---
title: "ترجمة سورة التوبة - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/9/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/9/book/1993"
surah_id: "9"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة التوبة - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/9/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة التوبة - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/9/book/1993*.

Translation of Surah التوبة from "الترجمة السنهالية" in السنهالية.

### الآية 9:1

> ﻿بَرَاءَةٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ [9:1]

(මෙය) දේව ආදේශ කරන්නන් අතුරින් නුඹලා ගිවිසුම් ඇති කර ගත් අය වෙත වූ අල්ලාහ්ගෙන් හා ඔහුගේ දූතයාණන්ගෙන් වූ ඉවත් වීමේ ප්‍රකාශයයි.

### الآية 9:2

> ﻿فَسِيحُوا فِي الْأَرْضِ أَرْبَعَةَ أَشْهُرٍ وَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۙ وَأَنَّ اللَّهَ مُخْزِي الْكَافِرِينَ [9:2]

මාස හතරක් මෙම භූමියේ සැරිසරනු. නියත වශයෙන්ම නුඹලා අල්ලාහ් ව නිෂ්ඵල කරන්නට හැකියාවන්ත නොවන බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව ප්‍රතික්ෂේපකයින් අවමන් කරන්නා බවත් නුඹලා දැන ගනු.

### الآية 9:3

> ﻿وَأَذَانٌ مِنَ اللَّهِ وَرَسُولِهِ إِلَى النَّاسِ يَوْمَ الْحَجِّ الْأَكْبَرِ أَنَّ اللَّهَ بَرِيءٌ مِنَ الْمُشْرِكِينَ ۙ وَرَسُولُهُ ۚ فَإِنْ تُبْتُمْ فَهُوَ خَيْرٌ لَكُمْ ۖ وَإِنْ تَوَلَّيْتُمْ فَاعْلَمُوا أَنَّكُمْ غَيْرُ مُعْجِزِي اللَّهِ ۗ وَبَشِّرِ الَّذِينَ كَفَرُوا بِعَذَابٍ أَلِيمٍ [9:3]

සැබැවින්ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ආදේශ තබන්නන් ගෙන් ඉවත් විය. (මේ බව) මහා හජ් දිනයෙහි අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් වූ දැනුම් දීමය. නුඹලා පශ්චාත්තාප වී මිදුණේ නම් එවිට එය නුඹලාට යහපත්ය. තවද නුඹලා පිටුපෑවෙහු නම් එවිට සැබැවින්ම නුඹලා අල්ලාහ් ව නිෂ්ඵල කරන්නට හැකියාවන්ත නොවන බව දැනගනු. ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් ඇති බව නුඹ ශුභාරංචි දන් වනු.

### الآية 9:4

> ﻿إِلَّا الَّذِينَ عَاهَدْتُمْ مِنَ الْمُشْرِكِينَ ثُمَّ لَمْ يَنْقُصُوكُمْ شَيْئًا وَلَمْ يُظَاهِرُوا عَلَيْكُمْ أَحَدًا فَأَتِمُّوا إِلَيْهِمْ عَهْدَهُمْ إِلَىٰ مُدَّتِهِمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ [9:4]

නමුත් ආදේශ කරන්නන් අතුරින් නුඹලා ගිවිස ගත් පසු නුඹලාට (එම ගිවිසුමෙහි) කිසිදු අඩුවක් නොකර නුඹලාට එරෙහි ව කිසිවෙකුට උර නොදුන් අය හැර. එහෙයින් ඔවුන්ගේ නියමිත කාලය දක්වා ඔවුන්ගේ ගිවිසුම ඔවුන් වෙත පූර්ණ ව ඉටු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.

### الآية 9:5

> ﻿فَإِذَا انْسَلَخَ الْأَشْهُرُ الْحُرُمُ فَاقْتُلُوا الْمُشْرِكِينَ حَيْثُ وَجَدْتُمُوهُمْ وَخُذُوهُمْ وَاحْصُرُوهُمْ وَاقْعُدُوا لَهُمْ كُلَّ مَرْصَدٍ ۚ فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَخَلُّوا سَبِيلَهُمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ [9:5]

ශුද්ධ මාස ගෙවී ගිය පසු නුඹලා ආදේශ කරන්නන් නසා දමනු. තවද ඔවුන් ව අල්ලා ගනු. තවද ඔවුන් ව වටලනු. (ඔවුන්) යන එන සෑම තැනකම ඔවුනට එරෙහි ව (රැක) වාඩි වී සිටිනු. නමුත් ඔවුන් පසුතැවිලි වී මිදී සලාතය විධිමත් ව ඉටු කොට zසකාත් ද පිරිනැමුවේ නම් ඔවුන්ගේ මාර්ගයේ ඔවුන් ව නුඹලා අත හැර දමනු. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.

### الآية 9:6

> ﻿وَإِنْ أَحَدٌ مِنَ الْمُشْرِكِينَ اسْتَجَارَكَ فَأَجِرْهُ حَتَّىٰ يَسْمَعَ كَلَامَ اللَّهِ ثُمَّ أَبْلِغْهُ مَأْمَنَهُ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ قَوْمٌ لَا يَعْلَمُونَ [9:6]

ආදේශ කරන්නන් අතුරින් එක් අයකු නුඹගෙන් රැකවරණය පැතුවේ නම් එවිට ඔහු අල්ලාහ්ගේ වදනට සවන් දෙන තෙක් නුඹ ඔහුට රැකවරණය දෙනු. පසු ව ඔහු ආරක්ෂිතව සිටිය හැකි ස්ථානයක් වෙත ඔහු ව සේන්දු කරනු. හේතුව නියත වශයෙන්ම ඔවුන් නොදන්නා පිරිසක් බැවිනි.

### الآية 9:7

> ﻿كَيْفَ يَكُونُ لِلْمُشْرِكِينَ عَهْدٌ عِنْدَ اللَّهِ وَعِنْدَ رَسُولِهِ إِلَّا الَّذِينَ عَاهَدْتُمْ عِنْدَ الْمَسْجِدِ الْحَرَامِ ۖ فَمَا اسْتَقَامُوا لَكُمْ فَاسْتَقِيمُوا لَهُمْ ۚ إِنَّ اللَّهَ يُحِبُّ الْمُتَّقِينَ [9:7]

මස්ජිදුල් හරාම් අසල නුඹලා ගිවිස ගත් උදවියට හැර ආදේශ කරන්නන්හට අල්ලාහ් වෙතින් හා ඔහුගේ දූතයාණන් වෙතින් ගිවිසුමක් ඇති වන්නේ කෙසේ ද?. ඔවුන් නුඹලාට ඍජු ව කටයුතු කරන තාක් කල් නුඹලා ද ඔවුනට ඍජු ව කටයුතු කරනු. නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් ප්‍රිය කරයි.

### الآية 9:8

> ﻿كَيْفَ وَإِنْ يَظْهَرُوا عَلَيْكُمْ لَا يَرْقُبُوا فِيكُمْ إِلًّا وَلَا ذِمَّةً ۚ يُرْضُونَكُمْ بِأَفْوَاهِهِمْ وَتَأْبَىٰ قُلُوبُهُمْ وَأَكْثَرُهُمْ فَاسِقُونَ [9:8]

(ගිවිසුම පවතිනුයේ) කෙසේ ද නුඹලාට එරෙහි ව ඔවුන් ජය ලබන්නේ නම් නුඹලා සමඟ පවතින සම්බන්ධතාව හෝ ගිවිසුම හෝ ඔවුන් නොසලකා හරිති. ඔවුන්ගේ කටින් නුඹලා ව තෘප්තියට පත් කරති. නමුත් ඔවුන්ගේ හදවත් එයට පිළිකුල් කරති. තවද ඔවුන්ගෙන් බහුතරයක් පාපතරයෝය.

### الآية 9:9

> ﻿اشْتَرَوْا بِآيَاتِ اللَّهِ ثَمَنًا قَلِيلًا فَصَدُّوا عَنْ سَبِيلِهِ ۚ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ [9:9]

ඔවුන් අල්ලාහ්ගේ වදන් ස්වල්ප මිලකට විකුණුවෝය. එහෙයින් ඔවුහු ඔහු(අල්ලාහ්)ගේ මාර්ගයෙන් වැළැක්වූහ. නියත වශයෙන්ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.‍

### الآية 9:10

> ﻿لَا يَرْقُبُونَ فِي مُؤْمِنٍ إِلًّا وَلَا ذِمَّةً ۚ وَأُولَٰئِكَ هُمُ الْمُعْتَدُونَ [9:10]

දේව විශ්වාසවන්තයකු විෂයයෙහි කිසිදු (ඥාතී) සම්බන්ධතාවක් හෝ ගිවිසුමක් ගැන හෝ ඔවුහු සැලකිලිමත් නොවෙති. තවද ඔවුහුමය සීමාව ඉක්මවා ගියවුන් වන්නෝ.

### الآية 9:11

> ﻿فَإِنْ تَابُوا وَأَقَامُوا الصَّلَاةَ وَآتَوُا الزَّكَاةَ فَإِخْوَانُكُمْ فِي الدِّينِ ۗ وَنُفَصِّلُ الْآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ [9:11]

නමුත් ඔවුහු පශ්චාත්තාප වී (වරදින්) මිදී සලාතය ද විධිමත් ව ඉටු කර zසකාතය ද පිරිනැමුවේ නම් එවිට ඔවුහු දහමෙහි නුඹලාගේ සහෝදරයෝ වෙති. තවද වටහා ගන්නා පිරිසට අපි මෙම වදන් පැහැදිලි කරන්නෙමු.

### الآية 9:12

> ﻿وَإِنْ نَكَثُوا أَيْمَانَهُمْ مِنْ بَعْدِ عَهْدِهِمْ وَطَعَنُوا فِي دِينِكُمْ فَقَاتِلُوا أَئِمَّةَ الْكُفْرِ ۙ إِنَّهُمْ لَا أَيْمَانَ لَهُمْ لَعَلَّهُمْ يَنْتَهُونَ [9:12]

ඔවුන් ගිවිස ගත් පසු ඔවුන්ගේ ගිවිසුම කඩ කොට නුඹලාගේ දහම පිළිබඳ ව ඔවුන් දොස් නැගුවේ නම් එවිට නුඹලා දේව ප්‍රතික්ෂේපිත නායකයින් සමඟ සටන් වදිනු. (එම වැරදි ගමනින්) ඔවුන් වැළකී සිටිය හැකි වනු පිණිස නියත වශයෙන්ම ඔවුනට කිසිදු ගිවිසුමක් නොවිය යුතුය.

### الآية 9:13

> ﻿أَلَا تُقَاتِلُونَ قَوْمًا نَكَثُوا أَيْمَانَهُمْ وَهَمُّوا بِإِخْرَاجِ الرَّسُولِ وَهُمْ بَدَءُوكُمْ أَوَّلَ مَرَّةٍ ۚ أَتَخْشَوْنَهُمْ ۚ فَاللَّهُ أَحَقُّ أَنْ تَخْشَوْهُ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ [9:13]

ඔවුන්ගේ ගිවිසුම බිද දමා මෙම දූතයාණන් ව පිටුවහල් කිරීමට සැලසුම් කළ පිරිස තමන් විසින් නුඹලා සමඟ (සටන් කිරීමට) පළමු වර ආරම්භ කළ තත්ත්වයේ ඔවුන් සමඟ නුඹලා සටන් කළ යුතු නොවේ ද? නුඹලා ඔවුනට බිය වන්නෙහු ද? නුඹලා විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් නුඹලා බිය වීමට වඩාත් සුදුස්සා වන්නේ අල්ලාහ්ය.

### الآية 9:14

> ﻿قَاتِلُوهُمْ يُعَذِّبْهُمُ اللَّهُ بِأَيْدِيكُمْ وَيُخْزِهِمْ وَيَنْصُرْكُمْ عَلَيْهِمْ وَيَشْفِ صُدُورَ قَوْمٍ مُؤْمِنِينَ [9:14]

ඔවුන් සමඟ සටන් කරනු. නුඹලාගේ අත් වලින් අල්ලාහ් ඔවුනට දඬුවම් කරයි. තවද ඔවුන් ව අවමානයට පත් කරයි. ඔවුනට එරෙහි ව නුඹලාට උදව් කරයි. දේව විශ්වාසවන්ත පිරිසගේ හදවත් හි ඔහු සුවය ඇති කරයි.

### الآية 9:15

> ﻿وَيُذْهِبْ غَيْظَ قُلُوبِهِمْ ۗ وَيَتُوبُ اللَّهُ عَلَىٰ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ [9:15]

තවද ඔවුන්ගේ හදවත් හි ඇති කෝපය ඔහු පහ කරයි. තමන් අභිමත කරන අය වෙත අල්ලාහ් සමාව ලබා දෙයි. තවද අල්ලාහ් සර්ව ඥානීය. සියුම් ඥානය ඇත්තාය.

### الآية 9:16

> ﻿أَمْ حَسِبْتُمْ أَنْ تُتْرَكُوا وَلَمَّا يَعْلَمِ اللَّهُ الَّذِينَ جَاهَدُوا مِنْكُمْ وَلَمْ يَتَّخِذُوا مِنْ دُونِ اللَّهِ وَلَا رَسُولِهِ وَلَا الْمُؤْمِنِينَ وَلِيجَةً ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ [9:16]

නුඹලා අතුරින් (යුද්ධයට) කැපවන්නන් ගැන ද අල්ලාහ් ද ඔහුගේ රසූල්වරයා ද දේව විශ්වාසවන්තයින් ද හැර වෙනත් අය සුහද මිතුරන් ලෙස නොගත් අය ගැන ද ඔහු (පරීක්ෂාවට ලක් කර) නොදැනුවත් ව අත හැර දමනු ලබනු ඇතැයි නුඹලා සිතන්නෙහු ද? තවද අල්ලාහ් නුඹලා කරන දෑ පිළිබඳ ව සර්ව ඥානීය.

### الآية 9:17

> ﻿مَا كَانَ لِلْمُشْرِكِينَ أَنْ يَعْمُرُوا مَسَاجِدَ اللَّهِ شَاهِدِينَ عَلَىٰ أَنْفُسِهِمْ بِالْكُفْرِ ۚ أُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ وَفِي النَّارِ هُمْ خَالِدُونَ [9:17]

ආදේශ තබන්නන් (තමන්ගේ) දේව ප්‍රතික්ෂේපය ගැන තමන්ට එරෙහි ව සාක්ෂි දරන්නන් ලෙස සිටිය දී අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කිරීම ඔවුනට සුදුසු නොවෙති. තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහුය. තවද නිරා ගින්නේ ඔවුහු සදාතනිකයෝ වෙති.

