අල්ලාහ්ගේ අනුමැතියෙන් නුඹලා ඔවුන් ව මරා දැමූ අවස්ථාවේ ඔහුගේ ප්‍රතිඥාව ඔහු සැබැවින් ම නුඹලාට සැබෑ කළේය. නුඹලා ප්‍රිය කරන දෑ නුඹලාට පෙන් වූ පසු ව ද නුඹලා (නබිතුමාට) පිටුපා එම විෂයෙහි නුඹලා මතභේද ඇති කර ගෙන නුඹලා බියසුලු වූහ. නුඹලා අතුරින් මෙලොව ප්‍රිය කරන්නෝ ද වෙති. තවද නුඹලා අතුරින් පරලොව ප්‍රිය කරන්නෝ ද වෙති. පසු ව ඔහු නුඹලා පරීක්ෂා කිරීම පිණිස නුඹලා ව ඔහු ඔවුන්ගෙන් හැරෙව්වේය. තවද නුඹලාට ඔහු සමාව දුන්නේය. තවද අල්ලාහ් විශ්වාසවන්තයින් කෙරෙහි භාග්‍යයෙන් යුක්ත කෙනෙකි.