මෙම දූතයා (මුහම්මද්) නුඹලාට පිටුපසින් සිට නුඹලා කැඳවමින් සිටිය දී කිසිවකු දෙස හැරී නොබලා නුඹලා (කන්ද මතට) නැග ගිය සැටි සිහි කරන්න. නුඹලාට (ජය) අත පසු වූ බැවින් ද දුක හටගත් බැවින් ද නුඹලා ශෝකයට පත් නොවනු පිණිස ඊටත් වඩා මහත් දුකක් ඔහු නුඹලාට තිළිණ කළේ ය. අල්ලාහ් නුඹලා කරන දේ ගැන ප්‍රවීණයෙකි.