### الآية 9:18

> ﻿إِنَّمَا يَعْمُرُ مَسَاجِدَ اللَّهِ مَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَأَقَامَ الصَّلَاةَ وَآتَى الزَّكَاةَ وَلَمْ يَخْشَ إِلَّا اللَّهَ ۖ فَعَسَىٰ أُولَٰئِكَ أَنْ يَكُونُوا مِنَ الْمُهْتَدِينَ [9:18]

අල්ලාහ්ගේ මස්ජිදයන් පරිපාලනය කරනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට සලාතය විධිමත් ව ඉටු කර zසකාතය ද පිරිනමා අල්ලාහ් හැර වෙන කිසිවකුට බිය නොවූ අයයි. ඔවුහු යහ මඟ ලැබූවන් අතුරින් සිටීම යෙහෙකි.

### الآية 9:19

> ﻿۞ أَجَعَلْتُمْ سِقَايَةَ الْحَاجِّ وَعِمَارَةَ الْمَسْجِدِ الْحَرَامِ كَمَنْ آمَنَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَجَاهَدَ فِي سَبِيلِ اللَّهِ ۚ لَا يَسْتَوُونَ عِنْدَ اللَّهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ [9:19]

හජ් වන්දනාකරුවන්ට ජලය සපයා මස්ජිදුල් හරාමය පරිපාලනය කරන්නන් ව අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කොට අල්ලාහ්ගේ මාර්ගයේ කැපවූවන් මෙන් නුඹලා පත් කළෙහි ද? අල්ලාහ් අබියස ඔවුන් එක සමාන නොවෙති. තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නොපෙන්වයි.

### الآية 9:20

> ﻿الَّذِينَ آمَنُوا وَهَاجَرُوا وَجَاهَدُوا فِي سَبِيلِ اللَّهِ بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ أَعْظَمُ دَرَجَةً عِنْدَ اللَّهِ ۚ وَأُولَٰئِكَ هُمُ الْفَائِزُونَ [9:20]

විශ්වාස කොට (තම වාසස්ථාන වලින්) නික්ම ගොස් අල්ලාහ්ගේ මාර්ගයේ තම ධනය හා ජීවිත පරිත්‍යාග කළවුන් අල්ලාහ් අබියස නිලයෙන් අති මහත් අය වෙති. තවද ජයග්‍රහකයෝ ඔවුහුමය.

### الآية 9:21

> ﻿يُبَشِّرُهُمْ رَبُّهُمْ بِرَحْمَةٍ مِنْهُ وَرِضْوَانٍ وَجَنَّاتٍ لَهُمْ فِيهَا نَعِيمٌ مُقِيمٌ [9:21]

ඔවුන්ගේ පරමාධිපති ඔහුගෙන් වූ දයාව තෘප්තිය හා (ස්වර්ග) උයන් පිළිබඳ ව ඔවුනට ශුභාරංචි දන්වයි. සදා ස්ථායී සුවය එහි ඔවුනට ඇත.

### الآية 9:22

> ﻿خَالِدِينَ فِيهَا أَبَدًا ۚ إِنَّ اللَّهَ عِنْدَهُ أَجْرٌ عَظِيمٌ [9:22]

(ඔවුහු) එහි කවදත් සදාතනිකයින් වෙති. නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහු අබියස අතිමහත් ප්‍රතිඵල ඇත.

### الآية 9:23

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا لَا تَتَّخِذُوا آبَاءَكُمْ وَإِخْوَانَكُمْ أَوْلِيَاءَ إِنِ اسْتَحَبُّوا الْكُفْرَ عَلَى الْإِيمَانِ ۚ وَمَنْ يَتَوَلَّهُمْ مِنْكُمْ فَأُولَٰئِكَ هُمُ الظَّالِمُونَ [9:23]

අහෝ විශ්වාස කළවුනි !, නුඹලාගේ පියවරුන් හා නුඹලාගේ සහෝදරයින් දේව විශ්වාසයට වඩා දේව ප්‍රතික්ෂේපය ප්‍රිය කළේ නම් ඔවුන් ව භාරකරුවන් ලෙස නුඹලා නොගනු. නුඹලා අතුරින් කවරෙකු ඔවුන් භාරකරුවන් ලෙස ගන්නේ ද ඔවුහුමය අපරාධකරුවෝ.

### الآية 9:24

> ﻿قُلْ إِنْ كَانَ آبَاؤُكُمْ وَأَبْنَاؤُكُمْ وَإِخْوَانُكُمْ وَأَزْوَاجُكُمْ وَعَشِيرَتُكُمْ وَأَمْوَالٌ اقْتَرَفْتُمُوهَا وَتِجَارَةٌ تَخْشَوْنَ كَسَادَهَا وَمَسَاكِنُ تَرْضَوْنَهَا أَحَبَّ إِلَيْكُمْ مِنَ اللَّهِ وَرَسُولِهِ وَجِهَادٍ فِي سَبِيلِهِ فَتَرَبَّصُوا حَتَّىٰ يَأْتِيَ اللَّهُ بِأَمْرِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ [9:24]

නුඹලාගේ පියවරුන්, නුඹලාගේ දරුවන්, නුඹලාගේ සහෝදරයන්, නුඹලාගේ කලත්‍රයන්, නුඹලාගේ පවුලේ ඥාතීන්, නුඹලා උපයන ධනය, පාඩු ලබනු ඇතැයි නුඹලා බිය වන ව්‍යාපාරය නුඹලා ප්‍රිය කරන වාසස්ථාන අල්ලාහ්ටත් ඔහුගේ රසූල්වරයාටත් ඔහුගේ මාර්ගයේ කැපවීමටත් වඩා නුඹලා වෙත ප්‍රිය මනාප නම් එවිට අල්ලාහ් ඔහුගේ නියෝගය ගෙන එන තෙක් නුඹලා අපේක්ෂාවෙන් සිටිනු. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ නොපෙන්වයි.

### الآية 9:25

> ﻿لَقَدْ نَصَرَكُمُ اللَّهُ فِي مَوَاطِنَ كَثِيرَةٍ ۙ وَيَوْمَ حُنَيْنٍ ۙ إِذْ أَعْجَبَتْكُمْ كَثْرَتُكُمْ فَلَمْ تُغْنِ عَنْكُمْ شَيْئًا وَضَاقَتْ عَلَيْكُمُ الْأَرْضُ بِمَا رَحُبَتْ ثُمَّ وَلَّيْتُمْ مُدْبِرِينَ [9:25]

සැබැවින්ම අල්ලාහ් බොහෝ තැන් වල නුඹලාට උදව් කළේය. තවද හුනෙයින් දිනයෙහි නුඹලාගේ අධිකත්වය නුඹලා ව මවිත කළ අවස්ථාවේ නුඹලාට කිසිවක් ප්‍රයෝජනවත් නොවීය. මහපොළොව එය පුළුල් ව තිබුණ ද නුඹලාට පටු විය. පසු ව නුඹලා පසුපසලමින් පලා ගියෙහුය.

### الآية 9:26

> ﻿ثُمَّ أَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَىٰ رَسُولِهِ وَعَلَى الْمُؤْمِنِينَ وَأَنْزَلَ جُنُودًا لَمْ تَرَوْهَا وَعَذَّبَ الَّذِينَ كَفَرُوا ۚ وَذَٰلِكَ جَزَاءُ الْكَافِرِينَ [9:26]

පසු ව අල්ලාහ් ඔහුගේ ශාන්තභාවය ඔහුගේ දූතයාණන් වෙත හා දේව විශ්වාසවන්තයින් වෙත පහළ කළේය. තවද නුඹලා නුදුටු සේනාවන් ඔහු පහළ කළේය. ප්‍රතික්ෂේප කළවුන්ට දඬුවම් කළේය. එය දේව ප්‍රතික්ෂේපකයින්ගේ ප්‍රතිවිපාකයයි.

### الآية 9:27

> ﻿ثُمَّ يَتُوبُ اللَّهُ مِنْ بَعْدِ ذَٰلِكَ عَلَىٰ مَنْ يَشَاءُ ۗ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ [9:27]

ඉන් පසු ව අල්ලාහ් තමන් අභිමත කරන අයට (ඔවුන්ගේ) පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය කරුණා ගුණයෙන් යුක්තය.

### الآية 9:28

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّمَا الْمُشْرِكُونَ نَجَسٌ فَلَا يَقْرَبُوا الْمَسْجِدَ الْحَرَامَ بَعْدَ عَامِهِمْ هَٰذَا ۚ وَإِنْ خِفْتُمْ عَيْلَةً فَسَوْفَ يُغْنِيكُمُ اللَّهُ مِنْ فَضْلِهِ إِنْ شَاءَ ۚ إِنَّ اللَّهَ عَلِيمٌ حَكِيمٌ [9:28]

විශ්වාස කළවුනි, දේව ආදේශ කරන්නන් කිලිටිය. එබැවින් ඔවුන්ගේ මෙම වසරට පසු ව ඔවුන් මස්ජිදුල් හරාමයට සමීප නොවිය යුතුය. තවද නුඹලා දිළිඳුකමට බිය වූයේ නම් ඔහු අභිමත කළේ නම් ඔහුගේ භාග්‍යය තුළින් අල්ලාහ් නුඹලා ව ධනවත්භාවයට පත් කරනු ඇත. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව ඥානීය. සියුම් ඥානය ඇත්තාය.

### الآية 9:29

> ﻿قَاتِلُوا الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَلَا بِالْيَوْمِ الْآخِرِ وَلَا يُحَرِّمُونَ مَا حَرَّمَ اللَّهُ وَرَسُولُهُ وَلَا يَدِينُونَ دِينَ الْحَقِّ مِنَ الَّذِينَ أُوتُوا الْكِتَابَ حَتَّىٰ يُعْطُوا الْجِزْيَةَ عَنْ يَدٍ وَهُمْ صَاغِرُونَ [9:29]

දේව ග්‍රන්ථ දෙනු ලැබූවන් අතුරින් අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන, අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් තහනම් කළ දෑ තහනම් නොකරන, සත්‍ය දහම පිළි නොපදින අය සමඟ ඔවුන් යටහත් පහත් වී (ස්ව කැමැත්තෙන්) ජිසියා බදු තම අතින් දෙන තෙක් ඔවුන් සමඟ නුඹලා සටන් වදිනු.

### الآية 9:30

> ﻿وَقَالَتِ الْيَهُودُ عُزَيْرٌ ابْنُ اللَّهِ وَقَالَتِ النَّصَارَى الْمَسِيحُ ابْنُ اللَّهِ ۖ ذَٰلِكَ قَوْلُهُمْ بِأَفْوَاهِهِمْ ۖ يُضَاهِئُونَ قَوْلَ الَّذِينَ كَفَرُوا مِنْ قَبْلُ ۚ قَاتَلَهُمُ اللَّهُ ۚ أَنَّىٰ يُؤْفَكُونَ [9:30]

උසෙයිර් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව යුදෙව්වෝ පැවසූහ. එමෙන්ම මසීහ් අල්ලාහ්ගේ පුත්‍රයාණන් බව කිතුනුවෝ පැවසූහ. එය ඔවුන්ගේ මුවවල් වලින් පවසන ඔවුන්ගේ ප්‍රකාශයයි. මීට පෙර ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශයට ඔවුහු සමාන වූහ. අල්ලාහ් ඔවුන් ව විනාශ කරයි. ඔවුන් වෙනතකට යොමු කරනු ලබනුයේ කෙසේ ද?

### الآية 9:31

> ﻿اتَّخَذُوا أَحْبَارَهُمْ وَرُهْبَانَهُمْ أَرْبَابًا مِنْ دُونِ اللَّهِ وَالْمَسِيحَ ابْنَ مَرْيَمَ وَمَا أُمِرُوا إِلَّا لِيَعْبُدُوا إِلَٰهًا وَاحِدًا ۖ لَا إِلَٰهَ إِلَّا هُوَ ۚ سُبْحَانَهُ عَمَّا يُشْرِكُونَ [9:31]

අල්ලාහ්ගෙන් තොර ව ඔවුහු ඔවුන්ගේ ආගමික විද්වතුන් ද ඔවුන්ගේ ආගමික නායකයින් ද මර්යම්ගේ පුත් මසීහ් ව ද දෙවිවරුන් ලෙස ගත්තෝය. ඔහු හැර වෙනත් දෙවිඳෙකු නොමැත. ඔවුන් ආදේශ කරන දැයින් ඔහු පිවිතුරුය.

### الآية 9:32

> ﻿يُرِيدُونَ أَنْ يُطْفِئُوا نُورَ اللَّهِ بِأَفْوَاهِهِمْ وَيَأْبَى اللَّهُ إِلَّا أَنْ يُتِمَّ نُورَهُ وَلَوْ كَرِهَ الْكَافِرُونَ [9:32]

අල්ලාහ්ගේ ආලෝකය තම කටවල් වලින් (පිඹ) නිවා දැමීමට ඔවුහු අපේක්ෂා කරති. දේව ප්‍රතික්ෂේපකයින් පිළිකුල් කළ ද අල්ලාහ් ඔහුගේ ආලෝකය ඔහු පූර්ණවත් නොකර අත හැර නොදමයි.

### الآية 9:33

> ﻿هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَىٰ وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ [9:33]

දේව ආදේශකයින් පිළිකුල් කළ ද සියලු දහම් වලට වඩා ඔහුගේ දහම හෙළිකර (උතුම් භාවයට පත් කර)නු පිණිස යහ මඟ හා සත්‍යය දහම සමඟ තම දූතයාණන් ව එව්වේ ඔහුමය.

### الآية 9:34

> ﻿۞ يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِنَّ كَثِيرًا مِنَ الْأَحْبَارِ وَالرُّهْبَانِ لَيَأْكُلُونَ أَمْوَالَ النَّاسِ بِالْبَاطِلِ وَيَصُدُّونَ عَنْ سَبِيلِ اللَّهِ ۗ وَالَّذِينَ يَكْنِزُونَ الذَّهَبَ وَالْفِضَّةَ وَلَا يُنْفِقُونَهَا فِي سَبِيلِ اللَّهِ فَبَشِّرْهُمْ بِعَذَابٍ أَلِيمٍ [9:34]

අහෝ විශ්වාස කළවුනි ! ආගමික විද්වතුන් හා ආගමික නායකයින්ගෙන් බහුතරයක් දෙනා ජනයාගේ වස්තුව වැරදි ලෙසින් අනුභව කරති. අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) වළකති. තවද ඔවුහු රන් රිදී ගොඩ ගසා ගනිති. අල්ලාහ්ගේ මාර්ගයේ ඒවා වියදම් නොකරති. එබැවින් වේදනා සහගත දඬුවමක් ඇති බව නුඹ ඔවුනට ශුභාරංචි පවසනු.

