(නබිවරය) ඔවුන් වෙනුවෙන් නුඹ සමාව අයදිනු. නැතහොත් ඔවුන් වෙනුවෙන් සමාව අයැද නොසිටිනු. නුඹ ඔවුන් වෙනුවෙන් හැත්තෑ වාරයක් සමාව අයැද සිටිය ද අල්ලාහ් ඔවුනට සමාව නොදෙන්නේ මය. හේතුව සැබැවින්ම ඔවුන් අල්ලාහ් හා ඔහුගේ දූතයාණන් ව ප්‍රතික්ෂේප කළ බැවිනි. තවද අල්ලාහ් පාපතර ජනයාට මඟ නොපෙන්වයි.