سورة الشمس

الترجمة السنهالية

Übersetzung der Sure Aš-Šams - Die Sonne auf السنهالية aus الترجمة السنهالية

الترجمة السنهالية

Verse 1
හිරු හා එහි ප්‍රභාව මත දිවුරමින්
Verse 2
එය පසුපසින් හඹා යන සඳු මත ද,
Verse 3
දහවල එය ඔප් නංවන විට එය මත ද,
Verse 4
රාත්‍රිය එය ආවරණය කරන විට එය මත ද,
Verse 5
අහස හා එය ගොඩ නැගූ දෑ මත ද,
Verse 6
පොළොව හා එය ව්‍යාප්ත කළ දෑ මත ද,
Verse 7
ආත්මය හා එය සැකසූ දෑ මත ද දිවුරමින්
Verse 8
ඔහු එ(ම ආත්ම)යට එහි නපුර ද, එහි ධාර්මිකතාව ද ප්‍රවිෂ්ට කළේය.
Verse 9
සැබැවින්ම කවරෙක් එ(ම ආත්ම)ය පවිත්‍ර කර ගත්තේ ද ඔහු ජය ලැබීය.
Verse 10
තවද සැබැවින්ම කවරෙක් එය පාපයෙහි ගිල් වූයේ ද ඔහු පරාජයට පත් විය.
Verse 11
සමූද් ජනයා තම සීමා ඉක්මවා අපරාධ කරමින් (එය) බොරු යැයි පැවසුවෝය.
Verse 12
ඔවුන්ගේ අභාග්‍යවන්තයා නැගී සිටි විට,
මෙය අල්ලාහ්ගේ ඔටු දෙනය. (මෙයට හිංසා නොකරනු) යැයි ද උගේ පැන් ස්ථානය (පැන් බීමෙන් නොවළක්වන්න) යැයි” ද අල්ලාහ්ගේ දූතයා පැවසුවේය.
එවිට ඔවුහු ඔහු ව බොරු කළෝය. පසුව උගේ නහර කපා දැමුවෝය. එබැවින් ඔවුන්ගේ පරමාධිපති ඔවුන්ගේ පාපය හේතුවෙන් ඔවුන් මත වේදනාව පහළ කර සුනු විසුනු කළේය. එමෙන්ම ඔවුන් ව සමතලා කර දැමුවේය.
Verse 15
තවද ඔවුන්ගේ අවසානය ගැන ඔහු බියවන්නේ නැත.
تقدم القراءة