### الآية 9:35

> ﻿يَوْمَ يُحْمَىٰ عَلَيْهَا فِي نَارِ جَهَنَّمَ فَتُكْوَىٰ بِهَا جِبَاهُهُمْ وَجُنُوبُهُمْ وَظُهُورُهُمْ ۖ هَٰذَا مَا كَنَزْتُمْ لِأَنْفُسِكُمْ فَذُوقُوا مَا كُنْتُمْ تَكْنِزُونَ [9:35]

එදින ඒවා නිරා ගින්නෙහි රත් කරනු ලැබේ. පසු ව මේවා නුඹලා නිධන් ගත කළ දෑය. එබැවින් නුඹලා නිධන් ගත කරමින් සිටි දෑ භුක්ති විදිනු (යැයි පවසමින්) ඔවුන්ගේ නළල් මත ද ඔවුන්ගේ ඇලපත් මත ද ඔවුන්ගේ පිටවල් මත ද හංවඩු ගසනු ලැබේ.

### الآية 9:36

> ﻿إِنَّ عِدَّةَ الشُّهُورِ عِنْدَ اللَّهِ اثْنَا عَشَرَ شَهْرًا فِي كِتَابِ اللَّهِ يَوْمَ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ ۚ ذَٰلِكَ الدِّينُ الْقَيِّمُ ۚ فَلَا تَظْلِمُوا فِيهِنَّ أَنْفُسَكُمْ ۚ وَقَاتِلُوا الْمُشْرِكِينَ كَافَّةً كَمَا يُقَاتِلُونَكُمْ كَافَّةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ [9:36]

නියත වශයෙන්ම අහස් හා මහපොළොව මැවූ දින අල්ලාහ්ගේ නියමයෙහි අල්ලාහ් අබියස මාස ගණන මාස දොළොසකි. ඒවායින් සිව් මසක් පාරිශුද්ධය. එයයි ඍජු දහම වනුයේ. එබැවින් ඒවායෙහි නුඹලා නුඹලාටම අපරාධ කර නොගනු. දේව ආදේශකයින් නුඹලා සමඟ සියල්ලෙහි (සියලු මාසයන්හි) යුද වදිනාක් මෙන් නුඹලා ද ඔවුන් සමඟ සියල්ලෙහි යුද වදිනු. තවද සැබැවින්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුත් අය සමඟ යැයි නුඹලා දැන ගනු.

### الآية 9:37

> ﻿إِنَّمَا النَّسِيءُ زِيَادَةٌ فِي الْكُفْرِ ۖ يُضَلُّ بِهِ الَّذِينَ كَفَرُوا يُحِلُّونَهُ عَامًا وَيُحَرِّمُونَهُ عَامًا لِيُوَاطِئُوا عِدَّةَ مَا حَرَّمَ اللَّهُ فَيُحِلُّوا مَا حَرَّمَ اللَّهُ ۚ زُيِّنَ لَهُمْ سُوءُ أَعْمَالِهِمْ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ [9:37]

නියත වශයෙන්ම (තහනම් කළ මාස) කල් දැමීම දේව ප්‍රතික්ෂේපයේ වර්ධනයකි. ප්‍රතික්ෂේප කළවුන් එමගින් නොමඟ යති. ඔවුහු වසරක් එය අනුමත කරති. තවත් වසරක් එය තහනම් කරති. එය අල්ලාහ් පාරිශුද්ධ කළ දෑහි ගණන සාපේක්ෂ කරනු පිණිසය. ඒ අනුව අල්ලාහ් තහනම් කළ දෑ ඔවුහු අනුමත කරති. ඔවුන්ගේ ක්‍රියාවන්හි නපුර ඔවුනට අලංකාර කර පෙන්වන ලදී. තවද අල්ලාහ් දේව ප්‍රතික්ෂේපිත ජනයාට මඟ නොපෙන්වයි.

### الآية 9:38

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا مَا لَكُمْ إِذَا قِيلَ لَكُمُ انْفِرُوا فِي سَبِيلِ اللَّهِ اثَّاقَلْتُمْ إِلَى الْأَرْضِ ۚ أَرَضِيتُمْ بِالْحَيَاةِ الدُّنْيَا مِنَ الْآخِرَةِ ۚ فَمَا مَتَاعُ الْحَيَاةِ الدُّنْيَا فِي الْآخِرَةِ إِلَّا قَلِيلٌ [9:38]

අහෝ ! විශ්වාස කළවුනි ! නුඹලාට කුමක් සිදු වූයේ ද? අල්ලාහ්ගේ මාර්ගයේ පිටත් ව යනු යැයි නුඹලාට පවසනු ලැබූ විට නුඹලා පොළොවට බර වූහ. මතු ලොවට වඩා මෙලොව ජීවිතය ගැන නුඹලා තෘප්තිමත් වූයෙහු ද? මෙලොව ජීවිතයේ (සතුට) භුක්ති විඳීම මතු ලොවෙහි අල්ප ප්‍රමාණයක් මිස නැත.

### الآية 9:39

> ﻿إِلَّا تَنْفِرُوا يُعَذِّبْكُمْ عَذَابًا أَلِيمًا وَيَسْتَبْدِلْ قَوْمًا غَيْرَكُمْ وَلَا تَضُرُّوهُ شَيْئًا ۗ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ [9:39]

නුඹලා පිටත් ව නොයන්නෙහු නම් වේදනීය දඬුවමකින් ඔහු නුඹලාට දඬුවම් කරයි. තවද නුඹලා වෙනුවට වෙනත් පිරිසක් පත් කරයි. එවිට නුඹලා ඔහුට කිසිවකින් හානියක් සිදු කළ නොහැක. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි ශක්තිය ඇත්තාය.

### الآية 9:40

> ﻿إِلَّا تَنْصُرُوهُ فَقَدْ نَصَرَهُ اللَّهُ إِذْ أَخْرَجَهُ الَّذِينَ كَفَرُوا ثَانِيَ اثْنَيْنِ إِذْ هُمَا فِي الْغَارِ إِذْ يَقُولُ لِصَاحِبِهِ لَا تَحْزَنْ إِنَّ اللَّهَ مَعَنَا ۖ فَأَنْزَلَ اللَّهُ سَكِينَتَهُ عَلَيْهِ وَأَيَّدَهُ بِجُنُودٍ لَمْ تَرَوْهَا وَجَعَلَ كَلِمَةَ الَّذِينَ كَفَرُوا السُّفْلَىٰ ۗ وَكَلِمَةُ اللَّهِ هِيَ الْعُلْيَا ۗ وَاللَّهُ عَزِيزٌ حَكِيمٌ [9:40]

නුඹලා (අපගේ දූතයාණන් වන) මොහුට උදව් නොකරන්නෙහු නම් (දැන ගනු) දෙදෙනාගෙන් දෙවැන්නා ලෙස ඔහු සිටියදීත් දේව ප්‍රතික්ෂේප කළවුන් ඔහු ව පිටුවහල් කළ අවස්ථාවේ දීත් ඔවුන් දෙදෙනාම එම ගුහාවෙහි සිටි අවස්ථාවේදීත් නුඹ දුක් නොවනු. නියත වශයෙන්ම අල්ලාහ් අප සමඟ යැයි ඔහු තම සඟයාට කියූ අවස්ථාවේදීත් සැබැවින්ම අල්ලාහ් ඔහුට උදව් කර ඇත. එවිට අල්ලාහ් ඔහුගේ ශාන්තිය ඔහු වෙත පහළ කළේය. නුඹලා නුදුටු සේනාවක් මඟින් ඔහු ව ශක්තිමත් කළේය. ප්‍රතික්ෂේප කළවුන්ගේ ප්‍රකාශය පහත් බවට පත් කළේය. තවද අල්ලාහ්ගේ ප්‍රකාශය වන එයමය උසස් වන්නේ. තවද අල්ලාහ් සර්ව බලධාරීය. සියුම් ඥානීය.

### الآية 9:41

> ﻿انْفِرُوا خِفَافًا وَثِقَالًا وَجَاهِدُوا بِأَمْوَالِكُمْ وَأَنْفُسِكُمْ فِي سَبِيلِ اللَّهِ ۚ ذَٰلِكُمْ خَيْرٌ لَكُمْ إِنْ كُنْتُمْ تَعْلَمُونَ [9:41]

(සේනා බලය) ස්වල්ප වශයෙන් වුව ද අධික වශයෙන් වුව ද නුඹලා පිටත් ව යනු. තවද නුඹලාගේ වස්තුව හා නුඹලාගේ ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කරනු. නුඹලා දැන සිටින්නෙහු නම් එය නුඹලාට ශ්‍රේෂ්ඨය.

### الآية 9:42

> ﻿لَوْ كَانَ عَرَضًا قَرِيبًا وَسَفَرًا قَاصِدًا لَاتَّبَعُوكَ وَلَٰكِنْ بَعُدَتْ عَلَيْهِمُ الشُّقَّةُ ۚ وَسَيَحْلِفُونَ بِاللَّهِ لَوِ اسْتَطَعْنَا لَخَرَجْنَا مَعَكُمْ يُهْلِكُونَ أَنْفُسَهُمْ وَاللَّهُ يَعْلَمُ إِنَّهُمْ لَكَاذِبُونَ [9:42]

(නබිවරය) එය සමීපයෙන් ගත හැකි භාණ්ඩයක් හා මධ්‍යස්ථ (සාමාන්‍ය) ගමනක් වී නම් ඔවුහු නුඹ ව අනුගමනය කරන්නට තිබුණි. එනමුත් යා යුතු සීමාව ඔවුනට දුරස්ථ විය. අපට හැකි නම් අප ද නුඹලා සමඟ පිට වී එන්නට තිබුණි යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. ඔවුහු ඔවුන්වම විනාශ කර ගනිති. තවද සැබැවින්ම ඔවුහු මුසාවාදීහු බව අල්ලා දනී.

### الآية 9:43

> ﻿عَفَا اللَّهُ عَنْكَ لِمَ أَذِنْتَ لَهُمْ حَتَّىٰ يَتَبَيَّنَ لَكَ الَّذِينَ صَدَقُوا وَتَعْلَمَ الْكَاذِبِينَ [9:43]

(නබිවරය !) අල්ලාහ් නුඹට සමාව දෙත්වා! සත්‍ය පැවසූවන් ගැන නුඹට පැහැදිලි වී මුසාවාදීන් පිළිබඳ නුඹ දැන ගන්නා තෙක් නුඹ ඔවුනට අවසර දුන්නේ ඇයි?

### الآية 9:44

> ﻿لَا يَسْتَأْذِنُكَ الَّذِينَ يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ أَنْ يُجَاهِدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالْمُتَّقِينَ [9:44]

අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන්නන් තම වස්තුව හා තම ජීවිතය කැප කිරීමෙන් (ඉවත් වීමට) ඔවුහු නුඹෙන් අවසර නොපතති. තවද අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් පිළිබඳ සර්ව ඥානීය.

### الآية 9:45

> ﻿إِنَّمَا يَسْتَأْذِنُكَ الَّذِينَ لَا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَارْتَابَتْ قُلُوبُهُمْ فَهُمْ فِي رَيْبِهِمْ يَتَرَدَّدُونَ [9:45]

(එසේ ඉවත් වීමට) නුඹෙන් අවසර පතනුයේ අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස නොකරන්නන්ය. ඔවුන්ගේ හදවත් සැක කළේය. එබැවින් ඔවුහු ඔවුන්ගේ සැකයෙහි පැකිළෙති.

### الآية 9:46

> ﻿۞ وَلَوْ أَرَادُوا الْخُرُوجَ لَأَعَدُّوا لَهُ عُدَّةً وَلَٰكِنْ كَرِهَ اللَّهُ انْبِعَاثَهُمْ فَثَبَّطَهُمْ وَقِيلَ اقْعُدُوا مَعَ الْقَاعِدِينَ [9:46]

තවද ඔවුන් පිටත් වීමට සිතුවේ නම් ඒ සඳහා සූදානමකින් සූදානම් වන්නට තිබුණි. එනමුත් ඔවුන් පිටත් ව යෑම අල්ලාහ් පිළිකුල් කළේය. එබැවින් ඔවුනට ඔහු මැළිකම ඇති කළේය. තවද වාඩි වී සිටින්නන් සමඟ නුඹලා ද වාඩි වී සිටිනු යැයි පවසනු ලැබීය.

### الآية 9:47

> ﻿لَوْ خَرَجُوا فِيكُمْ مَا زَادُوكُمْ إِلَّا خَبَالًا وَلَأَوْضَعُوا خِلَالَكُمْ يَبْغُونَكُمُ الْفِتْنَةَ وَفِيكُمْ سَمَّاعُونَ لَهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ بِالظَّالِمِينَ [9:47]

ඔවුන් නුඹලා සමඟ පිටත් ව ගියේ නම් නුඹලාට නපුර මිස වෙන කිසිවක් වර්ධනය නොවන්නට තිබුණි. තවද නුඹලාට අර්බුද සොයා දෙමින් නුඹලා අතර (කේලාම්) කියන්නට තිබුණි. තවද ඔවුනට සවන් දෙන්නන් ද නුඹලා අතර වෙති. අපරාධකරුවන් පිළිබඳ අල්ලාහ් සර්ව ඥානීය.

### الآية 9:48

> ﻿لَقَدِ ابْتَغَوُا الْفِتْنَةَ مِنْ قَبْلُ وَقَلَّبُوا لَكَ الْأُمُورَ حَتَّىٰ جَاءَ الْحَقُّ وَظَهَرَ أَمْرُ اللَّهِ وَهُمْ كَارِهُونَ [9:48]

මීට පෙර ද ඔවුහු අර්බුද සොයා ගත්තෝය. තවද (අවුල් සහගත) කරුණු නුඹ වෙතට හැරෙව්වෝය. අවසානයේ සත්‍යය පැමිණියේය. තවද ඔවුන් පිළිකුල් කරන්නන් ව සිටිය දී අල්ලාහ්ගේ නියෝගය ප්‍රත්‍යක්ෂ විය.

### الآية 9:49

> ﻿وَمِنْهُمْ مَنْ يَقُولُ ائْذَنْ لِي وَلَا تَفْتِنِّي ۚ أَلَا فِي الْفِتْنَةِ سَقَطُوا ۗ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ [9:49]

මට අවසර දෙනු. මා පරීක්ෂාවට ලක් නොකරනු යැයි පවසන්නන් ද ඔවුන් අතුරින් වූහ. දැන ගනු. ඔවුහු අර්බුදයෙහි වැටුණහ. තවද සැබැවින්ම නිරය දේව ප්‍රතික්ෂේපකයින් වටලන්නකි.

### الآية 9:50

> ﻿إِنْ تُصِبْكَ حَسَنَةٌ تَسُؤْهُمْ ۖ وَإِنْ تُصِبْكَ مُصِيبَةٌ يَقُولُوا قَدْ أَخَذْنَا أَمْرَنَا مِنْ قَبْلُ وَيَتَوَلَّوْا وَهُمْ فَرِحُونَ [9:50]

නුඹට යම් යහපතක් ඇති වන්නේ නම් එය ඔවුන් දුකට පත් කරයි. තවද නුඹට යම් අභාග්‍යයක් ඇති වන්නේ නම් අපි මීට පෙරම අපගේ විෂය අපි (සූදානම් කර) ගත්තෙමු යැයි පවසා ඔවුන් සතුටුවන්නන් ලෙසින් හැරී යති.

