---
title: "ترجمة سورة الفجر - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/89/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/89/book/1993"
surah_id: "89"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة الفجر - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/89/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الفجر - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/89/book/1993*.

Translation of Surah الفجر from "الترجمة السنهالية" in السنهالية.

### الآية 89:1

> وَالْفَجْرِ [89:1]

අරුණෝදය මත ද දිවුරමින්.

### الآية 89:2

> ﻿وَلَيَالٍ عَشْرٍ [89:2]

දස රාත්‍රියන් මත ද (දිවුරමින්.)

### الآية 89:3

> ﻿وَالشَّفْعِ وَالْوَتْرِ [89:3]

ඉරට්ටේ හා ඔත්තේ මත ද (දිවුරමින්.)

### الآية 89:4

> ﻿وَاللَّيْلِ إِذَا يَسْرِ [89:4]

රාත්‍රිය ගෙවී යන විට ඒ මත ද දිවුරමින්.

### الآية 89:5

> ﻿هَلْ فِي ذَٰلِكَ قَسَمٌ لِذِي حِجْرٍ [89:5]

නුවණ ඇති අයට එහි (ප්‍රමාණවත්) දිවුරුමක් ඇත් ද?

### الآية 89:6

> ﻿أَلَمْ تَرَ كَيْفَ فَعَلَ رَبُّكَ بِعَادٍ [89:6]

ඉරම් නගරයේ ආද් ජනයාට නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ?

### الآية 89:7

> ﻿إِرَمَ ذَاتِ الْعِمَادِ [89:7]

කුලුනු වලින් යුක්ත

### الآية 89:8

> ﻿الَّتِي لَمْ يُخْلَقْ مِثْلُهَا فِي الْبِلَادِ [89:8]

ඒවා මෙන් කිසිවක් (වෙනත්) දේශයන්හි නිර්මාණය කරනු නොලැබූ

### الآية 89:9

> ﻿وَثَمُودَ الَّذِينَ جَابُوا الصَّخْرَ بِالْوَادِ [89:9]

නිම්නයන්හි ගල් පර්වත කැනූ සමූද් ජනයාටත්, (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ?)

### الآية 89:10

> ﻿وَفِرْعَوْنَ ذِي الْأَوْتَادِ [89:10]

රිටි වලට හිමිකම් පෑ ෆිර්අවුන්(ගේ වර්ගයාට)ත් (නුඹගේ පරමාධිපති කවර අයුරින් කටයුතු කළේ දැයි නුඹ නොදුටුවෙහි ද ? )

### الآية 89:11

> ﻿الَّذِينَ طَغَوْا فِي الْبِلَادِ [89:11]

දේශයන්හි සීමා ව ඉක්මවා ගිය

### الآية 89:12

> ﻿فَأَكْثَرُوا فِيهَا الْفَسَادَ [89:12]

ඔවුහු එහි කලහකම් අධික ලෙස සිදු කළෝය.

### الآية 89:13

> ﻿فَصَبَّ عَلَيْهِمْ رَبُّكَ سَوْطَ عَذَابٍ [89:13]

එහෙයින් නුඹගේ පරමාධිපති ඔවුන් මත වේදනාවේ කසය (දඬුවම) හෙළුවේය.

### الآية 89:14

> ﻿إِنَّ رَبَّكَ لَبِالْمِرْصَادِ [89:14]

සැබැවින්ම නුඹගේ පරමාධිපති සුපරික්ෂාකාරී ව සිටින්නාය.

### الآية 89:15

> ﻿فَأَمَّا الْإِنْسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ [89:15]

එනමුත් මිනිසා වූ කලී, ඔහුගේ පරමාධිපති ඔහු ව පරීක්ෂාවට ලක් කර, පසු ව ඔහුට උපකාර කර ඔහුට දායාදයන් පිරිනැමූ කල්හි “මාගේ පරමාධිපති මට උපකාර කළේය” යැයි ඔහු පවසයි.

### الآية 89:16

> ﻿وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي أَهَانَنِ [89:16]

තවද ඔහු ව පරීක්ෂාවට ලක් කර පසු ව ඔහුගේ ජීවන සම්පත් ඔහුට සීමා කළ කල්හි එවිට ඔහු “මාගේ පරමාධිපති මට අවමන් කළේය” යැයි පවසයි.

