණය ඉතා දැඩි ය.

### الآية 85:13

> ﻿إِنَّهُ هُوَ يُبْدِئُ وَيُعِيدُ [85:13]

(පූර්වාදර්ශයක් නොමැති ව) නිර්මාණය කරන්නේ ද යළි සකස් කරන්නේ ද ඔහුමය.

### الآية 85:14

> ﻿وَهُوَ الْغَفُورُ الْوَدُودُ [85:14]

ඔහු අති ක්ෂමාශීලී ය. මහත් දයාලු ය.

### الآية 85:15

> ﻿ذُو الْعَرْشِ الْمَجِيدُ [85:15]

කීර්තිමත් අර්ෂ්හි (රාජ්‍යයෙහි) හිමිකරු ය.

### الآية 85:16

> ﻿فَعَّالٌ لِمَا يُرِيدُ [85:16]

ඔහු සිතන දේ මැනවින් කරන්නා ය.

### الآية 85:17

> ﻿هَلْ أَتَاكَ حَدِيثُ الْجُنُودِ [85:17]

(නබිවරය) නුඹට ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද?

### الآية 85:18

> ﻿فِرْعَوْنَ وَثَمُودَ [85:18]

ෆිර්අවුන් හා සමූද් (ප්‍රජාවන්ගේ පුවත පැමිණියේ ද?)

### الآية 85:19

> ﻿بَلِ الَّذِينَ كَفَرُوا فِي تَكْذِيبٍ [85:19]

නමුත් ප්‍රතික්ෂේප කළවුන් බොරු කිරීමෙහි ය.

### الآية 85:20

> ﻿وَاللَّهُ مِنْ وَرَائِهِمْ مُحِيطٌ [85:20]

තවද අල්ලාහ් ඔවුන්ගේ පසුපසින් වෙළාගන්නා ය.

### الآية 85:21

> ﻿بَلْ هُوَ قُرْآنٌ مَجِيدٌ [85:21]

නමුත් එය කීර්තිමත් කුර්ආනය වේ.

### الآية 85:22

> ﻿فِي لَوْحٍ مَحْفُوظٍ [85:22]

ආරක්ෂා කරනු ලැබූ ඵලකයෙහි වූ

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/85.md)
- [كل تفاسير سورة البروج
](https://quranpedia.net/surah-tafsir/85.md)
- [ترجمات سورة البروج
](https://quranpedia.net/translations/85.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/85/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