### الآية 9:51

> ﻿قُلْ لَنْ يُصِيبَنَا إِلَّا مَا كَتَبَ اللَّهُ لَنَا هُوَ مَوْلَانَا ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ [9:51]

අල්ලාහ් අපහට නියම කළ දෑ හැර වෙනත් කිසිවක් අපට නොවන්නේමය. ඔහු අපගේ භාරකරුය. තවද දේව විශ්වාසවන්තයින් අල්ලාහ් වෙතම (සියල්ල) භාර කළ යුතු යැයි පවසනු

### الآية 9:52

> ﻿قُلْ هَلْ تَرَبَّصُونَ بِنَا إِلَّا إِحْدَى الْحُسْنَيَيْنِ ۖ وَنَحْنُ نَتَرَبَّصُ بِكُمْ أَنْ يُصِيبَكُمُ اللَّهُ بِعَذَابٍ مِنْ عِنْدِهِ أَوْ بِأَيْدِينَا ۖ فَتَرَبَّصُوا إِنَّا مَعَكُمْ مُتَرَبِّصُونَ [9:52]

(ජය හෝ වීර මරණය යන) කුසල් දෙකින් එකක් හැර වෙනත් කිසිවක් අපහට නුඹලා බලාපොරොත්තු වන්නෙහු ද? නමුත් අල්ලාහ් ඔහු වෙතින් වූ දඬුවමකින් හෝ අපගේ අත් වලින් හෝ නුඹලා හසු කරනු ඇතැයි නුඹලා ගැන අපි බලාපොරොත්තුවෙන් සිටින්නෙමු. එබැවින් නියත වශයෙන්ම අප ද නුඹලා සමඟ බලාපොරොත්තුවෙන් සිටින්නන් වෙමු යැයි (නබිවරය) නුඹ පවසනු.

### الآية 9:53

> ﻿قُلْ أَنْفِقُوا طَوْعًا أَوْ كَرْهًا لَنْ يُتَقَبَّلَ مِنْكُمْ ۖ إِنَّكُمْ كُنْتُمْ قَوْمًا فَاسِقِينَ [9:53]

කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ නුඹලා වියදම් කරනු. නුඹලාගෙන් එය පිළිගනු නොලබනු ඇත. නියත වශයෙන්ම නුඹලා පාපතර පිරිසක් ලෙසින් සිටියෙහුය.

### الآية 9:54

> ﻿وَمَا مَنَعَهُمْ أَنْ تُقْبَلَ مِنْهُمْ نَفَقَاتُهُمْ إِلَّا أَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَبِرَسُولِهِ وَلَا يَأْتُونَ الصَّلَاةَ إِلَّا وَهُمْ كُسَالَىٰ وَلَا يُنْفِقُونَ إِلَّا وَهُمْ كَارِهُونَ [9:54]

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කොට කම්මැළියන් ලෙසින් මිස සලාතයට නොපැමිණෙන (යහපත් දෑ සඳහා) අකමැත්තෙන් මිස වියදම් නොකරන හේතුවෙන් මිස ඔවුන්ගේ වියදම් කිරීම පිළි ගනු ලබන්නට (වෙන කිසිවක්) බාධා වූයේ නැත.

### الآية 9:55

> ﻿فَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ لِيُعَذِّبَهُمْ بِهَا فِي الْحَيَاةِ الدُّنْيَا وَتَزْهَقَ أَنْفُسُهُمْ وَهُمْ كَافِرُونَ [9:55]

ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දරුවන් නුඹ ව මවිතයට පත් නොකළ යුතුය. අල්ලාහ් අපේක්ෂා කරනුයේ මෙලොව ජීවිතයේ දී ඒවා මගින් ඔවුනට දඬුවම් කිරීමට හා ඔවුන් ප්‍රතික්ෂේප කරන්නන් ව සිටියදී ඔවුන්ගේ ජීවිත බැහැර වී යාමටය.

### الآية 9:56

> ﻿وَيَحْلِفُونَ بِاللَّهِ إِنَّهُمْ لَمِنْكُمْ وَمَا هُمْ مِنْكُمْ وَلَٰكِنَّهُمْ قَوْمٌ يَفْرَقُونَ [9:56]

නියත වශයෙන්ම තමන් නුඹලා අතුරින් වූවන් යැයි ඔවුහු අල්ලාහ් මත දිවුරා පවසති. නමුත් ඔවුහු නුඹලා අතුරින් නොවෙති. එනමුත් ඔවුන් (මරණයට) බිය වන පිරිසකි.

### الآية 9:57

> ﻿لَوْ يَجِدُونَ مَلْجَأً أَوْ مَغَارَاتٍ أَوْ مُدَّخَلًا لَوَلَّوْا إِلَيْهِ وَهُمْ يَجْمَحُونَ [9:57]

සැඟවෙන්නට තැනක් හෝ ගුහාවන් හෝ උමගක් හෝ ඔවුන් දුටුවේ නම් ඔවුහු ඒ වෙත වේගයෙන් පලා යනු ඇත.

### الآية 9:58

> ﻿وَمِنْهُمْ مَنْ يَلْمِزُكَ فِي الصَّدَقَاتِ فَإِنْ أُعْطُوا مِنْهَا رَضُوا وَإِنْ لَمْ يُعْطَوْا مِنْهَا إِذَا هُمْ يَسْخَطُونَ [9:58]

දානයන් සම්බන්ධයෙන් නුඹට දොස් නගන අය ද ඔවුන් අතුරින් වෙති. එවිට ඔවුනට එයින් දෙනු ලැබුවේ නම් ඔවුහු තෘප්තිමත් වෙති. තවද ඔවුනට එයින් දෙනු නොලැබුවේ නම් එවිට ඔවුහු කෝප වෙති.

### الآية 9:59

> ﻿وَلَوْ أَنَّهُمْ رَضُوا مَا آتَاهُمُ اللَّهُ وَرَسُولُهُ وَقَالُوا حَسْبُنَا اللَّهُ سَيُؤْتِينَا اللَّهُ مِنْ فَضْلِهِ وَرَسُولُهُ إِنَّا إِلَى اللَّهِ رَاغِبُونَ [9:59]

අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුනට පිරිනැමූ දෑ ගැන සැබැවින්ම ඔවුන් තෘප්තියට පත්ව අල්ලාහ් අපට ප්‍රමාණවත්ය. අල්ලාහ් ඔහුගේ භාග්‍යය තුළින් ද ඔහුගේ දූතයාණන් ද අපට පිරිනමනු ඇත. නියත වශයෙන්ම අපි අල්ලාහ් වෙතම ආශා කරන්නන් වෙමු යැයි පැවසුවේ නම් (එය කෙතරම් අගනේ ද?)

### الآية 9:60

> ﻿۞ إِنَّمَا الصَّدَقَاتُ لِلْفُقَرَاءِ وَالْمَسَاكِينِ وَالْعَامِلِينَ عَلَيْهَا وَالْمُؤَلَّفَةِ قُلُوبُهُمْ وَفِي الرِّقَابِ وَالْغَارِمِينَ وَفِي سَبِيلِ اللَّهِ وَابْنِ السَّبِيلِ ۖ فَرِيضَةً مِنَ اللَّهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ [9:60]

අල්ලාහ්ගෙන් වූ නියමයක් වශයෙන් සදකාවන් (zසකාත්) හිමි විය යුත්තේ දිළින්දන්ට ද දුගියන්ට ද ඒ සම්බන්ධ ව කටයුතු කරන සේවා දායකයින්ට ද තම හදවත් (ඉස්ලාමය වෙත) නැඹුරු වූවන්ට ද වහලුන් නිදහස් කිරීමේ දී ද ණය ගැතියන්ට ද අල්ලාහ්ගේ මාර්ගයෙහි ද මගියන්ට ද වේ. තවද අල්ලාහ් සර්ව ඥානීය. සියුම් ඥානවන්තය.

### الآية 9:61

> ﻿وَمِنْهُمُ الَّذِينَ يُؤْذُونَ النَّبِيَّ وَيَقُولُونَ هُوَ أُذُنٌ ۚ قُلْ أُذُنُ خَيْرٍ لَكُمْ يُؤْمِنُ بِاللَّهِ وَيُؤْمِنُ لِلْمُؤْمِنِينَ وَرَحْمَةٌ لِلَّذِينَ آمَنُوا مِنْكُمْ ۚ وَالَّذِينَ يُؤْذُونَ رَسُولَ اللَّهِ لَهُمْ عَذَابٌ أَلِيمٌ [9:61]

මෙම නබිවරයාට පීඩා කරන්නන් ද ඔවුන් අතුරින් වෙති. ඔහු (සියල්ලන්ට ඇහුම්) කන්දෙන්නෙක් යැයි පවසති. ඔහු නුඹලාට යහපත ගෙන දෙන දෑට කන් දෙන්නෙකි. ඔහු අල්ලාහ් පිළිබඳ විශ්වාස කරනු ඇත. දේව විශ්වාසවන්තයින්ට විශ්වාසවන්ත ව කටයුතු කරනු ඇත. නුඹලා අතුරින් විශ්වාස කළවුනට ඔහු දයාවකි. යැයි (නබිවරය) නුඹ පවසනු. තවද අල්ලාහ්ගේ දූතයාණන්ට පීඩා කරන ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

### الآية 9:62

> ﻿يَحْلِفُونَ بِاللَّهِ لَكُمْ لِيُرْضُوكُمْ وَاللَّهُ وَرَسُولُهُ أَحَقُّ أَنْ يُرْضُوهُ إِنْ كَانُوا مُؤْمِنِينَ [9:62]

ඔවුහු නුඹලා ව තෘප්තියට පත් කරනු පිණිස නුඹලා වෙත අල්ලාහ් මත දිවුරති. තවද ඔවුහු දේව විශ්වාසවන්තයින් ව සිටියෙහු නම් ඔවුහු ඔහු ව තෘප්තියට පත් කිරීමට වඩාත් සුදුස්සන් වනුයේ අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ය.

### الآية 9:63

> ﻿أَلَمْ يَعْلَمُوا أَنَّهُ مَنْ يُحَادِدِ اللَّهَ وَرَسُولَهُ فَأَنَّ لَهُ نَارَ جَهَنَّمَ خَالِدًا فِيهَا ۚ ذَٰلِكَ الْخِزْيُ الْعَظِيمُ [9:63]

කවරෙකු අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට පටහැණි ව කටයුතු කරන්නේ ද එවිට නියත වශයෙන්ම ඔහුට නිරා ගින්න හිමි බවත් ඔහු එහි සදාතනිකයකු වන බවත් ඔවුහු දැන සිටිය යුතු නොවේ ද? එය මහත් වූ අවමානයකි.

### الآية 9:64

> ﻿يَحْذَرُ الْمُنَافِقُونَ أَنْ تُنَزَّلَ عَلَيْهِمْ سُورَةٌ تُنَبِّئُهُمْ بِمَا فِي قُلُوبِهِمْ ۚ قُلِ اسْتَهْزِئُوا إِنَّ اللَّهَ مُخْرِجٌ مَا تَحْذَرُونَ [9:64]

ඔවුන්ගේ හදවත් තුළ ඇති දෑ ඔවුනට දන්වන පරිච්ඡේදයක් ඔවුන් මත පහළ වීම ගැන කුහකයෝ බිය වෙති. නුඹලා සමච්චල් කරමින් සිටිනු. නියත වශයෙන්ම අල්ලාහ් නුඹලා බිය වන දෑ හෙළි කරන්නාය.

### الآية 9:65

> ﻿وَلَئِنْ سَأَلْتَهُمْ لَيَقُولُنَّ إِنَّمَا كُنَّا نَخُوضُ وَنَلْعَبُ ۚ قُلْ أَبِاللَّهِ وَآيَاتِهِ وَرَسُولِهِ كُنْتُمْ تَسْتَهْزِئُونَ [9:65]

තවද නුඹ (මේ ගැන) ඔවුන් ගෙන් විමසුවේ නම් ‘අපි (අනවශ්‍ය කතාවන්හි) නිරත වෙමින් ද කෙළිලොල් කරමින් ද සිටියෙමු යැයි ඔවුහු පවසති. නුඹලා සමච්චල් කරමින් සිටියේ අල්ලාහ් පිළිබඳ ව ද ඔහුගේ වදන් හා ඔහුගේ දූතයාණන් පිළිබඳ ව දැයි නුඹ අසනු.

### الآية 9:66

> ﻿لَا تَعْتَذِرُوا قَدْ كَفَرْتُمْ بَعْدَ إِيمَانِكُمْ ۚ إِنْ نَعْفُ عَنْ طَائِفَةٍ مِنْكُمْ نُعَذِّبْ طَائِفَةً بِأَنَّهُمْ كَانُوا مُجْرِمِينَ [9:66]

නුඹලා නිදහසට කරුණු නොකියනු. නුඹලා විශ්වාස කිරීමෙන් පසු ව සැබැවින්ම ප්‍රතික්ෂේප කළෙහුය. නුඹලා අතුරින් පිරිසකට අපි සමාව පිරිනැමුව ද තවත් පිරිසකට දඬුවම් කරන්නෙමු. හේතුව ඔවුන් වැරදි කරන්නන් ලෙස සිටී බැවිනි.

### الآية 9:67

> ﻿الْمُنَافِقُونَ وَالْمُنَافِقَاتُ بَعْضُهُمْ مِنْ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمُنْكَرِ وَيَنْهَوْنَ عَنِ الْمَعْرُوفِ وَيَقْبِضُونَ أَيْدِيَهُمْ ۚ نَسُوا اللَّهَ فَنَسِيَهُمْ ۗ إِنَّ الْمُنَافِقِينَ هُمُ الْفَاسِقُونَ [9:67]

කුහකයෝ හා කුහක කාන්තාවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගෙන්ය. ඔවුහු පිළිකුල් සහගත දෑ නියෝග කරති. යහපත් දැයින් වළක්වති. (වියදම් නොකර) ඔවුන්ගේ අත් මිට මොළවා ගනිති. ඔවුහු අල්ලාහ් ව අමතක කළෝය. එබැවින් ඔහු ද ඔවුන් ව අමතක කර දැමීය. නියත වශයෙන්ම කුහකයින් වන ඔවුහුමය පාපතරයින් වන්නෝ.