### الآية 89:17

> ﻿كَلَّا ۖ بَلْ لَا تُكْرِمُونَ الْيَتِيمَ [89:17]

නොඑසේය, නුඹලා අනාථයාට උපකාර නොකරන්නෙහුය.

### الآية 89:18

> ﻿وَلَا تَحَاضُّونَ عَلَىٰ طَعَامِ الْمِسْكِينِ [89:18]

තවද නුඹලා දුගියාට ආහාර සැපයීම කෙරෙහි දිරි නොගන්වන්නෙහුය. ත

### الآية 89:19

> ﻿وَتَأْكُلُونَ التُّرَاثَ أَكْلًا لَمًّا [89:19]

තවද නුඹලා උරුමයන් (නීත්‍යනුකූල නොවන පරිදි) දැඩි ලෙස අනුභව කරන්නෙහුය.

### الآية 89:20

> ﻿وَتُحِبُّونَ الْمَالَ حُبًّا جَمًّا [89:20]

එමෙන්ම අප්‍රමාණ ළැදියාවකින් ධනයට ඇලුම් කරන්නෙහුය.

### الآية 89:21

> ﻿كَلَّا إِذَا دُكَّتِ الْأَرْضُ دَكًّا دَكًّا [89:21]

එසේ නොව, මහපොළොව කැබලි කැබලි වශයෙන් සුනු විසුනු කරනු ලැබූ කල්හි

### الآية 89:22

> ﻿وَجَاءَ رَبُّكَ وَالْمَلَكُ صَفًّا صَفًّا [89:22]

තවද මලක්වරු පෙළින් පෙළට (පෙළ ගැසී) සිටියදී නුඹගේ පරමාධිපති පැමිණෙන්නේය.

### الآية 89:23

> ﻿وَجِيءَ يَوْمَئِذٍ بِجَهَنَّمَ ۚ يَوْمَئِذٍ يَتَذَكَّرُ الْإِنْسَانُ وَأَنَّىٰ لَهُ الذِّكْرَىٰ [89:23]

තවද එදින නිරය ගෙන එනු ලැබේ. එදින මිනිසා සිහිපත් කරයි. එම සිහිපත් කිරීම ඔහුට කෙසේ (නම් ඵලක්) වන්නේ ද?

### الآية 89:24

> ﻿يَقُولُ يَا لَيْتَنِي قَدَّمْتُ لِحَيَاتِي [89:24]

“අහෝ! මම මාගේ ජීවිතය වෙනුවෙන් කල් ඇති ව (යහකම්) සිදු කරන්නට තිබුණා නොවේ” දැයි ඔහු පවසයි.

### الآية 89:25

> ﻿فَيَوْمَئِذٍ لَا يُعَذِّبُ عَذَابَهُ أَحَدٌ [89:25]

එවිට එදින ඔහුගේ දඬුවම මෙන් කිසිවෙක් දඬුවම් නොකරයි.

### الآية 89:26

> ﻿وَلَا يُوثِقُ وَثَاقَهُ أَحَدٌ [89:26]

තවද ඔහුගේ බැඳීම මෙන් කිසිවෙක් (අපරාධකරුවන් ව) බැඳ නොතබන්නේය.

### الآية 89:27

> ﻿يَا أَيَّتُهَا النَّفْسُ الْمُطْمَئِنَّةُ [89:27]

“අහෝ සැනසුමට පත් ආත්මය!

### الآية 89:28

> ﻿ارْجِعِي إِلَىٰ رَبِّكِ رَاضِيَةً مَرْضِيَّةً [89:28]

නුඹ තෘප්තියට පත් වන්නෙකු ලෙස ද තෘප්තියට පත් කරනු ලබන්නෙකු ලෙස ද නුඹගේ පරමාධිපති වෙත හැරී යනු.

### الآية 89:29

> ﻿فَادْخُلِي فِي عِبَادِي [89:29]

එවිට (අල්ලාහ් මෙසේ පවසයි) නුඹ මාගේ ගැත්තන් අතරට යනු.

### الآية 89:30

> ﻿وَادْخُلِي جَنَّتِي [89:30]

තවද මාගේ ස්වර්ගයට පිවිසෙනු.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/89.md)
- [كل تفاسير سورة الفجر
](https://quranpedia.net/surah-tafsir/89.md)
- [ترجمات سورة الفجر
](https://quranpedia.net/translations/89.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/89/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
