---
title: "ترجمة سورة الطارق - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/86/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/86/book/1993"
surah_id: "86"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة الطارق - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/86/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الطارق - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/86/book/1993*.

Translation of Surah الطارق from "الترجمة السنهالية" in السنهالية.

### الآية 86:1

> وَالسَّمَاءِ وَالطَّارِقِ [86:1]

අහස මත ද තාරික් මත ද දිවුරමින්.

### الآية 86:2

> ﻿وَمَا أَدْرَاكَ مَا الطَّارِقُ [86:2]

තාරික් යනු කුමක් දැයි නුඹට දැනුම් දුන්නේ කුමක් ද?

### الآية 86:3

> ﻿النَّجْمُ الثَّاقِبُ [86:3]

(එය) අඳුර පසාරු කරමින් බැබළෙන තාරකාවකි.

### الآية 86:4

> ﻿إِنْ كُلُّ نَفْسٍ لَمَّا عَلَيْهَا حَافِظٌ [86:4]

නිරීක්ෂකයෙකුගෙන් තොර ව කිසිදු ආත්මයක් නොමැත.

### الآية 86:5

> ﻿فَلْيَنْظُرِ الْإِنْسَانُ مِمَّ خُلِقَ [86:5]

මිනිසා තමන් මවනු ලැබුවේ කුමකින් දැයි සිතා බලත්වා !

### الآية 86:6

> ﻿خُلِقَ مِنْ مَاءٍ دَافِقٍ [86:6]

විදින ජලයෙන් ඔහු මවනු ලැබුවේය.

### الآية 86:7

> ﻿يَخْرُجُ مِنْ بَيْنِ الصُّلْبِ وَالتَّرَائِبِ [86:7]

කොන්ද හා පපු පෙදෙස අතරින් පිටවන

### الآية 86:8

> ﻿إِنَّهُ عَلَىٰ رَجْعِهِ لَقَادِرٌ [86:8]

සැබැවින්ම ඔහු නැවත ඔහු ව ගෙන්වා ගැනීමට ශක්තිවන්තයා ය.

### الآية 86:9

> ﻿يَوْمَ تُبْلَى السَّرَائِرُ [86:9]

රහස්‍ය දෑ පිරික්සනු ලබන දින.

### الآية 86:10

> ﻿فَمَا لَهُ مِنْ قُوَّةٍ وَلَا نَاصِرٍ [86:10]

එවිට කිසිදු බලයක් හෝ කිසිදු උදව් කරුවෙකු හෝ ඔහුට නොමැත.

### الآية 86:11

> ﻿وَالسَّمَاءِ ذَاتِ الرَّجْعِ [86:11]

තවද (වර්ෂාව නැවත) නැවත ලබා දෙන ස්වභාවයෙන් යුත් අහස මත ද දිවුරමින්

### الآية 86:12

> ﻿وَالْأَرْضِ ذَاتِ الصَّدْعِ [86:12]

පැළීම් ස්වභාවයෙන් යුත් මහපොළොව මත ද දිවුරමින්

### الآية 86:13

> ﻿إِنَّهُ لَقَوْلٌ فَصْلٌ [86:13]

සැබැවින්ම එය තීරණාත්මක වදනකි.

### الآية 86:14

> ﻿وَمَا هُوَ بِالْهَزْلِ [86:14]

තවද එය සරදමක් නොවේ.

### الآية 86:15

> ﻿إِنَّهُمْ يَكِيدُونَ كَيْدًا [86:15]

සැබැවින්ම ඔවුන් කුමන්ත්‍රණයක් කුමන්ත්‍රණය කරති.

### الآية 86:16

> ﻿وَأَكِيدُ كَيْدًا [86:16]

මම ද සැලසුමක් සැලසුම් කරමි.

### الآية 86:17

> ﻿فَمَهِّلِ الْكَافِرِينَ أَمْهِلْهُمْ رُوَيْدًا [86:17]

එබැවින් ප්‍රතික්ෂේපකයින්ට නුඹ අවකාශය දෙනු. තවද ඔවුනට ස්වල්ප කලකට අවකාශය සලසා දෙනු.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/86.md)
- [كل تفاسير سورة الطارق
](https://quranpedia.net/surah-tafsir/86.md)
- [ترجمات سورة الطارق
](https://quranpedia.net/translations/86.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/86/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