### الآية 9:68

> ﻿وَعَدَ اللَّهُ الْمُنَافِقِينَ وَالْمُنَافِقَاتِ وَالْكُفَّارَ نَارَ جَهَنَّمَ خَالِدِينَ فِيهَا ۚ هِيَ حَسْبُهُمْ ۚ وَلَعَنَهُمُ اللَّهُ ۖ وَلَهُمْ عَذَابٌ مُقِيمٌ [9:68]

කුහකයින් හා කුහක කාන්තාවන්ට ද දේව ප්‍රතික්ෂේපකයින්ට ද නිරා ගින්න සතු බව අල්ලාහ් ප්‍රතිඥා කළේය. ඔවුන් එහි සදාතනිකයෝ වෙති. එය ඔවුනට ප්‍රමාණවත්ය. තවද අල්ලාහ් ඔවුනට ශාප කළේය. තවද ඔවුනට ස්ථීර දඬුවමක් ද ඇත.

### الآية 9:69

> ﻿كَالَّذِينَ مِنْ قَبْلِكُمْ كَانُوا أَشَدَّ مِنْكُمْ قُوَّةً وَأَكْثَرَ أَمْوَالًا وَأَوْلَادًا فَاسْتَمْتَعُوا بِخَلَاقِهِمْ فَاسْتَمْتَعْتُمْ بِخَلَاقِكُمْ كَمَا اسْتَمْتَعَ الَّذِينَ مِنْ قَبْلِكُمْ بِخَلَاقِهِمْ وَخُضْتُمْ كَالَّذِي خَاضُوا ۚ أُولَٰئِكَ حَبِطَتْ أَعْمَالُهُمْ فِي الدُّنْيَا وَالْآخِرَةِ ۖ وَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ [9:69]

(මුනාෆික්වරුනි!) නුඹලාට පෙර සිටියවුන් මෙන් (නුඹලා නොවනු.) ඔවුහු නුඹලාට වඩා බලවත් වූහ. තවද ඔවුහු දරුවන්ගෙන් හා වස්තුවෙන් අධික වූහ. ඒ අනුව තමන්ට හිමි කොටස ඔවුහු භුක්ති වින්දෝය. නුඹලාට පෙර සිටියවුන් ඔවුන්ගේ කොටස භුක්ති වින්දාක් මෙන් නුඹලා ද නුඹලාට හිමි කොටස භුක්ති විදිනු. නමුත් ඔවුහු (බොරු කිරීමෙහි) නියැළුණාක් මෙන් නුඹලා ද නියැළෙන්නෙහුය. මෙලොවෙහි හා මතු ලොවෙහි තම ක්‍රියාවන් නිෂ්ඵල වී ගිය අය මොවුහුය. තවද අලාභවන්තයෝද මොහුවුමය.

### الآية 9:70

> ﻿أَلَمْ يَأْتِهِمْ نَبَأُ الَّذِينَ مِنْ قَبْلِهِمْ قَوْمِ نُوحٍ وَعَادٍ وَثَمُودَ وَقَوْمِ إِبْرَاهِيمَ وَأَصْحَابِ مَدْيَنَ وَالْمُؤْتَفِكَاتِ ۚ أَتَتْهُمْ رُسُلُهُمْ بِالْبَيِّنَاتِ ۖ فَمَا كَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَٰكِنْ كَانُوا أَنْفُسَهُمْ يَظْلِمُونَ [9:70]

ඔවුනට පෙර සිටි නූහ්, ආද් හා සමූද්ගේ ජනයාගේ ද ඉබ්‍රාහීම්ගේ ජනයා, මද්යන් වාසීහු හා උඩු යටිකුරු ව පෙරළා දෑමූවන්ගේ ද පුවත ඔවුන් වෙත නොපැමිණියේ ද? ඔවුන්ගේ දූතයෝ ඔවුන් වෙත පැහැදිලි සාධක සමඟ පැමිණියෝය. එබැවින් ඔවුනට අපරාධයක් කිරීම අල්ලාහ්ට නොවීය. නමුත් ඔවුහු තමන්ටම අපාරධ කර ගන්නන් වූහ.

### الآية 9:71

> ﻿وَالْمُؤْمِنُونَ وَالْمُؤْمِنَاتُ بَعْضُهُمْ أَوْلِيَاءُ بَعْضٍ ۚ يَأْمُرُونَ بِالْمَعْرُوفِ وَيَنْهَوْنَ عَنِ الْمُنْكَرِ وَيُقِيمُونَ الصَّلَاةَ وَيُؤْتُونَ الزَّكَاةَ وَيُطِيعُونَ اللَّهَ وَرَسُولَهُ ۚ أُولَٰئِكَ سَيَرْحَمُهُمُ اللَّهُ ۗ إِنَّ اللَّهَ عَزِيزٌ حَكِيمٌ [9:71]

(දේව) විශ්වාසවන්තයෝ හා දේව විශ්වාසවන්ත කාන්තාවෝ ඔවුන්ගෙන් ඇතැමෙකු ඇතැමෙකුගේ සමීප මිතුරන් වෙති. ඔවුහු යහපත් දේ නියෝග කරන අතර පිළිකුල් සහගත දෙයින් වළක්වති. සලාතය විධිමත් ලෙසින් ඉටු කරති. සකාත්ද පිරිනමති. තවද අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට අවනත වෙති. අල්ලාහ් කරුණාව පෙන්වන අය මොවුහුය. නියත වශයෙන්ම අල්ලාහ් සර්ව බලධාරීය. සියුම් ඥානය ඇත්තාය.

### الآية 9:72

> ﻿وَعَدَ اللَّهُ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا وَمَسَاكِنَ طَيِّبَةً فِي جَنَّاتِ عَدْنٍ ۚ وَرِضْوَانٌ مِنَ اللَّهِ أَكْبَرُ ۚ ذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ [9:72]

දේව විශ්වාසවන්තයින් හා දේව විශ්වාසවන්ත කාන්තාවන්හට පහළින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන් ඇති බවට අල්ලාහ් ප්‍රතිඥා කළේය. ඔවුහු එහි සදාතනිකයින් වෙති. අද්න් (නම් සදාතනික ස්වර්ග) උයන්හි යහපත් වාසස්ථාන ඇත. තවද අල්ලාහ්ගේ පිළිගැනීම අතිමහත්ය. එයයි මහත් වූ ජයග්‍රහණය.

### الآية 9:73

> ﻿يَا أَيُّهَا النَّبِيُّ جَاهِدِ الْكُفَّارَ وَالْمُنَافِقِينَ وَاغْلُظْ عَلَيْهِمْ ۚ وَمَأْوَاهُمْ جَهَنَّمُ ۖ وَبِئْسَ الْمَصِيرُ [9:73]

අහෝ නබිවරය! දේව ප්‍රතික්ෂේපකයින් හා කුහකයින් සමඟ නුඹ සටන් කරනු. ඔවුන් කෙරෙහි දැඩි ලෙස කටයුතු කරනු. ඔවුන්ගේ පිවිසුම් ස්ථානය නිරයයි. තවද (ඔවුන්) යොමු වන එම ස්ථානය නපුරු විය.

### الآية 9:74

> ﻿يَحْلِفُونَ بِاللَّهِ مَا قَالُوا وَلَقَدْ قَالُوا كَلِمَةَ الْكُفْرِ وَكَفَرُوا بَعْدَ إِسْلَامِهِمْ وَهَمُّوا بِمَا لَمْ يَنَالُوا ۚ وَمَا نَقَمُوا إِلَّا أَنْ أَغْنَاهُمُ اللَّهُ وَرَسُولُهُ مِنْ فَضْلِهِ ۚ فَإِنْ يَتُوبُوا يَكُ خَيْرًا لَهُمْ ۖ وَإِنْ يَتَوَلَّوْا يُعَذِّبْهُمُ اللَّهُ عَذَابًا أَلِيمًا فِي الدُّنْيَا وَالْآخِرَةِ ۚ وَمَا لَهُمْ فِي الْأَرْضِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ [9:74]

තමන් නොපැවසූ බවට අල්ලාහ් මත ඔවුහු දිවුරති. නමුත් ඔවුහු ප්‍රතික්ෂේපයේ වදන පැවසුවෝය. ඔවුහු ඉස්ලාමය පිළි ගත් පසු එය ප්‍රතික්ෂේප කළෝය. ඔවුනට නොලැබුණු දෑ පිළිබඳ උත්සාහ දැරූහ. තම භාග්‍යයෙන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ඔවුන් ව ධනවත් කිරීමේ හේතුව මිස ඔවුන් කෝප වීමට වෙනෙකක් නොවීය. ඔවුන් පශ්චාත්තාප වී යොමු වන්නේ නම් එය ඔවුනට යහපතක් වනු ඇත. නමුත් ඔවුන් පිටුපා යන්නේ නම් මෙලොවදී හා මතු ලොවදී අල්ලාහ් ඔවුනට වේදනීය දඬුවමකින් දඬුවම් කරනු ඇත. තවද මහපොළොවේ කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ ඔවුනට නොමැත.

### الآية 9:75

> ﻿۞ وَمِنْهُمْ مَنْ عَاهَدَ اللَّهَ لَئِنْ آتَانَا مِنْ فَضْلِهِ لَنَصَّدَّقَنَّ وَلَنَكُونَنَّ مِنَ الصَّالِحِينَ [9:75]

ඔහුගේ භාග්‍යයෙන් ඔහු අපට පිරිනමා ඇත්නම් සැබැවින්ම අපි දන් දෙන්නෙමු. තවද සැබැවින් ම අපි දැහැමියන් අතුරින් වන්නෙමු යැයි අල්ලාහ් සමඟ ගිවිස ගත් අය ද ඔවුන් අතුරින් වෙති.

### الآية 9:76

> ﻿فَلَمَّا آتَاهُمْ مِنْ فَضْلِهِ بَخِلُوا بِهِ وَتَوَلَّوْا وَهُمْ مُعْرِضُونَ [9:76]

නමුත් ඔහු ඔවුනට ඔහුගේ භාග්‍යයෙන් පිරිනැමූ කල්හි ඔවුහු ඒ පිළිබඳ ව මසුරුකම් පෑහ. තවද ඔවුහු පිටුපාන්නන් ලෙසින් හැරී ගියෝය.

### الآية 9:77

> ﻿فَأَعْقَبَهُمْ نِفَاقًا فِي قُلُوبِهِمْ إِلَىٰ يَوْمِ يَلْقَوْنَهُ بِمَا أَخْلَفُوا اللَّهَ مَا وَعَدُوهُ وَبِمَا كَانُوا يَكْذِبُونَ [9:77]

අල්ලාහ් වෙත කළ ප්‍රතිඥාව ඔවුන් කඩ කළ බැවින් ද ඔවුන් බොරු පවසමින් සිටි බැවින් ද ඔහු ව ඔවුන් හමු වන දිනය තෙක් ඔවුන්ගේ හදවත් තුළ පැවැති කුහකත්වය ඔවුන් ව අවසානය දක්වා තිබෙන්නට හැරියේය.

### الآية 9:78

> ﻿أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ يَعْلَمُ سِرَّهُمْ وَنَجْوَاهُمْ وَأَنَّ اللَّهَ عَلَّامُ الْغُيُوبِ [9:78]

නියත වශයෙන්ම අල්ලාහ් ඔවුන්ගේ රහස්‍ය දෑ හා රහස් සාකච්ඡාවන් දන්නා බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් ගුප්ත දෑ පිළිබඳ මැනවින් දන්නා බවත් ඔවුහු නොදැන සිටියෝද?

### الآية 9:79

> ﻿الَّذِينَ يَلْمِزُونَ الْمُطَّوِّعِينَ مِنَ الْمُؤْمِنِينَ فِي الصَّدَقَاتِ وَالَّذِينَ لَا يَجِدُونَ إِلَّا جُهْدَهُمْ فَيَسْخَرُونَ مِنْهُمْ ۙ سَخِرَ اللَّهُ مِنْهُمْ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ [9:79]

දේව විශ්වාසවන්තයින් අතුරින් දානයන් සම්බන්ධයෙහි සිය කැමැත්තෙන් පරිත්‍යාග කරන්නන්හට හා තම වෙහෙසට හැර වෙනත් කිසිවක් නොලබන්නන්හට ඔවුහු දොස් නගා ඔවුනට අවමන් කරති. අල්ලාහ් ඔවුන් අවමානයට ලක් කළේය. තවද ඔවුනට වේදනීය දඬුවමක් ඇත.

### الآية 9:80

> ﻿اسْتَغْفِرْ لَهُمْ أَوْ لَا تَسْتَغْفِرْ لَهُمْ إِنْ تَسْتَغْفِرْ لَهُمْ سَبْعِينَ مَرَّةً فَلَنْ يَغْفِرَ اللَّهُ لَهُمْ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الْفَاسِقِينَ [9:80]

(නබිවරය) ඔවුන් වෙනුවෙන් නුඹ සමාව අයදිනු. නැතහොත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද නොසිටිනු. නුඹ ඔවුන් වෙනුවෙන් හැත්තෑ වාරයක් සමාව අයැද සිටිය ද අල්ලාහ් ඔවුනට සමාව නොදෙන්නේ මය. හේතුව සැබැවින්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ නොපෙන්වයි.

### الآية 9:81

> ﻿فَرِحَ الْمُخَلَّفُونَ بِمَقْعَدِهِمْ خِلَافَ رَسُولِ اللَّهِ وَكَرِهُوا أَنْ يُجَاهِدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ فِي سَبِيلِ اللَّهِ وَقَالُوا لَا تَنْفِرُوا فِي الْحَرِّ ۗ قُلْ نَارُ جَهَنَّمَ أَشَدُّ حَرًّا ۚ لَوْ كَانُوا يَفْقَهُونَ [9:81]

අල්ලාහ්ගේ දූතයාණන් (තබූක් මෙහෙයුමට) ගිය පසු ව තම ස්ථානයන්හිම පසුබැස (රැඳී) සිටියවුන් සතුටු වූහ. තම වස්තුව හා තම ජීවිත අල්ලාහ්ගේ මාර්ගයේ කැප කිරීමට ඔවුහු පිළිකුල් කළෝය. තවද නුඹලා ග්‍රීෂ්ම කාලයෙහි පිටත් ව නොයනු යැයි ඔවුහු පවසති. නිරා ගින්න උෂ්ණත්වයෙන් (ඊට වඩා) අධික යැයි නුඹ පවසනු. ඔවුහු (ඒ බව) අවබෝධ කර ගන්නේ නම් !

### الآية 9:82

> ﻿فَلْيَضْحَكُوا قَلِيلًا وَلْيَبْكُوا كَثِيرًا جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ [9:82]

ඔවුන් උපයමින් සිටි දෑ හේතුවෙන් (ඊට) ප්‍රතිවිපාකයක් වශයෙන් ස්වල්පයක් සිනහසෙත්වා ! අධික ව අඬත්වා !

