සැබැවින්ම ඔවුනට ස්වර්ගය ඇතැයි පවසා නියත වශයෙන්ම අල්ලාහ් දේව විශ්වාසවන්තයින්ගෙන් ඔවුන්ගේ ජීවිත හා ඔවුන්ගේ වස්තු මිලට ගත්තේය. ඔවුහු අල්ලාහ්ගේ මාර්ගයේ සටන් කරති. එවිට (සතුරන්) නසා දමති. ඔවුන් ද නසනු ලබති. මෙය තව්රාතයේ ඉන්ජීලයේ හා අල්කුර්ආනයේ (සඳහන්) ඔහු වෙත හිමි වන සැබෑ පොරොන්දුවක් වශයෙනි. අල්ලාහ් වෙතින් වූ ඔහුගේ ගිවිසුම කවුරුන් පූර්ණ ව ඉටු කළේ ද එවිට නුඹලා කවර දෙයක් සම්බන්ධයෙන් ගනුදෙනු කළෙහු ද නුඹලාගේ එම ගනුදෙනු ව පිළිබඳ නුඹලා සතුටු වනු. තවද එයයි අති මහත් ජයග්‍රහණය වනුයේ.


الصفحة التالية
Icon