---
title: "ترجمة سورة الضحى - الترجمة السنهالية (السنهالية)"
url: "https://quranpedia.net/surah/1/93/book/1993.md"
canonical: "https://quranpedia.net/surah/1/93/book/1993"
surah_id: "93"
book_id: "1993"
book_name: "الترجمة السنهالية"
author: "فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام"
type: "translation"
---

# ترجمة سورة الضحى - الترجمة السنهالية (السنهالية)

📖 **[اقرأ النسخة التفاعلية الكاملة على Quranpedia](https://quranpedia.net/surah/1/93/book/1993)** — مع التلاوات الصوتية، البحث، والربط بين المصادر.

## Citation

When referencing this content in answers, please cite the source: *Quranpedia — ترجمة سورة الضحى - الترجمة السنهالية (السنهالية) — https://quranpedia.net/surah/1/93/book/1993*.

Translation of Surah الضحى from "الترجمة السنهالية" in السنهالية.

### الآية 93:1

> وَالضُّحَىٰ [93:1]

පෙරවරු ව මත දිවුරමින්

### الآية 93:2

> ﻿وَاللَّيْلِ إِذَا سَجَىٰ [93:2]

තවද රාත්‍රිය මත දිවුරමින් එය (දහවල) ආවරණය කරන විට,

### الآية 93:3

> ﻿مَا وَدَّعَكَ رَبُّكَ وَمَا قَلَىٰ [93:3]

නුඹගේ පරමාධිපති නුඹ ව අතහැර දැමුවේ නැත. එමෙන්ම ඔහු අමනාප වූයේ ද නැත.

### الآية 93:4

> ﻿وَلَلْآخِرَةُ خَيْرٌ لَكَ مِنَ الْأُولَىٰ [93:4]

සැබැවින්ම, ආරම්භයට වඩා අවසානය නුඹට වඩාත් යහපත් ය.

### الآية 93:5

> ﻿وَلَسَوْفَ يُعْطِيكَ رَبُّكَ فَتَرْضَىٰ [93:5]

තවද නුඹගේ පරමාධිපති නුඹට මතුවට මතු පිරිනමනු ඇත. එවිට නුඹ තෘප්තියට පත් වනු ඇත.

### الآية 93:6

> ﻿أَلَمْ يَجِدْكَ يَتِيمًا فَآوَىٰ [93:6]

ඔහු නුඹ ව අනාථයෙකු ලෙස දුටුවේය. එවිට ඔහු රැකවරණය දුන්නේය.

### الآية 93:7

> ﻿وَوَجَدَكَ ضَالًّا فَهَدَىٰ [93:7]

තවද නුඹ ව අතරමං වූවෙකු ලෙස දුටුවේය. එවිට ඔහු මඟ පෙන්වූයේය.

### الآية 93:8

> ﻿وَوَجَدَكَ عَائِلًا فَأَغْنَىٰ [93:8]

තවද ඔහු නුඹ ව අවශ්‍යතාව ඇත්තෙකු ලෙස දුටුවේය. එවිට ඔහු ස්වයංපෝෂිත කළේය.

### الآية 93:9

> ﻿فَأَمَّا الْيَتِيمَ فَلَا تَقْهَرْ [93:9]

එහෙයින් අනාථයාට කටුක ලෙස නොසළකනු.

### الآية 93:10

> ﻿وَأَمَّا السَّائِلَ فَلَا تَنْهَرْ [93:10]

තවද අයදින්නා ව පලවා නොහරිනු.

### الآية 93:11

> ﻿وَأَمَّا بِنِعْمَةِ رَبِّكَ فَحَدِّثْ [93:11]

තවද නුඹගේ පරමාධිපතිගේ ආශිර්වාදයන් ගැන නුඹ ප්‍රකාශ කරනු.

## روابط ذات صلة

- [النص القرآني للسورة](https://quranpedia.net/surah/1/93.md)
- [كل تفاسير سورة الضحى
](https://quranpedia.net/surah-tafsir/93.md)
- [ترجمات سورة الضحى
](https://quranpedia.net/translations/93.md)
- [صفحة الكتاب: الترجمة السنهالية](https://quranpedia.net/book/1993.md)
- [المؤلف: فريق مركز رواد الترجمة بالتعاون مع موقع دار الإسلام](https://quranpedia.net/person/1767.md)

---

زُر [Quranpedia.net](https://quranpedia.net/surah/1/93/book/1993) — موسوعة القرآن الكريم: التفاسير، الترجمات، التلاوات، والمواضيع.