### الآية 9:83

> ﻿فَإِنْ رَجَعَكَ اللَّهُ إِلَىٰ طَائِفَةٍ مِنْهُمْ فَاسْتَأْذَنُوكَ لِلْخُرُوجِ فَقُلْ لَنْ تَخْرُجُوا مَعِيَ أَبَدًا وَلَنْ تُقَاتِلُوا مَعِيَ عَدُوًّا ۖ إِنَّكُمْ رَضِيتُمْ بِالْقُعُودِ أَوَّلَ مَرَّةٍ فَاقْعُدُوا مَعَ الْخَالِفِينَ [9:83]

එහෙයින් (නබිවරය,) ඔවුන් අතුරින් පිරිසක් වෙත අල්ලාහ් නුඹ ව නැවත ගෙන්වූයේ නම් එවිට (යුද මෙහෙයුම් සඳහා) පිටත් ව යන්නට ඔබෙන් ඔවුහු අවසර පතති. ‘නුඹලා කිසි කලෙක මා සමඟ පිටත් ව නොයන්නෙහුමය. තවද නුඹලා මා සමඟ සතුරන්ට එරෙහි ව සටන් නොකරන්නෙහුය. නියත වශයෙන්ම නුඹලා මුල් වාරයේ වාඩි වී සිටීම ප්‍රිය කළෙහුය. එහෙයින් නුඹලා පසුබැස්සවුන් සමඟම රැඳී සිටිනු යැයි නුඹ පවසනු.

### الآية 9:84

> ﻿وَلَا تُصَلِّ عَلَىٰ أَحَدٍ مِنْهُمْ مَاتَ أَبَدًا وَلَا تَقُمْ عَلَىٰ قَبْرِهِ ۖ إِنَّهُمْ كَفَرُوا بِاللَّهِ وَرَسُولِهِ وَمَاتُوا وَهُمْ فَاسِقُونَ [9:84]

ඔවුන් අතුරින් මිය ගිය කිසිවකු කෙරෙහි කිසි කලෙක නුඹ සලාතය මෙහෙය නොවනු. තවද ඔහුගේ මිනී වළ අසල නුඹ නැගිට නොසිටිනු. නියත වශයෙන්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කළෝය. ඔවුහු පාපිෂ්ඨයින් ලෙස සිටිය දීම මිය ගියෝය.

### الآية 9:85

> ﻿وَلَا تُعْجِبْكَ أَمْوَالُهُمْ وَأَوْلَادُهُمْ ۚ إِنَّمَا يُرِيدُ اللَّهُ أَنْ يُعَذِّبَهُمْ بِهَا فِي الدُّنْيَا وَتَزْهَقَ أَنْفُسُهُمْ وَهُمْ كَافِرُونَ [9:85]

ඔවුන්ගේ වස්තුව හා ඔවුන්ගේ දරුවන් නුඹ ව මවිතයට පත් නොකළ යුතුය. අල්ලාහ් එමගින් අපේක්ෂා කරනුයේ ඔවුනට මෙලොවෙහි දඬුවම් කිරීමටය. තවද ඔවුන් ප්‍රතික්ෂේපකයින් ව සිටි තත්ත්වයේම ඔවුන්ගේ ජීවිත නැසී යාමටය.

### الآية 9:86

> ﻿وَإِذَا أُنْزِلَتْ سُورَةٌ أَنْ آمِنُوا بِاللَّهِ وَجَاهِدُوا مَعَ رَسُولِهِ اسْتَأْذَنَكَ أُولُو الطَّوْلِ مِنْهُمْ وَقَالُوا ذَرْنَا نَكُنْ مَعَ الْقَاعِدِينَ [9:86]

නුඹලා අල්ලාහ් ව විශ්වාස කරනු, තවද ඔහුගේ දූතයාණන් සමඟ එක් ව අරගල කරනු යැයි එක් පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ විට ඔවුන් අතුරින් වූ ධනතුවන් නුඹ අප අත හැර දමනු. අපි රැඳී සිටින්නන් සමඟ සිටින්නෙමු යැයි පවසා නුඹගෙන් අවසර පතති.

### الآية 9:87

> ﻿رَضُوا بِأَنْ يَكُونُوا مَعَ الْخَوَالِفِ وَطُبِعَ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَفْقَهُونَ [9:87]

(නිවසේ) රැඳී සිටින කාන්තාවන් සමඟ ඔවුන් ද සිටින්නට ප්‍රිය කරති. තවද ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තබන ලදී. ඔවුහු වටහා නොගනිති.

### الآية 9:88

> ﻿لَٰكِنِ الرَّسُولُ وَالَّذِينَ آمَنُوا مَعَهُ جَاهَدُوا بِأَمْوَالِهِمْ وَأَنْفُسِهِمْ ۚ وَأُولَٰئِكَ لَهُمُ الْخَيْرَاتُ ۖ وَأُولَٰئِكَ هُمُ الْمُفْلِحُونَ [9:88]

එනමුත් මෙම දූතයාණන් හා ඔහු සමඟ විශ්වාස කළවුන් තම ධනය හා ජීවිත කැප කරමින් සටන් කළෝය. තමන් හට යහපත් දෑ ඇත්තවුන් මොවුහුමය. තවද ජය ලබන්නෝද මොවුහුමය.

### الآية 9:89

> ﻿أَعَدَّ اللَّهُ لَهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ [9:89]

ඔවුන් වෙනුවෙන් අල්ලාහ් ස්වර්ග උයන් සූදානම් කර ඇත. ඒවාට යටින් ගංගාවෝ ගලා බසිති. එහි ඔවුහු සදාතනිකයින් වෙති. අතිමහත් ජයග්‍රහණය එයයි.

### الآية 9:90

> ﻿وَجَاءَ الْمُعَذِّرُونَ مِنَ الْأَعْرَابِ لِيُؤْذَنَ لَهُمْ وَقَعَدَ الَّذِينَ كَذَبُوا اللَّهَ وَرَسُولَهُ ۚ سَيُصِيبُ الَّذِينَ كَفَرُوا مِنْهُمْ عَذَابٌ أَلِيمٌ [9:90]

(යුද්ධයට සහභාගී නොවන්නට) තමන්හට අවසර පතා ගම්බද ජනයා අතුරින් නිදහසට කරුණු පවසන්නන් පැමිණියෝය. අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට බොරු පැවසූවන් වාඩි වී සිටියෝ ය. ඔවුන් අතුරින් ප්‍රතික්ෂේප කළවුනට වේදනීය දඬුවමක් මතු ඇති වනු ඇත.

### الآية 9:91

> ﻿لَيْسَ عَلَى الضُّعَفَاءِ وَلَا عَلَى الْمَرْضَىٰ وَلَا عَلَى الَّذِينَ لَا يَجِدُونَ مَا يُنْفِقُونَ حَرَجٌ إِذَا نَصَحُوا لِلَّهِ وَرَسُولِهِ ۚ مَا عَلَى الْمُحْسِنِينَ مِنْ سَبِيلٍ ۚ وَاللَّهُ غَفُورٌ رَحِيمٌ [9:91]

දුබලයින් කෙරෙහි ද රෝගීන් කෙරෙහි ද වියදම් කිරීමට යමක් නොලැබුණු අය කෙරෙහි ද ඔවුන් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට යහපත පතන්නේ නම් ඔවුනට කිසිදු වරදක් නැත. දැහැමියන්ට එරෙහිව කිසිදු ක්‍රියා මාර්ගයක් නොමැත. තවද අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.

### الآية 9:92

> ﻿وَلَا عَلَى الَّذِينَ إِذَا مَا أَتَوْكَ لِتَحْمِلَهُمْ قُلْتَ لَا أَجِدُ مَا أَحْمِلُكُمْ عَلَيْهِ تَوَلَّوْا وَأَعْيُنُهُمْ تَفِيضُ مِنَ الدَّمْعِ حَزَنًا أَلَّا يَجِدُوا مَا يُنْفِقُونَ [9:92]

(නබිවරය) නුඹ ඔවුනට ප්‍රවාහන පහසුකම් ලබා දෙනු පිණිස නුඹ වෙත ඔවුන් පැමිණ නුඹ ද නුඹලා ඒ මත ගමන් කිරීමට ප්‍රවාහන පහසුකම් ලබා දෙන යමක් මම නොලබමි. යැයි පවසා තමන් හට වියදම් කිරීමට යමක් නොලැබුණු හේතුවෙන් දුකට පත් ව තම ඇස් වලින් කඳුළු හළමින් හැරී ගිය අය කෙරෙහි ද වරදක් නොමැත.

### الآية 9:93

> ﻿۞ إِنَّمَا السَّبِيلُ عَلَى الَّذِينَ يَسْتَأْذِنُونَكَ وَهُمْ أَغْنِيَاءُ ۚ رَضُوا بِأَنْ يَكُونُوا مَعَ الْخَوَالِفِ وَطَبَعَ اللَّهُ عَلَىٰ قُلُوبِهِمْ فَهُمْ لَا يَعْلَمُونَ [9:93]

ක්‍රියාමාර්ගය ගනු ලබනුයේ ඔවුන් පොහොසතුන් ව සිටිය දී (සටනට සහභාගී නොවන්නට) නුඹගෙන් අවසර පතන්නන් හටය. පසුබැස රැඳී සිටින කාන්තාවන් සමඟ ඔවුන් ද රැඳී සිටීමට ප්‍රිය කළෝය. අල්ලාහ් ඔවුන්ගේ හදවත් මත මුද්‍රා තැබුවේය. එබැවින් ඔවුහු (ඒ බව) නොදනිති.

### الآية 9:94

> ﻿يَعْتَذِرُونَ إِلَيْكُمْ إِذَا رَجَعْتُمْ إِلَيْهِمْ ۚ قُلْ لَا تَعْتَذِرُوا لَنْ نُؤْمِنَ لَكُمْ قَدْ نَبَّأَنَا اللَّهُ مِنْ أَخْبَارِكُمْ ۚ وَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ ثُمَّ تُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ [9:94]

නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට නුඹලා වෙත පැමිණ ඔවුහු නිදහසට කරුණු දක්වති. ‘නුඹලා නිදහසට කරුණු නොදක්වනු. සැබැවින්ම අප නුඹලා ව විශ්වාස නොකරන්නෙමු. නුඹලාගේ පුවත් පිළිබඳ ව සැබැවින්ම අල්ලාහ් අපට දැන්වීය. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් නුඹලාගේ ක්‍රියාව නිරීක්ෂණය කරනු ඇත. පසු ව ගුප්ත දෑ හා දෘශ්‍යමාන දෑ පිළිබඳ දැනුමැත්තා වෙත නුඹලා ව යොමු කරනු ලැබේ. එවිට නුඹලා කරමින් සිටි දෑ පිළිබඳ ව නුඹලාට ඔහු දන්වයි’ යැයි නුඹ පවසනු.

### الآية 9:95

> ﻿سَيَحْلِفُونَ بِاللَّهِ لَكُمْ إِذَا انْقَلَبْتُمْ إِلَيْهِمْ لِتُعْرِضُوا عَنْهُمْ ۖ فَأَعْرِضُوا عَنْهُمْ ۖ إِنَّهُمْ رِجْسٌ ۖ وَمَأْوَاهُمْ جَهَنَّمُ جَزَاءً بِمَا كَانُوا يَكْسِبُونَ [9:95]

නුඹලා ඔවුන් වෙත නැවත හැරී ආ විට නුඹලා ඔවුන් ගැන නොතකා හරිනු පිණිස ඔවුහු නුඹලා වෙත අල්ලාහ් මත දිවුරා (බොරු හේතු සාධක) පවසති. එබැවින් නුඹලා ද ඔවුන් ගැන නොසලකා හරිනු. නියත වශයෙන්ම ඔවුහු කිලිටිය. තවද ඔවුන් රැඳෙන ස්ථානය නිරය වේ. එය ඔවුන් උපයමින් සිටි දෑ සඳහා වූ ප්‍රතිවිපාකයක් වශයෙනි.

### الآية 9:96

> ﻿يَحْلِفُونَ لَكُمْ لِتَرْضَوْا عَنْهُمْ ۖ فَإِنْ تَرْضَوْا عَنْهُمْ فَإِنَّ اللَّهَ لَا يَرْضَىٰ عَنِ الْقَوْمِ الْفَاسِقِينَ [9:96]

ඔවුන් ගැන නුඹලා තෘප්තියට පත් වනු පිණිස ඔවුහු නුඹලාට දිවුරා පවසති. නමුත් නුඹලා ඔවුන් ගැන තෘප්තිමත් වුව ද නියත වශයෙන්ම අල්ලාහ් පාපතර ජනයා ගැන තෘප්තියට පත් නොවෙයි.

### الآية 9:97

> ﻿الْأَعْرَابُ أَشَدُّ كُفْرًا وَنِفَاقًا وَأَجْدَرُ أَلَّا يَعْلَمُوا حُدُودَ مَا أَنْزَلَ اللَّهُ عَلَىٰ رَسُولِهِ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ [9:97]

ගම්බද අරාබිවරු දේව ප්‍රතික්ෂේපයෙන් හා කුහකත්වයෙන් ඉතා දරුණුය. අල්ලාහ් ඔහුගේ දූතයාණන් වෙත පහළ කළ දෑහි සීමාවන් ඔවුන් නොදැන සිටීම වඩාත් සුදුසුය. තවද අල්ලාහ් සර්වඥානීය. සියුම් ඥානය ඇත්තාය.

### الآية 9:98

> ﻿وَمِنَ الْأَعْرَابِ مَنْ يَتَّخِذُ مَا يُنْفِقُ مَغْرَمًا وَيَتَرَبَّصُ بِكُمُ الدَّوَائِرَ ۚ عَلَيْهِمْ دَائِرَةُ السَّوْءِ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ [9:98]

තවද ගම්බද අරාබිවරු අතුරින් තමන් වියදම් කරන දෑ අලාභහානියක් ලෙස ගන්නා අය ද සිටිති. නුඹලා වෙත විපත්තිය ඔහු අපේක්ෂා කරයි. ඔවුනටමය නපුරු විපත්තිය. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය. සර්ව ඥානීය.

### الآية 9:99

> ﻿وَمِنَ الْأَعْرَابِ مَنْ يُؤْمِنُ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ وَيَتَّخِذُ مَا يُنْفِقُ قُرُبَاتٍ عِنْدَ اللَّهِ وَصَلَوَاتِ الرَّسُولِ ۚ أَلَا إِنَّهَا قُرْبَةٌ لَهُمْ ۚ سَيُدْخِلُهُمُ اللَّهُ فِي رَحْمَتِهِ ۗ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ [9:99]

තවද ගම්බද අරාබීන් අතුරින් අල්ලාහ් හා පරමාන්ත දිනය විශ්වාස කරන, තමන් වියදම් කරන දෑ අල්ලාහ් වෙත සමීපවීම් වශයෙන් හා ධර්ම දූතයාණන්ගේ ආශිර්වාදයන් වශයෙන් ගන්නා අය ද වෙති. දැන ගනු නියත වශයෙන්ම එය ඔවුනට සමීප කරවීමකි. අල්ලාහ් ඔහුගේ කරුණාව තුළට ඔවුන් ව ඇතුළත් කරයි. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. කරුණා ගුණයෙන් යුක්තය.

### الآية 9:100

> ﻿وَالسَّابِقُونَ الْأَوَّلُونَ مِنَ الْمُهَاجِرِينَ وَالْأَنْصَارِ وَالَّذِينَ اتَّبَعُوهُمْ بِإِحْسَانٍ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ وَأَعَدَّ لَهُمْ جَنَّاتٍ تَجْرِي تَحْتَهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا ۚ ذَٰلِكَ الْفَوْزُ الْعَظِيمُ [9:100]

(මක්කාහ් වෙත නික්ම ගිය) මුහාජිර්වරුන් හා (ඔවුනට උපකාර කළ මදීනාවාසීන් වන) අන්සාර්වරු අතුරින් ආරම්භක පෙරටුගාමීහු ද තවද යහපත් ලෙසින් ඔවුන් ව පිළිපැද්දා වූ අය ද වන ඔවුන් ගැන අල්ලාහ් තෘප්තිමත් විය. තවද ඔවුහු ද ඔහු ගැන තෘප්තියට පත් වූහ. ඒවාට පහළින් ගංගාවන් ගලා බස්නා උයන් ඔවුනට ඇත. සදහටම ඔවුහු එහි සදාතනිකයින්ය. එයයි අතිමහත් ජයග්‍රහණය.

### الآية 9:101

> ﻿وَمِمَّنْ حَوْلَكُمْ مِنَ الْأَعْرَابِ مُنَافِقُونَ ۖ وَمِنْ أَهْلِ الْمَدِينَةِ ۖ مَرَدُوا عَلَى النِّفَاقِ لَا تَعْلَمُهُمْ ۖ نَحْنُ نَعْلَمُهُمْ ۚ سَنُعَذِّبُهُمْ مَرَّتَيْنِ ثُمَّ يُرَدُّونَ إِلَىٰ عَذَابٍ عَظِيمٍ [9:101]

ගම්බද අරාබිවරුන් අතුරින් නුඹලා අවට විසූවන්ගෙන් කුහකයෝ ද වෙති. තවද මදීනා වාසීන්ගෙන් කුහකත්වයේ ස්ථාපිත වූවෝද වෙති. නුඹ ඔවුන් ගැන නොහඳුනන්නෙහිය. අපි ඔවුන් ගැන හඳුනන්නෙමු. මතුවට අපි ඔවුනට දෙවරක් දඬුවම් කරන්නෙමු. පසු ව අතිමහත් දඬුවමක් වෙතට ඔවුන් ව යොමු කරනු ලැබේ.

### الآية 9:102

> ﻿وَآخَرُونَ اعْتَرَفُوا بِذُنُوبِهِمْ خَلَطُوا عَمَلًا صَالِحًا وَآخَرَ سَيِّئًا عَسَى اللَّهُ أَنْ يَتُوبَ عَلَيْهِمْ ۚ إِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ [9:102]

තම පාපකම් පිළිගත් වෙනත් අය ද වෙති. ඔවුහු දැහැමි ක්‍රියාවන් හා වෙනත් නපුරු ක්‍රියාවන් (එකට) මුසු කළෝය. (ඇතැම් විට) පශ්චාත්තාපය පිළිගෙන ඔවුන් වෙත සමාව දීමට අල්ලාහ්ට හැකිය. නියත වශයෙන්ම අල්ලාහ් අති ක්ෂමාශීලීය. අසමසම කරුණා ගුණයෙන් යුක්තය.

### الآية 9:103

> ﻿خُذْ مِنْ أَمْوَالِهِمْ صَدَقَةً تُطَهِّرُهُمْ وَتُزَكِّيهِمْ بِهَا وَصَلِّ عَلَيْهِمْ ۖ إِنَّ صَلَاتَكَ سَكَنٌ لَهُمْ ۗ وَاللَّهُ سَمِيعٌ عَلِيمٌ [9:103]

ඔවුන්ගේ වස්තු වලින් ඔවුන් පිවිතුරු කරන ඔවුන් ව පාරිශුද්ධ කරන (සදකාවක්) දානයක් නුඹ ගනු. නියත වශයෙන්ම නුඹගේ පැතුම ඔවුනට සැනසුමකි. තවද අල්ලාහ් සර්ව ශ්‍රාවකය සර්වඥානීය.

### الآية 9:104

> ﻿أَلَمْ يَعْلَمُوا أَنَّ اللَّهَ هُوَ يَقْبَلُ التَّوْبَةَ عَنْ عِبَادِهِ وَيَأْخُذُ الصَّدَقَاتِ وَأَنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ [9:104]

නියත වශයෙන්ම අල්ලාහ් තම ගැත්තන්ගෙන් පශ්චාත්තාපය පිළිගන්නා බවත් දානයන් ගන්නා බවත් තවද නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගන්නා කරුණා ගුණයෙන් යුක්ත බවත් ඔවුහු නොදන්නෝ ද?

### الآية 9:105

> ﻿وَقُلِ اعْمَلُوا فَسَيَرَى اللَّهُ عَمَلَكُمْ وَرَسُولُهُ وَالْمُؤْمِنُونَ ۖ وَسَتُرَدُّونَ إِلَىٰ عَالِمِ الْغَيْبِ وَالشَّهَادَةِ فَيُنَبِّئُكُمْ بِمَا كُنْتُمْ تَعْمَلُونَ [9:105]

‘නුඹලා ක්‍රියා කරනු. එවිට අල්ලාහ් ද ඔහුගේ ධර්මදූතයාණන් හා දේව විශ්වාසවන්තයින් ද නුඹලාගේ ක්‍රියාවන් දකිනු ඇත. තවද ගුප්තය හා ප්‍රදර්ශිතය දන්නා වෙත නුඹලා නැවත යොමු කරනු ලබනු ඇත. එවිට නුඹලා සිදු කරමින් සිටි දෑ පිළිබඳ නුඹලාට ඔහු දන්වනු ඇතැ’යි (නබිවරය !) නුඹ පවසනු.

### الآية 9:106

> ﻿وَآخَرُونَ مُرْجَوْنَ لِأَمْرِ اللَّهِ إِمَّا يُعَذِّبُهُمْ وَإِمَّا يَتُوبُ عَلَيْهِمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ [9:106]

තවද තවත් අය අල්ලාහ්ගේ නියෝගය අපේක්ෂා කරනු ලබන්නෝය. ඔවුනට ඔහු දඬුවම් කරයි. එසේ නැතහොත් පශ්චාත්තාපය පිළිගෙන ඔවුනට සමාව දෙයි. තවද අල්ලාහ් සර්වඥානීය. සියුම් ඥානය ඇත්තාය.

### الآية 9:107

> ﻿وَالَّذِينَ اتَّخَذُوا مَسْجِدًا ضِرَارًا وَكُفْرًا وَتَفْرِيقًا بَيْنَ الْمُؤْمِنِينَ وَإِرْصَادًا لِمَنْ حَارَبَ اللَّهَ وَرَسُولَهُ مِنْ قَبْلُ ۚ وَلَيَحْلِفُنَّ إِنْ أَرَدْنَا إِلَّا الْحُسْنَىٰ ۖ وَاللَّهُ يَشْهَدُ إِنَّهُمْ لَكَاذِبُونَ [9:107]

හිංසා කිරීමටත් දේව ප්‍රතික්ෂේපයටත් දේව විශ්වාසවන්තයින් අතර බෙදුම් ඇති කිරීමටත් මීට පෙර අල්ලාහ් හා ඔහුගේ දූතයා සමඟ සටන් කරන්නන්ට අපේක්ෂිත ස්ථානයක් ලෙසටත් දේවස්ථාන (ඉදි කර) ගත් ඔවුහු ‘අපි යහපත මිස වෙනෙකක් අපේක්ෂා නොකළෙමු’ යැයි දිවුරා පවසති. තවද නියත වශයෙන්ම ඔවුහු මුසාවාදීහු බව අල්ලාහ් සාක්ෂි දරයි.

### الآية 9:108

> ﻿لَا تَقُمْ فِيهِ أَبَدًا ۚ لَمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَنْ تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَنْ يَتَطَهَّرُوا ۚ وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ [9:108]

කිසිවිටෙක එහි (නැමදුම්) ඉටු නොකරනු. නුඹ (නැමදුම්) ඉටු කිරීමට වඩාත් සුදුසු වනුයේ ආරම්භක දිනයේ දේව බිය හැඟීමෙන් යුතු ව ස්ථාපිත කරන ලද මස්ජිදයයි. තමන් පිරිසිදු වීමට ප්‍රිය කරන මිනිසුන් එහි වෙති. තවද අල්ලාහ් පිරිසිදුව සිටින්නන් ප්‍රිය කරයි.

### الآية 9:109

> ﻿أَفَمَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ تَقْوَىٰ مِنَ اللَّهِ وَرِضْوَانٍ خَيْرٌ أَمْ مَنْ أَسَّسَ بُنْيَانَهُ عَلَىٰ شَفَا جُرُفٍ هَارٍ فَانْهَارَ بِهِ فِي نَارِ جَهَنَّمَ ۗ وَاللَّهُ لَا يَهْدِي الْقَوْمَ الظَّالِمِينَ [9:109]

වඩාත් ශ්‍රේෂ්ඨ වනුයේ අල්ලාහ් පිළිබඳ වූ බිය හැඟීමෙන් යුතු ව තෘප්තිය බලාපොරොත්තුවෙන් ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද එසේ නැතහොත් ඒ සමඟම නිරා ගින්නට වැටුණු ගරා වැටෙන ඉවුරු තීරුවේ ගොඩනැගිල්ලක් ඉදි කරන්නා ද ? තවද අල්ලාහ් අපරාධකාරී ජනයාට මඟ නොපෙන්වයි.

### الآية 9:110

> ﻿لَا يَزَالُ بُنْيَانُهُمُ الَّذِي بَنَوْا رِيبَةً فِي قُلُوبِهِمْ إِلَّا أَنْ تَقَطَّعَ قُلُوبُهُمْ ۗ وَاللَّهُ عَلِيمٌ حَكِيمٌ [9:110]

ඔවුන් ඉදි කළා වූ ඔවුන්ගේ ගොඩනැගිල්ල ඔවුන්ගේ හදවත් කැබලි වන තෙක් ඔවුන්ගේ හදවත් තුළ සැකයෙන්ම පවතී. තවද අල්ලාහ් සර්වඥානීය. සියුම් ඥානය ඇත්තාය.

### الآية 9:111

> ﻿۞ إِنَّ اللَّهَ اشْتَرَىٰ مِنَ الْمُؤْمِنِينَ أَنْفُسَهُمْ وَأَمْوَالَهُمْ بِأَنَّ لَهُمُ الْجَنَّةَ ۚ يُقَاتِلُونَ فِي سَبِيلِ اللَّهِ فَيَقْتُلُونَ وَيُقْتَلُونَ ۖ وَعْدًا عَلَيْهِ حَقًّا فِي التَّوْرَاةِ وَالْإِنْجِيلِ وَالْقُرْآنِ ۚ وَمَنْ أَوْفَىٰ بِعَهْدِهِ مِنَ اللَّهِ ۚ فَاسْتَبْشِرُوا بِبَيْعِكُمُ الَّذِي بَايَعْتُمْ بِهِ ۚ وَذَٰلِكَ هُوَ الْفَوْزُ الْعَظِيمُ [9:111]

සැබැවින්ම ඔවුනට ස්වර්ගය ඇතැයි පවසා නියත වශයෙන්ම අල්ලාහ් දේව විශ්වාසවන්තයින්ගෙන් ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ වස්තු මිලට ගත්තේය. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරති. එවිට (සතුරන්) නසා දමති. ඔවුන් ද නසනු ලබති. මෙය තව්රාතයේ ඉන්ජීලයේ හා අල්කුර්ආනයේ (සඳහන්) ඔහු වෙත හිමි වන සැබෑ පොරොන්දුවක් වශයෙනි. අල්ලාහ් වෙතින් වූ ඔහුගේ ගිවිසුම කවුරුන් පූර්ණ ව ඉටු කළේ ද එවිට නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් ගනුදෙනු කළෙහු ද නුඹලාගේ එම ගනුදෙනු ව පිළිබඳ නුඹලා සතුටු වනු. තවද එයයි අති මහත් ජයග්‍රහණය වනුයේ.

### الآية 9:112

> ﻿التَّائِبُونَ الْعَابِدُونَ الْحَامِدُونَ السَّائِحُونَ الرَّاكِعُونَ السَّاجِدُونَ الْآمِرُونَ بِالْمَعْرُوفِ وَالنَّاهُونَ عَنِ الْمُنْكَرِ وَالْحَافِظُونَ لِحُدُودِ اللَّهِ ۗ وَبَشِّرِ الْمُؤْمِنِينَ [9:112]

(අල්ලාහ් වෙත) පශ්චාත්තාප වී යොමු වන, (ඔහුට) ගැතිකම් කරන, (ඔහුට) ප්‍රශංසා කරන, උපවාසය රකින, (නැමී) රුකූඃ කරන, (නළල බිම තබා) සුජූද් කරන, යහපත විධානය කරන, අයහපත් දැයින් වළක්වාලන තවද අල්ලාහ්ගේ සීමාවන් සුරක්ෂා කරන අය වෙති. තවද එවන් දේව විශ්වාසවන්තයින්ට නුඹ සුබාරංචි දන්වනු.

### الآية 9:113

> ﻿مَا كَانَ لِلنَّبِيِّ وَالَّذِينَ آمَنُوا أَنْ يَسْتَغْفِرُوا لِلْمُشْرِكِينَ وَلَوْ كَانُوا أُولِي قُرْبَىٰ مِنْ بَعْدِ مَا تَبَيَّنَ لَهُمْ أَنَّهُمْ أَصْحَابُ الْجَحِيمِ [9:113]

නියත වශයෙන්ම දේව ආදේශ තබන්නන් නිරා වාසීන් බව ඔවුනට පැහැදිලි වූවායින් පසු, ඔවුන් තමන්ගේ සමීප ඥාතීන් වුව ද ඔවුන් වෙනුවෙන් සමාව අයැද සිටීම නබිවරයාට හා දේව විශ්වාසවන්තයින්ට සුදුසු නොවීය.

### الآية 9:114

> ﻿وَمَا كَانَ اسْتِغْفَارُ إِبْرَاهِيمَ لِأَبِيهِ إِلَّا عَنْ مَوْعِدَةٍ وَعَدَهَا إِيَّاهُ فَلَمَّا تَبَيَّنَ لَهُ أَنَّهُ عَدُوٌّ لِلَّهِ تَبَرَّأَ مِنْهُ ۚ إِنَّ إِبْرَاهِيمَ لَأَوَّاهٌ حَلِيمٌ [9:114]

ඉබ්රාහීම් තම පියා වෙනුවෙන් සමාව ඇයැදි සිටීම ඔහුට කළ පොරොන්දුවක් මිස (වෙනෙකක්) නොවීය. සැබැවින්ම ඔහු අල්ලාහ්ගේ සතුරකු බව ඔහුට පැහැදිලි වූ කල්හි ඔහු එයින් ඉවත් විය. නියත වශයෙන්ම ඉබ්රාහීම් කරුණාවන්ත වූ ඉවසිලිවන්තයෙකුය.

### الآية 9:115

> ﻿وَمَا كَانَ اللَّهُ لِيُضِلَّ قَوْمًا بَعْدَ إِذْ هَدَاهُمْ حَتَّىٰ يُبَيِّنَ لَهُمْ مَا يَتَّقُونَ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ [9:115]

කිසියම් පිරිසකට ඔහු මඟ පෙන්වූ පසු, ඔවුන් වැළකිය යුතු දෑ (කුමක් දැයි) ඔවුනට පැහැදිලි කරන තෙක් ඔවුන් නොමඟ යැවීමට අල්ලාහ් නොවීය. නියත වශයෙන්ම අල්ලාහ් සියලු දෑ පිළිබඳ ව සර්ව ඥානීය.

### الآية 9:116

> ﻿إِنَّ اللَّهَ لَهُ مُلْكُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۖ يُحْيِي وَيُمِيتُ ۚ وَمَا لَكُمْ مِنْ دُونِ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ [9:116]

අහස්හි හා මහපොළොවෙහි ආධිපත්‍යය නියත වශයෙන්ම අල්ලාහ් වන ඔහුටමය. ඔහු ප්‍රාණය දෙයි. තවද මරණයට පත් කරයි. තවද අල්ලාහ්ගෙන් තොර ව කිසිදු භාරකරුවකු හෝ උදව්කරුවකු හෝ නුඹලාට නොමැත.

### الآية 9:117

> ﻿لَقَدْ تَابَ اللَّهُ عَلَى النَّبِيِّ وَالْمُهَاجِرِينَ وَالْأَنْصَارِ الَّذِينَ اتَّبَعُوهُ فِي سَاعَةِ الْعُسْرَةِ مِنْ بَعْدِ مَا كَادَ يَزِيغُ قُلُوبُ فَرِيقٍ مِنْهُمْ ثُمَّ تَابَ عَلَيْهِمْ ۚ إِنَّهُ بِهِمْ رَءُوفٌ رَحِيمٌ [9:117]

නබිවරයාට, දුෂ්කර කාලයෙහි ඔහු ව අනුගමනය කළා වූ (මක්කාවෙන්) නික්ම ගියවුනට හා (නික්ම ගිය මක්කා වාසීන්ට) උදව් කළවුනට අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. ඔවුන් අතුරින් පිරිසකගේ හදවත් (වෙනතකට) නැඹුරුවන්නට තිබුණ ද, පසු ව ඔවුන් කෙරෙහි පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම ඔහු ඔවුන් සම්බන්ධයෙන් සානුකම්පිතය. කරුණාවන්තය.

### الآية 9:118

> ﻿وَعَلَى الثَّلَاثَةِ الَّذِينَ خُلِّفُوا حَتَّىٰ إِذَا ضَاقَتْ عَلَيْهِمُ الْأَرْضُ بِمَا رَحُبَتْ وَضَاقَتْ عَلَيْهِمْ أَنْفُسُهُمْ وَظَنُّوا أَنْ لَا مَلْجَأَ مِنَ اللَّهِ إِلَّا إِلَيْهِ ثُمَّ تَابَ عَلَيْهِمْ لِيَتُوبُوا ۚ إِنَّ اللَّهَ هُوَ التَّوَّابُ الرَّحِيمُ [9:118]

(යුද්ධයට නොගොස්) පසු බැස රැඳී සිටියා වූ තිදෙනාට ද (සමාව) විය. එය මහපොළොව විශාල ව තිබුණ ද එය ඔවුනට පටු වී ඔවුන්ගේ ආත්මා ද ඔවුනට බරක් වී අල්ලාහ් වෙත සරණ පතන තැනක් ඔහුගෙන් මිස නොමැති බවට ඔවුන් සිතන තෙක් විය. පසු ව ඔවුන් පශ්චාත්තාප වී යොමු වූ බැවින් ඔවුනට ඔහු පශ්චාත්තාපය පිළිගෙන සමාව දුන්නේය. නියත වශයෙන්ම අල්ලාහ් පශ්චාත්තාපය පිළිගෙන සමාව දෙන කරුණා ගුණයෙන් යුක්තය.

### الآية 9:119

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اتَّقُوا اللَّهَ وَكُونُوا مَعَ الصَّادِقِينَ [9:119]

අහෝ විශ්වාස කළවුනි ! නුඹලා අල්ලාහ්ට බිය බැතිමත් වනු. තවද නුඹලා සත්‍යවාදීන් සමඟ වනු.

### الآية 9:120

> ﻿مَا كَانَ لِأَهْلِ الْمَدِينَةِ وَمَنْ حَوْلَهُمْ مِنَ الْأَعْرَابِ أَنْ يَتَخَلَّفُوا عَنْ رَسُولِ اللَّهِ وَلَا يَرْغَبُوا بِأَنْفُسِهِمْ عَنْ نَفْسِهِ ۚ ذَٰلِكَ بِأَنَّهُمْ لَا يُصِيبُهُمْ ظَمَأٌ وَلَا نَصَبٌ وَلَا مَخْمَصَةٌ فِي سَبِيلِ اللَّهِ وَلَا يَطَئُونَ مَوْطِئًا يَغِيظُ الْكُفَّارَ وَلَا يَنَالُونَ مِنْ عَدُوٍّ نَيْلًا إِلَّا كُتِبَ لَهُمْ بِهِ عَمَلٌ صَالِحٌ ۚ إِنَّ اللَّهَ لَا يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ [9:120]

මදීනාවාසීන්ට හා ඔවුන් අවට සිටි ගම්බද අරාබිවරුන්ගෙන් කිසිවකුට අල්ලාහ්ගේ දූතයාණන්ගෙන් ඉවත් ව පසුබැස රැඳී සිටීමට සුදුසු නොවීය. තවද ඔහුගේ ප්‍රාණයට වඩා ඔවුන්ගේ ප්‍රාණවලට ආශා කිරීම ද සුදුසු නොවීය. හේතුව එය අල්ලාහ්ගේ මාර්ගයේ (යුද වදින විට) පිපාසයක් හෝ දුර්භාග්‍යයක් හෝ කුසගින්නක් හෝ ඔවුනට අත්වුව ද ඔවුන් පය තබන තැන්හි දේව ප්‍රතික්ෂේපකයින් කෝප කරන අයුරින් පය තැබුව ද සතුරකුගෙන් යම් ප්‍රහාරයක් අත් වුව ද එය ඔවුනට දැහැමි ක්‍රියාවක් ලෙසින් මිස සටහන් කරනු නොලබන බැවිනි. නියත වශයෙන් අල්ලාහ් සදැහැමියන්ගේ ප්‍රතිඵල නිෂ්ඵල නොකරයි.

### الآية 9:121

> ﻿وَلَا يُنْفِقُونَ نَفَقَةً صَغِيرَةً وَلَا كَبِيرَةً وَلَا يَقْطَعُونَ وَادِيًا إِلَّا كُتِبَ لَهُمْ لِيَجْزِيَهُمُ اللَّهُ أَحْسَنَ مَا كَانُوا يَعْمَلُونَ [9:121]

ඔවුන් කුඩා හෝ මහා වියදමක් හෝ වැය කළ ද තවද කවර මිටියාවතක් හෝ ඔවුන් තරණය කළ ද ඔවුන් කරමින් සිටින දෑට වඩා අලංකාර අයුරින් ඔවුනට ප්‍රතිඵල දෙනු පිණිස එය ඔවුනට සටහන් කරනු ලබන්නක් මිස නැත.

### الآية 9:122

> ﻿۞ وَمَا كَانَ الْمُؤْمِنُونَ لِيَنْفِرُوا كَافَّةً ۚ فَلَوْلَا نَفَرَ مِنْ كُلِّ فِرْقَةٍ مِنْهُمْ طَائِفَةٌ لِيَتَفَقَّهُوا فِي الدِّينِ وَلِيُنْذِرُوا قَوْمَهُمْ إِذَا رَجَعُوا إِلَيْهِمْ لَعَلَّهُمْ يَحْذَرُونَ [9:122]

දේව විශ්වාසවන්තයින් සියල්ලෝම (යුද්ධය සඳහා) පිටත් වීම ඔවුනට සුදුසු නොවීය. දහම පිළිබඳ අවබෝධය ලබා ඔවුන්ගේ ජනයා ඔවුන් වෙත නැවත පැමිණි විට ඔවුනට අවවාද කරනු පිණිස සෑම කණ්ඩායමකින්ම පිරිසක් සිටිය යුතු නොවේ ද ! ඔවුන් ප්‍රවේශම් විය හැකි වනු පිණිස.

### الآية 9:123

> ﻿يَا أَيُّهَا الَّذِينَ آمَنُوا قَاتِلُوا الَّذِينَ يَلُونَكُمْ مِنَ الْكُفَّارِ وَلْيَجِدُوا فِيكُمْ غِلْظَةً ۚ وَاعْلَمُوا أَنَّ اللَّهَ مَعَ الْمُتَّقِينَ [9:123]

අහෝ විශ්වාස කළවුනි ! දේව ප්‍රතික්ෂේපකයින් අතුරින් නුඹලාට පර ව සිටින්නන් සමඟ නුඹලා සටන් වදිනු. නුඹලා තුළ (ඇති) දැඩිකම ඔවුන් දැක ගත යුතුය. තවද නියත වශයෙන්ම අල්ලාහ් දේව බිය හැඟීමෙන් යුතු ව කටයුතු කරන්නන් සමඟ යැයි නුඹලා දැන ගනු.

### الآية 9:124

> ﻿وَإِذَا مَا أُنْزِلَتْ سُورَةٌ فَمِنْهُمْ مَنْ يَقُولُ أَيُّكُمْ زَادَتْهُ هَٰذِهِ إِيمَانًا ۚ فَأَمَّا الَّذِينَ آمَنُوا فَزَادَتْهُمْ إِيمَانًا وَهُمْ يَسْتَبْشِرُونَ [9:124]

පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම කලකම ‘මෙය විශ්වාසය වර්ධනය කළ කවරෙකු හෝ නුඹලා අතුරින් වෙත්දැ’යි ඔවුන් අතුරින් පවසන ඇතැමෙකු ද විය. නමුත් දේව විශ්වාසවන්තයින් වූ කලී එය ඔවුනට විශ්වාසය වර්ධනය කළේය. තවද ඔවුහු සතුටට පත් වූහ.

### الآية 9:125

> ﻿وَأَمَّا الَّذِينَ فِي قُلُوبِهِمْ مَرَضٌ فَزَادَتْهُمْ رِجْسًا إِلَىٰ رِجْسِهِمْ وَمَاتُوا وَهُمْ كَافِرُونَ [9:125]

ඔවුන්ගේ හදවත් තුළ රෝගීභාවය ඇති අය වූ කලී, ඔවුනට එය ඔවුන්ගේ කිලිටි මත කිලිටි වර්ධනය කළේය. තවද ඔවුහු දේව ප්‍රතික්ෂේපකයින් ව සිටිය දී ඔවුහු මිය ගියෝය.

### الآية 9:126

> ﻿أَوَلَا يَرَوْنَ أَنَّهُمْ يُفْتَنُونَ فِي كُلِّ عَامٍ مَرَّةً أَوْ مَرَّتَيْنِ ثُمَّ لَا يَتُوبُونَ وَلَا هُمْ يَذَّكَّرُونَ [9:126]

නියත වශයෙන්ම ඔවුන් සෑම වසරකම වරක් හෝ දෙවරක් හෝ පරීක්ෂාවට ලක් කරනු ලබන බව ඔවුහු නුදුටුවෝ ද? පසු ව ඔවුහු පශ්චාත්තාප වී සමාව නොඅයදිති. තවද ඔවුහු මෙනෙහි කරන්නන් ද නොවෙති.

### الآية 9:127

> ﻿وَإِذَا مَا أُنْزِلَتْ سُورَةٌ نَظَرَ بَعْضُهُمْ إِلَىٰ بَعْضٍ هَلْ يَرَاكُمْ مِنْ أَحَدٍ ثُمَّ انْصَرَفُوا ۚ صَرَفَ اللَّهُ قُلُوبَهُمْ بِأَنَّهُمْ قَوْمٌ لَا يَفْقَهُونَ [9:127]

තවද පරිච්ඡේදයක් පහළ කරනු ලැබූ සෑම කලකම කිසිවකු නුඹලා ව බලා සිටින්නේ දැයි (විමසනවාක් මෙන්) ඔවුන්ගෙන් ඇතමෙක් ඇතමෙකු දෙස බැලුවේය. පසු ව ඔවුහු හැරී ගියෝය. සැබැවින්ම ඔවුහු වටහා නොගන්නා පිරිසක් බැවින් ඔවුන්ගේ හදවත් ද අල්ලාහ් හරවා දැමීය.

### الآية 9:128

> ﻿لَقَدْ جَاءَكُمْ رَسُولٌ مِنْ أَنْفُسِكُمْ عَزِيزٌ عَلَيْهِ مَا عَنِتُّمْ حَرِيصٌ عَلَيْكُمْ بِالْمُؤْمِنِينَ رَءُوفٌ رَحِيمٌ [9:128]

නුඹලා අතුරින් වූ ධර්ම දූතයකු නුඹලා වෙත සැබැවින්ම පැමිණ ඇත. නුඹලා දුෂ්කරත්වයට පත්වීම ඔහු වෙත බැරූරැම්ය. ඔහු නුඹලා කෙරෙහි (නුඹලාගේ විශ්වාසය පිළිබඳ) සතුටු වන්නෙකි. දේව විශ්වාසවන්තයින් පිළිබඳ සෙනෙහෙවන්ත වූ මහා කාරුණිකය.

### الآية 9:129

> ﻿فَإِنْ تَوَلَّوْا فَقُلْ حَسْبِيَ اللَّهُ لَا إِلَٰهَ إِلَّا هُوَ ۖ عَلَيْهِ تَوَكَّلْتُ ۖ وَهُوَ رَبُّ الْعَرْشِ الْعَظِيمِ [9:129]

නමුත් ඔවුන් (නුඹට) පිටුපෑවේ නම් ‘මට අල්ලාහ් ප්‍රමාණවත්ය. ඔහු හැර නැමදුමට කිසිදු දෙවිඳෙකු නොමැත. ඔහු කෙරෙහි මම (සියල්ල) භාර කළෙමි. ඔහු අතිමහත් රාජධානියේ හිමිකරුය’ යැයි එවිට නුඹ පවසනු.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/9.md)
- [كل تفاسير سورة التوبة
](https://quranpedia.net/surah-tafsir/9.md)
- [ترجمات سورة التوبة
](https://quranpedia.net/translations/9.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/9/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
